Medhavi Higher Education Institute - Eppawala

Medhavi Higher Education Institute - Eppawala Medhavi Education Institute is one of the higher education institute which provides sound education to the students of Eppawala area .
(1)

අද ලෝක මව්වරුන්ගේ දිනය..... ලිවීම ජීවතයම කරගත් කෙනෙකුට වුණත් අද දවසේ අම්මා කියන වචනය විස්තර කරන එක ලේසි නැහැ. අම්මා කියන...
10/05/2026

අද ලෝක මව්වරුන්ගේ දිනය.....

ලිවීම ජීවතයම කරගත් කෙනෙකුට වුණත් අද දවසේ අම්මා කියන වචනය විස්තර කරන එක ලේසි නැහැ. අම්මා කියන අකුරු තුන ඇතුලේ තියෙන්නේ මහ විශාල අර්ථයක්.

මේ ලෝකේ කෙනෙක් ලබන උතුම්ම පදවිය තමයි මව් පදවිය. ඒක කැප කිරීම, ආදරය, සැනසීම, සෙනෙහස පිරුණු හරි අපූරු නවාතැනක්.

අම්මා පිළිබඳව හරි අපූරු කියමනක් තියෙනවා...

"දෙවියන්ට හැම තැනකටම එන්න බැරි නිසයි දෙවියෝ අම්මා මැව්වේ"

අද ඒ උතුම් මාතෘත්වය සමරන දවස.

බුදුන් වහන්සේ දේශනා කරමින් කියනවා "අම්මා තාත්තා දෙන්නා ට දරුවෙක්ට ගෙවන්න තිබෙන ණය අසීමිතයි... ඒක අම්මා තාත්තා දෙන්නා කදක් බැඳලා කරේ තියාගෙන අවුරුදු සීයක් බැලමෙහෙවරකම් කළත් ඉවර කරන්න බෑ කියලා. නමුත් අම්මා තාත්තා දෙන්න යහපතෙහි යොදවලා, ධර්මය අසන්නට සලස්වලා ඒ දෙන්නට නිවන් මාර්ගය අවබෝධ කරගන්න උපකාර කළොත් ඒ ණය ගෙවන්න පුළුවන් බව" උන්වහන්සේ දේශනා කර තිබෙනවා.

ඉතින් ඔබේ ආදරණීය අම්මා වෙනුවෙන් කරන්නට බොහෝ දේ ඔබට තිබෙනවා. අද දවසේ අම්මා ගාවට ගිහින් එයාට ආදරේ බව කියන්න. එයා ඔබ වෙනුවෙන් කළ බොහෝ දේවල් වලට ස්තූතියි කරන්න. ඇය ඔබට ආදරේ කරන බව දන්නා වග කියන්න.

ධර්ම මාර්ගයට නිවනට යන්නට අවශ්‍ය වටපිටාව ඇයට සකස් කර දෙන්න.

ඒක තමයි අම්මා වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් ඉහළම ගෞරවය.

"සුබම සුබ අම්මාවරුන්ගේ දිනයක් වේවා"

"ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් වී සෙවන පතා අද මෙන් පැමිණෙන්නේමි සුළඟිල්ලේ එල්ලී"

අනාගතයට පිඹුරුපත් සැකසූආදරණීය ශිල්ප වන්දනාවේ19වස් පෙළහරක  සුදත්තම අකුරු ඇමුණුම...'මේධාවී'ඇරඹුමේ සිට අඛණ්ඩව 19 වසරක් පුරා...
01/05/2026

අනාගතයට පිඹුරුපත් සැකසූ
ආදරණීය ශිල්ප වන්දනාවේ
19වස් පෙළහරක සුදත්තම අකුරු ඇමුණුම...
'මේධාවී'
ඇරඹුමේ සිට අඛණ්ඩව
19 වසරක් පුරාවටත්,
පා තැබූ 20 වසරත්, ඉන් ඉදිරියටත් 100%ක්ම
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධ්‍යාපනයට මුල් තැන දෙමින්,

"පසන් ගුණ නිති රදන - නුවන් නිසි මග දකින"

විජයග්‍රාහී ගමනක යෙදෙමින් සිටී...

"එන්න, අපි ✔️ පාරේ යමු"
ඔබේ සාර්තකත්වය වෙනුවෙන් අප නිතැතින්ම කැපවන්නෙමු...

පසන් ගුණ නිති රදන අපි "මේධාවී"

පුරා වසර 19ක කාලයක් අප සමග රැදී සිටි ආදරණීය දරුදැරියන්ට, දෙමාපියන්ට හා ගුරුමංඩලයේ ඔබ සැමට ස්තූතිය...

