Thilina Driving School

Thilina Driving School Thilina Driving School - Embilipitiya Drive Active

24/12/2025
30/11/2025

2025.11.30

16/11/2025

Celebrating my 14th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

රියදුරු බලපත්‍රය අලුතින් ගන්න බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහාදැන් ලිඛිත පරික්ශණය⁣ට බය උන කාලේ ඉවරයිදැන්ම Log වෙන්නhttps...
14/11/2025

රියදුරු බලපත්‍රය අලුතින් ගන්න බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා

දැන් ලිඛිත පරික්ශණය⁣ට බය උන කාලේ ඉවරයි

දැන්ම Log වෙන්න

https://thilinadrivingschool.lk/

*ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න
*ප්‍රශ්ණ සංසන්දනය කරන්න
*මගහැරණ ප්‍රශ්ණ වැරදුණ ප්‍රශ්න වල පිලිතුරු එවෙලේම බලාගන්න
*නියම ලිඛිත පරික්ශණ කාලයන්ට අනුගතව නිම කර ඇත

ශ්‍රී ලංකාවේ මොටර් රථ දෙපාර්තමේන්තුවේන් නිකුත් කරන ලද සියලු ප්‍රශ්න ඇතුලත් කර ඇත

Shout out to my newest followers! Excited to have you onboard! Hashan Laksh*tha, Prasanna Ranasighe
03/08/2024

Shout out to my newest followers! Excited to have you onboard! Hashan Laksh*tha, Prasanna Ranasighe

01/03/2024
මම දන්න විදිහට ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී මා...
25/01/2024

මම දන්න විදිහට ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී මාර්ග වල සාමාන්‍ය තත්ත්වයට වඩා දුර්වල රියැදුරෙකුට, සාමාන්‍ය තත්ත්වයට වඩා දුර්වල වාහනයක වංගු, කදු, පල්ලම් වල ආරක්ශිතව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 120යි. එහෙම පාරක නීත්‍යානුකූලව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 100 යි. ඒකට කියන්නෙ posted speed කියලා. එහෙම අඩු අගයක් දාන්නෙ අධිවේගී මාර්ගය භාවිතා කරනන්නගෙ ආරක්ශාවට.

වාහනයකට තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා වාහනේ සම්පූරනයෙන් නවත්වාගන්න අවශ්‍ය දුරට කියන්නෙ stopping sight distance කියලා. මේ stopping sight distabce එකට කොටස් දෙකක් අඩංගුයි. පලවෙනි එක brake reaction distance. දෙවෙනි එක braking distance.

Brake reaction distance කියන්නෙ තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා ඇහැ විසින් මොලේට පණිවිඩයක් යවලා මොලේ කකුලට බ්‍රේක් ගහපන් කියලා පැණිවිඩය යවන්න ගතවන කාලය තුල වාහනය ඉදිරියට ගමන් කරන දුර. Below average driver කෙනෙක්ට මේ සදහා තත්පර 2.6 ක් ගතවෙනවා AASHTO guidelines වලට අනුව. ඒ කියන්නෙ දල වශයෙන් පැයට කි.මී 100 ට යන වාහනයකට බ්‍රේක් ගහන්න හිතනකොටම මීටර 69.5 ක් ගිහිල්ලා. තරුණ රියැදුරෙක් නම් මීටර 42 ක් වගේ යනවා.

Braking distance කියන්නෙ brake එක පෑගුවට පස්සෙ වාහනේ සම්පූර්ණයෙන් නතර වෙනකොට මන්දනයෙන් වාහනේ ඇදිලා යන දුර. මේකත් below average vehicle එකකට පැයට කි.මී 100 කින් යද්දි සාමාන්‍යයෙන් මීටර්115 ක් වගේ දුරක්.

එතකොට පැයට කි.මී 100 ක වේගෙන් යද්දි අපිට හදිස්සියෙන් බ්‍රේක් ගහලා වාහනේ නවත්තගන්න ඕනෙ උනොත් උපරිම වශයෙන් මීටර් 185ක් විතර ඕනෙ වෙනවා. වාහනේ අලුත් නම් රියැදුරා තරුණ නම් ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වන කෙනෙක් නම් මේක මීටර් 100-120ක් විතර වෙනකල් අඩු වෙයි. මේ දුර වැස්ස දවසක් නම් තවත් වැඩි වෙනවා

