Sithusari Sewing Academy

Sithusari Sewing Academy හීන සොයා යන ආදරණීය දිරිය කාන්තාවන් වෙනුවෙන්... ♥️

🌸 මැහුම් කලාව | පතොරම් | ඇඳුම් නිර්මාණය

✨ ඔබේ හැකියාව වෘත්තියක් කරගන්න අප සමඟ එක්වන්න

🧵✨ ඇඳුමක් ලස්සන වෙන්නේ ඇයි? අද අපි කතා කරමු Dart ගැන ✨🧵මගේ පන්ති වලදී මම ශිෂ්‍යයන්ට මුලින්ම පැහැදිලි කරන දෙයක් තමයි, ඇඳු...
04/08/2026

🧵✨ ඇඳුමක් ලස්සන වෙන්නේ ඇයි? අද අපි කතා කරමු Dart ගැන ✨🧵

මගේ පන්ති වලදී මම ශිෂ්‍යයන්ට මුලින්ම පැහැදිලි කරන දෙයක් තමයි, ඇඳුමක් ලස්සන වෙන්නේ රෙදි ලස්සන නිසා විතරක් නෙවෙයි කියන එක.

නිවැරදි මිනුම්, නිවැරදි පතරම සහ ශරීර හැඩයට ගැළපෙන නිවැරදි නිර්මාණ ක්‍රම තමයි ඇඳුමකට ලස්සන හැඩයක් ලබා දෙන්නේ. ❤️

අද අපි ඒ අතරින් ඉතාම වැදගත් දෙයක් වන Dart ගැන ඉගෙන ගනිමු.

✨ Dart කියන්නේ මොකක්ද?

Dart කියන්නේ පැතලි රෙද්දක් අපේ ශරීරයේ හැඩයට ගැළපෙන ආකාරයට සකස් කර ගැනීමට භාවිත කරන මැහුම් ක්‍රමයක්.

අපේ ශරීරයේ සෑම ස්ථානයකම මිනුම් එක සමාන නැහැ. පපුව, ඉන සහ උකුල වැනි ස්ථානවල හැඩය සහ ප්‍රමාණය වෙනස් වෙනවා.

ඒ නිසා රෙද්ද ශරීරයට ලස්සනට ගැළපීමටත්, අවශ්‍ය හැඩය මතු කිරීමටත් Dart භාවිත කරනවා.

✨ Dart එකක වැදගත්කම

🪡 ඇඳුමට නිවැරදි fitting එක ලබා දෙනවා.
🪡 ශරීරයේ ස්වභාවික හැඩය ලස්සනට පෙන්වනවා.
🪡 වැඩිපුර රෙදි ප්‍රමාණය නිවැරදිව පාලනය කරනවා.
🪡 ඇඳුම neat සහ professional finishing එකක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

උදාහරණයක් ලෙස, පපුවේ සහ ඉනේ මිනුම් අතර වෙනසක් තිබෙන නිසා Dart නොමැතිව ඇඳුමක් සකස් කළොත් එය ශරීරයට ගැළපෙන හැඩයක් නොලැබී බුරුල් ස්වභාවයක් පෙන්වන්න පුළුවන්.

✨ Dart තියෙන්නේ ඉනට විතරද?

නැහැ. Dart කියන්නේ ඉනට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි.

ශරීරයේ අවශ්‍ය හැඩය අනුව,

• Waist Dart
• Bust Dart
• Side Dart
• Armhole Dart

වැනි විවිධ ආකාර වලින් Dart භාවිත කරනවා.

✨ Dart ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි

1️⃣ Single Point Dart
එක් උල් ස්ථානයකට අවසන් වන Dart වර්ගය.

2️⃣ Double Point Dart (Fish Dart)
දෙපැත්තෙන් උල් හැඩයක් ඇති අතර මැද කොටසින් හැඩය ලබාදෙන Dart වර්ගය.