Thank you to all of you, the dear children, parents and teachers, who have been with us for 19 years...

14/04/2026
2026 සිංහල හා දමිළ අලුත් අවුරුදු සුබ නැකැත් පත්‍රය 🌸☀️නව වසරක උදාව සනිටුහන් කරමින්, සියලු චාරිත්‍ර වාරිත්‍ර නිසි වේලාවට ...
13/04/2026

2026 සිංහල හා දමිළ අලුත් අවුරුදු සුබ නැකැත් පත්‍රය 🌸☀️

නව වසරක උදාව සනිටුහන් කරමින්, සියලු චාරිත්‍ර වාරිත්‍ර නිසි වේලාවට ඉටු කරමින් සතුටින් හා සාර්ථකව අලුත් අවුරුද්ද පිළිගැනීමට සූදානම් වෙමු!

🌸 Happy International Women’s Day!Today we celebrate the strength, courage, and potential of every young woman.Dear stud...
08/03/2026

🌸 Happy International Women’s Day!
Today we celebrate the strength, courage, and potential of every young woman.
Dear students, your dreams, knowledge, and determination will shape a brighter future.
Believe in yourself, work hard, and never stop learning.
The world needs your talent, leadership, and inspiration.

මැදින් පොහොය දින වැදගත්කමබුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීමට ගමන ආරම්භ කළ මැදින් පොහොය අදයිඇසළ පුර පසළොස්වක පො...
02/03/2026

මැදින් පොහොය දින වැදගත්කම

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීමට ගමන ආරම්භ කළ මැදින් පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක යශෝධරා දේවිය පින්වත් පුත්‍ර රත්නයක් බිහිකළ දිනයේම දරුවා දෙස පමණක් බලා නින්දේ සිටි යශෝධරා දේවියටත් පිය මහ රජතුමාටත් කිරි මව්තුමිය වන මහා ප්‍රජාපතී ගෝතමියටත් නොකියා එකදා උපන් තම මිතුරා වන ඡන්න ඇමැතිට පමණක් කියා ඔහු සමග කන්ථක අසු පිටට නැඟී මහභිනික්මන් කළ පුවත බෞද්ධයන් වන අප කවුරුත් හොඳින් දනී. එසේ හොර රහසේ නික්මගිය තම පුත් කුමරු වන සිදුහත් කුමාරයා සිටිනුයේ කොහිද යන කාරණය සුදොවුන් රජු ඇතුළු රජ මැඳුරේ කිසිවකුත් නොදන්නේය. කෙසේ වෙතත් සිදුහත් තවුසාණෝ (කුමාරයා) සාවුරුද්දක් හෙවත් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියාකොට වෙසක් පුර පසළොස්වක පොහොය දිනෙක බුද්ධත්වය ලබා ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනෙක දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලදී. මේ විස්තර රජගහ නුවර බිම්බිසාර රජතුමා හොඳින් දන්නේය. ඒ ගැන සියලු තොරතුරු හසුන් පතක ලියා තම මිතුරු සුද්ධෝදන රජු වෙත බිම්බිසාර රජතුමා විසින් දන්වන ලදී. තම පුත්‍ර රත්නය පිළිබඳ තොරතුරු සොයමින් සිටි සුදොවුන් රජුට මේ පුවත අමාපැණි මෙන් විය. ඒ නිසා තම පුතා පමණක් නොව මුළුමහත් තුන් ලොවටම අග්‍රවූ බුදුවරයකු දැකගැනීම ඉමහත් ආශාවක් එතුමාට ඇති විය. ඒ අනුව තම පුත් බුදුන් වහන්සේ තම රජ මාලිගයට ගෙන්වා ගැනීමට අවශ්‍ය විය.

