07/02/2026
පැය 3ක විභාග ප්‍රශ්න පත්‍රයකින් දරුවෙකුගේ දක්ශතාවය මැනිය නොහැකිය. එයට හොදම උදාහරණයක් මේ සිසුවා. ඔහු ලබාගත් එකම A සාමාර්ථය ඉතිහාසය විශයටයි. මේ මාගේ මුල් පත්වීම ගත් පාසලේ අත්දැකීමකි.
අපගේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය යටතේ ඇති පාසලේ වෘත්තීය අංශයට මේ දරුවා පැමිණි විට අපගේ පලවෙනි ප්‍රශ්නය , "ඇයි පුතේ ඉතුරු විශයන් පාස් කරගන්න බැරි වුණේ" කියන එක. ඒකට දරුවාගේ උත්තරය " ටීච, මං ඉතිහාසය මිස්ට හරි කැමතියි. මිස් මට සැලකුවේ මිස්ගෙම දරුවෙක් වගේ. මං කොච්ච්ර දග වැඩ කලත්, මිස් මට බැන්නේ නෑ. මට කිව්වේ කොහොමහරි විභාගය ගොඩ දාගන්න කියලා. අපෙ අම්මට පස්සේ මට අම්මෙක් වගෙ දැනුනේ ඒ මිස්. ඉතින් අනිත් විශයන් මොනවා කර ගත්තත් මට ඕනි වුනේ ඉතිහාසය විශයට A එකක් ගන්න. ඉතින් මගේ target එක හරි 😊😊"
හරි පුදුමයි නේද? දරුවාට උවමනා වුනේ විභාගය පාස් කරගන්න නෙමෙයි. එයා කැමති මිස්ගේ විශයට A සාමාර්ථයක් ගන්න. ඒත් එවෙලෙ අපිට හිතුනා, දරුවව ඒ වටේ ඉන්න දෙමාපියන්, වැඩිහිටියන් තේරුම් ගත්තා නම් දරුවාගේ target එක තවත් වැඩි කරගන්න තිබ්බා කියලා💪💪
ඒත් හැමදේම වෙන්නේ හොදට කියනවනේ.
ඉතින් අපි පලවෙනි දවසෙම දරුවව තේරුම් ගත්තා. ඔහුට ඕනි වුනේ වෘත්තීය විෂය ධාරවේ Tourism and Hospitality කියන විශය කරන්න. අපි එයාට target එකක් දුන්නා. කවදාහරි hotel manager කෙනෙක් වෙන්න ඕනි. Nvq4 විතරක් අරගෙන නතර වෙන්න එපා. අනිවාර්යෙන් degree එක ගන්න ඕනි කියන ඉලක්ක...
දරුවව පාසල් කාලය අවසන් වීමෙන් පස්සේ ඒ අදාල රජයේ පුහුණු ආයතනයේ පුහුණුවට යොමු කරනු ලැබුවා. ඒ කොරෝනා වසංගතය කාලේ. මේ දරුවා අපිට නිතරම කිව්වේ, මිස් මං මේක, කට්ට කාගෙන කොහොමහරි ඉවර කරනවා.
ඉතින් පාසලෙන් ගුරු මාරුව හම්බ වෙලා ගියාට පස්සේ මං දැනගන්නවා, ඔහු, ඔහුගේ target එකේ මුල් අදියර වෙන nvq4 සහතිකය ලබාගෙන අවසන් කියලා. දැන් ඔහු ප්‍රසිද්ද Hotel එකක වෘත්තීය සුදුසුකම් ලත් වේටර් කෙනෙක් ලෙස වැඩ කරනවා. ඔහු අපිට වඩා දෙගුණයටත් වැඩි මාසික වැටුපක් ලබා ගන්නා අතර Hotel එකේ සිටින දක්ශම සේවකයෙක්.
ඔහුගේ ඊලග ඉලක්කය Degree එක ලබා ගැනීමයි. ඒ සදහාද ඔහු අදාල ඩිප්ලෝමාවන් කරන ගමන් අවශ්‍ය සුදුසුකම් සපුරා ගනිමින් සිටියි. ඒ වගේමයි ඉතා ලග කාලයක ඔහු යූරෝපයේ රටක ඉහල වැටුපක් සහිත රැකියාවකට යාමට නියමිතයි.
තමන් උගන්නපු දරුවන් අපිවද පසුකර ලෝකයේ දිදුලන මිනිසුන් බවට පත් වීම ගුරුවරුන් වන අපගේ ලොකුම සතුටයි. දරුවන් යායුතු හරිම මාර්ගය සොයා දීම ගුරුවරු වෙන අපගේ වගකීම මෙන්ම යුතුකමකි. එය දෙමාපියන්ගේද වගකීමකි. එමෙන්ම දරුවෙක්ගේ දක්ශතාවය විභාග ප්‍රතිඵලයකින් මැනීමට නොහැකිය....
දරුවෙක්ට අවශ්‍ය වන්නේ හොද අභිප්‍රේරණයකි....
Kethmi