ඔය ටික කියලා කතාව පටන් ගත්තේ තත්වේ බරපතල කම ගැන අවබෝධයක් දෙන්න. හයිවේ එකේ වම් ලේන් එකේ බරවාහන ඉතාම සෙමින් ගමන් කරනවා. ඔවුන්ව පසු කරන සමහරක් වාහන දකුනු මන්තීරුවෙන් එන වාහන ගැන තැකීමක් නොකර ක්ශ්ණිකව දකුනු මන්තීරුවට දානවා. එතකොට ඒ මන්තීරුවේ අධිවේගයෙන් එන වාහන වලට නවත්තගන්න තරම් දුරක් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා බොහොමයක් අනතුරු වෙනවා. ඊලග එක තමයි අධිවේගයේ ගොඩක් වාහන නියමිත දුර පවත්වා ගන්නෙ නෑ. අවම වශයෙන් වාහන දෙකක් අතරේ මීටර් 100ක් වත් දුරක් පවත්වා ගන්න. එතකොට ඉදිරියේ වාහනය හදිසියේ නැවතුනත් ඔබත් ඔබේ වාහනයේ ගමන් කරන සියල්ලත් ආර්ක්ශිතයි.

තුන්වෙනි එක තමයි රාත්‍රි කාලයේ අධිවේගයේ පහ දල්වා නොමැති කම. සාමාන්‍යයෙන් රාත්‍රියට අපිට පේන්නේ අපේ වාහනයේ headlight එක වදින දුර විතරයි. ඒ නිසා රෑට අර Stopping sight distance එක 180ක් උනාට ඇත්තටම ඔයාට ඉදිරියේ මොකක් හරි බාධාවක් පේන්නෙ headlight එක වදින මීටර් පනහක හැටක දුරක් විතරයි. ඒ නිසා ඔයා පැයට කි.මී 100 ට ගියත් ඔයාට ඉස්සරහ යන වාහනේ ටේල් ලයිට් වැඩ කරන්නෙ නැත්නම්, එයා යන්නෙ ඉතාම සෙමින් නම් ඔයාට ඉතාම සුලු දුරක් සහ කාලයක් පමණයි තියෙන්නෙ මන්තීරු මාරු කරන්න සහ වේගය අඩාල කරන්න. ඒ නිසා රාත්‍රියට මේ තත්තවය ඉතාම බරපතලයි. ඒත් එක්කම රාත්‍රියට නිදිමතත් එක්ක අපේ reaction time වැඩි වෙනවා. ඒත් එක්කම brake reaction distance වැඩි වෙනවා. ඒ නිසා රාත්‍රියට අධිවේගය භාවිතා කරනවනම් ඉතාම පරීක්ශාකාරී වන්න.

ඒත් එක්කම බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ මෙන්න මේ දේවල් ක්‍රියාත්මක කරන්න

1. අධිවේගයට අවම වේග සීමාවක් පනවන්න.
2. ඇතුලු වෙන සෑම වාහනයකම ටේල් ලයිට් වැඩ කරනවාදැයි සොයා බලන්න.
3. දෙයියන්ගෙ නාමෙන් රෑට විදුලි පහන් පත්තු කරන්න මොකක් හරි පිලියමක් යොදන්න.

රියැදුරන්ගෙ ඉල්ලන්නෙ

1. ඉස්සරහ වාහනේ පස්ස ඉඹින්න බලාගෙන පදින්න එපා. නියමිත ආරක්ශාකාරී දුර තියාගන්න.
2. වම් ලේන් එකේ පැයට කි.මී 40ට කොට කොටා යන්න එපා. එහෙනම් සාමාන්‍ය පාර පාවිච්චි කරන්න.
3. දකුනු ලේන් එක ඉස්සර කිරීමට විතරක් යොදාගන්න. වාහනයක් ඉස්සර කල සැනින් නියමිත දුරකින් පසු නැවතත් වම් ලේන් එකට මාරු වෙන්න.
4. ලොරි වල පසුපස් ක්‍රෑශ් බාර් සවි කරන්න. එවිට පිටිපස්සෙන් ඇවිත් හැප්පුනොත් ඒ වාහනයේ airbag on වෙන විදිහට crash bar එකේ වදින්නෙ. වාහනේ අස්සට ගිහින් රියැදුරාගේ ඔලුව ට්‍රේලර් එකේ වදින්නෙ නෑ.
5. Headlight, Taillight සහ signal light වැඩද බලන්න. ඒවා හරියට භාවිතා කරන්න. ඉස්සර කරනවනම් මංතීරු මාරු කරනවනම් signal light භාවිතා කරන්න.
6. 100kmph නම් 100kmph වලට යන්න. සල්ලි තිබ්බ පලියට, බලය තිබ්බ පලියට 150kmph වලට යන්න එපා. Physics වලට සල්ලි බලය අදාලම නෑ.

