16/09/2023
උපුටා ගැනීමකි
සීගිරිය ගැන පමණක්ම නොවේ...
===========®==============
ධාතුසේන රජුගේ දෙටු පුත් වූ කාශ්‍යප කුමරු පල්ලව රාජ වංශික බිසවකගෙන් ලත් පුත්‍රයෙකු හෙයින් හේ භින්න මාතෘක විය.මුගලන් කුමරු සොත්තිසේන රජ දියණිය වෙතින් ධාතුසේන රජුට දාව උපන්නෙක් වූයෙන් ඔහු සමාන මාතෘක විය. හෙළ කුලසිරිතට අනුව සිංහාසනය උරුම වූයේ උභයකුල පාරිශුද්ධත්වය හිමි වූ මුගලන් කුමරුටය.දකුණු ඉන්දියාවෙන්වූ ආක්‍රමණයකදී භාරතීය සේනාව සමඟ යුධ වැදුණේ කාශ්‍යප කුමරුය. සිය ජයග්‍රහණයෙන් පසු පිය රජුගෙන් ඔහු යුවරජු තනතුර බලාපොරොත්තු වුවත් එය ඉටු නොවීය.ඉන් කලකිරීමට පත් කාශ්‍යප කුමරු චූල වංශයට අනුව ක්‍රි:ව:477 දී විහාර සෙන්පතියා සමඟ කුමන්ත්‍රණය කර ධාතුසේන රජු සිහසුනෙන් නෙරපා හැර රාජ්‍ය බලය පැහැර ගන්නා ලදී.
වංශකථාගත තොරතුරු......
පීතෘ ඝාතකයෙක් ලෙස කාශ්‍යප රජු වංශකථාවේ සඳහන් නිසා ඔහු ජනතා අප්‍රසාදයට පත්ව සිටියේ යැයි පූර්ව නිගමනය කළ හැකි වුවත් ඊට ඉඳුරා ම වෙනස් මතයක් වංශකථාගත තොරතුරු මතින්ම හෙළිවේ.දේශයේ අභිවෘද්ධියට ක්‍රියා කළ ද ධාතුසේන රජු සිය නැඟණිය ගින්නෙහි ලා පුලුස්සා මැරවීමට තරම් දරුණු හිතැත්තෙක් විය.එමෙන් ම ධාතුසේන රජ පල්ලව රාජ වංශික කාන්තාවක් හා විවාහ වී පල්ලව සේනාවක් රැගෙන ලක්දිවට විත් එවකට මෙහි පාලනය කළ ලම්බකර්ණ වංශිකයන් ඉවත් කොට පාලන බලය ලබාගත් මෞර්යයෙකි.ඇතැම් විට මේ පල්ලව පිරිස් සහයෝගය ද මව් පාර්ශ්වික ඥාතිත්වය මත කාශ්‍යප කුමරුට හිමිවන්නට ඇත.
එමෙන් ම ධාතුසේන රජු ජනප්‍රිය පාලකයෙකු වී නම් ඔහුගේ ඝාතනයෙන් පසුව කාශ්‍යප කුමරුට විරුද්ධව කැළඹීමක් ඇති විය යුතු ය.ඓතිහාසික පුරාවෘත්ත වලින් සනාථ වන්නේ ද මිගාර විසින් කාශ්‍යප රජුගේ බිසව හා කුමන්ත්‍රණය කර බිසව මඟින් රජු සීගිරි පර්වත මුදුනට ගොස් පෙරලා දමා හෝ වෙනත් ක්‍රමයකින් රජු මරුමුවට පත්කරන ලද බවකි.
වංශකථාවට අනුව කාශ්‍යප රජු සීගිරිය කරවූයේ මුගලන්ගෙන් එල්ල වේ යැයි සිතූ තර්ජනයට බියෙනි. එහෙත් එහි නටඹුන් වලට අනුව මහාචාර්යය පරණවිතාන සඳහන් කරන්නේ ; සීගිරියේ ඉදිකිරීම් සඳහා වැය කළ හත්කෝටියක ධනස්කන්ධය ද සුවිශාල මිනිස් ශ්‍රම ශක්තිය ද බලන කළ එහි බලකොටුවක් වශයෙන් ඇති අගය සීමා සහිත බවයි.සීගිරි කැටපත් පවුර , වේදිකාව කෙළවර පිහිටි මහා සිංහ රූපය , සිංහ ශරීරය තුළින් පර්වත ඉස්මත්තට විහිදුණු පියගැටපෙළ සහ පර්වත මුහුණත වූ ලලනා රූ රැගත් සිතුවම් යුධ බලකොටුවකට කිසිඳු සබඳතාවක් නොවූ අංග ලක්ෂණයන් බව පරණවිතාන මහතා පෙන්වා දෙයි.සීගිරි පර්වත මුදුණේ නටඹුන් අනුව මිනිස් වාසය සඳහා එහි වූයේ එක් කාමරයකින් වූ ගෘහයක් පමණි.ඒ අනුව සීගිරිය කලා කෞතුකාගාරයක් ,විනෝද මණ්ඩපයක් විය යුතු ය
ධාතුසේන රජුගේ දෙටු පුත් වූ කාෂ්‍යප කුමරු පර්වත රාජ/අලකපය මහ රජ වශයෙන් ද හදුන්වයි. පල්ලව රාජ වංශික බිසවකගෙන් ලත් පුත්‍රයෙකු හෙයින් ඇය භින්න මාතෘක විය.මුගලන් කුමරු කාශප රජ දියණිය වෙතින් ධාතුසේන රජුට දාව උපන්නෙක් වූයෙන් ඔහු සමාන මාතෘක විය. හෙළ කුලසිරිතට අනුව සිංහාසනය උරුම වූයේ උභයකුල පාරිශුද්ධත්වය හිමි වූ මුගලන් කුමරුටය.දකුණු ඉන්දියාවෙන්වූ ආක්‍රමණයකදී භාරතීය සේනාව සමඟ යුධ වැදුණේ කාශ්‍යප කුමරුය. සිය ජයග්‍රහණයෙන් පසු පිය රජුගෙන් ඔහු යුවරජු තනතුර බලාපොරොත්තු වුවත් එය ඉටු නොවීය.ඉන් කලකිරීමට පත් කාශ්‍යප කුමරු චූල වංශයට අනුව ක්‍රි:ව:112 දී විහාර සෙන්පතියා සමඟ කුමන්ත්‍රණය කර ධාතුසේන රජු සිහසුනෙන් නෙරපා හැර රාජ්‍ය පවරා දෙනු ලදි
පිතෘ ඝාතකයෙක් ලෙස කාශ්‍යප රජු වංශකථාවේ සඳහන් නිසා ඔහු ජනතා අප්‍රසාදයට පත්ව සිටියේ යැයි පූර්ව නිගමනය කළ හැකි වුවත් ඊට ඉඳුරා ම වෙනස් මතයක් වංශකථාගත තොරතුරු මතින්ම හෙළිවේ.දේශයේ අභිවෘද්ධියට ක්‍රියා කළ ද ධාතුසේන රජු සිය නැඟණිය ගින්නෙහි ලා පුලුස්සා මැරවීමට තරම් දරුණු හිතැත්තෙක් විය.එමෙන් ම ධාතුසේන රජ පල්ලව රාජ වංශික කාන්තාවක් හා විවාහ වී පල්ලව සේනාවක් රැගෙන ලක්දිවට විත් එවකට මෙහි පාලනය කළ ලම්බකර්ණ වංශිකයන් ඉවත් කොට පාලන බලය ලබාගත් මෞර්යයෙකි.ඇතැම් විට මේ පල්ලව පිරිස් සහයෝගය ද මව් පාර්ශ්වික ඥාතිත්වය මත කාශ්‍යප කුමරුට හිමිවන්නට ඇත.
