Sandun Asiri Arambawela මීදුම් මිටියාවතේ සිංහල භාෂා බලාගාරය

  • Home
  • Sri Lanka
  • Galle
  • Sandun Asiri Arambawela මීදුම් මිටියාවතේ සිංහල භාෂා බලාගාරය

Sandun Asiri Arambawela මීදුම් මිටියාවතේ සිංහල භාෂා බලාගාරය සිංහල # sinhala # Teacher

20/03/2026
මේ කවිය දම්පාටලියන්නේ අම්මාට මං දරන් හිටියාට"දස මාසේ උරේකත්වා 💜"දුම් වළලු පිම්බාටආදරෙන් ඉම්බාටමේ ගාථාව තාත්තට" චුම්බිත්ව...
18/03/2026

මේ කවිය දම්පාට
ලියන්නේ අම්මාට
මං දරන් හිටියාට
"දස මාසේ උරේකත්වා 💜"

දුම් වළලු පිම්බාට
ආදරෙන් ඉම්බාට
මේ ගාථාව තාත්තට
" චුම්බිත්වා පිය පුත්තකං 💜"

මේ ලියුම ජෙම්මාට
අත අතැර දැම්මාට
කම්මුලට ගැහුවාට
" එවිට මම ජීවත් වුණත් මියගියත්
වාසනාවන්ත මැස්සෙක්මි "

💜*සිංහල*💜
2️⃣0️⃣2️⃣8️⃣ උසස්පෙළ
නව පන්ති ආරම්භය

🔺 *ගුරුමඬල-ගාල්ල* 🔺
( වායු සමනය කළ )
සෙනසුරාදා උදේ 8.00-10.00

🔺 *සාත්‍ රා - උඩුගම*
( වායු සමනය කළ )
සෙනසුරාදා සවස 3.30-5.30

🔺 නෙත් - මාපලගම
🔺 Online - දිවයිනට ම
( ප්‍රතිඵල පැමිණි විගස ඇරඹේ.)

🆔 *සඳුන් ආසිරි අරඹවෙල*
ගාල්ලේ ප්‍රධානතම විදුහලක සිංහල ආචාර්‍යවරයෙකි.
077-4029979

01/01/2026

ඉර- හඳ ලකුණ රටකට දුන් ගමක සිංහල පන්තිය...

එය " ගිම්හ නදී" හෙවත් ගිං ගං මිටියාවතේ පිහිටි මහ පළල් ගම වී. එහෙයින් මාපලගම වූයේ යැයි ප්‍රවාදයකි.

ගමේ පොල් හෙවත් නෙරළු තුරු බොහෝ ය.පොල් " මහ පල" " අමාපල" නමින් ද හැඳින් වේ. අමා පල ඇති ගම මාපල ගම වී යැයි. තවත් ප්‍රවාදයකි.

මහා පල්ලව ආක්‍රමණය හා බැඳී පැවති පුරාවෘත්තයක් නිසා එය මාපලගම යැයි ඇතැම්හු කියති.

මහා පොළක් පැවති හෙයින් මහපොළ ගම මාපලගම වූයේ යැයි පවසන්නෝ ද සිටිතත් ඉතා සීමිත ය.

( මේ කතා Janaka Beanthota Mallawarachchi ඉතා නිර්මාණශීලී ව AI video ලෙස ගෙන එනු ඇත.)

කෙසේ නමුදු මාපලගම රටක ගෞරවයට පාත්‍ර වීමට ප්‍රධාන ම මෙහෙය කළේ යතිවරුන් බව නොරහසකි.

රාජ්‍ය ලාංඡනය චිර ජීවනය සංකේතවත් කරනා ඉරහඳ ලකුණ සහිත ව නිර්මාණය කළේ මාපලගම විපුලසාර හිමිපාණන්‍ ය.

මාපලගම සිරි සුනන්ද - සිරි සාගර හිමිවරු ළමුන් දහස් ගණනක් සිටිනා පාසලක් නිර්මාණය කළහ.රටකට පිරිත් පුරන්නට මුල් වූ මාපලගම බුද්ධසිරි හිමියෝ ද අමතක කළ නොහැකි වෙත්.

Ariyadasa Godagama විදුහල්පතිතුමන් හා මා හට එම ප්‍රදේශයට ආරාධනා කළ Dodangoda WasanthaWasantha Dodangoda විදුහල්පතිවරුන් ඇතුළු ගුරුභවතුන් කෙරෙහි ඇත්තේ ද මහත් ගෞරවයකි.

