Mahaweli National School

Mahaweli National School

Share

Community Page of Mahaweli National School Meegalewa

27/06/2024

"නිවන්සුව ලැබේවා!!!" දයාබර මිතුර

Photos from Mahaweli National School's post 24/05/2024

මහවැලි ජාතික පාසැලේ දරැවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් උදව් කිරීමේ අරමුණින් 2016දී පිහිටුවාගත් එකමුතුවක මුදල් බාරකාර කටයුත්ත කිරීමට ලැබීම මාලද භාග්‍යයක් ලෙස සලකමි...
එහිදී මුදල ලබාදුන් අයගේ ලැයිස්තුව හා පාස් පොතේ ඉතිරිව ඇති මුදල් වල copy අමුණා ඇත..

දැනට අලුත් නිලධාරි මඩුල්ලක් යටතේ පිහිටුවාගත් පාසල හා සහ සම්බන්ධව කටයුතු කරන පාසැල් ආදි සිසුන්ගේ සමිතියට මෙම මුදල් බාරදීමට කටයුතු කිරීමට අවශ්‍ය ලෙසින් මෙම ගිණුමේ ඇති රැපියල් 152,743.20ක මුදල

ආදිශිෂ්‍ය සංගමයේ ගිණුම් අංකය වන

මීගලෑව මහජන බැංකුව
OLD BOY ASSOCIATION MEEGALEWA NATIONAL SCHOOL.
246-2-001-7-0035920

ගිණුමට බැර කර රිසිට් පත අමුණා ඇත.

මුදල් ලබාදුන් ඔබ සියලු දෙනා දැනුවත් කිරීමේ අරමුණින් මෙම සටහන තැබූවෙමි..

හදපිරි ස්තූතිය

https://m.facebook.com/story.php?story_fbid=10233555365694731&id=1495044185

Photos from Mahaweli National School's post 11/03/2024

Coming soon 😍🥰😘

Photos from Mahaweli National School's post 05/11/2023

"81කණ්ඩායම (97 O/L & 2000 A/L)"
අඹතැන්න කලාගාරයේ ප්‍රධාන තිරය ⁣දැමී⁣මේ ගාස්තුව වූ රැපියල් 49,000ක මුදල 81අප කණ්ඩායම විසින් ⁣ගෙවා දැමූ බව හදපිරි සතුටින් දැනුම් දෙමු......

1. පාසලට උදව් කිරීමට පෙළ ගැහෙමු....
2. උදව් කරමින් අනාගතයේ අධ්‍යාපන ප්‍රතිඵල ඉල්ලමු...
3. ලොකු සර් අපිට හදා ඉතිරි කර දුන් මහවැලි ජාතික පාසල නැවතත් ඒ තත්වයට ගමු...
4. වාද බේද අතහැර MNS ගොඩ ගමු...
5. මහවැලියේ තවත් සාර්ථක දරැවන් බිහිකිරීමට අප පාසලට උදව් කරමු...

03/09/2023

#රැස පුවත්පතෙන්(උපුටා ගැනිම මීගලෑව මහවැලි ජාතික පාසල පිටුවෙනි)

මීගලෑව කොළ පාට පාසලක් කළ පොලිස් අධිකාරී විදුහල්පතිවරයා

මීගලෑව මහවැලි ජාතික පාසල යනු වයඹ පළාතේ කීර්තිමත් පාසැලකි. මහවැලි දියවරින් පෝෂණය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ එකම ප්‍රදේශය ලෙස සැලකෙන මීගලෑවට දුෂ්කරත්වය ආගන්තුක නැත. ඒ දුෂ්කර ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණ පහණ පාදන මීගලෑව ජාතික පාසැල අධ්‍යාපන මෙන්ම විෂය බාහිර කටයුතු වලදීද නගරයේ ප්‍රධාන පෙළේ පාසැල් සමඟ උරෙනුර ගැටිය හැකි මට්ටමකට සංවර්ධනය වන්නේ 1987 අගෝස්තු 01 වැනිදා පාසලේ විදුහල්පති වශයෙන් වැඩභාරගත් උත්තරීතර මිනිසෙකුගේ අසමසම නායකත්වයේ ප්‍රතිපලයක් ලෙසිනි. ඒ නායකත්වයේ පෞරුෂත්වයත්, මනා කළමනාකාරීත්වයත් නොවන්නට මීගලෑව මහවැලි ජාතික පාසල තවමත් හුදෙකලා වූ පාසලක් වනු නොඅනුමානයි. මේ මහවැලි ජාතික පාසැල ඉහළින් ඔසවා තබන්නට කටයුතු කළ උත්තරීතර මිනිසෙකුගේ කතාවයි.