Dart කියන්නේ රෙද්දෙන් කොටසක් ඉවත් කරන මැහුමක් විතරක් නෙවෙයි. නිවැරදිව භාවිත කළොත් එයින් අලුත් නිර්මාණ, හැඩ සහ විවිධ pattern නිර්මාණය කරන්න පුළුවන්.

මේකට තමයි Dart Manipulation කියන්නේ.

මැහුම් කලාව කියන්නේ මෝස්තරයක් බලාගෙන ඒ ආකාරයටම මහන එක විතරක් නෙවෙයි. ✨

එම නිර්මාණය පිටුපස තියෙන තාක්ෂණය තේරුම් අරගෙන, තමන්ගේම නිර්මාණයක් කරන්න හැකි වීමයි සැබෑ මැහුම් දැනුම. ❤️

🧵 Sithusari Sewing Academy
නිවැරදි දැනුමෙන් ලස්සන නිර්මාණ කරමු.






28/07/2026
19/07/2026

Congratulations මිස්♥️🙏♥️
හරිම ආසාවෙන් බලාගෙන හිටපු දවසක්🥹
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

✨ "හීන හැබෑ වෙන්නේ එක ලොකු පියවරකින් නෙවෙයි... හැමදාම ගන්න පුංචි පියවරවලින්." 🤍අද මේ වේදිකාවේ හිටගෙන ඉන්න මාව දැක්කම සමහ...
16/07/2026

✨ "හීන හැබෑ වෙන්නේ එක ලොකු පියවරකින් නෙවෙයි... හැමදාම ගන්න පුංචි පියවරවලින්." 🤍

අද මේ වේදිකාවේ හිටගෙන ඉන්න මාව දැක්කම සමහරු හිතන්න පුළුවන්...

"මෙයාට මේ හැමදේම ලේසියෙන් ලැබුණා වෙන්න ඇති."

ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි.

මමත් දරුවන් බලාගෙන ගෙදර හිටපු සාමාන්‍ය අම්මා කෙනෙක්.

ඒත් මගේ හිතේ තිබුණු පුංචි හීනයක් මට හැමදාම මතක් කළා...

"උත්සාහ කළොත් මටත් පුළුවන්." ❤️

ඒ නිසා මම මැහුම් කලාව ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත දේ ආදරයෙන් කරගෙන ගියා. ටිකෙන් ටික ඒ දැනුම තවත් කෙනෙකුටත් බෙදා දෙන්න පටන් ගත්තා.

අද ඒ පුංචි ආරම්භය... 🪡 Sithusari Sewing Academy බවට පත්වෙලා.

මේ ගමනට ගත වුණේ අවුරුදු පහක් වගේ පුංචි කාලයක්.

ඒත් ඒ අවුරුදු පහ ඇතුළේ මම ගත්ත හැම පුංචි පියවරක්ම අද මාව මේ තැනට අරගෙන ඇවිත් තියෙනවා.

අද මගේ ලොකුම සතුට මගේ සාර්ථකත්වය විතරක් නෙවෙයි... තවත් කාන්තාවන්ටත් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න හැකියාවක්, දැනුමක් සහ විශ්වාසයක් ලබා දෙන්න ලැබීමයි. 🤍

ඔබ අද ඉන්න තැන වැදගත් නැහැ.

වැදගත් වෙන්නේ... ඔබ අද ඔබේ හීනය වෙනුවෙන් ගන්න පළමු පුංචි පියවරයි. 🌸

දවසක ඔබත් ඔබේ ජයග්‍රහණය දිහා බලාගෙන, "ඒ පළවෙනි පියවර ගත්ත එක තමයි මගේ ජීවිතේ හොඳම තීරණය." කියලා හිනාවෙයි.

✨ ඔබටත් හීනයක් තියෙනවා නම්... අදම ඒ වෙනුවෙන් පළමු පියවර තබන්න. දවසක ඔබේ කතාවත් තවත් කෙනෙකුට ආශ්වාදයක් වෙයි. ❤️

🪡 Sithusari Sewing Academy "හිතෙන් උගන්වන තැන... හීනවලට හැඩයක් දෙන තැන."

