15/08/2023
කෙසෙල් ගසින් කඩදාසි සාදා ගොවි අතමිට සරුකරන්නට වෙරදරණ ඇඹිලිපිටියේ අපේ කාලයේ විද්‍යාගුරුතුමා!
_________________________________
ඇඹිලිපිටිය ජනාධිපති විදුහල, කියන්නේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ආදිපත්ය දරන්න තරම් හැකියාවන් සහිත දුවා දරුවන් ඉහේ කෙස්ගානට බිහිකල සබරගමුවේ අභිමානයේ තෝතැන්න!
විද්‍යාර්ථින්, කලාකරුවන්, කථිකාචාර්යවරැන්, ලංකාව හොල්ලන ව්‍යාපාරිකයින් මෙන්ම දේශාපාලන පොරපිටියේ තිරය පිටිපස චරිත බොහෝමයක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන් අද වන විට බිහිවී හමාරයි!
වරෙක ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරන්නටත් මුල්වූයේ ද ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය බව ඔබට මතක් කරමි!
ලංකාවේ සිසුන් 5000 වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබන පාසල් අතලොස්සෙන් ඉදිරියෙන්ම සිටින වත්මන් ජනාධිපති විද්‍යාලය නමින් ලෝකයා අතර ප්‍රසිද්ද මේ විදුබිමේ එදා පටන් වර්ථමානය දක්වා අධ්‍යාපනය බෙදාදී, ගුරුහරුකම්, ආත්මාභිමානය හුරු පුරුදු කල ගුරු තරු අතරින් මහා විද්‍යා මොලගෙඩියක් තමා පත්මශාන්ත ෆොන්සේකා ගුරුතුමා!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පත්මයක් බදු, ශාන්ත චරිතයක් වූ ෆොන්සේකා ගුරුතුමා මා දන්නා කාලයේ පටන්ම, සිසුදරුවන් වෙනුවෙන් කාලය ගත කල විද්‍යා දැනුමින් අගතැන්පත්, ඇඹිලිපිටිය කලාපයේ සිටි ප්‍රධානතම විද්‍යා ගුරුතුමෙක්! නොසෙල්වෙන මනසකින් යුතු අපූරු චරිතයක්! එතුමා ඉසිපතන විද්‍යාලයේ (Isipathana College-Colombo)කීර්තිමත් ආදි සිසුවෙක්!
විද්‍යාගාරයේ පිපෙට්ටු, බියුරේට්ටු, සල්ෆර්, අන්වීක්ෂ, කොන්ඩිස් ආදී, මෙකි නොකී දේ වල් අතර අතර විවිධවූ පර්යේෂණ වල නියැලෙමින් ප්‍රායෝගික දැනුමක් සිසුන්ට ලබාදුන් ගුරුවරයෙක් මගේ මතකයේ ඇත්නම් එතුමාට අංක එක හිමිවන බව මට කියන්නට හැකී..!
ඒත් කිසිදිනක ෆොන්සේකා ගුරුතුමා මාගේ විද්‍යා ගුරැවරයා වූයේ නම් නෑ! ඒත් පාසල් කාලය තුල ඔහු විද්‍යාගාරයේ ඇත්නම් අපි හොරෙන් ඒ දෙසට ඇදුනේ ඔහුගේ මේ පර්යේෂණ වලට අපේ තිබූ කැමැත්ත නිසාමයි! අපි හොරෙන්ම ජනෙල් වීදුරු අතරින් එතුමන්ගේ විද්‍යා ප්‍රායෝගික කටයුතු බලාසිටියේ ඇත්තවශයෙන්ම අපි ඒවාට දැක්වූ ඇල්ම නිසායි!
ඔහු සැබැවින්ම සෑම විටම අලුත් දේ සොයා ගිය කෙනෙක්! සෑම විටම ඔහු තම විද්‍යා දැනුම කිසියම් වූ ප්‍රයෝජනවත් යමක් සදහා යොදවීමට උත්සාහ ගත්කෙනෙක්! ඒ වෙනුවෙන් කැපවූ ගුරුවරයෙක්! ...
2001 වැනි කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ස්ථාන මාරු ලැබූ එතුමා කෑගල්ල ප්‍රදේශයේ පින්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙසින් කාලය ගෙවද්දීත් ඔහු මේ නව විද්‍යා නිෂ්පාදනයන් කෙරේ සිත යෙදවූ බව මා දන්නේ එවකට මාත් කෑගල්ල ප්රදේශයේ රාජකාරී කල නිසායි..