ඔබ කවුද?

මම ඩබ්ලිව්.එම් වන්නිනායක

ඔබ ඉගෙන ගත් පාසල මොකක්ද?

මඩදොඹේ කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා ඇහැටුවැව මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා ගල්ගමුව යූබී වන්නිනායක මහා විද්‍යාලයේ උසස් පෙළ සමත්වුණා.

උසස් අධ්‍යාපනය ලැබූ විශ්ව විද්‍යාලය මොකක්ද?

කොළඹ විශ්ව විද්‍යාලය

විශ්ව විද්‍යාලයෙන් සමුගන්නේ කොයි කාලෙද?

මම 1971 දි තමයි විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ. 1974 දි කැම්පස් එකෙන් අවුට් වුණා.

මුල් පත්වීම් දිනය කවද්ද ?

1976 නොවැම්බර් 01 වැනිදා

කොහෙටද ඒ පත්වීම ලැබුණේ ?

යාපනය සිංහල මහා විද්‍යාලය

යාපනයේ අවුරුදු කීයක් සේවය කළාද ?

එහෙ අවුරුදු දෙකක් සේවය කළා

ඊට පස්සේ ?

ඒ අවුරුදු දෙක ඉද්දි යාපනය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කථාකාචාර්යවරයෙක් හැටියටත් වැඩ කළා.

යාපනයෙන් පස්සේ කොහාටද මාරුවීම් ලැබෙන්නේ ?

1978 දි ඇහැටුවැව විදුහලට තමයි මාරුවීම ලැබුණේ. එහේ මම නියෝජ්‍ය විදුහල්පතිවරයා විදිහට කටයුතු කළා. ඊට පස්සේ තඹුත්ත මහා විදුහලේ විදුහල්පතිවරයා විදිහට නැවත ස්ථාන මාරුවක් ලැබුණා.

ඒ මොන අවුරුද්දෙද ?

1984 තමයි තඹුත්ත විදුහලට ගියේ. එතන ඉද්දි 1985 දි බුදුරුවකන්ද මහා විදුහලට නැවත මාරුවීමක් ලැබුණා. ඊට පස්සේ 1987 අගෝස්තු 01 වැනිදා තමයි මම මීගලෑව මහා විදුහලට ස්ථාන මාරුව ලැබුණේ.

එවකට මීගලෑව මහා විදුහල ඔබේ ජීවිතයට විශාල වශයෙන් සම්බන්ධයි නේද ?

ඔව්. මම විශ්‍රාම යනතුරු මීගලෑවේ වැඩ කළා. මට පුළුවන් වුණා මීගලෑව විදුහල ජාතික පාසැලක් දක්වා දියුණු කරන්න. මගේ සේවා කාලයේ වැඩිම කාලයක් සේවය කළේ මීගලෑව ජාතික පාසැලේ. සේවා කාලයේ අවුරුදු 21ක්ම මීගලෑව මහවැලි ජාතික පාසැලේ තමයි සේවය කළේ. 2008 නොවැම්බර් 15 වැනිදා මම විශ්‍රාම ගත්තා.

ඔබ ගුරු වෘත්තියේ ඉද්දි තවත් රැකියාක් කළා නේද ?

ඔව්. පොලිස් උපසේවයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කළා. ඒ පත්වීම ලැබුණේ 1977 නොවැම්බර් 01 වැනිදා.