ඒ අනුව තම අමාත්‍ය මණ්ඩලයේ එක් ඇමතිවරයකු ගෙන්වා දහසක් පිරිවර ලබාදී කිඹුල්වත් නුවර සිට රජගහ නුවරට පිටත් කළේය. මේ පිරිස ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා නිවන් අවබෝධ කර ගැනීමට පෙරුම් පුරාගෙන එන පිරිසකි. ඒ බව කිසිවකු නොදනී. රජගහ නුවරට ළඟාවත්ම පෙර පින ඉස්මතුවී බුදුන්ගෙන් බණ අසා රහත් බව ලැබූහ. බිම්බිසාර රජුගේ හසුන් පතක් මගින් ඒ බව සුදොවුන් රජුට දැන්වීය. තම පුත් බුදුන් වහන්සේ ගෙන්වා ගැනීමේ පළමු උත්සාහය ව්‍යර්ථ වුවද රජතුමා පසුබට නොවී තවත් ඇමැතිවරයකු දහසක් පිරිවර සමග පිටත් කළේය. පෙර සේම තමන්ගේ පෙර පින ඉස්මතු වී එම පිරිස ද රහත් බව ලැබූහ. මේ ආකාරයෙන් වාර නවයක්ම දහස බැගින් පිටත් කළහ. අවසානයේ සුදොවුන් රජතුමා අලුත් තීරණයක් ගත්හ. සිදුහත් කුමාරයා උපන් දිනයේම උපත ලැබූ එකට කෙළි සෙල්ලම් කළ කාළුදායි ඇමැතිවරයා ගෙන්වා “පුත, ඔබත් මාගේ පුත්‍රයාත් අතර තිබෙනුයේ ලොකු බැඳීමක්. ඒ බව මම දන්නවා. ඔබ දෙදෙනා ඉපදුණේත් එකම දිනයක. කෙළි සෙල්ලම් කළේත් එකට. ඉගෙන ගත්තේත් එකට. ඔබ දෙන්නා හොඳ කල්‍යාණ මිත්‍රයන්. මගේ පුත්‍රයා වගේම මට ඔබත් වටිනවා. ඇමැති මණ්ඩලයේ මගේ සුවච කීකරු ඇමැති ඔබයි. ඒ නිසා මගේ ඉල්ලීම ඉවත නොදමා කෙසේ හෝ ඉටුකර දෙන්න” යැයි ඉල්ලා සිටියහ.

“මහ රජතුමනි, මොකක්ද මගෙන් ඉටුවිය යුතු කාරණය. කියන්න, මම දිවි හිමියෙන් ඉටු කර දෙන්නම්” කාළුදායි ඇමැති පැවසීය.

“එසේ නම් ඔබගේ තනියට මම දහසක පිරිවර දෙන්නම්. මීට වසර හයකට පෙර අප අතහැර ගිය සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්ව බිම්බිසාර රජතුමා විසින් ඉදිකරදී ඇති වේළුවනාරාමයේ වැඩ සිටින බව මගේ මිතුරා හසුන් පතක් මගින් මට දන්වා එවා තිබෙනවා. උන්වහන්සේ දැකගන්නා තුරු මට ඉවසිල්ලක් නැහැ. ඒ නිසා ඔබ දහසක පිරිස සමග ගොස් බුදුරජාණන් වහන්සේ මේ නුවරට කැඳවා ගෙන එන්න” යැයි ආයාචනා කරන ලදී.

“හොඳමයි රජතුමනි, මම ඔබතුමාගේ ඉල්ලීම කෙසේ හෝ ඉටුකර දෙන්නම්. හැබැයි මට එක වරයක් දෙන සේක්වා.”

“කියව පුත, කියව, ඕනෑම වරයක් දෙන්නම්”

“මට මහණවීමට අවසර දෙන්නේ නම් රජගහ නුවරට ගොස් මා ඇතුළු පිරිස සමග බුදු හිමි වැඩම කරවාගෙන කෙසේ හෝ එන්නම්.”

මේ පිරිස ද පෙරුම් පුරාගෙන එන පිරිසක් බව දන්නේ ඔවුන්ම පමණි. පිරිස රජගහ නුවරට ළඟා වූහ. බුදුන් වහන්සේ හමුවී වැඳ එකත්පසක සිට බණ අසන ලදී. රහත් ඵලය ලබා පැවිදි වූහ. ටික දිනක් ගත විය. යහපත් කාලගුණයක් ඇත. ගස් වැල් මල් හා ඵලවලින් පිරී ඇත. කාලගුණය ඉතාම හොඳය. වර්ෂාවත් නැත. ශීතලත් නැත. උණුසුමත් නැත. සුදොවුන් රජුගේ ආයාචනය සිහිපත් විය. මේ නම් රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට යෑමට ඇති හොඳම කාලය බව කාළුදායි මහ රහතන් වහන්සේට හැඟී ගියහ. බුදුන් වහන්සේ හමුවීමට ගොස් වැඳ නමස්කාර කර පවතින යහපත් කාලගුණය, වටාපිටාව හා සොබාදහම පිළිබඳව ගාථා 60කින් වර්ණනා කළහ. බුදුන් වහන්සේ එම ගාථාවලට හොඳින් සවන් දී සිටියහ. එසේ නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මගේ කල්‍යාණ මිත්‍ර ගෞතමයන් වහන්ස, ඔබත් මමත් ඉපදුණේ එකම දිනයක. කෙළි සෙල්ලම් කළෙත් එකට. ඔබේ පියාණන් වහන්සේ ඔබවහන්සේ දැක ගැනීමට බලවත් ආශාවෙන් පසුවෙනවා. ඒ නිසා කිඹුල්වත් නුවරට වැඩම කරවීමට මෙය හොඳම කාලයයි” පවසමින් සිරිපතුල් වන්දනා කළහ.

