07/09/2022
මුලින්ම කියන්න ඕනි private apply කරන්න කලින් ඔයා scl අස්වීමෙ සහතිකේ අරන් ඉන්න ඕනෙ, ඒක පස්සෙ ගන්නවා කියල හිතලා apply කරන්න යන්න එපා මොකද පස්සෙදි ඔයාලා ugc එකෙන් campus apply කරනකොට ඒ dates වල අවුලක් වෙන්න පුලුවන්,
අනික තමයි scl student කෙනෙක් විදියට ඉඳන් private apply කරන්න තහනම් කොහොමත් එහෙම බැහැ , ඒක නීත්‍යානුකූලවත් වැරදි පස්සෙදි results වලංගු වෙන්නෙත් නැහැ
Application එක fill කරද්දි ගොඩාක් අවධානෙන් වගේම පරිස්සමින් කරන්න මොකද ඒකෙ පොඩිහරි අවුලක් උනොත් , අපිට දැනුම්දීමකින් තොරව application එක rejecte කරනවා වගේම details වෙනස් කරලා application එකකට වඩා යැව්වොත් ඒ application ඔක්කොම rejecte කරනවා කියල එයාලා කියනවා
ඒ නිසා ගොඩක් පරිස්සමින් fill කරන්න
🔴 දැන් අපි බලමු fill කරන හැටි...
අපිට online apply කරන්න donets web site එකෙන් ( www.donets.lk ) හෝ
Onlineexams.gov.lk/eic එකෙනුත් වගේම
DoE app එකෙනුත් පුලුවන් , ( ඔයා smart phone එකෙන්නම් යන්නෙ chrom use කරන්න) ඒ විදියට log උනාම student registration කියන එක යටතේ නම , ID num එක mobile num එක සහ student / citizen / teacher කියල අහන එකට student දාලා next දුන්නම ඔයාගෙ mobile num එකට OTP num එක කියල එකක් එනවා ඒක type කරලා Activate account දෙන්න ඊට පස්සෙන් එතනින් application එකට log වෙන්න පුලුවන් එහෙම ආවම එතනදි G.C.E Al Examination යටතේ instructions එනවා ඒක හරියට කියවලා තේරුම් අරන් next දීල application එක fill කරන්න පටන් ගන්න .
හරි දැන් බලමු fill කරන හැටි
මුලින්ම ඔයාගෙ සම්පූර්ණ නම fill කරන්න ඕනි ඒක උප්පැන්න සහතිකේ විදියට දාන්න , ඊට කලින් mr ms ද කිය්ල අහනවා ඒකට හරි එක දාන්න
දෙවෙනිය්ට ID num එක ඕනෙ ඒක auto fill වෙනවා නැත්තම් fill කරන්න
ඊට පස්සෙ birthday එක දාන්න male / female එක සහ
Email address එක සහ phone numbers දෙක fill කරන්න
ඊළඟට address එක fill කරන්න ඕනෙ ඒකට අනිවාරෙන්ම ඔයාගෙ ස්ථිර ලිපිනය දාන්න
ලිපිනය දානකොට අන්තිමට තියෙන නගරයේ නම තැපැල් නගරය කියන තැන fill කරන්න ඒක දෙපාරක් දාන්න එපා
දැන් next දෙන්න
ඔයාගෙ දිස්ත්‍රික්කය තමයි ඊළඟට fill කරන්න ඕනෙ ඒකට list එකෙන් ඔයාගෙ දිස්ත්‍රික් එක select කරන්න ඊළඟට නගර අහනවා ඒකට ඔයාට ලඟම නගරය select කරන්න
නගරය වැරදියට select කරොත් ඔයාට exm එකට දුර මද්‍යස්තානෙකට යන්න වෙයි ඒක පස්සෙ වෙනස් කරගන්න බැහැ
Attempt num එකෙන් අහන්නෙ ඔයා exm එකට පෙනීසිටින්නෙ කීවෙනි පාරටද කියල ඒකට 1 2 3 හරි එක දාන්න , ඔයා කලින් සැරේක apply කරලා exm එකෙ එක sub එකක් හරි ලියල නැතුව admission එක ළඟ තියේනම් ඒ කියන්නෙ shy එක skip කරල නම් ඒක එක වාරයක් විදියට සලකම්නෙ නෑ , ඔයාට campus select වෙන්න ඒ shy එක තියෙනවා attempt num එකට ඒක වැටෙන්නෑ
