23/02/2022
2022 A/L විභාගයට පෙනීසිටින ලමයින් සඳහා සංයුක්ත ගණිතය ප්‍රශ්නපත්‍ර 120 වැඩපිළිවෙල මාර්තු මාසෙ ඉඳන් පටන්ගන්නවා.
ඒකට සම්බන්ධ වෙන්න කැමති අය මුලින්ම මේ පෝස්ට් එක හොඳට කියවන්න. ඊටපස්සෙත් කැමතිනම් මේ ෆෝර්ම් එක පුරවලා එවන්න.
මේ පාර ටිකක් වෙනස්ම විදියකට කරන්න හිතන් ඉන්නෙ. මොකද ගියපාර පන්සීයකට වැඩි පිරිසක් මගේ ගෘප් වලට සම්බන්ධ වුනාට එයාලගෙන් හාරසීයකටත් වැඩි සංඛ්‍යාවක් පේපර්ස් කරේම නෑ. සිලබස් කවර් නෑ, අනිත් පංති නිසා වෙලාවක් නෑ,... වගේ එකේක හේතු කියලා කොහොමහරි බහුතරයක් ලමයි අන්තිමට කරන්නම් කියලා පේපර්ස් ගොඩගහගත්තා විතරයි, ඒවායින් දහයක්වත් හරියට කරේ නෑ.
තවත් සමහරු හිටියා මං නිකන් දීපු පේපර්ස් අරන් වෝටර්මාර්ක්ස්, මගේ නම මකලා පේජ් වල ඇඩ්ස් දාලා එකේක ලස්සන නම් වලින් එඩියුකේශනල් පැකේජ්, පේපර් ක්ලාස් විදියට ලමයින්ට විකුණපු.
මගේ නමම තියෙන වෙන කෙනෙකුත් වෝටර්මාර්ක්ස් එක්කම මගේ පේපර්ස් තමන්ගෙ වගේ විකුණල අහු උනා. ඒ හේතු නිසාම තමයි මට පොත පබ්ලිශ් කරද්දි මගේ නම රීබ්‍රෑන්ඩ් කරන්න වුනෙත්.
මේපාරත් අනිවාර්යයෙන් ඒවගේ අය ඉඳීවි. ඒත් මේපාරනම් මං ඒ හැමෝවම මට පුලුවන් උපරිමයෙන් ෆිල්ටර් කරනවා. මොකද මට බොරුවට ගෲප් පිරෙන්න ඔලුගෙඩි වැඩක් නෑ, හරියටම වැඩ කරන අය විතරයි ඕන.
මේපාර වැඩේ මෙහෙමයි වෙන්නෙ.
තාම හරියට සිලබස් කවර් නැති තියරි ලමයිත් ඉන්න නිසා මං Speed Revision එකකින් මාස දෙකක් ඇතුලත අග පාඩම් ටික කවර් කරනවා.
ඒ කියන්නෙ දැනට ඔයා බිංදුව මට්ටමේ හිටියත් මං උගන්වන පාඩම් ටිකෙන් විතරක් විභාගයේදි ලේසියෙන්ම ලකුණු 35 ක්වත් ස්කෝර් කරන්න පුලුවන් මට්ටමට ගෙනැල්ලා තමයි පේපර්ස් කරන්න පටන්ගන්නෙ. ඒ ඇයි කියල මං පස්සෙ කියන්නම්. ඊට අමතරව ඔයාලට අවශ්‍යනම් විතරක් අග ඉඳන් මුලට වෙනකන් මුලු සිලබස් එකම Speed Revision එකකින් කවර් කරනවා.
කලින් කරපු අය දන්නවා මගේ පේපර්ස්වල කොලිටිය එක්සෑම් ස්ටෑන්ඩර්ඩ් එකට වඩා වැඩි මිසක් අඩු නෑ. ඒවා MCQ වත්, Online Quiz වත්, පාඩම් කිහිපයක් විතරක් කවර් වෙන්න හදපුවාවත්, ප්‍රශ්න 15 ක් අඩංගු ඒවාවත් නෙවෙයි. මැත්ස් මැත්ස් විදියටම තියෙන මුලු සිලබස් එකම කවර් වෙන්න, ප්‍රශ්න 17 ක්ම අඩංගුවෙන්න හදපු පේපර්ස්. මගේ මේ පේපර්ස් සෙට් එක ඇතුලෙ ප්‍රශ්නවලින් විතරක් මං මුලු සිලබස් එකම සම්පූර්ණයෙන් දෙපාරක් ආවරණය කරනවා.
සරලවම කියනවනම් මෙච්චරයි, ඔයා මේ පේපර්ස් ටික හරියට කරනවනම්, A/L විභාගෙට මුහුණදෙන්න කලින් ඊට සමාන හෝ ඊට වඩා අමාරු මට්ටමේ විභාග 100 ක්වත් ලියලා පට්ටම කන්ෆිඩන්ස් එකක්, එක්ස්පීරියන්ස් එකක් එක්ක තමයි ඔයාලා එක්සෑම් එකට යන්නෙ. එතකොට එක්සෑම් කියන්නෙ ඔයාට තවත් එක් මොඩල් පේපරයක් විතරයි.