එමෙන් ම ධාතුසේන රජු ජනප්‍රිය පාලකයෙකු වී නම් ඔහුගේ ඝාතනයෙන් පසුව කාශ්‍යප කුමරුට විරුද්ධව කැළඹීමක් ඇති විය යුතු ය.ඓතිහාසික පුරාවෘත්ත වලින් සනාථ වන්නේ ද මිගාර විසින් කාශ්‍යප රජුගේ බිසව හා කුමන්ත්‍රණය කර බිසව මඟින් රජු සීගිරි පර්වත මුදුනට ගොස් පෙරලා දමා හෝ වෙනත් ක්‍රමයකින් රජු මරුමුවට පත්කරන ලද බවකි.තවත් මතයක් නම් කාශ්‍යප විසින් ධාතුසේන රජුගෙන් ඉල්ලූ නිධානය නොදුන් නිසා කලා වැවේ බැම්මට තබා ධාතුසේන රජුට මැටි ගසා මැරූ බවයි.
වංශකථාවට අනුව කාශ්‍යප රජු සීගිරිය කරවූයේ මුගලන්ගෙන් එල්ල වේ යැයි සිතූ තර්ජනයට බියෙනි. එහෙත් එහි නටඹුන් වලට අනුව මහාචාර්යය පරණවිතාන සඳහන් කරන්නේ ; සීගිරියේ ඉදිකිරීම් සඳහා වැය කළ හත්කෝටියක ධනස්කන්ධය ද සුවිශාල මිනිස් ශ්‍රම ශක්තිය ද බලන කළ එහි බලකොටුවක් වශයෙන් ඇති අගය සීමා සහිත බවයි.සීගිරි කැටපත් පවුර , වේදිකාව කෙළවර පිහිටි මහා සිංහ රූපය , සිංහ ශරීරය තුළින් පර්වත ඉස්මත්තට විහිදුණු පියගැටපෙළ සහ පර්වත මුහුණත වූ ලලනා රූ රැගත් සිතුවම් යුධ බලකොටුවකට කිසිඳු සබඳතාවක් නොවූ අංග ලක්ෂණයන් බව පරණවිතාන මහතා පෙන්වා දෙයි.සීගිරි පර්වත මුදුණේ නටඹුන් අනුව මිනිස් වාසය සඳහා එහි වූයේ එක් කාමරයකින් වූ ගෘහයක් පමණි.ඒ අනුව සීගිරිය කලා කෞතුකාගාරයක් ,විනෝද මණ්ඩපයක් විය යුතු ය.
සීගිරිය-තාක්ෂණික කලාගාරයක්....
සීගිරිය යනු ස්වභාවික හා නිර්මාණශීලී ගෘහ නිර්මාණ ශිල්පය යන දෙයාකාරයම උපයෝගි කරගත් කලා භූමියකි.සීගිරිය අක්කර 1200ක පමණ භූමි භාගයක් වුව ද තවමත් එහි සංරක්ෂණය කර ඇත්තේ අක්කර 200ක් පමණි.වායුසමීකරණයන් නූතන තාක්ෂණයෙන් බිහිවුව ද සීතල මාළිඟා සංකල්පය අතීතයේ ද පැවති බවට ඔප්පු වන්නේ සීගිරියෙන් එවැනි නටඹුන් හමුවීම තුළිනි.මාළිඟා බිත්තිවල කුහර තුළින් ජලය ගලා යෑමට සැලැස්වීමෙන් උෂ්ණත්වය අඩු කිරීමට උත්සහා දරා ඇත.ලොව ප්‍රථමයෙන් කුරුගස් කලාව හෙවත් බොන්සායි ක්‍රමය ද ලොවට හඳුන්වා දී ඇත්තේ සීගිරිය තුළින් බවට මතයක් ඇත.එයට සාක්ෂි ලෙස විශාල මල් පෝච්චි 17ක් පර්වත ඉස්මත්තෙන් හමුව ඇත.එමෙන් ම කැටපත් පවුර මත රචනා වූ සීගිරි ගී වලින් ද එකල මහජනයාගේ කලාකාමී බව නිර්මාණශීලී බව , භාෂා විලාසය පිළීබඳ ව තොරතුරු අපට අනාවරණය වෙයි.
සීගිරි චිත්‍ර......
තෙත බදාමයේ ඇඳි එකම බිතු සිතුවම් අපට සීගිරියෙන් හමු වේ. මෙම බදාමය සෑදීමට එකල චිත්‍ර ශිල්පියා හුඹස් මැටි,මී පැණි,දහයියා,කිරි ආදිය උපයෝගී කොටගෙන ඇත.අතීතයේ දී මෙහි චිත්‍ර 500ක්( වර්තමාන පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව දහසකට වඩා සිතුවම් තිබී ඇත) පමණ තිබුන ද අද වනවිට දී මෙහි ශේෂව පවතින්නේ චිත්‍ර 22ක් පමණි.සියුම්,තෙත බදාම තලයක ඇඳි මෙම චිත්‍ර වියළීමට පෙර ඇඳ ගත යුතු වූ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් බදාමය සකසා එවේලේ ම නිර්මාණය කර අවසන් කරන්නට ඇත.රේඛා වැරදුණු සටහන් තැන තැන දක්නට ලැබීමෙන් සනාථ වන්නේ,අතිශය නිදහස් ආරයෙන් ඒවා එක එල්ලේම ඇඳ ඇති බවකි.
ජල තාක්ෂණය.....