මේ සියල්ල හොඳින් අසා සිටි බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූතව එම ඉල්ලීම ඉවසා වදාළහ. බුදු ඇසින් ලොව බැලූ බුදුන් වහන්සේ රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට දුර ප්‍රමාණය යොදුන් 60ක් බවත් දිනකට එක් යොදුන බැගින් පා ගමනින් ගමන් කළහොත් දින 60 ක් ගතවන බව අවබෝධ කරගත්හ. බුද්ධත්වයට පත්ව වසරක් ගත වනුයේ ඉදිරි වෙසක් පොහොය දිනයේදී කිඹුල්වත් නුවරට පා තැබීමට සුදුසු බව මෙනෙහි කළහ. ඒ කාලවකවානුව කිඹුල්වත් නුවර උත්සවශ්‍රී ගන්නා බවද වටහා ගත්හ. තම එකම සහෝදරයා වන නන්ද කුමාරයා විවාහ වීමට තීරණය කර ඇත්තේත් හෙතෙම ඔටුනු පැලඳවීම කරනු ලබනුයේත් ඉන්පසු අලුත් මාලිගාවට ගෙවදීම සිදු කරනු ලබනුයේ ඊට ආසන්න දිනවලදීය. ඒ නිසා නගරය ඉතා අලංකාර ලෙස සරසා නගර වැසියන් ද ප්‍රීති ප්‍රමෝදයෙන් කාලය ගත කරන දින කිහිපයකි. තවද ගිහි කල තම එකම පුත් රාහුල කුමාරයා 7 වෙනි වියට පා තැබීමට ආසන්න බවද අවබෝධ කරගත්හ. ඒ අනුව වෙසක් පෝය දිනයේදී කිඹුල්වත් නුවරට ළඟාවීමට නම් මැදින් පුර පසළොස්වක දින සවස් භාගයේදී රජගහ නුවරින් ගමන ආරම්භ කළ යුතු බව බුදු නුවණින් වටහා ගත්හ. ඒ අනුව කාළුදාස මහ රහතන් වහන්සේ අමතා “ඉදිරි මැදින් පුර පසළොස්වක පොහොය දින රජගහ නුවරින් ගමන ආරම්භ කරන බවත්, ඒ සඳහා කටයුතු සූදානම් කරන ලෙසත් කාළුදායි රහතන් වහන්සේට දැන්වූ සේක. ඒ අනුව අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වනුයේ බුදුරජාණන් වහන්සේ තම පියගම වන කිඹුල්වත් නුවරට වැඩම කරවීම සඳහා රජගහ නුවරින් පා ගමන ආරම්භ කළ දිනය ලෙසින් ය.

පොහොය දිනයන්හි ඇති වැදගත්කම් පිළිබඳව ඉතා වැදගත් හරවත් තොරතුරු එළිදක්වමින් අපවත්වී වදාළ අතිපූජ්‍ය මාපලගම සෝමිස්සර නාහිමිපාණන් විසින් ලියා පළ කරන ලද “පොහොය වර්ණනාව” නමැති ග්‍රන්ථයෙහි මැදින් පොහොය විස්තර කිරීමේදී ආරම්භයේ මෙසේ දක්වා ඇත. “හේමන්ත ඍතුවේ පුර පසළොස්වක පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලෝකාර්ථචර්යාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසි දහසක් පමණ ආර්යමහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබාදෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩමවීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයකය.”

එම මැදින් පොහොය දිනය පිළිබඳ විස්තරයේම තවත් තැනෙක මෙසේ දක්වා ඇත.

“ශාක්‍යයෝ බුදුන් ප්‍රමුඛ විසිදහසක් භික්ෂු සංඝයා හට වැඩ සිටීමට නීග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරාමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක දා කිඹුල්වත් පුරයට වැඩම කළහ.”