එවන් විශිෂ්ටයන් අස්වැද්දූ ගමක ගුරුවරයෙකු ලෙස කුරා කුහුඹු වෑයමක් කළෙමි. වසර 10 කට අධික කාලයක් මාපලගම දරුවන්ට සිංහල ඉගැන්වීමි.🅰️ සාමර්ථ්‍යයන් 1500+ බිහි කළෙමි.සිය ගණනක් දරුවෝ නීති පීඨය ඇතුළු ව විශ්ව විද්‍යාලයන්ට යැවීමි.

දැන් පාසලෙහි නැත ද සතුටින් ඒ ගමෙහි 2026 වසරට Neth Higher Educational Centre හි ජනවාරි 02 සිට වැඩ අරඹමි.

26/12/2025
මාපලගම නීති පීඨ "නී" කෙල්ලෝ 🖤🖤🖤( බුද්ධිනී / ප්‍රභාෂණී/ සෙතිනී )උදේ පාසල් යන විට ගාලු මුහුදේ මාලිගාවක් වන් නැවක් තිබුණේ ය...
23/12/2025

මාපලගම නීති පීඨ "නී" කෙල්ලෝ 🖤🖤🖤
( බුද්ධිනී / ප්‍රභාෂණී/ සෙතිනී )

උදේ පාසල් යන විට ගාලු මුහුදේ මාලිගාවක් වන් නැවක් තිබුණේ ය.
අද කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ද අලුත් නැවක් ආවේය.

මෙවර උසස් පෙළ විභාගයෙන් නීති පීඨයට සුදුසුකම් ලැබූ අපේ නි- කාරාන්ත කෙල්ලන් 04 කි. බුද්ධිනී, ප්‍රභාෂිණී, කල්පනී සහ දෙව්මිණී ය.

ඉන් බුද්ධිනී සහ ප්‍රගති ප්‍රභාෂිණී මට හමුවන්නේ මාපලගම සිරිසුනන්දයේ 10 ශ්‍රේණියේ පොඩි කෙල්ලන් ලෙස ය.

කාලය ගෙවුණේ ය. උසස් පෙළට කලා විෂය ධාරාව හදාරන්නට තීරණය කළ ඔවුහු මා සොයා ආහ.ප්‍රභාෂිණී (ප්‍රගති) සංඝමිත්තාවට ගිය ද බුද්ධිනී සුනන්දයේ ම රැඳුණා ය.

ගාල්ල නගරයේ හොඳ ම සිංහල ප්‍රතිඵලය බුද්ධිනීගේ විය. මුල් ස්ථාන කිහිපය තුළ තම ඉඩ වෙන් කරගත් ප්‍රභාෂිණී ද නීති ශිෂ්‍යාවක් වූවා ය.

ඔවුහු අද අල්තීනායිලා නගරයට ගිය සේ ම මට සමු දී කොළඹට ගියහ. බුද්ධිනී , ප්‍රභාෂිණී, කල්පනී , දෙව්මිණී ඇතුළු නී - කෙල්ලන් මා භාර කරනුයේ ද නී- කෙල්ලන්ට ය.

පළමුවැන්නිය මාපලගම පන්තියේ 10 සිට සිංහල ඉගෙන ගත් නීති පීඨයට ගිය සෙතිනි Sethini Vihasna ට ය. දෙවැන්නිය කතළුවේ නීති පීඨ නියඟය නිමා කළ තිලානි Thilani Balapatabandige ය. තෙවැන්නිය සිරිධම්ම හොඳ ම ප්‍රතිඵල ලද නීති ශිෂ්‍යාව විජිනී ය aloka keerthirathna ය.

සිංහල භාෂාව හරි ම අපූරුයි."දිය" හෙවත් වතුර කියන වචනෙ නියෝජනය කරන්න සිංහල ව්‍යවහාරයෙ පදයක් අගට "ජ්ජ" කියන ව්‍යවහාර තද්ධිත...
23/12/2025

සිංහල භාෂාව හරි ම අපූරුයි.
"දිය" හෙවත් වතුර කියන වචනෙ නියෝජනය කරන්න සිංහල ව්‍යවහාරයෙ පදයක් අගට "ජ්ජ" කියන ව්‍යවහාර තද්ධිත ප්‍රත්‍යය එකතු කරනවා.