ස්වයංක්‍රීයව අද ද ක්‍රියාත්මක වන ජලමල්,ජල උද්‍යාන නූතන ඉංජිනේරුවා ද මවිත කරවන සුලු ය.මෙහි සැලසුම්කරණය , තාක්ෂණය තුළ වර්තමාන ඉංජිනේරුවා පවා නොදත් දේ ගැබ්ව ඇත.පයිප්ප බට නොතිබූ යුගයක කාණු පද්ධතිය ක්‍රමවත්ව සකස් කිරීමෙන් මෙම ජල තටාක සඳහා ජලය ලබාගෙන ඇත. ඒ සඳහා එක පොකුණක ජලය අනෙකට යන පරිදි අනුපිළිවෙළට සකස් කර ඇත
කලාකාමියෙකු වූ කාශ්‍යප රජුට සුන්දර පරිසරයක අවැසියාව මත කුවේරයාගේ ආලකමන්දාවටත් වඩා අලංකාර ලෙස සීගිරිය නිර්මාණය කළ බව පුරාවෘත්ත හෙළිදරව් කරයි.මෙම සුවිශාල කලා ශිල්ප ප්‍රමාණය නිමවීමට වසර 18ක් වැනි එක් රාජ්‍ය පාලන කාලයක් පමණක් ගතවීම ද සුවිශේෂ ය.සියවස් ගණනක කලා ශිල්ප ප්‍රමාණයක එකතුවක් අපට සීගිරිය තුළින් දැකිය හැක.කාශ්‍යප රජු සිය පියා මැරීම පිළිබඳව බලවත් ලෙස සිත් තැවුලට පත් වූ බැවින් බොහෝ සෙයින් පින් රැස් කළ බව සදහන් වේ.සීගිරිය අසල වූ පිදුරන්ගල වෙහෙර ද කාශ්‍යප රජුගේ ආගමික ගොඩනැඟීමක් වේ.පුරා වසර දහ අටක් රජ කළ කාශ්‍යප රජ විශාල ජන ප්‍රසාදයක් ලබා සිටි බව චූලවංශ කතුතුමා සඳහන් කරයි. මේ අනුව බලන විටදී කාශ්‍යප රජු ජන අප්‍රිය රජෙකු නොවූ බවත් සීගිරිය ද බලකොටුවක් නොවන බවටත් සිතීමට බොහෝ සාධක ඉතිරිව ඇති බව සඳහන් කළ හැකිය
''සිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්ඳේ..'' ධාතුසේන රජු කලා වැවේ පස් බැම්මේ සිටුවා මරාදමා, පීතෘ ඝාතක අතීත රජරුවන් සේම, උරුමයෙන් හිමි නොවූ රජකම උරුම කරගත් කාශ්‍යපයන් කවුරුන්ද? ඔහුගේ සිතැඟියාවන් අප ස්පර්ශ කරන්නේ කෙතරම් සුළුවෙන්ද? යනු පසුගිය වසර එකසිය පණහක ඉතිහාසයේ පොදු කතාවයි. සිය පියතුමන්ගේ වියොවින් රජකමට ඇති උරුමයේ අයිතිය කාශ්‍යපට පරාජය කොට, ඉන්දියාවට පළාගිය සහෝදර මුගලන්ගෙන් පෙරළා ආක්‍රමණයක් වනු ඇතැයි යන්න කාශ්‍යප රජුගේ සිත් තුළ කා වැද තිබුණි. මරණය පිළිබඳ අවසාන බියද සිත්හි මැඬපවත්වා ගනිමින් සොබා සෞන්දර්යයේ ගිළුණු සරාගී කාශ්‍යප රජු සිය ආලකමන්දාව, මහා ගල් පර්වතයක් මත සීරුවෙන් තනා ගත්තේය. සීගිරි කාශ්‍යපයන්ගේ ආල වඩන ආලකමන්දාව සොබාදහම හා යා වුණු ආලවන්තයකුගේ පරිසරවාදී නිර්මිතයකි.
ඒ බව සක්සුදක් සේ වටහාගත් ලෝකවාසීහු ද ලක්වාසීහුද එදා මෙදා තුර සීගිරි නැඟ බසිති. ඉනික්බිතිව සීගිරි කාශ්‍යපයන්ගේ සිතැඟියාවන් තේරුම් ගන්නට තැත් දරති. හුදු විනෝදය තකා හෝ වන්දනාමාන උදෙසා හෝ නොව හුදෙක්ම අතීතකාමයේ ගිළුණු ඇත්තෝ සීගිරි කැටපත් පවුර දෙස බලා සාගරයේ සීතල අඳුරු අගාධයට වැඳුනාක් මෙන් ගල් ගැහී ආලයේ උත්කර්ෂය විඳිති. සීගිරි ලියන්ගේ චමත්කාරයට නොහොත් බැලු බැලූවන්ගේ සිත් සතන් වශීකරන සීගිරි ලියන්ගේ රූප ශෝභාවට මත් වෙති. මේ ආලකමන්දාව බෞද්ධයින්ගේ හෝ වෙනත් ආගමිකයකුගේ නමින් වැඳුම් පිඳුම් නොලබන්නේය. බටහිර ගල් පර්වතය දිගේ බහුල වශයෙන් දක්නට ලැබෙන සීගිරි චිත්‍ර සරාගී ආලවන්තයකුගේ ප්‍රේමණීය චිත්ත මනෝභාවයන් පෙනෙනවා විනා රජුගේ ආගමික බැති සිත හෙළිදරව් කරවීමක් නැත.
සහෝදර සතුරාගෙන් ආරක්ෂා වීම උදෙසා තැනූ බලකොටුව, අතීත ලංකාද්වීපයේ සෑම බලකොටුවක්ම වාගේ ප්‍රාකාර බැමි වලින් ද ඇතුළත සහ පිටත දිය අඟල් වලින් ද ආරක්ෂිතය. රජුගේ සහ බිසවුන්ගේ මාළිගය ආරක්ෂිත ඉහළම මාලයේ පිහිටා ඇත. ප්‍රථමව හමුවන ප්‍රාකාර බැම්මට පසුව ජල අගල ද පිටතින් ගලින් හා ගඩොලින් කළ විශාල ප්‍රාකාරය ද ඔබ නෙත ගැටී තිබෙනු ඇත. අඩි අසූවක් පමණ පළල් වන දිය අගල ද උස් පහත් කළ හැකි පාළම ද සීගිරියේ බලකොටුවක ස්වභාවය අප තුළ ජනිත කරවයි. එමෙන්ම දිය අගල්හි විසූ බව කියැවෙන කිඹුල්ලු සහ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන උපාය උපක්‍රම කිසිවිටෙකත් පෙරවූ උපායයන්ට පරාජය වී නැත.
පසුගිය දශක දෙකක ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති රජ දරුවන්ගේ කල් ක්‍රියාවන් පරයා සීගිරි කාශ්‍යපගේ සිතෙහි වූ සොබාදහම කෙරේ වූ ලොල් බව ඔබට කිසිවිටෙකත් මඟහැර යා නොහැකිය. ගල් පර්වතයේ මහා විස්කම් පෑ රජු එය ලෝකයට විස්මය දනවන්නක් බවට පත්කළේ කොස්ද? ඒ සොබාදහම නොතළා නොපෙළා ලෝකයේ විස්මිත නිර්මාණය අති දුෂ්කර ගිරි ශිඛරයක්හි සිදු කිරීමෙනි.
ඒසා සුන්දර වූත් දුටු දුටුවන්ගේ මන ඇඳ-බැඳ තබා ගන්නා වූත් වන ලැහැබක් තුළ මිහි මවගේ සැබෑ රිද්මය රැඳුණු අති ශෝභාවත් පරිසරයක එමෙන්ම අතිශය කටුක ලඟා විය නොහැකි තරම් ගිරි ශිකරයක සිය බලකොටුව තනා ගැනීම යනු හුදෙක්ම සතුරා කෙරේ වූ භීතිය නම් නොවේ. සතුරු ආක්‍රමණයන්ට අභියෝග කරමින් සීගිරි කාශ්‍යපයන්ට ආරක්ෂාව තහවුරු කරගෙන, පෙර වූ අනෙකුත් රජ දරුවන් සේම සිය බලකොටුව තනා ගැනීමට මීට වඩා පහසු ඉඩ ඕනවටත් වඩා තිබෙන්නට ඇත.
