G/Sri Pugngnananda Primary Pirivena - Kahaduwa

G/Sri Pugngnananda Primary Pirivena - Kahaduwa Buddhist Institute of Education

14/04/2024
03/12/2023

උතුම් නිවන් සුව ලැබේවා!

29/11/2023

Kandy Sri Lanka 😍🦚🌊 🇱🇰

දුවන්නට තරඟයක් නැතිබලන්නට දෙයක් නැතිරකින්නට කිසිත් නැතිනිරාමිස ප්‍රීති සුවය..
28/11/2023

දුවන්නට තරඟයක් නැති
බලන්නට දෙයක් නැති
රකින්නට කිසිත් නැති
නිරාමිස ප්‍රීති සුවය..

27/11/2023

== බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය ==

ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංරක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැරිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී.

This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.

මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.

සම්පුර්ණයෙන්ම නොමිලයේ ඔබ අතට තිලිණ කරන පිරිසිදු ධර්ම දානයකි. Size 5.8 GB. හැකිතාක් DVD, Pen Drive ආදියට ඔස්සේ ධර්මකාමින් අතර බෙදාහැර ඔබත් ධර්ම දානයට දායක වෙන්න.

= මේ PDF සංස්කරණයේ විශේෂත්වය =

දැනට පවතින බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයේ ත්‍රිපිටක මුද්‍රණයේ සහ ආතාපි අඩවිය විසින් සිදුකල PDF පිටපතේ අකුරුවල පැහැදිලිතාවය අඩු මට්ටමක පවතී. ත, න සහ ති, තී වැනි අකුරුවල වෙනස්කම්ද, footnotes අකුරුද හඳුනාගැනීම අපහසුය. පහත රූප සටහනේ දැක්වෙන පරිදි අප විසින් සකස්කළ පිටපතේ මේ අකුරු වඩා පැහැදිලිය.
https://www.facebook.com/photo.php?fbid=2462323207337139&set=a.1964211497148315

දැනට පවතින ත්‍රිපිටක මුද්‍රණයෙන් ද, ආතාපි PDF පිටපතෙන් ද ඉවත් කර ඇති ශුද්ධි පත්‍ර මේ පොතට ඇතුළු කර ඇත. පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණයේ පැවති එකදු පිටුවක් වත් අප විසින් ඉවත්කර නොමැති අතර අලුතෙන් එක් පිටුවක් හෝ එකතුකර ද නොමැත.

පොතේ පටුනේ සඳහන් සුත්‍ර/මාතෘකා ඇසුරෙන් bookmarks සකස් කර ඒ ඒ PDF එකට එකතු කර ඇත. මේ bookmarks මත click කිරීමෙන් ඉතා පහසුවෙන් අදාළ සූත්‍රය වෙත පිවිසිය හැකිය.
http://52.187.18.71/files/bjt/00-Introduction%20and%20Instructions.pdf

පොතේ පිටුවල අන්තර්ගතයට අමතර කිසිම වචනක් හෝ links පිටුවලට එකතු කර නොමැත.

= විශේෂ පුන්‍යාණුමෝදනාව =

ත්‍රිපිටක පැරණි මුද්‍රණයේ පොත් ලංකාව පුරා ආරණ්‍ය පුස්තාකාල වලින් සොයාගෙන අප වෙත ලබාදුන් එමෙන්ම සකස් කර අවසන්වූ PDF පිටපත් වල අඩුපාඩු අපට පෙන්වා නිවැරදි කරගැනීමට උපකාර කළ මාන්කඩවල නන්දරතන (රාහුල) හිමියන්ට සහ කොත්මලේ කුමාරකස්සප හිමියන්ට.

නොයෙක් අයුරින් උපකාර කල දෙමාපියන්ට

පොත් scan කිරීම සහ පටුන සහිතව PDF සකස් කිරීම ජනක (Path Nirvana)** [email protected]**
අදහස් යෝජනා සහ යම් අඩුපාඩුවක් තිබේනම් ඉහත email එකෙන් දැනුම් දෙන්න.

පැරණි පොත් පිටුවලට කෘමීන්ගෙන්, තෙතමනයෙන් සහ සීල් ගැසීම නිසා සිදුව තිබූ හානි හැකිතාක් ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව කරුණාවෙන් සලකන්න.

= භාගත කිරීම =
1) https://tipitaka.lk/library/267
2) https://bit.ly/2zlPnj6 (single file 6GB)

27/11/2023

මේ ඉල් පුර පසළොස්වක පොහෝ දා ශ්‍රී දළදා මාලිගාව ඔබ වෙත ධම්මපදයේ 'නිරය වග්ගයේ' එන පදයක්, සදහම් තිළිණයක්ව මෙසේ උපුටා දක්වයි.
On this Ill full moon Poya day, Sri Dalada Maligawa quotes a verse from the 'Niraya Vagga' of the Dhammapada for you.

Address

Kahaduwa
Elpitiya
80460

Website

Alerts

Be the first to know and let us send you an email when G/Sri Pugngnananda Primary Pirivena - Kahaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share