Nawa Maga

Nawa Maga ජීවිතේ පිළිබද නිවැරදිව දකින්න ... වැරද?

https://youtu.be/kQ8MwMnMaR0
22/09/2021

https://youtu.be/kQ8MwMnMaR0

ඉලක්කයට ඉලක්කයක්ජීවිතේ ඔබට යන්න කිසියම් ඉලක්කයක් ඔබ ගොඩ නගාගෙන ඇති. ඔබ ගොනගා ගත්තු ඉලක්කය පහසු ඉලක්කයක් නොවෙන්න....

ඉලක්කයට ඉලක්කයක්ජීවිතේ ඔබට යන්න කිසියම් ඉලක්කයක් ඔබ ගොඩ නගාගෙන ඇති. ඔබ ගොනගා ගත්තු ඉලක්කය පහසු ඉලක්කයක් නොවෙන්නත් පුලුවන...
22/09/2021

ඉලක්කයට ඉලක්කයක්
ජීවිතේ ඔබට යන්න කිසියම් ඉලක්කයක් ඔබ ගොඩ නගාගෙන ඇති. ඔබ ගොනගා ගත්තු ඉලක්කය පහසු ඉලක්කයක් නොවෙන්නත් පුලුවන්..
හිතන්න
මේ වෙනකොට ඔබ ගොඩනගාගත්ත ඉලක්කයට ඔබ .. කෙතරම් දුරකට ළගා වෙළාද කියල.. නැතිනම් තාම ඒක සිතුවිල්ලක් ම පමණක්ද ? එසේත් නැතිනම් කොපමණ ඒ මාර්ගයේ සාර්ථකව ඉදිරියට ගමන් කරලද කියලා..
ඔබට... ඉලක්කයක් සහ සිහිනයක් පමණක් තිබිල වැඩක් නෑ..
මේ වෙනකොට ඒ ඉලක්කයට යන්න පුලුවන් ප්‍රාෙයා්ගික වැඩ පිළිවෙළක් ඔයා ගාව මේ වෙනකොට හදාගෙන තියෙන්න ඕන.. ඒ ඒ කාල වලදී ඉලක්කයේ සම්පූර්ණ කරගන්න ඕන අදියර ඔයාගෙ ගාව මේ වෙනකොට ඔයාගේ ගාව නිර්මාණය කරගෙන තියෙන්න ඕන.. ඒ නිසා යන මාර්ගය පහසු එකක් හෝ වඩා අපහසු එකක් වෙන්න පුලුවන්..
මේ වෙනකොට ඔයා ඔයාගේ ඉලක්කයට යන ගමන සමහර විට දවසින් දවස කල් දානවා වෙන්නත් පුල්වන්.. එහෙම උනොත් අපි ගොඩ නගා ගත් හීනයට එහෙමත් නැතිනම් ඉලක්කයට පහසුවෙන් ලගා වෙන්න පුලුවන්ද..?
ජීවිතේට අනේක විධ භාධා ආපු ගොඩක් මිනිස්සු ඒ අයගේ ජීවිත වෙනස් කර ගත්තේ අද කළ යුතු දේ අදම කරල ඒ කල යුතු දේ මොහොතකට වත් කල් දැමීමක් නොකල නිසා.. ජිවිතේ වැටුණු ගොඩක් අය තමන් වැටුණූ හේතුවම තමන්ට නැගිටින්න දිරි ගැන්වීමක් කරගෙන හිටියටත් වඩා සාර්ථකව නැගී සිටි එක තමයි කළේ.. ඒ අය කවමදාවත් තමන් වැටුණ කියන එක ගැන හිතන්න ගියේ නෑ .. ඒ වගේම තමන්ව වට්ටන්න හදපු අය සහ පට්ටපු අය ගැන හිතන්න ගියේ නෑ.. මොකද ඒවා හිතන්න ගියේ නැත්තේ ඒවා හිතන්න වැය කරන කාලයත් අපරාදේ වෙන නිසා ඒ කාලයත් නැවත තමන්ට නැගිටින්න උදව් කර ගන්න පුලුවන් වෙන නිසා..
මේ වෙනකොට ඔබ කුමන හෝ විභාගයකට ලහි ලහියේ සූදානම් වෙනවා වෙන්න පුලුවන්.. විභාග වලට මුහුණ දෙන ගොඩක් දෙනා හිතන පොදු සහ සාමාන්‍ය දේවල් ටිකක් තියෙනවා..
දැන් නිදචි මතයි හෙටම පාඩම් කරනවා...
අපෝ තව කාලයක් තියෙනවනේ.. පස්සෙම සූදානම් වෙනවා..
හෙට කරනවා..
කෝ අනිත් අයත් කරන්නේ නෑනේ.. ඉතින් මම නොකර හිටියම මොකද..
දැන් බෑ හෙට හවසට කරනවා.. ඊට පස්සේ හිතනවා.. අපෝ අද හවසට බෑ.. රෑටම කරනවා..
රෑට හිතනවා.. ටිකක් වෙලා නිදාගෙන ටිකකින් නැගිටලා පාඩම් කරනවා කියලා..
මේ දේවල් ඇතැම් විදියට ඔයාටත් හිතෙනවා ඇති.. එහෙම හිතලා ඔයා ඔයාගේ දේවල් කයො තරම් ප්‍රමාද කර ගන්න ඇත්ද..?
හැබැයි මතක තියා ගන්න ඔබ මේ විදියට හිතන නිසා ඔබගේ ජීවිතයෙන් අහිමි වෙන කාලය ඔයාට කවමදාවත් ඔයාට ඔයාගේ ජීවිතේට ආපහු ගන්න බෑ කියන එක...
මේ ඔබට ලැබිල තියෙන්නේ වටිනාම ජීවිතයක් ඒ වටින ජීවිතේ අරුත් සුන් දේට නිකරුනේ කැප කරල කාලය කා දමල ජීවිතේ වටිනම දේ කරන්න ඉතිරි වෙන කාලය ඔයා විසින්ම නැති කර ගන්නේ ඇයි...