ඔය පහලින් තියෙන්නෙ එක එක වේගයට අදාල වාහනේ නවත්වන්න අවශ්‍ය දුරවල්

Owner_https://www.facebook.com/chamodhettiarachchi?mibextid=ZbWKwL

22/01/2024

වාහනවලට නම්බර් දාල තියන විදිය බලමුද..
01 ශ්‍රී සිට 10 ශ්‍රී - මෝටර් කාර් / බයික් / ත්‍රීවිල්
11 ශ්‍රී සිට 19 ශ්‍රී - පෙට්‍රල් මෝටර් කාර් / ත්‍රීවිල්
20 ශ්‍රී - පෙට්‍රල් ද්විත්වකාර්යය
21 ශ්‍රී - පෙට්‍රල් ත්‍රීවිල්
22 ශ්‍රී - ඩීසල් ලොරි / බස් / ඩීසල් ඉඩම් වාහන
23 ශ්‍රී - ඩීසල් බස්
24 ශ්‍රී - ඩීසල් ලොරි
25 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 04
25 ශ්‍රී - පෙට්‍රල් , ඩීසල් මෝටර් කාර්
26 ශ්‍රී සිට 28 ශ්‍රී - ඩීසල් ලොරි
29 ශ්‍රී සිට 30 ශ්‍රී - ඩීසල් බස්
31 ශ්‍රී සිට 32 ශ්‍රී - ඩීසල් කාර් / ජීප්
33 ශ්‍රී - පෙට්‍රල් වෑන් / බස් / ලොරි
34 ශ්‍රී - පෙට්‍රල් ලොරි
35 ශ්‍රී - පෙට්‍රල් බස්
36 ශ්‍රී සිට 37 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 04
38 ශ්‍රී සිට 39 ශ්‍රී - පෙට්‍රල් ලොරි
40 ශ්‍රී සිට 43 ශ්‍රී - ඩීසල් ලොරි
44 ශ්‍රී සිට 46 ශ්‍රී - ටේලර් ( ඈඳූ රථ )
47 ශ්‍රී සිට 48 ශ්‍රී - ඩීසල් ලොරි
49 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 04
50 ශ්‍රී සිට 54 ශ්‍රී - ඩීසල් වෑන් / ද්විත්වකාර්යය
55 ශ්‍රී - ලාම්පුතෙල් ඉඩම් වාහන රෝද 04
55 ශ්‍රී - ටේලර් ( ඈඳූ රථ )
56 ශ්‍රී සිට 59 ශ්‍රී - ඩීසල් වෑන් / ද්විත්වකාර්යය
60 ශ්‍රී සිට 63 ශ්‍රී - ඩීසල් බස්
64 ශ්‍රී සිට 65 ශ්‍රී - ඩීසල් කාර් / ජීප්
66 ශ්‍රී - මෝටර් වැගන් රථ
67 ශ්‍රී - ටේලර් ( ඈඳූ රථ )
68 ශ්‍රී - ඩීසල් ලොරි
69 ශ්‍රී - අධිකරණ මගින් වෙන්දේසි කරන රථ
70 ශ්‍රී සිට 75 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 02
76 ශ්‍රී - ලාම්පුතෙල් ඉඩම් වාහන රෝද 02
77 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 02
78 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 02
79 ශ්‍රී - ඩීසල් ත්‍රීවිල්
80 ශ්‍රී සිට 97 ශ්‍රී - පෙට්‍රල් බයික්
98 ශ්‍රී - තානාපති කාර්යාල භාවිතා කරන රථ
99 ශ්‍රී - ඩීසල් කාර් / ජීප්
100 ශ්‍රී සිට 160 ශ්‍රී - පෙට්‍රල් බයික්
165 ශ්‍රී - අධිකරණ මගින් වෙන්දේසිත බයික්
201 ශ්‍රී සිට 207 ශ්‍රී - පෙට්‍රල් ත්‍රීවිල්
225 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන ( විශේෂ )
226 ශ්‍රී සිට 227 ශ්‍රී - ඩීසල් ලොරි
250 ශ්‍රී - 254 ශ්‍රී - ඩීසල් වෑන් / ද්විත්වකාර්යය
270 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 04
290 ශ්‍රී - ප්‍රයිම්මූවර්
300 ශ්‍රී සිට 302 ශ්‍රී - පෙට්‍රල් කාර්
340 ශ්‍රී - ඩීසල් ඉඩම් වාහන රෝද 02
500 ශ්‍රී - ලාම්පුතෙල් බයික්
325 ශ්‍රී - ඩීසල් පෙට්‍රල් පරිවර්තිත රථ, හමුදා හෝ රාජ්‍ය ආයතන මගින් වෙන්දේසි කරන ලද රථ හෝ මූලික වශයෙන් වෙනස් කිරීමකට ලක්කොට නැවත ලියාපදිංචි කල රථ

පසුකාලීනව හදුන්වා දුන් ඉංග්‍රීසි අක්ෂර දෙකක් යටතේ ලියාපදිංචි අංක පහත පරිදි වේ ..

