05/05/2026
තමිල්නාඩුවේ M.K. ස්ටාලින්, එඩප්පඩි K. පලනීස්වාමි වැනි ප්‍රභල අපේක්ෂකයන් පරදවමින් තලපති සුළඟ හමන ලදි..‼️🗳️✊🇮🇳
විජේ තලපතිගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය (Tamilaga Vettri Kazhagam) ලබාගත් ආසන සංඛ්‍යාව - 108
M.K. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK පක්ෂය (Dravida Munnetra Kazhagam) ලබාගත් ආසන සංඛ්‍යාව - 73
එඩප්පඩි K. පාලනීස්වාමිගේ නායකත්වයෙන් යුත් AIADMK (All India Anna Dravida Munnetra Kazhagam) පක්ෂය
ලබාගත් ආසන සංඛ්‍යාව - 53
කිසිදු පක්ෂයකයට බහුතරයක් (ආසන 118) දිනාගැනීමට නොහැකි වී ඇති නමුත්,
විජේ තලපතිගේ TVK පක්ෂයට අනෙකුත් පක්ෂ කිහිපයක් සමඟ එකතුවී සන්ධානයක් පිහිටුවීම මගින් හෝ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම මගින් බහුතරය පෙන්විය හැක.
මේ අතර නව රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට විජේගේ TVK පක්ෂය තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබේ.
කොංග්‍රස් පක්ෂය සහ TMK පක්ෂය දැනටමත් විජේ තලපතිගේ පක්ෂයට සහය දැක්වීමට කැමැත්ත පළකර ඇති අතර මෙම පක්ෂ දෙක ඔවුන්ට අමාත්‍යධුර දෙක බැගින් අවශ්‍ය බව පවසා තිබේ. VCK සහ DMDK වැනි අනෙකුත් පක්ෂ අවසන් තීරණයක් ගැනීමට පෙර තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව පැවසේ.
එමෙන්ම විජේ තලපතිට තම්න් විසින් තමිල්නාඩුවේ ජනතාවට ලබාදුන් ඡන්ද පොරොන්දු ඉටුකිරීමේ කාලයද එළඹෙමින් පවතී.
ඔහු ලබාදුන් ඡන්ද පොරොන්දු අතර,
1) රැකියාවක් නොමැති උපාධිධාරීන්ට මාසිකව රු. 4,000 ක් ලබාදීම.
2) රැකියාවක් නොමැති ඩිප්ලෝමාධාරීන්ට මාසිකව රු. 2,500 ක් ලබාදීම.
3) වයස අවුරුදු 60 ට අඩු ගෘහ මූලික කාන්තාවන්ට මාසිකව රු. 2,500 ක් ලබාදීම.
4) සෑම පවුලකටම වසරකට LPG ගෑස් සිලින්ඩර් 6 ක් නොමිලේ ලබාදීම.
5) සෑම මනාලියෙකුටම රන් පවුමක් සහ සිල්ක් සාරියක් ලබාදීම.
6) උසස් ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබාදීමට නේවාසික පාසල් පිහිටුවීම.
7) සිසුන්ට ඇප නොමැතිව ඉන්දියන් රුපියල් ලක්ෂ 20 දක්වා අධ්‍යාපන ණය ලබාදීම.
8) තමිල්නාඩුව මත්ද්‍රව්‍ය රහිත ප්‍රදේශයක් බවට පත්කිරීම.
9) ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබාදීමට ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කිරීම.
10) ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටීම.
11) කච්චතිව් දූපත ආශ්‍රිතව ඉන්දීය ධීවරයින්ට නිදහසේ ධීවර කටයුතු සිදුකිරීමට ඇති අයිතිය යළි තහවුරු කිරීම.