කොහොමද මේ විදිහට රැකියා දෙකක නිරත වුණේ ?

පොලිස් උපසේවයේ ඉද්දි ගුරු වෘත්තියේ වගේම පොලිස් රාජකාරිත් කළ යුතු වුණා. එතකොට දවස් තුනක් පොලීසියේ රාජකාරිත්, සතියේ දවස් හතර ගුරුවෘත්තියේත් කටයුතු කළා.

ඒ රාජකාරි සඳහා දින වෙන්වෙලා තිබුණේ කොහොමද ?

සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා පොලිස් රාජකාරි කරන්න ඕන. අනිත් දවස් ටික පාසැලේ.

ඉතින් ඒ විදිහට ඔබ දිගටම පොලිස් උපසේවයේ රාජකාරි කරන්නේ නෑ. ඇයි ඉන් ඉවත් වුණේ?

ඇත්තටම ඒ රාජකාරි නිසා මගේ ගුරු වෘත්තියේ රාජකාරි කරන්න විශාල අපහසුවක් දැනුණා. ඒ වගේම ඒ නිසා මගෙන් මම උගන්වන පන්තිවලටත් විශාල අඩුපාඩුවක් වෙන නිසා නියම විදිහට ගුරු වෘත්තියේම නිරත වෙන්න ඕන නිසා තමයි මම පොලිස් සේවයෙන් ඉවත් වුණේ.

ඔබ යාපනයේ රාජකාරි කරන සමයේ මොනවගේ අද්දැකීමක්ද ලැබුණේ ?

ද්‍රවිඩ ජනතාව අපිට බොහෝම ළෙන්ගතුව සැලකුවා. ඒ වගේම ඒ කාලේ සිංහල දෙමළ ළමයි දෙගොල්ලොම ඉගෙන ගත්තා. ඒ වගේම සිංහල දෙමළ ගුරුවරුත් දෙගොල්ලම හිටියා. විදුහල්පතිවරයා සිංහල කෙනෙක්. අපි දෙමළ ගෙවල්වල තමයි නවාතැන් ගත්තේ. අපිට සහෝදරයෝ වගේ තමයි දෙමළ ජනතාව අපිට සැලකුවේ.

මීගලෑව විදුහලට එනකොට විදුහලේ මොනවගේ පරිසරයක් ද තිබුණේ ?

මීගලෑවට එනකොට මට දැනුණේ හරිම නොදියුණු පාසැලක් විදිහටයි. කැලෑවෙන් වටවෙලා, අපිරිසිදු බව වගේ නොයෙක් දුර්වලතා තිබුණා. පාසැල සංවර්ධනය සඳහා ඉතා දිගු ගමනක් යායුතු බව මට අවබෝධ වුණා.

ඔබ පාසැලේ කටයුතු වෙනුවෙන් කරපු විශාලම කැපකිරීම මොකක්ද ?

පාසැල වෙනුවෙන් කරපු කැපකිරීම කියලා එකක් විතරක් කියන්න බැහැ. මොකද මම මීගලෑව පාසැලේ අවුරුදු 21 ක කාලයේ වැඩිම කාලයක් මම හිටියේ පාසැලේ. මම විදුහල්පති නිලනිවාසයේ තමයි හිටියේ. මගේ ගෙවල් දොරවල් වතුපිටි ගැන අවධානයක් යොමු කළේම නෑ වගේ. මොකද සමහර දවස්වලට මම මගේ ගෙදරට යද්දි ගෙදර වත්තේ පොල් ගස් කෙසෙල් ගස් ඇතුළු හැම දෙයක්ම විනාස කරලා වන අලි ඇවිත්. එහෙම අහිමිවීම් සිදුවුණා කියලා මම පාසැලේ කටයුතු අතපසු කළේ නැහැ. මගේ ගෙවත්ත විනාස වුණත් පාසැල ගැන හිතලා හිත හදාගෙන අනිත් පැත්ත හැරිලා එනවා. ඊට පස්සේ මම මගේ ගෙවත්ත වගා කරන්න පටන් ගත්තේ විශ්‍රාම ගියාට පස්සේ. මට මගේ ගෙවත්ත වගේ සරුසාර කරන්න පාසැලේ ඉඩම තිබුණා. මට අවුකාෂ්ඨකේ තිබුණු පාසැල හරිත පාටින් බබළන පාසැලක් බවට පත් කළා. ඒ සඳහා පාසැලේ ගුරුභවතුන්ගේ වගේම දෙමව්පියන්ගේ විශාල සහයෝගයක් මට ලැබුණා. එ අය තමයි මගේ දැක්ම ක්‍රියාවට නැංවූයේ. ඒ අයට ඒ කළ කැපකිරීම් වෙනුවෙන් මම ස්තූතිවන්ත විය යුතුයි.