තමන් කරන රැකියාවක් වුණත් ව්‍යාපාරයක් වුණත් ඉගෙනීම වුණත් නිරන්තරයෙන්ම සාර්ථක වෙන්නේ ඒ වෙනුවෙන් ඔබ කරන කැප කිරිම අනුවයි..
දැන් අපි ගෙදරට වෙලා ඉන්නේ..
මේ තමයි.. ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කර ගන්න පුලුවන් හොදම කාලය.. මේ කාලසීමාව ඔබ ඔබගේ ජීවිතයට කෙතරම් ඵලදායි වන ලෙසට යොදා ගත්තද... කියල ඔබම පොඩ්ඩක් හිතල බලන්න..
නැතිනම් කෙතරම් කාලයක් ඔබ වටින කාලය නිකරුණේ ගත කලාද කියලත් පොඩ්ඩක් හිතලා බලන්න..
ගතවෙන හැම තත්පරයක්ම අතීතයට එකතුවෙනවා මිසක් ඒ කාලය ආයේ නම් වර්තමානයට එකතු වෙන්නේ නෑ.. එකතු කර ගන්නත් බෑ..
අපි අපේ ජීවිතයේ සිදුකරන පොදු ක්‍රියාකාරකමක් අරගෙන අරගෙන බලමු ඒ ක්‍රියාකාරකම කෙතරම් කාලයක් අපේ ජීවිතයෙන් සොරාගෙන ඇත්ද.. කියලා..
ඒ තමයි නින්ද..
ඒක හැමෝටම වැදගත් දෙයක් වුණාට... නින්ද අපගේ ජීවිතයෙන් කෙතරම් කාලයක් නිකම්ම ගෙවල දාන්න උදව් කරලද...
පොඩි උදාහරණයක් ගමු..
මේ වෙනකොට අවුරුදු 15 ක ළමයෙක් ගමු.. උඅපතේ ඉදලා මේ වෙනකම් ජීවිතේ ගත කරපු කාලය දින වලින් ගත්තොත් මේ වෙනකොට දින 5475 ක් ගත කරල තියෙනවා... ඒ හැබැයි දළ වශයෙන්.. මේ දින 5475 න් ඔබ ඔබගේ ජිවිතයේ අනාගත අබිවෘද්ධිය වෙනුවෙන් කොපමණ කාලයක් කැප කරලද කියලා ඔබම නිවි සැනසිල්ලේ හිතල බලන්න..
සාමාන්‍යෙයන් අපි දවසට පැය හයක් අවම වශයෙන් නිදා ගන්නවා.. සමහර අය ඊටත් වඩා නිදා ගන්නවා.. මේ කාලය දිනයෙන් හරියටම ගත්තොත් හතරෙන් එකක්.. ඒතකොට දිනයෙන් හතරෙන් එකක් කියන්නේ ජිවියෙන් ගත්තත් අපි හතරෙන් එකක් නිදා ගන්නවා..
වයස 15ක දරුවෙක් මේ ගනනය කිරිම් වලට අනුව නම් දින 1368 ක් නිදි... ඒක කුඩා කාලයේ වැඩි පැය ගණනක් නිදා ගන්න එක මග හැරල තමයි මේ විදියට ගනනය කලේ.. ඒ දේ දල අදහසක් පමණයි..
හැබැයි අපි මේ ගත කරන ලද කාලයෙන් ඉතිරි දින 4100 කට ආසන්න කාලය අපේ ජීවිතයේ ප්‍රෙයා්ජනවත් දෙයකට කාලය කැප කරලද කියන එක ඔබ ඔබේ හදවතින්ම විමසලා බලන්න.. අපි කෙතරම් කාලයක් විනාශ කරගෙනද කියල හිතල බලන්න..
අපේ ජීවිතේ ගොඩක් වෙලාවට නිකරුනේ අප කාලය ගත කරන්න
ටී වී බලනවා..
කාටුන් බලනවා..
වීඩියෝ ගේම් ගහනවා..
විවිධ ඕපාදූප කතා කරනවා..
මේ දේවල් වලට අපි කොපමන කාලයක් නිකරණේ කැප කරන්න ඇතිද .. මේ නිසාම අපිට ජීවිතයේ වටින ගොඩක් දේවල් අපි විසින්ම මග හැර ගන්න ඇතිද.. ඒ දේවල් කර ගත්තේ කිසිම සාධාරණ බවක් නැතිවම නේද.. එසේනම් අපි මේ දේවල් වලක්වා ගන්නේ කොහොමද.. ජිවිතේ වටිනකම තේරුම් ගන්නේ කොහොමද.. කෙතරම් අපි ඔබට කීවත් ... ඔබ ඔබ ගැන සිතල .. ඔබේ දියුණුව ගැන නොසිතනවා නම් මේ කියන කිසිම දෙයක හරයක් නැති වෙනවා.. ඔබේ ජීවිතයේ සාර්ථක වෙනසක් ඇති කර ගන්න නම් ඔබට විවිධ කැප කිරිම් කරන්න වෙනවා.. ඒ ඔබේ ජීවිතයේ වටිනාකම ගැන හිතල .. ඔබට නොවටින දේ ජීවිතයෙන් බැහැර කිරිමෙන්.. සමහර නින්ද.. යාලුවෝ.. විනෝදාංශ.. ටී වී එක.. ටෙලි නාට්‍ය.. වැනි දෑ විවිධ මට්ටමින් මග හරින්න වෙයි..
එවිට ඔබට ජීවිතේ දියුණුව වෙනුවෙන් ලගා වෙන්න පුලුවන්..
එකක්...
කිලෝමීටර් 1000 ක ගමණක් යන්න අපි ආරම්භ කරනවා නම් ඒ ගමන අපිට ආරම්බ කරන්න වෙන්නේ ඔබම තබන පළමු පියවරෙන් කියන එකත් මතක තියා ගන්න..