තමන්ට ගැළපෙනම ප්‍රශ්න තෝරාගැනීමේ හැකියාව, ප්‍රශ්නවල හැටියට කාල රාමුව හදාගෙන නියමිත කාලය තුල ඒවාට උත්තර ලියන හැටි, ප්‍රශ්නවල තියෙන මර උගුල්, ටයිම් බෝම්බ මඟහරින හැටි, ප්‍රශ්නයක් හදාගන්න බැරුව හිරවුනාම අත්හරින හැටි, අඩුම කාලයකදී කෙටිම ක්‍රමයෙන් උත්තරවලට යන්න ප්‍රශ්න දිහා බලන්න ඕන විදිය, ලකුණු නොලැබෙන අනවශ්‍ය පියවරවල් නිසා වෙලාව නාස්තිවීම අවම කරගන්න හැටි, තමන් සාමාන්‍යයෙන් නොසලකා හරින, ඒත් ලකුණු ලැබෙන පියවරවල් ලියලා හරියට පොයින්ට් එකටම ප්‍රශ්නයක ලකුණු ස්කෝර් කරන හැටි, ස්ට්‍රෙස් මැනේජ්මන්ට්,... වගේ එක්සෑම් එකක් හරියට ලියන්න ඔයාලගෙ තියෙන්න ඕන හැම කොලිටියක්ම මං මේ පේපර්ස් තුලින් හදනවා.
මේ පේපර්ස් 120 න් 100 ක්වත් හරියට කරොත්, මේකෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එකයි කන්ෆිඩන්ස් එකයි එක්ක අනිවාර්යයෙන් ඔයාලට පේපරේ දැක්කම හිනායන තරමට ඒලෙවල් එක්සෑම් පේපර් එක ගේමක්ම නැතිවේවි.
මං Applied Maths, Pure Maths දෙකෙන් එකක් විතරක් නෙවෙයි, දෙකම කරන නිසා සබ්ජක්ට් එකෙන් භාගයක් ඉගැන්වුවෙ වෙන කෙනෙක් කියල, මට ලමයෙක්ගෙ අසාර්ථකත්වයේ වගකීමෙන් මිදෙන්න බෑ. ඒවගේම හොඳ රිසල්ට්ස් දාන ලමයින්ගෙ විතරක් සාර්ථකත්වයට හේතුව මගේ වැඩපිළිවෙල කියල කියන්න පුලුවන්කමකුත් නෑ.
ඒ නිසා ඔයාලා මේකට සෙට්වෙනවානම් අනිවාර්යයෙන් පේපර්ස් හරියට කරන්නම ඕන. මොකද මට 100% ක් ඔයාලගෙ රිසල්ට්ස්වල වගකීම ගන්න වෙනවා. මේක කරනවනම්, ඔයාලා අඩුමතරමින් මගේ පේපර්ස් 100 ක්වත් කරොත්, අනිවාර්යයෙන් තියෙන්න පුලුවන් A හෝ B විතරමයි. එක්කෙනෙක්වත් ෆේල් වෙන්න බෑ, මොකද එක්කෙනෙක්හරි ෆේල් උනොත් ෆේල් වෙන්නෙ මං, මගේ ප්‍රොසෙස් එක.
අවංකවම කියනවානම් මට ඔයාලා එක්කෙනෙක්වත් ශුවර් නෑ. ඒත් මට මාව ශුවර්. ඊටත් වඩා මට මගේ මේ ප්‍රොසෙස් එක ශුවර්. ඒනිසා මට හොඳටම විශ්වාසයි මට ඔයාලගෙ රිසල්ට්ස් කණපිට ගහන්න පුලුවන් කියල.
සමහරු කියනවා වගේ මේවා මේ ගණන් කටපාඩම් කරවන ඒවාවත්, ඔයාලට පුලුවන් කියලා ඔයාලව මුරුංගා අතුවල තියලා හුරතල් කරන්න හදපුවාවත් නෙවෙයි. ඒනිසා පේපර්ස්නම් ඇත්තටම ටිකක් අමාරුයි. මොකද මේවා මොළ පදම්කරන්න හදපුවා. ඕන බූරුවෙක් මීටරයක් කරවන, ඕන මීටරයක් වේගවත් සුපිරි මීටරයක් කරවන පේපර්ස් සෙට් එකක්.
කරුණාකරලා දවසක් වැඩ කරොත් දවස් දෙකක් රෙස්ට් කරන ජාතියේ අය එන්න එපා. කොහොමහරි කට්ට කාගෙන අන්තිම වෙනකන්ම ප්‍රොසෙස් එකේ රැඳෙන්න පුලුවන්, තමන්ගෙ ටාර්ගට් එක වෙනුවෙන් ඕන කට්ටක් කාගෙන වැඩකරන්න ලෑස්ති අය විතරක් එන්න. ඒවගේ අය ආවොත්, මං ඔයාලගෙ මැත්ස් ප්‍රතිඵලයට වගකියනවා.
Form එක පළමුවෙනි කමෙන්ට් එකේ 👇
Paper Class for 2022 A/L Students