ලෝකය විමතියට පත් කරන මේ අරුමය ඒ අනුව, බයට වහං වී සිදුකළ බියගුළුකමේ සංකේතයක් වශයෙන් විස්තර කිරීම ලජ්ජාසහගතය. එනම්, සීගිරි පර්වතය කෙරේ රජු සිත්හි ඇති වූ ඇල්ම කරණකොට ගෙන සිය මාළිගය එහි මස්තකයේ තනන්නට ඔහු දරා ඇති පරිශ්‍රමය අතිශය දැවැන්තය. සොබාදහම කෙරේ රජු සිත් විකසිත වීම ඒ තරම් සුවිසල්ය. අද අපි දකින මනස්කාන්ත සොබාසිරිය සිය දහස් ගුණයකින් එහා ගිය එකක් වීම එදාට ස්වභාවිකය. ඒ පරිසර සුන්දරත්වයට වශී වූ රජ තෙමේ තම වාසභවන නම් මේ යැයි ගත් භයානක තීන්දුව වසර දහඅටක් වැනි ඉතා කුඩා කාලයකදී උත්කර්ශයට ගෙනවිත් තිබේ. පර්වතයේ ඉහළ මාළිඟාව දක්වා වූ පියගැටපෙළ දෙසට අද ඔබ සිහිබුද්ධිය යොමු කරනනේ නම්, විදුලි සෝපානයන් කියන විකට කතා උපහාසයෙන් බැහැර කරනු ඇත.
කැටපත් පවුර දක්වා අප දකින පුරාණ පියගැටපෙළ ඉහළ මාළය දක්වාම තිබුණු බවට ඇහැට පෙනෙන සාක්ෂි අද ද පෙනේ. ඒ සා විශාල වික්‍රමයක් පාන්නට අනුරපුර, පොළොන්නරු යුගයේ තනා ඇති මහ විසල් දාගබ් මාළිගා තැනීමට වඩා කළුගල් ගඩොල් වුවමනා වනු ඇත. සීගිරි ගල සිදුරු කරන්නට හෝ වෙනස් කම් වලට බඳුන් කරන්නට කිසිදු විටෙක කටයුතු කර නැති කාශ්‍යප රජු උපායයන් දඩමීමා කරගෙන ගලෙහි සුන්දරත්වය ඔපදමා සිය බලකොටුව මැව්වේය. පරිසරවාදී සෞන්දර්යාත්මක සිතුලිවිවලින් ඔදවැඩී තිබුණු කාශ්‍යප රජු සිය බලකොටුව තනන්නට සීගිරිය තෝරාගන්නේ ඒ අනුව අහම්බෙන් නොවේ. නැතහොත් පියරජු මරා උරුමයෙන් උරුම නැති ලබාගත් රජකමට ගිජුව ද නොවේ.
එමෙන්ම, ඉන්දියාවට පළාගොස් යුධමය වශයෙන් බලසම්පන්නව සතුරු සේනාවක් සමඟ නියතවම පෙරළා පැමිණෙන මුගලන් සොයුරුට ඇති බිය කරණ කොට ගෙනද නොවේ. ඒ නම් හුදෙක්ම, සොබාදහමේ සැඟවුණු ආශ්චර්යට වශීකෘත වූ සිතට ඉඩදීමක් වශයෙනි. සොබා සෞන්දර්ය කෙරේ වූ ඇල්මට යටත් වූ සීගිරි කාශ්‍යපයන්ගේ අනුරාගී හදවතෙහි මැවුණු සංගීතය ඒ බලකොටුවේ සෑම වික්‍රමයක් තුළම අදටත් නින්නාද වෙමින් තිබේ.
ඒත් ''සැබෑ සීගිරි කස්සප'' අද සීගිරිය කියවන්නවුන්ට හමු වී නැත. කාශ්‍යප රජු සොබාදහම පරෙස්සමින් හැසිරවූ බවට තියෙන ප්‍රබලම සාක්ෂිය ''උගුල් ගලයි.'' උගුල් ගල ඒ පුරාණයේත් අදත් සීගිරියේ බටහිර අන්තයට පෙරළීයාමේ විශාල අවදානමක පවතී. අද වන විට එහි එක්තරා කොටසක් බිඳෙමින් තිබේ. උගුල් ගල ඇද වැටීමෙන් වළක්වා ගැනීමට වත්මන් පුරෝගාමීන් ලෝහමය ආවරණයක් අද යොදා ඇත.
කස්සප යුගයේ උගුල් ගල පෙරළෙන්නේ නම්, පෙරළෙන්නේ බටහිර දිශාවේ අලංකාරිතම උද්‍යාන පද්ධතිය විනාශ කරමිනි. ඒ අනුව, උගුල් ගල ගැන වත්මන් කියමන තරමක් විහිළුකාරීය. එනම්, එදා උගුල් ගල ගල් කණු මත පිහිටුවා සතුරු ආක්‍රමණයකදී සතුරු සේනාව විනාශ කිරීමට බටහිර අන්තයට පෙරළීමට සූදානම් කර තිබූ බව සඳහන් කිරීමයි. එදා ඒ අතීතයේත් රජු එම ගල අවදානමක තිබුණු බව දැක තිබුණි. එම අවදානම ඉවත් කිරීමට අවශ්‍ය තරම් ඉඩක් රජුට තිබුණි. සීගිරියේ සිටියේ කස්සප රජු නොවේ නම්, එම ගල් පර්වතය නියතවම ඔහු ඉවත් කරනු ඇත. ඒ පුරාය්ණයේ අවදානම එතරම්ම ප්‍රබලව තිබුණු හෙයිනි.
බටහිර අන්තයේ රජුගේ සියලු වටිනාකම් පද්ධතිය විනාශ කරවීමට රජු සැළසුම් කළාද? රජු එම අවදානම ඉවත් කළ යුතුම විය. නමුත් කස්සප රජු ඒ අවදානම් සහගත පර්වතය ගල් කණු සාදා ආරක්ෂිත කොට ඒ මත ගොනැගිලි කරවා තිබේ. පර්වතය සුරක්ෂිත බවට තමාට තිබුණු විශ්වාසය කෙතරම්ද යත් ඒ මත ගොඩනැඟිළි තනවා තිබෙනවා යන්න අදටත් ගඩොලින් තැනූ ගෙඩනැඟිලිවල පාදම් වලින් ඔබට පෙනේ. ඒ අනුව අතිශය අවදානම් සහගත, ගල් පර්වතයක් පවා පිහිටීම වෙනස් කර සොබාදහමේ ස්වරයට බලපෑම් නොකීරීමට කටයුතු කළ සීගිරි කස්සපයන් වචනයේ පරිසමාප්ත අරුතින්ම සොබාදහමේ පැවැත්මට ආලයෙන් බැඳුණකි. ඒ අනුව, ඇත්තවශයෙන්ම ලෝකයට විශ්මය ගෙනාවේ, අතීත ලක් රජකු සොබාදහමට අනුරාගයෙන් බැඳුණු රමණීය සිතක ස්වභාවය මැනවින් පෙන්වීම හෙයිනි. ඒ සිතට ලොල් වී ලෝකවාසීන් අද සීගිරි ගල මත සිට ලෝකයේ සොඳුරු බව අත්දකියි.