DP - මුල්කාලීනව තානාපති කාර්යාල සතු රථ
EA, EC, EG - නැවත ලියාපදිංචි කළ රථ
EJ - නැවත ලියාපදිංචි කළ මෝටර් ලොරි
EK - නැවත ලියාපදිංචි කළ මෝටර් බස්
FZ - තානාපති කාර්යාල භාවිතා කරන රථ
GA සිට GZ - සියලුම වාහන වලට ලබාදී ඇත
HA සිට HZ - සියලුම වාහන වලට ලබාදී ඇත
JA සිට JZ - සියලුම වාහන වලට ලබාදී ඇත
KA සිට KY - ඩීසල් , පෙට්‍රල් කාර් / ජීප්
KZ - පෙට්‍රල් ත්‍රීවිල් කාර්
LA සිට LQ >> - ඩීසල් ලොරි
LW - ගිලන් රථ
LX - ප්‍රයිම්මූවර් ටේලර්
LY - ප්‍රයිම්මූවර්
LZ - අවමංගල්‍යය රථ
MA සිට MZ - බයික්
NA සිට NH >> - ඩීසල් බස්
PA සිට PN >> - ඩීසල්, පෙට්‍රල් වෑන්/ ඩබල් කැබ්
PP සිට PY - ඩීසල් ද්විත්වකාර්යය ආසන 02
PZ - ආබාධිතයන් සඳහා වෙනස් කල රථ
QA සිට QX - පෙට්‍රල් / ඩීසල් ත්‍රීවිල්
QY - පෙට්‍රල් ත්‍රීවිල් ලොරි
QZ - පෙට්‍රල් ත්‍රීවිල්
RA සිට RH >> - ඩීසල් ඉඩම් වාහන රෝද 04
RS - පාරේ ගමන් කළ හැකි යන්ත්‍ර
RU සිට RZ - ටේලර් ( ඈඳූ රථ )
SA සිට >> - ඩීසල් ඉඩම් වාහන රෝද 02
TA සිට TZ - බයික්
UA සිට UZ - බයික්
VA සිට VZ - බයික්
WA සිට WZ - බයික්
XA සිට XZ - බයික්
YA සිට YZ - ඩීසල් / පෙට්‍රල් ත්‍රීවිල්
ZA සිට ZB>> - විශේෂ භාවිතයන් සඳහා නිපදවූ රථ / පාරේ ගමන් කළ හැකි යන්ත්‍ර

වර්තමානයේදී ඉංග්‍රීසි අක්ෂර තුනක් යටතේද ලියාපදිංචි අංක ලබාදෙනු ලබයි ...

AAA සිට >> - පෙට්‍රල් ඩීසල් ත්‍රීවිල්
BAA සිට >> - බයික්
CAA සිට >> - පෙට්‍රල් ඩීසල් මෝටර් කාර්
DAA සිට >> - පෙට්‍රල් / ඩීසල් ද්විත්වකාර්යය
GAA සිට >> - පෙට්‍රල් ක්‍රොඩිසයිකල්
LYA සිට >> - ප්‍රයිම්මූවර්
PAA සිට >> - මෝටර් හෝම්

මෙහි දක්වා ඇති අංක ක්‍රමයටත් පෙර යටත්විජිත සමයේදී පහත ආකාරයට ලියාපදිංචි අංක ලබාදී ඇත ..

X, Z, CE, CY, CL, CN - බස් / ලොරි / කාර් / බයික්
EY, EL, EN - කාර් / යතුරුපැදි / බයික්
TR - ලොරි / ටේලර්
IC - ලොරි / බස් ( ඩීසල් )
CV - ලොරි / බස් ( පෙට්‍රල් )
LV - ඉඩම් වාහන / ටේලර්
MW - මෝටර් වැගන් රථ / මිලිටරි වැගන් රථ

1990 වර්ෂයෙන් පසු " ශ්‍රී " වෙනුවට " - " යොදාගෙන ඇත ..

Address

Opposite Bus Stand
Embilipitiya Pallegama
70200

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94472263442

Alerts

Be the first to know and let us send you an email when Thilina Driving School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thilina Driving School:

Shortcuts

Share

Category