ඇත්තටම ඒ වෙනුවෙන් ඔබ මොනවද කළේ ?

මම සෑම පන්තියකටම ගහක් සිටුවා එය නඩත්තු කටයුතු කළ යුතුයි කියන දේ නියම කළා. ඒ අනුව සෑම පන්තියක්ම ඒ වසරක් පුරා එක ගහක් සිටුවා නඩත්තු කටයුතු කරනවා. වසරක කාලයක් කියන්නේ ගහක් වැඩෙන්න හොඳ කාලයක්. ඒ වගේ අඹ, කෙහොඹ, පිහිඹිය වගේ ගස් විශාල වශයෙන් පාසැල් භූමිය තුළ රෝපණය කළා. ඇත්තටම දැන් මීගලෑව මහවැලි ජාතික පාසැල කියන්නේ කොළ පාටින් බබළන පාසැලක්. ඒ වගේම මම පාසැලට පොලිතීන් ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ වගේ වැඩ තුළින් පාසැලේ ඉගෙනුම් ඉගැන්වීම් පරිසරය ඒ සඳහා උචිත අයුරින් ගොඩනඟන්න කටයුතු කළා.

ඒ පාසැල ගොඩනැඟීම වෙනුවෙන් මොනවගේ සැලසුම්ද ඔබ සකස්කළේ ?

මම විශේෂයෙන්ම පාසැලේ ඉගෙන ගන්න ළමයි සංඛ්‍යාව වැඩිකරගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක කළා. ඒ වගේම විවිධ විෂයන් සඳහා ගුරුවරු ලබා ගැනීම, නව විෂය ධාරාවන් ආරම්භ කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන සැලසුම් සකස් කළා. ඒවගේම ක්‍රීඩාව වෙනුවෙන් ළමයි පෙළගැස්වීම සඳහා අවශ්‍ය කටයුතු කළා. විශේෂයෙන්ම ලෙදර් බෝල් ක්‍රිකට් මම මගේ කාලයේදී තමයි ආරම්භ කළේ. අපේ විදුහලට ලෙදර් බෝල් ක්‍රිකට් සම්බන්ධයෙන් ස්වර්ණමය ඉතිහාසයක් ගොඩනැඟුණා ඒ කාලයේ දී.

ඊට අමතරව මොනවද කළේ ?

මම එනකොටත් ශිෂ්‍යභට කණ්ඩයක් තිබුණා. නමුත් මගේ කාලයේදී හර්මන්ලොස් කුසලානයේ සයවැනි ස්ථානය ලබා ගැනීමට හැකිවුණා. ඒ තමයි අපේ පාසැල පිරිමි ශිෂ්‍යභට අංශයේ ලැබූ ඉහළම ජයග්‍රහණය.

තව ඔබගේ විදුහල්පතිධුර සමයේ සිදුවූ වෙනත් සුවිශේෂි සිදුවීම් මොනවාද ?