අතීතකාමයෙන් ඔබව මුසපත් කරවන නමුත් සිත අවධිකොට ගෙන ඔබ සීගිරි සුන්දරත්වයේ දිය අගල දෙස බැලුවේ නම් කාශ්‍යප රජුගේ පරිසරයට ලොල් වූ සිත හමුවෙනු ඇත. දිය අගල බලකොටුව වටා සකස් කළ යුතු වුවද දකුණු දිශාවට වන විට අතරමැදදී නවතා තිබේ. දකුණු අන්තයේ පිහිටා තිබෙන සොබාසිරි වඩන ගල් තලාව බිඳ සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමේ ප්‍රයත්නයක් රජු සිත් ගත්තේ නැත. ඒ වෙනුවට, පසමිතුරු මුගලන්ගෙන් සිදුවිය හැකි මරණීය තර්ජනය අභියස ගල් තලාව රැකීමට කාශ්‍යප රජු තීන්දු කළහ. වනවදුළේ සුන්දරත්වයෙන් මත් වුණු රජු සැබෑ සෞන්දර්යවේදීයෙක් ලෙස සිය ආරක්ෂක උපාය දුර්මුඛ කරගනිමින් ගල්තලාවට කිසිදු හානියක් සිදු නොකර දිය අගල එතැනින් නවතා දමා ආරක්ෂාව උදෙසා වෙනත් උපායයන් වෙත සිත් යොමු කර ඇත.
එමෙන්ම අලංකාරය උදෙසා නිමවා ඇති ජල උද්‍යානය, ශිලා උද්‍යානය, මාලක උද්‍යානය දෙස බලන්නේ නම් පරිසරවේදියෙක් ලෙසත් සොබාදහමේ නිර්මිතයක් ලෙසත් සලකා රජු කටයුතු කර ඇති බව පෙනේ. ජල පවුරෙන් අනතුරුව හමුවන පවුරෙන් පසුව බටහිරින් සීගිරියට පිවිසෙන විට පළමුව ජල උද්‍යානයට පිවිසේ. එහි වැඩි වශයෙන් සුන්දර පොකූණු දක්නට ලැබෙයි. පොකුණු ඉදිකර ඇති ආකාරය දෙපසින් සමාන්තර ලෙස සිදුවී ඇති අතර නරඹන්නෙකු මඟහැර නොයා යුතු අපූර්ව සාධක එහි දිස්වේ. සමාන්තරව සකසා ඇති පොකුණුවල පිහිටා ඇති ස්වභාවික ගල් පර්වත ඉවත් නොකිරීමට රජු තීන්දු කර තිබුණි. සමාන්තරව ඉදිවන පොකුණු, ගොඩනැඟිළිවලට භාධාවන පර්වතයන් පෙරළා දමා සොබාදහමේ රිද්මයට හිරිහැර නොකර සිදු කර තිබෙන අලංකරණය හුදෙක්ම සෞන්දර්යවේදියෙකුගේ කැඩපත බඳුය. විසල් ගල් පර්වතයන් යොදාගෙන උයන් තනවා අහසින් වැටෙන වැසිදිය එම බිමේම රඳවා ගන්නට රජු දරා ඇති තැත අරුම පුදුමය. එනයින් පොළොවට ඉඩක් දෙමින් එය රැකගනිමින් සුවිසල් උයන් පද්ධති කරවා සියලු සත්වයින් පිනවන්නටත් සිය මනදොළ පිනවූ පරිසරය රැක ගන්නටත් කාශ්‍යප රජු සමත්ව තිබුණි.
අනුරාධපුර, පොළොන්නරු යුගයේ උද්‍යාන ගොඩනැඟිලිි පොකුණු ආගමික ස්ථාන කෙරේ ඔබ සිත යොමු කරන්නේ නම්, නිර්මාණයන්හි ගල් කටු අදටත් ජීවමානය. ගල් පර්වතයන් ඉවත් කිරීම, කඩා වෙන් කිරීම මෙන්ම සහ විශේෂයෙන්ම ගල් කටු පහරවල් දක්නට තිබෙනු ඉතාමත් ස්වභාවිකය. නමුත් සීගිරි කාශ්‍යපයන්ගේ භවන වූ සිගිරිය බලකොටුවේ කිසිදු නිර්මාණයක අනවශ්‍ය ගල්කටු පහරවල් දක්නට නැත.
කාශ්‍යප රජු සිය වාසභවන අලංකාරකර ගැනීම වෙනුවෙන් හෝ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අටියෙන් හෝ පර්වතයන්ට පහර දී නැත. තමා සෙබාදහමේම කොටසකැයි සිතූ රජුට සතුරාට තිබූ බියට, තමාට හානි කරගත්තේ නැත. ඒ වෙනුවට, භීතියට මුහුණ දෙමින් සොබාදමේ විභූතියට ආදරයෙන් ඇලී සංවර තමන්ටම ආවේණික වූ ජීවිතයක් ගෙවීය. එය අද ලෝක පුදුමයක් වී නොතිබෙන්නේද?
මහා කාශ්‍යප රාජ්‍ය සමය.......
අවුරුදු 1000කටත් වඩා තිබුණු, රජවරු 140කටත් වඩා රජකම් කරපු, "අනුරාධපුර රාජධානි" කාලයෙ රටට දැනෙන්න වැඩක් කරපු ප්‍රධාන පෙළේ රජවරු හිටියෙ බොහෝම සුළු පිරිසක්. අන්න ඒ රජවරු ගැන තමයි අපි, කලින් ලිපිවලින් දිගටම සාකච්ඡා කළේ.
* පණ්ඩුකාභය රජතුමා
* දේවානම්පියතිස්ස රජතුමා
* කාවණ්තිස්ස රජතුමා
* දුටුගැමුණු රජතුමා
* වළගම්බා රජතුමා
* වසභ රජතුමා
* මහසෙන් රජතුමා
* ධාතුසේන රජතුමා
බලන්න. අනුරාධපුර යුගයේ රජවරු 140කටත් වඩා හිටියට, අපිට කතා කරන්න පූලුවන් රජවරු ඉන්නෙ කීයෙන් කී දෙනාද කියලා..?
