28/05/2021
ග්‍රෑම් එකක් ඩොලර් ට්‍රිලියන 62.5 පමණ වටින Antimatter කියන්නේ මොනවද ?
Antimatter හෙවත් ප්‍රතිපදාර්ථය ගැන දැනගන්න කලින් පදාර්ථය ගැන දැනගෙන ඉමු. අපේ ශරීරය වගේම අපි අවට තියෙන හැමදේම පදාර්ථය කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ පදාර්ථය හැදිලා තියෙන කුඩාම ඒකකය මොකක්ද ? ඒකට කියන්නේ පරමාණුව කියලා. මේක තමයි කුඩාම ඒකකය කියලා සැලකුවට ඒකත් තව කුඩා කොටස් වලට බෙදන්න පුලුවන්. පරමාණු හැදිලා තියෙන්නේ ඉලෙක්ටෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන උප පරමාණුක අංශු වලින්. මේ අංශු අතරින් ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන කියන අංශු වලට ආරෝපණයක් පවතිනවා. ඉලෙක්ට්‍රෝන රින ආරෝපිතයි, ප්‍රෝටෝන ධන ආරෝපිතයි.
එතකොට ප්‍රතිපදාර්ථය කියන්නේ මොකක්ද ?
ප්‍රතිපදාර්ථය හැදිලා තියෙන්නේ පදාර්ථයේම විරුද්ධ ආරෝපිත උප පරමාණුක අංශු වලින්. ඒ කියන්නේ ප්‍රතිපදාර්ථය තුල පවතින ඉලෙක්ට්‍රෝන ධන ආරෝපිතයි. ප්‍රෝටෝන රින ආරෝපිතයි. මේ ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝන වලට පොසිට්‍රෝන කියලත් කියනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේ අංශු වල අරෝපණය විතරයි වෙනස් වෙන්නෙ, අනිත් ලක්ෂන සියල්ල සමානයි.
ප්‍රතිපදාර්ථය දැනට හොයාගෙන තියෙනවාද ?
ප්‍රතිපදාර්ථය දැනට පරීක්ෂණාගාර මට්ටමෙන් ඉතාම සුළු ප්‍රමාණ වලින් විතරයි හදන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ පරමාණුක ප්‍රමාණයෙන් විතරයි හදලා තියෙන්නෙ. මේ අංශු නිර්මාණය කලත් ඒවා තියාගන්න ඕන විශේෂ තත්ව යටතේ. මේකට හේතුව තමයි පදාර්ථය සහ ප්‍රතිපදාර්ථය එකට ගැටීම. මේකට කියන්නේ Annihilation කියලා. විරුද්ධ ආරෝපණ එකට ගැටෙන එක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මේ ගැටීමේදි අති විශාල ශක්තියක් නිකුත් වෙනවා. මේ ශක්තිය නිකුත් වෙන්නේ විකිරණය වශයෙන්. ඒ ප්‍රමාණය කොච්චර ද කිව්වොත් ග්‍රෑම් එකක ප්‍රතිපදාර්ථයට පුලුවන් පරමාණු බෝම්බයක් තරම් ශක්තිය නිකුත් කරන්න.
ප්‍රතිපදාර්ථය ග්‍රෑම් එකක් නිපදවීමට කොපමන කාලයක් ගතවේද ?
CERN වැනි ආයතන වල දැනට පවතින තාක්ශණය යටතේ ප්‍රතිපදාර්ථය නිපදවිය හැක්කේ අවුරුද්දක දී ග්‍රෑම් එකකින් බිලියනයෙන් පංගුවක් පමණයි.
ඉන්ධනයක් ලෙස භාවිතා කල හැකිද ?
අභ්‍යාවකාශ යානා ඉන්ධනයක් ලෙස භාවිතා කල හැකියි. අපිට ලඟින්ම තියෙන තාරකාව වෙන, ආලෝක වර්ශ 4.2 දුරින් ඇති ප්‍රොක්සිමා සෙන්චූරි වෙත යාමට ප්‍රතිහයිඩ්‍රජන් ග්‍රෑම් 17 හොඳටම ප්‍රමාණවත්..
ප්‍රතිපදාර්ථය ස්භාවිකව ඇති වෙන්නේ නැද්ද ?
මතයක් තියෙනවා මහා පිපිරුම සිදුවෙලා විශ්වය බිහිවූ අවස්ථාවේ දී ප්‍රතිපදාර්ථය විශාල ප්‍රමාණයක් ඇති වුනා කියලා. නමුත් මේවා මුල් කාලයේදීම පදාර්ථය සමග ගැටී විනාශ වී ඇතැයි සලකනවා. නමුත් ඇතැමුන් පවසන්නේ එම ප්‍රතිපදාර්ථ තවමත් විශ්වයේ යම් ස්ථාන වලට එක්රැස්වී පැවතිය හැකි බවයි. පදාර්ථ වලින් සෑදී ඇති අපේ විශ්වය මෙන්ම ප්‍රතිපදාර්ථයෙන් සෑදී ඇති තවත් විශ්වයක් පැවතිය හැකි බවටත් ඒ තුල ප්‍රතිපදාර්ථයෙන් සෑදී ඇති ජීවයක් පැවතීමට හැකි ලෙසත් තවත් පිරිසක් උපකල්පනය කරනවා.