තෙලි දිය " තෙලිජ්ජ " වෙනවා.මාතර තෙලිජ්ජවිල තියෙන්නෙ.
මිරිදිය " මිරිජ්ජ " වෙනවා.හම්බන්තොට මිරිජ්ජවිල කියලා ගමකුත් තියෙනවා.
කිරි දිය " කිරිජ්ජ" වෙනවා. එළදෙනකගෙ කිරි බුරුල්ල හරියට කියන්නෙ " කිරිජ්ජ පල්ල"

අපේ ඇඟෙත් වතුර තියෙනවා . ඒවා වැඩි වුණා ම අඩු කරනවනෙ.අඩු කරනවටට/ගලනවට/සැහැල්ලු වෙනවට හුලු කරනවා කියලත් කියනවා. ඉතින් හුලු + දිය මොකද වෙන්නෙ ?

මේ වගේ කතා ටිකක් ඇති. ඉස්සර මගේ youtube එක කරපු Kaveen Priya කියන හාදයා video ඉල්ල ඉල්ල වද කළා. දැන් දීපු video මාස ගණනක ඇති.එයාගෙන් මටවත් ලැබිලා නෑ.

හුජ්ජා කියන එක හැදුනෙ මෙහෙමයි | සිංහලෙන් අහගන්න | සාහිත්‍ය දේශනය | Sadun asiri arambawela | Episode 02Sandun Asiri Arambawela | Dada's Diary83 කළු ජූලියේ හවස...

හෙට සිංහල ලියන දරුවනි,නුඹලා දිනිය යුතු ම ය...රෑට ඇවිත් හීනෙන් හිස අත    ගානපාළොස්වකේ සඳ වාගෙයි ඔබ මූණදරුවනි, නුඹලාට හරි ...
14/11/2025

හෙට සිංහල ලියන දරුවනි,
නුඹලා දිනිය යුතු ම ය...

රෑට ඇවිත් හීනෙන් හිස අත ගාන
පාළොස්වකේ සඳ වාගෙයි ඔබ මූණ
දරුවනි, නුඹලාට හරි යන්න ම ඕන
දිරි බල ලැබේවා ! ජයගන්නට හීන

සිංහල කියන්නේ දරුවනි, අම්මා ය
හැම ලකුණක් ම මව් වඳිනා ගාථාය
මේ කවි පිරිත් සහ භගවත් ගීතා ය
අප්පච්චීට 🅰️ වැස්සක් ඕනෑ ය

සරසවියක දී හමු වෙමු !

සඳුන් ආසිරි අරඹවෙල

https://youtu.be/xS8Jva0s9Es?si=QbREw2B7bxIbRoIXSubscribe කරන්න.share කරන්න.
13/08/2024

https://youtu.be/xS8Jva0s9Es?si=QbREw2B7bxIbRoIX

Subscribe කරන්න.share කරන්න.

තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04Sandun Asiri Arambawela | Dada's Diary83 කළු ජූලියේ හවසක ආණ්ඩුවේ ඉස්...

සිංහල ලියනආදරණීය නුඹලාට ය.....රෑට ඇවිත් හීනෙන් හිස       අත ගානපාළොස්වකේ සඳ වාගෙයි ඔබෙ  මූණදරුවනි, නුඹලාට හරි යන්න ම    ...
30/05/2023

සිංහල ලියන
ආදරණීය නුඹලාට ය.....

රෑට ඇවිත් හීනෙන් හිස අත ගාන
පාළොස්වකේ සඳ වාගෙයි ඔබෙ මූණ
දරුවනි, නුඹලාට හරි යන්න ම ඕන
දිරි බල ලැබේවා ! ජය ගන්නට හීන

සිංහල කියන්නේ දරුවනි අම්මා ය
හැම ලකුණක් ම මව් වඳිනා ගාථා ය
මේ කවි පිරිත් සහ භගවත් ගීතා ය
අප්පච්චීට 🅰️ වැස්සක් ඕනෑ ය.

කිසි ම ලකුණක් අත් නොහැර ලියන්න.
අපි උසස් පෙළ පන්තියක දී හමු වෙමු.

@ සඳුන් ආසිරි අරඹවෙල
(මව්බසේ අප්පච්චි)

20/01/2023

රජ වීදියේ (Royal way)
සක්මනක නික්මන 2022

දින දෙකකින් සංවිධානය වූ සමුදීමේ හමාර සාදයේ දී ටානියා කෞශල්‍යා දියණිය ඇතුළු southlands බාලිකාවන්ගේ නර්තන වින්‍යාසයක අව පෑළවිය මතකය සිසු දූරකථනයක මෙසේ සටහන් ව තිබිණි.

ඔවුහු හදවත මත පා මුදු තබා නික්මී ගියහ.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Sandun Asiri Arambawela මීදුම් මිටියාවතේ සිංහල භාෂා බලාගාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category