A/L ICT Lahiru Prasanga

A/L ICT Lahiru Prasanga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/L ICT Lahiru Prasanga, Tutor/Teacher, Embilipitiya.

21/08/2025
26/05/2025
🛑1Shy ද ? , 2nd Shy ද? , 3rd Shy ද? අදාල නැත🚫 ආවොත්  ගොඩ දානවා⭐🛑විෂය කොටස් අවුල් උන සහ විෂය වැරදුනු සිසුන් සඳහාම නිර්මාණ...
13/05/2025

🛑1Shy ද ? , 2nd Shy ද? , 3rd Shy ද? අදාල නැත🚫 ආවොත් ගොඩ දානවා⭐
🛑විෂය කොටස් අවුල් උන සහ විෂය වැරදුනු සිසුන් සඳහාම නිර්මාණය කරනු ලැබූ Revision + Paper පන්තිය

⭕ කාලෙකට ඉහතදි අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනු,  ගොඩක් ආයතන වලට නැතුවම බැරි උනු Skype අවුරුදු 22ක සේවයක් කරමින් අද Officially...
06/05/2025

⭕ කාලෙකට ඉහතදි අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනු, ගොඩක් ආයතන වලට නැතුවම බැරි උනු Skype අවුරුදු 22ක සේවයක් කරමින් අද Officially Shut Down වෙනව...

එස්ටෝනියන් ජාතිකයන් වෙච්ච Priit Kasesalu සහ Jaan Tallinn කියන Programmersල දෙදෙනෙක් තමා Skype ලෝකෙට බිහිකරන්නෙ 2003 දි. 🎦

Videotelephony හෙවත් බලාගෙන කතා කිරීමට හැකි තාක්ෂණය තිබුණු මුල්ම Software එක Skype නොවුනත් මේකෙ තිබ්බ තාක්ෂණික මට්ටමේ ඉහළතාවය, High Quality Video නිසා කෙටි කලකින් අනික් Applications අභිබවා යන්න හැකි වුනෙ ලෝකෙම Video Conference වලට පාවිච්චි කරන ප්‍රධානම මෙවලම වෙමින්. Skype launch වෙන්න කලින් 90 දශකයෙ එනම් Internet වල පිබිදීම ඇති වුනු 1990 සිට 2000 දක්වා භාවිතා උනු CU-See me කියන ලෝකෙ ප්‍රථම Video call platform එක ලෙස සැලකෙන එකත් කෙටි කලකින් Skype අභිබවා ගියා කියල තමයි හැඳින්වෙන්නෙ.. 🎥☎️

අපි 2006-2008 අතර කාලෙදි ඉස්කෝලෙදි Web Cam එකක් හරහා Skype පාවිච්චි කරන එක වෙනමම අත්දැකීමක් උනා වගේම, පොඩිකාලෙ Pen friend concept එක වගේ Skype වල Friend List එකක් තියාගෙන ලෝකෙම යාලුවො හදාගන්න උණකුත් තිබ්බ ඒ කාලෙ.. 😅 MySpace සහ Facebook තිබ්බත් , Call පහසුකම තිබ්බෙ Skype වල විතරයි..

කොහොමහරි Skype සමාගමේ ඉතිහාසය ගත්තම මුල් අයිතිකාරයො දෙදෙනාගෙන් 2005දි Ebay සමාගම ඩොලර් බිලියන 2.6කට Skype අත්පත් කරගෙන තියෙනව. පසුව Ebay සමාගම බලාපොරොත්තු වුනු ප්‍රතිඵල Skype එකෙන් නොලැබුනු නිසා Ebay විසින් 2009 දි කැනේඩියන් Investor group එකකට තමන්ගෙ Shares විකුණල තියෙනව. 2011 වෙද්දි තමයි Microsoft ආයතනය විසින් ඩොලර් බිලියන 8.5කට මිළදීගන්නෙ. ඒ වෙනකොට මයික්‍රොසොෆ්ට් සමාගම අත්පත් කරගත් විශාලම ආයතනය උනෙත් Skype. 🛅

2010 න් පසුව Smart Phones වල ශීඝ්‍ර දියුණුව සහ Android Os, Apple iOs වල වේගවත් දියුණුවත් එක්ක Skype වලට තියෙන තැන නැතිවේගෙන යන්න ගත්ත..
Zoom launch වෙන්නෙ 2011 දි. ඒ වගේම 2012 ඉඳල ගත්තම Tango, Viber, Imo වල Internet Calls , Video Calls පහසුකම ලේසියෙන්ම Smart phones වලින් සපයගන්න පුලුවන් වුනු නිසාත් Skype ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ගෙන් ඈත් උනා. ඒත් ගොඩක් Company වල මෑතක් වෙනකන්ම Skype පාවිච්චි කරා. Whatsapp කරළියට පැමිණීමත් Video Call function ලබාදීමත් skype වලට පසුකාලීනව වැදුනු තවත් ප්‍රහාරයක් කියල හඳුන්වන්න පුලුවන්. 📲

ඒත් එක්කම Covid වෛරසය ලෝකය වෙලාගත් කාලවකවානුවෙදි ලෝකෙම බහුතරයක් , 2017දි Launch උනු Microsoft Teams, 2011 සිට ආපු Zoom application සහ 2017 දි Launch උනු Google Meet වැනි Video Conference Applications තමන්ගෙ පෞද්ගලික කටයුතු සහ ව්‍යාපාර කටයුතු වලට සමීප වෙලා ඉවරයි. ඒ වගේම Facebook Messenger, Instagram වල පවා Video Calls පැමිණීමෙන් Video Calls සාමාන්‍යකරණය වීමත් එක්ක 2025 පෙබරවාරි 28 වැනි දින Skype සමාගම නිවේදනය කරනව ස්කයිප් 2025 මැයි 06 වෙනි දිනයේ සම්පූර්ණයෙන්ම වැඩකටයුතු වසා දමන බව. 😪

අවුරුදු 23කට ආසන්න සේවයක් මුලු ලෝකයට සිදුකර අපිට මතකයන් රැසක් ඉතිරි කරමින් අද සදහටම නවතිනව.!! 🫂

මේකෙන් අපිට ගන්න තියෙන දේ තමයි, අපි අද පාවිච්චි කරන මොනයම් හෝ Social Media platform , දැන් AI එක්ක රොකට් වේගෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණය එක්ක තව අවුරුදු 10කින් 15කින් තවත් වෙනස්ම Applications, Softwares වලට අපිව මාරු කරල තියෙයි, සමහර විට හැම දේම AI assistant කෙනෙක් හරහ සිද්ධවෙන්නත් පුලුවන් අනාගතේදි. 😌

𝙂𝙊𝙊𝘿 𝘽𝙔𝙀 Skype
Copied

16/04/2025

පරිගණක පරිණාමනය (Computer evolution )

14/04/2025

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when A/L ICT Lahiru Prasanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category