14/09/2021
ජීවිතේ ගොඩක් අය තමන්ගේ රැකියාව කර ගන්නේ තමන්ගේ හැකියාව නෙවෙයි.. ගොඩක් වෙලාට ඒ අය අනිත් අය කරන දේ හෝ කාගේ හෝ පෙළඹවීම් වලට...
12/09/2021

ජීවිතේ ගොඩක් අය තමන්ගේ රැකියාව කර ගන්නේ තමන්ගේ හැකියාව නෙවෙයි.. ගොඩක් වෙලාට ඒ අය අනිත් අය කරන දේ හෝ කාගේ හෝ පෙළඹවීම් වලට අනුව පාර හදාගන්න ගිහින් ජීවිතේ මංමුලා කර ගන්නවා.. ගොඩක් වෙලාවට මානසික පීඩන වලින් දිවි තොර කර ගන්න උසස් නිළදාරින් පවා මෙම රැකියා තෘප්තිය කියන සාධකය නිසා අතරමං වෙනවා..

ඒ නිසා අපි සෑම විටම අපි ආස සහ අපේ දක්ෂතාවය අපේ රැකියාව කර ගන්න ඕන.. එතකොට ජීවිතෙත් ලස්සනයි.. ආසාවෙන් වැඩ කරන්නත් පුලුවන්.. රැකියාව නිසා ජීවිතේ අසාර්ථක කර ගන්නේ නැතිව හැම තිස්සේම තමන්ට සුදුසු කියල හිතෙන දේ හදවතට එකගව කරන්න.. ඔබට කුමන හෝ රැකියාවකින් මුදල් දහස් ගණනින් හම්බු කරන්න හැකි වුණත් මානසික නිදහස නම් අකමැති වාත්තියකින් හරිහම්බු කර ගන්න නම් බෑ..

බුද්ධික වන්නි ආරච්චි..

Address

2/20, Wathogala Waththa, Senanayake Mawathe, Walahanduwa
Galle

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nawa Maga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nawa Maga:

Shortcuts

Share