🤍 ඔබේ හීනය මොකක්ද? Comment එකකින් ලියන්න. අපි ඒ ගමන එකට යමු!

දරුවොත් එක්ක ඉන්න නිසා මගේ ජීවිතේ ඉවරයි... මට දැන් කිසි දෙයක් කරන්න බැහැ... කියලා හිතන හැම අම්මා කෙනෙක්ටම... 🤍අම්මා කෙනෙ...
03/07/2026

දරුවොත් එක්ක ඉන්න නිසා මගේ ජීවිතේ ඉවරයි... මට දැන් කිසි දෙයක් කරන්න බැහැ... කියලා හිතන හැම අම්මා කෙනෙක්ටම... 🤍

අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ගැහැනියෙක්ගේ ජීවිතේ ලොකුම වෙනසක්. ඒ වෙනසත් එක්ක නිදි නැති රැයවල්, මහන්සිය, කඳුළු, බය, වගකීම්... මේ හැමදේම එකට එනවා.

ඒත් ඒ එක්කම තවත් දෙයක් එනවා...

අලුත් ශක්තියක්. ✨

මම අද ඉන්න තැනට ආවේ අම්මා කෙනෙක් වෙන්න කලින් නෙවෙයි. මම මගේ හීන පස්සෙන් ඇවිදගෙන ගියේ අම්මා කෙනෙක් වුණාට පස්සේ.

ඇඳුම් මහන්න ඉගෙන ගත්තා. දැනුම එකතු කරගත්තා. අද ඒ ගමන මාව මැහුම් උගන්වන ගුරුවරියක් කරලා තියෙනවා. 🪡

පුතාව කුසේ දරාගෙනම පන්ති කළා. එයාව ලැබිලා මාස එකහමාරක් වෙද්දීම ආයෙත් පන්ති පටන් ගත්තා. ලේසි ගමනක් නෙවෙයි. කී සැරයක් නම් හිත හෙම්බත් වුණාද කියලා මටවත් මතක නැහැ. 🥹

ඒත් මම එක දෙයක් කළා...

මගේ හීනය අත්හැරියේ නැහැ. 🤍

ගොඩක් අම්මලා හිතනවා, "දැන් දරුවා ඉන්න නිසා මට කාලයක් නැහැ... මට බැහැ... මගේ ජීවිතේ ඉවරයි..." කියලා.

හැබැයි ඇත්ත ඒක නෙවෙයි.

දරුවෙක් ලැබෙනවා කියන්නේ ජීවිතේ නවතිනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ අලුත් හේතුවක් එක්ක නැවත පටන් ගන්න ලැබෙනවා කියන එක. 🌱

ඔයාගේ දරුවා බලන්නේ ඔයා දිහා. ඔයා ජීවිතේට මුහුණ දෙන විදිහෙන් එයාත් ජීවිතේ ඉගෙන ගන්නවා.

ඉතින් හීන අත්හරින්න එපා.

අද එක පියවරක් තියන්න. හෙට තවත් එකක් තියන්න. ටික ටික හරි ඉස්සරහට යන්න.

දවසක ඔයා හැරිලා බලද්දී, අද දරාගත්ත හැම වේදනාවක්ම ඔයාගේ ජයග්‍රහණයේ ලස්සනම කතාව වෙලා තියේවි. 🌸

කොච්චර අමාරු වුණත් අත්හරින්න එපා.

පාරමී අනුත්තරා✍️

❤️ මගේ ආදරණීය සිසුන්ට හදවතින්ම ලියන පුංචි පණිවිඩයක්... ❤️ගොඩක් දෙනෙක් හිතනවා..."මැහුම් පාඨමාලාව ඉවරයි. දැන් මට හැමදේම පු...
02/07/2026

❤️ මගේ ආදරණීය සිසුන්ට හදවතින්ම ලියන පුංචි පණිවිඩයක්... ❤️

ගොඩක් දෙනෙක් හිතනවා...