මගේ කාලයේ තමයි පළමුවරට විද්‍යා විෂය ධාරාව අපේ පාසැලේ ආරම්භ කෙරුණේ. ඒ සඳහා අංග සම්පූර්ණ විද්‍යාලාර පහසුකම් පවා අපට ලැබුණා. ඊට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා දෙන්නට කටයුතු කරන්නටත් මගේ කාලයේ පුළුවන් වුණා.

විදුහල්පති ජීවිතයේ ඔබේ අමතක නොවන අත්දැකීම් මොනවාද ?

එක් වතාවකදී අපේ විදුහලේ ළමයි බණ්ඩාරනායක අනුස්මරණ දැනුම මිනුම තරගයෙන් කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරලා සමස්ත ලංකා ජයග්‍රහණය ලැබුවා. ඒ අවස්ථාවෙදී ත්‍යාග ප්‍රදානෝත්සවයට ආවේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය. මම ඒ වෙලාවේ එතුමියට කිව්වා මේ ජයග්‍රහණය සිහිවෙන්න අපේ විදුහලට තෙමහල් ගොඩනැඟිල්ලක් දෙන්න කියලා. ඇය ඒ කටයුත්ත සිදු කළා. ඇත්තටම මගේ පාසැලට තට්ටු ගොඩනැඟිල්ලක් කියන්නේ හීනයක් වගේ තිබුණු කාලයක්. ඒ කාලයේ පාසැලේ ගොඩනැඟිලි ගැටලුව නිරාකරණය කර ගන්න ඒ නිසා හැකිවුණා.

ඔබ විදුහල්පති ලෙස ජීවිතයේදී වැඩිපුරම සතුටු වුණු දිනය මතකද ?

එක දවසක් කියලා නැහැ. උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාගවලින් වසරින් වසර ඉහළ නඟිද්දි ලැබෙන සතුට කියලා නිම කරන්න බැහැ. මම ගුරුවරුන් සහ ළමයි ඒ වෙනුවෙන් තමයි පෙළගැස්සුවේ. මට මතකයි එක වතාවක් උසස් පෙළ විභාගයෙන් ළමයි තිහකට ආසන්න සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා. ඒ වාර්තාව තවමත් කඩන්න විදුහල් ඉතිහාසයේ හැකිවෙලා නැහැ.

ආකල්ප සංවර්ධනය ගුරුවරු තුළ සහ ළමයින් තුළ ඇති කළා. අධ්‍යාපනය හැර වෙන ගැලවුම්කරයෙන් නෑ කියන දේ මම ළමුන් තුළ ඇතිකරන්න කටයුතු කළා. දැන් මේ වෙද්දි අපේ විදුහලෙන් බිහිවුණ මහාචාර්යවරු, කථිකාචාර්යවරුක්, ආයතන ප්‍රධානීන්, විධායක නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලධාරින්, ගුරුවරුන් වගේ විශාල ක්ෂේත්‍ර ගණනාවක පැතිරුණු වෘත්තිකයින් පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඒ තමයි ඇත්තමට මගේ සතුට. මේ සෑම ජයග්‍රහණයක්ම වෙනුවෙන් පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ සිට ගුරුවරුන් සියලුම දෙනා එකාවන්ව වැඩ කළා. ඒ මහන්සියේ ප්‍රතිඵල අද සමාජයක් වෙනුවෙන් උරුම වෙලා තියෙනවා.

මීගලෑව කියන්නේ දුෂ්කර ප්‍රදේශයක්. දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ගුරුවරු රඳවා ගැනීමේ ගැටලුවත් ඔබට මතුවෙන්න ඇති. ඒ සඳහා මොනවාගේ වැඩපිළිවෙළක්ද සකස් කළේ?