ඊට පස්සෙ අහන්වා විශේෂ අවශ්‍යතා තියෙද කියලා ඒකට no දාලා , next දීල ඉස්සරහට යන්න
දැන් තමයි වැදගත්ම දේ ඔයා exm එකට කරන subjects අහන්වා ඒකට ඔයාගෙ sub 3 වෙන වෙනම list එකෙන් select කරලා fill කරන්න ඒකත් එක්ක විෂය මාධ්‍ය අහනවා ඒකත් අනිවා හරියට fill කරන්න
ඊළඟට සාමාන්‍ය පොදු පරීක්ෂණයට GT සහ General English යන sub දෙකට apply කරන්වද කියල yes or no දාන්න
ඒකෙදි කියන්න තියෙන්නෙ general test එක ඔයා කලින් shy එකක ලියල ලකුණු 30 ට වඩා තියේනම් ඒක අනිවාර්ය නැහැ ඒත් campus apply කරද්දි ඒක එකම results sheet එකක තිබුනොත් ලේසියි
General English ලියනවද නැද්ද කියල ඔයාගෙ තීරණේ ඒක campus select වෙන්න අදාලම නෑ
දැන් ඔයාට පෙනෙයි ඔයා තෝරාගත්තු sub එක්ක ඔයාගෙ විශය ධාරාව මොකද්ද කියල ඒක හරිද බලන්න
දැන් submit කරාම Exam application summary කියල වැටෙනවා ඒකෙදි ඔයා fill කරපුව පෙන්නනවා
🔴 ඒවා හරිද කියල ඩබල් චෙක් කරන්න ඔයා මේක fill කරන්නෙත් tension එකෙන් නිසා ගෙදර වෙන කෙනෙක්ට කියල ආයෙ check කරල බලාගන්න දිස්ත්‍රික්කය නගරය විෂයන් මාධය වගේ දේවල් ආයෙ ආයෙ බලලා check කරලා අවුලක් තියේනම් reset the exam application දීල ආයෙ හරියට fill කරන්න
ඒහෙම නැත්තම් ඔයා exm fees pay කරන්නෙ කොහොමද කියල select කරන්න 🔴 ඒ විදියට select කරාට පස්සෙ ආයෙ ඔයාට fill කරපුවා වෙනස් කරන්න බෑ ඒ නිසා කලින් හොඳට චෙක් කරන්න
🔴 මං ආයෙම කියන්වා හොඳටම check කරලා submit දෙන්න මොකද මෙතනදි පොඩි අවුලක් උනත් ඔයාගෙ ජීවිතේට බලපාන්න පුලුවන් .
exam fees pay කරන්නෙ කොහොමද කියල select කරන එකෙදි ඔයාට option දෙකක් තියෙවා එකක් තමයි post office එක හරහා ඒකෙදි ඔයා post office option එක select කරාම ඔයා fill කරපු mobile num එකට postal reference number කියල code එකක් එනවා ඒක post office එකට දීලා අදාල මුදල pay කරන්න (එතනින් ඔයාට ලැබෙන Receipt එක අරන් තියාගන්න) ඊටපස්සෙ ඔයාට sms එකකින් link එකක් එනවා කියල එයාල කියන්වා ඒකෙන් application eka download කරගන්න පුලුවන්
ඔයා payment method එකට select කරේ bank card option එකනම් ඔයාට කරන්න තියෙන්නෙ credi or debit card එකෙන් අදාල ගාණ pay කරලා application එක download කරගන්න පුලුවන් වෙනවා ඒක ඔයා print කරලා ළඟ තියාගන්න
donets.lk is your first and best source for all of the information you’re looking for. From general topics to more of what you would expect to find here, donets.lk has it all. We hope you find what you are searching for!