මෙම ලිපිය කියවන ඔබ අද වැනි මැදින් පොහොය දිනයේ සිදුවූ බුද්ධ චරිතයේ එකම සිද්ධිය වනුයේ කිඹුල්වත් නුවරට වැඩම කරවීම සඳහා රජගහ නුවරින් ගමන ආරම්භ කළ දිනය බව හොඳින් මතක තබාගන්න. සමහර උගතුන් හා සමහර භික්ෂුන් වහන්සේලා නන්ද කුමාරයා හා රාහුල කුමාරයා පැවිදි කරවීමත් යශෝධරා දේවියට හා සුදොවුන් රජතුමාට ධර්මය දේශනා කිරීමත් මැදින් පොහෝ දා සිදුවූ සිද්ධීන් ලෙස හුවා දක්වති. සමහර විද්‍යුත් නාළිකා ද මේ වරදම කරති. ඒවා සිදුවනුයේ වෙසක් මාසයේ දිනවලදී ය.

අතීතයේ ලෙයින් සහ කඳුලින් දිනාගත් නිදහස, අනාගතයේදී ආරක්ෂා කරගත හැක්කේ ඔබේ ප්‍රඥාවෙනි. දැනුමෙන් පිරිපුන් මනසක් යනු කිසිවෙක...
04/02/2026

අතීතයේ ලෙයින් සහ කඳුලින් දිනාගත් නිදහස, අනාගතයේදී ආරක්ෂා කරගත හැක්කේ ඔබේ ප්‍රඥාවෙනි. දැනුමෙන් පිරිපුන් මනසක් යනු කිසිවෙකුට යටත් නොවන ශක්තිමත් බලකොටුවකි.
අද දවසේ ඔබ ලබා ගන්නා ශිල්ප ඥානය, හෙට දවසේ අපේ රට ලෝකයා ඉදිරියේ අභිමානයෙන් කෙලින් සිටුවන කොඳු නාරටිය බව අමතක නොකරන්න.

බුද්ධිමත් දැයක්
නිවහල් හෙටක්

හෙට දවසේ ස්වාධීන වන්න - අද දවසේ කැපවී ඉගෙන ගන්න
𝐀𝐧 𝐈𝐧𝐭𝐞𝐥𝐥𝐢𝐠𝐞𝐧𝐭 𝐍𝐚𝐭𝐢𝐨𝐧 - 𝐀 𝐅𝐫𝐞𝐞 𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰 🇱🇰

⭕ Medhavi Higher Education Institute

මේධාවී_එප්පාවල | වාසනා_අනුරාධපුර LEXICON_තඹුත්තේගම | ELS_ තලාවවිමසීම්- 070-4200501
18/01/2026

මේධාවී_එප්පාවල | වාසනා_අනුරාධපුර
LEXICON_තඹුත්තේගම | ELS_ තලාව
විමසීම්- 070-4200501

අද දින (ජනවාරි මස 16 දින) උපන් දිනය සමරනනුවන් දිසානායක ගුරු පියාණනි, ඔබට සුභ උපන් දිනක්....මේධාවී උසස් අධ්‍යාපන ආයතනයේ ක...
16/01/2026

අද දින (ජනවාරි මස 16 දින) උපන් දිනය සමරන
නුවන් දිසානායක ගුරු පියාණනි, ඔබට සුභ උපන් දිනක්....

මේධාවී උසස් අධ්‍යාපන ආයතනයේ කළමණාකරිත්වය ඇතුලු ගුරු මංඩලය සහ මේධාවී සිසු දරු දැරියන්ගේ උනුසුම් සුභ පැතුම්...

Happy Pongal 2026! As the sun turns northward and ushers in the blessed month of Thai, homes fill with the scent of newl...
15/01/2026

Happy Pongal 2026! As the sun turns northward and ushers in the blessed month of Thai, homes fill with the scent of newly harvested rice and the comforting presence of family. Pongal is more than a harvest celebration—it’s a heartfelt tribute to nature, the Sun God, and the cattle that keep our fields thriving.

Medhavi Higher Education Institute
Eppawala
070-4200500

Address

Medhavi Higher Education Institute
Eppawala
50260

Opening Hours

Monday 07:00 - 20:30
Tuesday 07:00 - 20:30
Wednesday 07:00 - 20:30
Thursday 07:00 - 20:30
Friday 07:00 - 20:30
Saturday 07:00 - 20:30
Sunday 07:00 - 20:30

Telephone

+94704200500

Website

Alerts

Be the first to know and let us send you an email when Medhavi Higher Education Institute - Eppawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Medhavi Higher Education Institute - Eppawala:

Shortcuts

Share

Category