"මැහුම් පාඨමාලාව ඉවරයි. දැන් මට හැමදේම පුළුවන්. තවත් කෝස් එකක් කළාම ඇති." කියලා.

ඒත්, ජීවිතේ මට උගන්වපු ලොකුම පාඩම තමයි...

සැබෑ දැනුම ලැබෙන්නේ සහතිකයකින් නොවෙයි. අත්දැකීම්වලින්.

අපි මහන හැම ඇඳුමක්ම ලස්සන වෙන්නේ නැහැ. සමහර වෙලාවට වැරදියි. ආයෙමත් ගලවන්න වෙනවා. නැවත කපන්න වෙනවා. නැවත මසන්න වෙනවා.

ඒත් ඒ හැම වැරැද්දක්ම අපිව දක්ෂයෙක් කරන පාඩමක්.

වැරදි කරන්න බය වෙන්න එපා. වැරදි නිසා අතහැර දමන්නත් එපා.

"මට බෑ" කියලා නවතින කෙනාට වඩා,
"අමාරුයි... ඒත් මම නැවත උත්සාහ කරනවා." කියන කෙනා තමයි දවසක ජයගන්නේ.

මැහුම් කලාව කියන්නේ මාසයකින්, මාස දෙකකින් හෝ මාස දහයකින් සම්පූර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක් නොවේ.

එය ඉවසීමෙන්, කැපවීමෙන්, වැරදි හදාගෙන, දවසින් දවස ගොඩනැගෙන ගමනක්.

ඒ නිසා සමහර අයට හිතෙනවා...

"මෙච්චර කාලයක් මොකටද? මෙච්චර ගාස්තුවක් ඇයි? අඩු මුදලකටත් ඉගෙන ගන්න පුළුවන් නේද?"

ඒ ප්‍රශ්නවලට පිළිතුර කාලයම දෙනවා.

මොකද ගුරුවරයෙක් ඔබට උගන්වන්නේ පාඩම් ටිකක් විතරක් නෙවෙයි. ඔහු හෝ ඇය වසර ගණනාවක් තිස්සේ ලබාගත් අත්දැකීම්, වැරදි, සාර්ථකත්වය සහ ජීවිතේ ඉගෙනගත් පාඩම් කෙටි මාර්ගයකින් ඔබ වෙත ගෙන එනවා.

ඒ නිසා හැමදාම මතක තියාගන්න...

🌱 "මම හැමදේම දන්නවා" කියන සිතුවිල්ල දියුණුව නවත්වනවා.

🌸 "මට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා" කියන නිහතමානී සිතුවිල්ල ඔබව දවසින් දවස ඉහළටම ගෙන යනවා.

මගේ එකම බලාපොරොත්තුව ඔබට මැහුම් උගන්වන එක විතරක් නොවෙයි...

ඔබේම දෑතින් ඔබේ අනාගතය ගොඩනගන, කිසිදා ඉගෙනීම නවත්වන්නේ නැති, ආත්මවිශ්වාසයෙන් පිරුණු කෙනෙක් බවට ඔබ පත්වෙනවා දැකීමයි. ❤️

ඔබ හැමෝටම ජය පතනවා. 🌷
පාරමී අනුත්තරා

😍👏
14/06/2026

😍👏

04/06/2026

ජීවිතේ මට ලැබුණු හොඳම තෑග්ග🙏🙏🙏

මුල සිට මැහුම් සරලව ♥️Sithusari sewing academyඩිප්ලෝමා පාඨමාලාව සදහා සම්බන්ධවීමට පහත වට්සැප් අංකයට පණිවිඩයක් එවන්න 🖤0763...
30/05/2026

මුල සිට මැහුම් සරලව ♥️
Sithusari sewing academy
ඩිප්ලෝමා පාඨමාලාව සදහා සම්බන්ධවීමට පහත වට්සැප් අංකයට පණිවිඩයක් එවන්න 🖤

0763097547

Address

Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Sithusari Sewing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category