අතේ ඇගිලි ගාණටවත් නෑ. මහා කාශ්‍යප රජතුමා ගැනත් අපි කතා කරන්න නෙවේ හිටියෙ. ඒත් ධාතුසේන රජතුමා ගැන සදහන් කරපු නිසා ලියන්නෙ නැතුව ඉන්න මොකක්ද වගේ කියලා හිතුනා. ඒ වගේම තමයි සීගිරිය සහ ආදි හෙළයන් විසින් සීගිරියට යොදලා තියෙන තාක්ෂණය ගැන සාකච්ඡා කරන්නත් ඕන. එහෙම කරන්න පුලුවන් වෙන්නෙත්, මහා කාශ්‍යප රජතුමා යටතේ තමයි. මහා කාශ්‍යප රජතුමාවම තමයි, "1 වෙනි කාශ්‍යප" එහෙමත් නැත්නම් "සීගිරි කාශ්‍යප" වගේ නම්වලිනුත් හදුන්වන්නෙ. මහා කාශ්‍යප රජතුමා අපේ රටේ ඉතිහාසයට එකතු වෙන්නෙ පීතෘ ඝාතක රජ කෙනෙක් විදිහටයි.
තමන්ට හිමි නැති රජකම, හිමි කර ගන්න ධාතුසේන රජතුමාව ඝාතනය කරනවා. අපි මේ ගැන කලින් "ධාතුසේන රජතුමා" ගැන ලියපු ලිපියෙන් ගොඩක් සාකච්ඡා කළා. දැන් අපි ඉතිරි ටික සාකච්ඡා කරමු.
මේත් එක්කම අපේ රටේ සිංහාසනයට නීත්‍යානුකූල අයිතිය තියෙන මුගලන් කුමාරයා ඉන්දියාවට පැනලා යනවා. ඊට පස්සෙ තමයි මහා කාශ්‍යප රජතුමා සීගිරි පර්වතය මාළිගාව කරගෙන අවුරුදු 18ක් රජකම් කරන්නෙ. මේ තමයි අපේ රටේ රජ කෙනෙක් අගනුවරින් පිට ඉදගෙන රාජ්‍ය පාලනය කරපු පළවෙනි අවස්ථාව. ගොඩක් දෙනෙක්ට එක පාරටම මතක් වෙන්නෙ නැති වුණාට, සීගිරිය පිහිටලා තියෙන්නෙ මාතලේ දිස්ත්‍රික්කයේ.
රජතුමාගේ පාලන කාලය අතරතුර රජතුමා ගොඩක් ආගම දහමට නැඹුරු වෙලා තියෙනවා. සිල් සමාදන්වීම්, භාවනා කිරීම්, දහම් පොත්පත් පරිහරනය කිරීම, දන්සැල් පැවැත්වීම්, පිළිම ගෙවල් නිර්මාණය කිරීම වගේ දේවල් කළා කියලා ඉතිහාසයට සම්බන්ධ පොත්පත්වල සදහන් වෙනවා. ඒ බොහෝ දුරට තමන්ගෙ පියාව ඝාතනය කරපු පාප කර්මය නිසාම වෙන්න ඇති.
රජතුමා අනුරාධපුර ඉසුරුමුණි විහාරය ප්‍රතිසංස්කරණය කරන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ නිසාම මේ විහාරය පස්සෙ කාලයක "උපුල්වන්බෝ කසුප්ගිරි විහාරය" කියලා හදුන්වන්න පටන් ගෙන තියෙනවා. නමේ මුල් කොටසින් කියවෙන්නෙ කාශ්‍යප රජතුමාගේ දියණියන් දෙදෙනාගේ නාමයන්. ඒත් සමහරක් ඉතිහාසඥයන් මත පල කරනවා මේ නමින් හැදින්නුවේ රජතුමා විසින්ම නිර්මාණය කරපු පිදුරංගල විහාරය කියලා. ප්‍රාග් ඓතිහාසික මානවයන් පවා ගැවසුනු සීගිරි පර්වතය, අනුරපුර රාජධානි සමයේ මුල් කාලයේ පිරී ඉතිරී තිබුණේ භාවනා කරන භික්ෂූන් වහන්සේලාගෙන්. සීගිරි පර්වතය මාළිගාව විදිහට තෝරා ගත්ත රජතුමා, ඒ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්, සීගිරිය පේන තෙක් මානයේ "පිදුරංගල විහාරය" නිර්මාණය කරනවා.
ධාතුසේන රජතුමාව ඝාතනය කරලා බලය ලබා ගෙන 18 වෙනි අවුරුද්ද වෙනකොට, ඉන්දියාවට පැනලා ගියපු මුගලන්, විශාල ඉන්දීය හමුදාවකුත් අරගෙන ලංකාවට එනවා. මේ නිසා කාශ්‍යප රජතුමත් තමන්ගෙ හමුදාව අරගෙන මුගලන් කුමාරයා එක්ක යුද්ධ කරන්න යනවා. කාශ්‍යප රජතුමාගේ අවසානය ගැන පරස්පර විරෝධී මත ගණනාවක්ම තියෙනවා.
ජනප්‍රවාදයට අනුව මුගලන් කුමාරයා එක්ක යුද්ධෙට යන කොට ඇතා පිට නැගලා ඉස්සරහින්ම ගිහිල්ලා තියෙන්නෙ කාශ්‍යප රජතුමාලු. ටික දුරක් ඉස්සරහට යන කොට විශාල මඩ වලක් හම්බවෙලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න අදිමදි කරපු ඇතා, පිටිපස්සෙන් පිටිපස්සට ගිහින්, කාශ්‍යප රජතුමාගේ සේනාව දිහාවට හැරිලා තියෙනවා. කාශ්‍යප රජතුමා පසු බහිනවා කියලා හිතපු සේනාව සී සී කඩ දිව්වලු. රජ කෙනෙක් කියන්නෙ අභිමානවත් චරිතයක්. රජතුමාගේ ජීවිතයට කැලලක් වුණොත්, ජීවත් වෙලා ඉන්න තාක් කල් රජවරු ඒ දේ ගැන කල්පනා කරමින් හිතින් විදවනවා. අභිමානය, පිළිගැනීම, තත්වය නැතුව යනවා. ඒ නිසා ලැජ්ජාවෙන් බේරිලා, තමන්ගෙ අභිමානය රැක ගන්න රජතුමා මගුල් ඇතා පිට ඉන්දැද්දිම කඩුවෙන් ඇන ගෙන, සියදිවි නසා ගත්තලු.
රජතුමාගේ මරණය ගැන තියෙන අනිත් මතය තමයි කාශ්‍යප රජතුමාගේ හමුදාව සහ මුගලන් කුමාරයාගේ හමුදාව අතර ඇති වෙච්ච සටනින්, කාශ්‍යප රජතුමාගේ හමුදාව අන්ත පරාජයක් ලැබුවා කියන මතය. ඒ නිසා කාශ්‍යප රජතුමා කන්දකින් පල්ලෙහට පැනලා සියදිවි නසා ගත්තා කියන එක. කොහොම වුණත් රජතුමාගේ අවසානය නම් ඛේදවාචකයක් කියලා මේ මත දෙකෙන්ම පැහැදිලි වෙනවා.