2013දී විශ්‍රාම යෑමට ආසන්න කාලයේ නැවතත් ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පති දූරය හෙබවූ අපේ ගුරුතුමා, ජීවීතයේ සැදෑ සමය මේ වනවිට නිදහසේ ගෙවමින් සිටින්නේ තම දිවිය පුරා සුවහසක් වූ දරුවන්ට ජීවිත්වෙන විදිහත්, තමා සතු විදු දැනුමත් බෙදා දී ලැබූ සතුටින්මයි!
අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිනිපෙත්තට යාමට තරම් හැකියාවන් සහිත අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් තම පවුලින් ලක්මෑනියන්ට උරුම කරදී , තමාගේ අඩිපාරේ යවමින් දැයට වැඩැති දූදරුවන් රැසක් මෙලොවට බිහිකර රාජ්‍ය සේවයට ඔවුන් එක්කර, එතුමන් අද තම අයෝමය ශක්තිය වන් බිරිද සමගින් සැදෑ සුවය විදින්නේ සැබැවින්ම සතුටින්....
එහෙත් එදා මෙදා තුර ජීවිතයේ එතුමන් ලද විද්‍යා දැනුම උපයෝගීකරගිනිමින්, සැදෑ සමයද අපතේ නොයවන්නට තීරනය කල අපේ ගුරුතුමා දැන් අත ගසා ඇත්තේ තවත් එවැනි ජාතික කටයුත්තකටයි!
මේ තමා එතුමාගේ 2013 සිට වසර ගනනාවක සිහිනයක් වූ ජාතික ආර්ථිකයට සවියක් විය හැකි, ඇඹිලිපිටියේ ගොවි ආර්ථීකය තවත් ඔසවා තබන්නට එතුමන්ගේ ගත් වෙහෙසේ ප්‍රතිඵල...
අපතේ යවන කෙසෙල් ගසට එතුමාගේ දැනුම යොදා කල අපූරු නිමැවුම!
දේශීය ආර්ථිකය නංවන්නට සවියක් විය හැකි ශක්තිමත් ඇඹිලිපිටියේ ගොවි අවිය!!
කෙසෙල් ගසින් නිමැවෙන කඩදාසිය!!
මෙමගින් විවිධ කාඩ් වර්ග, ෆයිල් කවර, සිලීන් ෂීට්, සහ පාටීෂන් බෝර්ඩ් නිර්මාණය කිරීමට එතුමන් මේ වනවිටත් අත්හදාබැලීම් සිදුකර අවසන්!
සැබැවින්ම එය නිසි අයුරින් කළමනාකරණය කරමින් යොදවාගත හැකි නම්, මෙමගින් ජාතික ආර්ථිකයටත්, නංවා අපේ සම්පත්වලින් උපරීම ප්‍රයෝජනයක් ගැනීමටත් හැකියාව ඇති නොවේද??
මෙම කාර්ය දැනට එතුමන් ආරම්භකර ඇත්තේ තම නිවසේ වූ බිම් පරීශ්‍රයක! එය වඩාත් සාර්ථක කරගැනීමට නම් එම යන්ත්‍ර සූත්‍ර සවිකිරීමටත්, කෙසෙල් ගස් ගබඩා කරගැනීම පිණිසත් ඒ සදහා සුදුසු බිම්කඩක අවශ්‍යතාවය පැනනැගී තිබේ!
වසර ගනනාවක පටන් මහවැලි අධිකාරියෙන් සුදුසු බිම්කඩක් සදහා එතුමන් ඉල්ලීම් කර ඇතත් මේ වනතුරැත් මහවැලි අධිකාරියෙන් ඒ ගැන නිසි කටයුතු සිදුවී නැතිබව පැවැසෙනවා! ඒ සදහා කිසියම් වූ මැදැහත් වීමක් අවැසි බවයි එතුමන් පවසන්නේ!
බලධාරීන්ගේ අවධානය ඒ සදහා යොමුවනු ඇතැයි අපි විශ්වාස කරමු!
මේ දේශීය සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට මේ සුදුසුම කාලයයි!!
එමගින් ඇඹිලිපිටියේ පමණක් නොව අනාගතේ දිනයක රට වටේ සිටිනා ඔබට, ඔබ අපතේ යවනා කෙසෙල් ගසට මුදල් ලැබෙනා ඉල්ලමක් කරගැනීමට හැකි වනු ඇත!!
එතුමන්ට වඩාත් සවියන් වන්නට ඔබටත් ඔබේ යෝජනා, ඉදිරිපත් කලහැක! ඔබට මේ මගින් අගය වැඩි නිෂ්පාදන කල හැකි සේම ඒ සදහා එතුමන් සම්බන්ධ කරගැනීමට පහත අංකයෙන් ඔබටත් හැකියාව ඇත!
+94719068701
අපේ දේ අගයමු!!
(රුවන් ගමරාළගේ ගේ සටහනක් ඇසුරින් උපුටා ගන්නා ලදී.)