27/06/2025
ඔබත් 2024 හෝ ඊට පෙර වර්ෂයක අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු වීමට හීන දකින අයෙක්ද? එසේනම් ඔබටයි මේ අනගි අවස්ථාව!
පාඨමාලා සදහා අයදුම් කරන ආකාරය,
1. පළමුව පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කොට රිසිට් පතක් ලබා ගන්න. (මෙම රිසිට්පත් අංකය අයදුම්පත්‍රයේ සටහන් කල යුතු වේ.) මෙහිදී එක් කාණ්ඩයකට රු.1000ක මුදලක් තැන්පත් කළ යුතු වේ. (ATM යන්ත්‍ර මගින් මුදල් තැන්පත් කිරීමෙන් වලකින්න.)
ගිණුම් තොරතුරු:
025-2-001-1-3397613
Peoples Bank
Hyde Park Branch
Colombo 02.
2. මුදල් ගෙවීමෙන් අනතුරුව http://apply.sliate.ac.lk වෙබ් අඩවියට පිවිස "Apply Online" මත Click කරන්න.
3. ඉන්පසු ලැබෙන තිරයේ ඇති "Create new account" මත Click කර ඔබ විසින් නව ගිණුමක් සාදා ගත යුතුය.
4. මීලගට ලැබෙන තිරයේ අසා ඇති ඔබගේ Email ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය (NIC), ජංගම දුරකතන අංකය යොදා මුර පදයක් ඇතුලත් කර ලියාපදිංචි විය යුතුයි.
5. ඉන් අනතුරුව ඔබ විසින් ඇතුලත් කරන ලද දුරකථන අංකයට හෝ Email ලිපිනය ලැබෙන OTP අංකය ඇතුලත් කර ඔබේ ගිණුම තහවුරු කළ යුතු වේ.
6. ගිණුම තහවුරු කිරීමෙන් අනතුරුව ඔබ අයදුම් කරන්නේ පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පාඨමාලා ද යන්න සදහන් කල යුතුය. පාඨමාලාවට අයදුම් කිරීම සදහා පූර්ණ කාලීන (Full Time) යන්න තෝරන්න.
7. ඉන්පසු ඔබගේ අ.පො.ස උසස් පෙළ සහ අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයන්ට අදාල දත්ත ඇතුලත් කල යුතුය.
8. මීලගට ලැබෙන තීරයේ පලමු කැමත්ත ලෙස
Higher National Diploma in Accountancy,
Higher National Diploma in Management ,
Higher National Diploma in Business Administration,
Higher National Diploma in Tourism & Hospitality Management,
Higher National Diploma in English
යන්න තෝරා, ගාල්ල උසස් තාක්ෂණ ආයතනය තෝරන්න.
9. ඉන් පසුව ඔබ විසින් මුදල් ගෙවා ලබා ගත් කුවින්තාසියට අදාළ TXN අංකය ඇතුලත් කොට, කුවින්තාසියේ ඡායාරූපයක් ඇතුලත් කල යුතුය. මෙම ඡායාරූපයේ ප්‍රමාණය 1MB හෝ ඊට වඩා අඩු විය යුතුය.
10. ඉන්පසුව "Submit" යන බොත්තම මත Click කරන්න. ඉන් පසු ඔබගේ Email එකට ඔබගේ අයදුම්පතේ පිටපතක් ලැබෙන අතර එය Save කරගන්න. තවද ඔබගේ දුරකථන අංකයට Reference Number එකක් ලැබෙන අතර එයද සටහන් කරගන්න.
11. ඔබ පාඨමාලාව වෙත තෝරාපත් වුවහොත් සති දෙකක කාලයක් තුල ඒ පිළිබදව ඔබව Email හෝ SMS පණිවිඩයක් හරහා දැනුවත් කරනු ලැබේ.
වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න:
0702412154 - Umesh
0776946933 - Tharuka
පාඨමාලව පිලිබද හා නව බඳවා ගැනිම් පිලිබද සියලුම යවාත්කාලීන කිරීම් දැනගැනීම සඳහා පහත Whatsapp Group හා සම්බන්ධ වන්න:
https://chat.whatsapp.com/JldxiYld8J852pn3wr9AhF
Web ➡️ https://sliategallefom.com
ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://drive.google.com/file/d/10lw6cEgIFt8o0u9HI5nGmLcX5mZQYN9s/view?usp=drivesdk
අයදුම් කල හැකි අවසාන දිනය: 2025.07.14