ධාතුසේන රජතුමාව ඝාතනය කළත්, මහජන පක්ෂපාතීත්වය කාශ්‍යප රජතුමාට ලැබුණා කියන එක තමයි දැනට තියෙන මතය. මහජන පක්ෂපාතීත්වය මුගලන් කුමාරයාට තිබුණා නම්, මුගලන් කුමාරයාට සේනාව සංවිධානය කරන්න ඉන්දියාවට පලා යන්න අවශ්‍යතාවයක් නෑ. කාශ්‍යප රජුගේ මරණයෙන් පස්සෙ සිංහාසනයේ වාඩි වෙන, 1 වන මුගලන් රජු හෙවත් සිහසුනේ සැබෑ උරුමක්කරුවා අවුරුදු 17ක් රජකම් කළා කියලා සාහිත්‍ය මූලාශ්‍රවල සදහන් වෙනවා. ඒත් එක්කම ආයිත් අනුරාධපුරය අගනුවර බවට පත් වෙනවා.
සීගිරිය ගැන කතා කරනවා නම් බොහෝ දෙනෙක් සීගිරිය එක එක විදිහට හදුන්වනවා. සමහරු සීගිරිය බලකොටුවක් විදිහට අර්ථකතනය කරද්දී, තවත් සමහරු සීගිරිය මාළිගාවක් විදිහට හදුන්වනවා. ටිකක් ගැඹුරින් බැලුවොත් සීගිරිය කියන්නේ මාළිගාවක් මිස බලකොටුවක් නෙවේ. අපි දන්නවා අපේ රටේ ජනාධිපතිවරයා ඉන්න අරලියගහ මන්දිරය කියන්නෙ අධි ආරක්ෂිත කලාපයක්. ඒ රටේ ප්‍රධාන පුරවැසියා ජීවත්වන ප්‍රදේශය නිසා. ඒ නිසාම මුර කපොලු, බංකර් එහෙම දාලා ආරක්ෂාව ටිකක් තදට යොදලා තියෙනවා. ඒ වගේම තමයි සීගිරියත්. සීගිරි මාළිගාව අවට ප්‍රදේශයෙත් ආරක්ෂාව තර කළා. දිය අගල් තනලා, කිඹුල්ලු දාලා, පර්වතය උඩ දුනුවායන් ස්ථානගත කරලා, අවට ප්‍රදේශයේ මුර කපොලු සහ මුරකාවල් දාලා තිබිලා තියෙනවා. ඒ රජ්ජුරුවන්ගේ වාසස්ථානය නිසා. ඉතින් බලකොටුවක් කියන අර්ථයෙන් සීගිරිය හැදින්වීම ඒතරම් සුදුසු නෑ. බලකොටුවක් කියලා කියන්නේ සතුරන්ගේ පහර දීම්වලින් බේරෙන්න හදා ගත්තු සුරක්ෂිත ස්ථානයකට.
සීගිරියේ නිර්මාතෘවරයා ගැන කියන්න අමාරුයි. ඒත් ඒක මහා කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක් නොවෙන බව නම් පැහැදිලියි. මොකද අවුරුදු 18ක් වගේ කාලයක් ඇතුළත මේ සා විශාල ඉදි කිරීම් ගොඩක් කරන්න කොහෙත්ම බෑ. ඒ නිසා සීගිරිය කලින් රජවරුන්ගේ කාලවල්වල ඉදලම ටිකෙන් ටික දියුණු වෙමින් පැවතුනාය කියන එක තමයි දැන් පිළිගෙන තියෙන මතය. ඒත් සීගිරියේ දියුණුවේ උච්ඡතම අවස්ථාව කාශ්‍යප රජ දවස සිදු වුණාට කිසිම සැකයක් නෑ. කාශ්‍යප රජතුමාගෙන් පස්සෙ ආයිත් මේ ස්ථානය ක්‍රමත් ක්‍රමයෙන් ජන ශූන්‍ය වෙමින්, ඝන කැළෑවක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සෙ නැවතත් භාවනායෝගී භික්ෂූන් වහන්සේලාගේ ආරාමයක් විදිහට, පොළොන්නරු යුගයේ අග භාගය වෙනකන්ම තිබිලා තියෙනවා.
බොහෝ දෙනෙක් කියනවා සීගිරිය ගොඩ නැගුවේ මහා රාවණ රජතුමා කියලා. ඒ මීට අවුරුදු 6000කට විතර කලින්. මොකද සීගිරි පර්වතය අයත් වෙන ප්‍රදේශයේ තමයි ලංකාවේ යක්ඛ ජනකොට්ටාශයේ අග නුවර වුණු "ලංකාපුර" කියන නගරය තිබිලා තියෙන්නෙ. ඒ විතරක් නෙවේ රාවණා යුගයේ අපේ මුතුන් මිත්තෝ ඒ විදිහට සම්බන්ධතා ගොඩ නගපු බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙන් හමු වුණු මැටි ඵලකයක තිබුණු "බැබිලෝනියාවේ එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ, අහසින් පැමිණි සිංහ මිනිසුන් බවත්, එය ඔවුන්ගේ රටේ 'සිහගිරි' නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" දැක්වෙන සටහනෙන් මේ මතයත් එක්තරා ප්‍රමාණයකට තහවුරු වෙනවා.
* සිංහ මිනිසුන් - සිංහ නමින් සිංහලයන් හදුන්වයි
* සිහගිරි - සීගිරියට කියන තවත් නමකි
* අහසින් පැමිණි - දඩුමොණරය
ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරුවල සිංහ මිනිසුන් සහ රාවණා රජුගේ දඩුමොණරයට සමාන අහස් යාත්‍රාවල රූපත් ඇදලා තියෙනවා.
කාශ්‍යප රජුගේ සොහොන්බිම සැඟව තිබෙන්නේ පිදුරංගලද.......
සීගිරි පව්වට නැඟගත් ඔබට ඊට නොදුරු සැතපුමක් පමණ උතුරු දෙසින් පිහිටි පිදුරංගල කඳුගැටය නෙත ගැටෙයි. ඒ දෙස බලා, මනරම් දසුනක් යැයි සිතා ඔබ ඡායාරූපයට නඟන්නත් ඇති. එහෙත් පිදුරංගල කඳුගැටයේ පිහිටි විහාර පරිශ්‍රයත් ඒ හා බැඳුණු සැබෑ ඓතිහාසික කතාවත් ඇතැම් විට ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන.
සීගිරිය හා ඒ අවට පුරාවිද්‍යාත්මක නිසි කියැවීමක් උදෙසා වූ පර්යේෂණ හා ශාස්ත්‍රීය විමර්ශන කිහිපයක්ම සිදුකර තිබෙන අතර මේ අවට වෙසෙන මිනිසුන් අතර ජනප්‍රවාදගතව එන ඊට නෑකම් කියන කතාද බොහෝය. ඒ අතර තිබෙන ප්‍රවාදගත කතා කිහිපයක් මෙසේය.