විදුහලේ තියෙන නේවාසිකාරයක් අලුත්වැඩියා කරලා ඊට අවශ්‍ය අපි ඔවුන්ට අවශ්‍ය පහසුකම් දුන්නා. ඉන්පසු ඔවුන් ඉක්මනින්ම ස්ථාන මාරුවීමී ලබා ගන්න උත්සාහ කළේ නෑ. බොහෝ දුර පළාත්වල ගුරුවරු වසර පහක් හෝ ඊට ආසන්න කාලයකවත් මේ විදුහලේ රැඳී සිටියා. ඊට වඩා කාලයක් හිටපු දුර පළාත් ගුරුවරුත් හිටියා. ඔවුන්ගේ දක්ෂතා අගය කළා. ඒ නිසා ගුරුවරුන් ඉතා ඕනෑකමින් තමන්ගේ රාජකාරි කටයුතු කළා. ඒ නිසා තමයි මට පුළුවන් වුණු අනූවකට ආසන්න ආචාර්ය මණ්ඩලයක් එක අරමුණක් වෙනුවෙන් යොදවා ගන්න.

පාසැලේ විනය සම්බන්ධ කටයුතු කොහොමද සිදු කෙරුණේ ?

විනය ගැන සළකද්දි මුලින්ම පාසැලක විදුහල්පතිවරයා විනය ගරුක විය යුතුයි. ඊළඟට ගුරුවරු විනය ගරුක වෙන්න ඕන. එතකොට තමයි අපිට දරුවන්ට නිසි මඟපෙන්වීමක් අපිට කළ හැකිවෙන්නේ. අපි විනය ගරුකව කටයුතු කළොත් ඔවුන්ට එය සත්‍යයක් බව දැනුනොත් අනිවාර්යෙන්ම දරුවන් ඒ පිටුපස ගමන් කරනවා. ඒ වගේම දඬුවම් ලබා දීමත් අත්‍යවශ්‍යම අවස්ථාවල සිදු කළ යුතු වෙනවා.

වර්තමානයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඔබේ දැක්ම මොකක්ද ?

මේ කාලයෙ අපිට වඩා විශාල පහසුකම් තොගයක් ලැබිලා තියෙනවා. නමුත් ඒකෙන් හරිහැටි ප්‍රයෝජන ගන්නවාද කියන කියන එක දරුවන් සහ පාසැලට සම්බන්ධ ප්‍රජාව තමයි නිශ්චය කළ යුතු වෙන්නේ. නමුත් මම දන්නවා වෙනදාට වඩා විශාල පහසුකම් රාශියක් පාසැල්වල අද තියෙනවා.

වර්තමානය වන විට ගුරුවරුන්ට විවිධ ගුරුවරුන්ට විශාල වශයෙන් චෝදනා එල්ල වෙනවා. ඒකට හේතුව ලෙස ඔබ දකින්නේ මොකක්ද ?

අද හුඟක් අහන්න දකින්න ලැබෙන්නේ ළමා අපචාර වගේ දේවල්. විශේෂයෙන්ම අද සමහර ගුරුවරු තමුන්ගේ පාසැල් රාජකාරිවලට අමතරව පෞද්ගලික පන්ති සඳහා මූලිකත්වය දෙනවා. ඒ නිසා එතන ජනප්‍රිය වෙන්න හුඟක් උත්සාහ ගන්නවා. පෞද්ගලික පන්ති ආශ්‍රිතව තමයි ගොඩක් විනය විරෝධී කටයුතු ආරම්භ වෙන්නේ.ගුරුවරුන්ට එල්ලවෙන චෝදනා සහ ළමුන් දුරාචාරවලට යොමුවීමේ මූලාරම්භය වෙන්නේ විනයක් නැති , නීතියක් නැති ටියුෂන් පන්ති තමයි.

අවසාන වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?

අපේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කරනවා. ඒ නිසා පාසැල් දරුවන් හැඟීමකින් යුතුව විනයතවත් දරුවන් වශයෙන් සමාජයට ඇවිත් වැඩදායී පුරවැසියන් ලෙස රටට ප්‍රවේශ වීම සිදුකළ යුතුයි කියන දේ තමයි කියන්න තියෙන්නේ.

සටහන [දිලංක ගුණතිලක

05/10/2022
Want your school to be the top-listed School/college in Galgamuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


New Town , Meegalewa
Galgamuwa
60750

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30