“කාශ්‍යප රජුට අගබිසොව ඇතුළු අන්ත–පුර බිසෝවරු කිහිපදෙනකුම හිටියා. රජතුමා කලාකාමී රසවතා වගේම බිසෝවරුන්ද ඒ රස ගඟුලේ නැහැවුණු අයයි. සීගිරි පව්ව මත ඉදි කළ මාලිගාවට හැමදාමත් පිදුරංගල විහාරය පෙනුණා. බිසෝවරු එහි යන්නත්, එන්නත් ප්‍රිය කළා. රජතුමා ඒ නිසාම සීගිරියේ සිට පිදුරංගලට යන මංපෙතක් සැකසුවා. ඒ මංපෙත දෙපස විසිතුරු මලින් පිරුණු ගහකොළ සැකසුවා. ඔසු උයන් පවා කාලයක් මුළුල්ලේ තිබුණා. ඒ නිසා නිතර පිදුරංගල වඳින්න යන බිසොවුන් වහන්සේලාට අවශ්‍ය පරිදි පහසුකම්ද සැලසුවා. විහාරයක් සකසා ඊට අවැසි සියල්ල සම්පූර්ණ කළා. රජතුමත් බොහෝ වේලාවක් රැඳෙන්න කැමැති වුණු ඉසව්වක් තමයි පිදුරංගල විහාර පරිශ්‍රය.”
මේ ජනප්‍රවාදගත කතා එකහෙළාම බැහැර කළ නොහැකි තරමට ඉන් කියැවෙන හාත්පස පරිසරය හා බැඳුණු එහි යන මඟ, පිදුරංගලදී දැකිය හැකි වීම සුවිශේෂය. එනිසා පිදුරංගල ගැන වූ ඓතිහාසික පුවතේ සැබෑව පැහැදිලි කර ගැනීම අතිශය වැදගත්ය.
පිදුරංගල පිළිබඳව එච්. සී. පී. බෙල් මහතා 1899දී කළ ගවේෂණයෙන් පසු ඉදිරිපත් කළ වාර්තාවට අනුව සීගිරිය මෙන්ම පිදුරංගල ප්‍රදේශයේද ක්‍රිස්තු පූර්ව සියවස්වල යෝගාවචර භික්‍ෂුන් වහන්සේලා වැඩ සිටි බවක් කියැවේ. එය තහවුරු කිරීමට සාක්‍ෂියක්ද එහි ඇත. දැනට එම විහාර පරිශ්‍රයේ ඇති ලෙනක කටාරමට යටින් සඳහන්, බ්‍රාහ්මී අක්‍ෂරයෙන් කොටා ඇති පාඨයක දැක්වෙන්නේ එම ලෙන සුමනා දේවිය නමැති සැදැහැවත් කුල කාන්තාවක් විසින් සංඝයා වහන්සේ වෙත පූජා කරන ලද බවක්ය. එමෙන්ම ගල මුදුනට කිට්ටුව පිහිටි විශාල ලෙනක ගඩොල් සහ හුනු, කොන්ක්‍රීට් බදාම යොදා තනා ඇති යෝධ සැතපෙන පිළිමයක්ද ඇත. එම පිළිමය සීගිරි මාලිගය හා සමකාලීන වූවකි. එය තහවුරු කරන්නට ලෙන ඉදිරිපිට ඇති ගලක පස්වැනි සියවසට හෝ ඊට ආසන්න කාලයක අක්‍ෂරවලින් ලියූ ලිපියක්ද තිබේ.
තැනිතලා භූමියේ පිහිටි වත්මන් විහාරයට යාර 200ක් තරම් උතුරින් පැරැණි ගොඩනැඟිලි කිහිපයක නටබුන් දක්නට ලැබේ. ඒවායේ ස්වභාවය අනුව එතැන කිසියම් ගොඩනැඟිල්ලක වූ විශිෂ්ට ලක්‍ෂණ පළ කරයි. එම ගොඩනැඟිල්ල උසුලාගෙන සිටි දැවැන්ත ගල් කණු පෙළ ඊට සාක්‍ෂිය. 1908දී බෙල් මහතා ඉදිරිපත් කළ වාර්තාවේ 12 වැනි පිටුවේ සඳහන් රාමකැලේ දාගැබට දකුණින් පිහිටි ගොඩනැඟිල්ලට මේ කියන පිදුරංගල පිහිටි ගොඩනැඟිල්ල බොහෝ සමානකම් දක්වන බැව් විද්වත් මතයයි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ ගවේෂණ සටහන්වල දැක්වෙන කරුණක්ද මෙහිලා සිහිපත් කිරීම වටී. ඒ අනුව ගරාවැටුණු ස්තූප ගොඩැල්ලක් පෙදෙස්වාසීන්ගේ විශේෂ සැලකිල්ලට ලක්ව තිබුණු බවත්, එය එම ස්ථානයට අරක්ගෙන ඇතැයි විශ්වාස කළ ඇතැම් රාත්‍රි කාලවලදී පෙනුණා යැයි කියැවුණු බලගතු භූතයෙක් ගැන කතා කිහිපයක් වේ. බෙල් මහතාගේ නිරීක්‍ෂණයට මෙය ඒ තරම් යොමුවී නොතිබුණේ එය ඒ වනවිටත් වනගතව තිබුණු නිසාවෙන් බව පරණවිතාන මහතාගේ මතයයි. එහෙත් 1951දී මෙම භූමිය පුරාවිදු රක්‍ෂිත භූමියක් බවට ප්‍රකාශ වූ අතර කාලය ඒ අනුව හෙළි කරන ලදී.
දාගැබ් ගොඩැල්ල හෙළිකර ගැනීමත් සුන්බුන් ඉවත් කර දාගැබ් නෂ්ටාවශේෂ සහ ඒවා පිහිටි මළුව පාදා ගැනීමත් 1951 මුල් හරියේදී සිදුවී තිබේ.
පරණවිතාන මහතාගේ පර්යේෂණ සටහන් අනුව ස්තූපය පිහිටා තිබී ඇත්තේ සතරැස් මළුවක් මතය. අවට බිම් මට්ටමට වඩා අඩි 6ක් උස් කර තනන ලද මෙම මළුවේ එක් පැත්තක දිග අඩි 80කි. එහි පහත බැම්මේ උඩ යට දෙකම කොඳු කැටයමින් අලංකාරව ඇත. උස කොඳු රේඛා ආරක්‍ෂා වී තිබී ඇත්තේ සුළු වශයෙනි. පනාබැම්මේ සමහර තැන්වලට රළු ලෙස කැපූ ගල් තබා ඇති ආකාරය අනුව සිතෙන්නේ ඒවා මෑත කාලයක තැබූ ඒවා හැටියටය. එහි හතර පැත්තේ හරි මැදින් ගල් පඩිපේළි තිබී ඇත. එහෙත් දැන් ඒ ගල්පඩි කිසිවක් නැත.
මෙම ස්තූපයේ විෂ්කම්භය අඩි 50කි. එහි ඉතිරි කොටස මළුවේ මට්ටමෙන් අඩි 16ක් උසට නඟී. ස්තූපයේ හතරැස් කොටුවේ සතර දිග්භාගයට මුහුණ ලා තනන ලද පූජාසන හතරකි. කොත්කැරැල්ලට අයත් විශේෂ හැඩයකට කැපූ ගඩොල් ගණනාවක්ම අවට සුන්බුන් අතර වෙයි. එම ගඩොල්වල අටවැනි සියවසට පමණ අයත් සිංහල අකුරු වඩු ලකුණු ලෙස කොටා තිබුණේය.
පරණවිතාන මහතා යන විටත් එම ස්තූපහ නිදන් හ
17/04/2021
16/04/2021
16/04/2021
01/03/2021
26/02/2021