Hey English

Hey English The beautiful thing about learning is that no one can take it away from you.😇💟

14/09/2026

In a car" ද? "On a car" ද? 🤔 වාහන ගැන කියද්දි In ද On ද පාවිච්චි කරන්නේ කියලා ගොඩක් අයට පැටලෙනවා නේද?

"තට්ටයා" නැත්නම් තට්ටය තියෙන කෙනාට English වලින් කියන්නේ මොකක්ද? 🤔 ​
14/09/2026

"තට්ටයා" නැත්නම් තට්ටය තියෙන කෙනාට English වලින් කියන්නේ මොකක්ද? 🤔

​

හැමතිස්සෙම "I miss you" කියන්නේ නැතුව, ඔයාට දැනෙන පාළුව ලස්සනට English වලින් කියමුද? 🥺❤️​⭕ අපිට ගොඩක් ආදරේ කරන, එහෙමත් න...
14/09/2026

හැමතිස්සෙම "I miss you" කියන්නේ නැතුව, ඔයාට දැනෙන පාළුව ලස්සනට English වලින් කියමුද? 🥺❤️

​⭕ අපිට ගොඩක් ආදරේ කරන, එහෙමත් නැත්නම් අපේ ජීවිතේට නැතුවම බැරි කෙනෙක් ළඟ නැති වුණාම ඒ දැනෙන අඩුව සාමාන්‍ය "I miss you" එකකට වඩා හැඟීම්බරව ප්‍රකාශ කරන්න පුළුවන් ලස්සන විදි ටිකක්.

​1️⃣ Wish you were here.
ඔයා මෙහේ හිටියා නම් කියලා හිතෙනවා.

​2️⃣ I really wish I could see you.
මට ඔයාව දකින්න තිබුණා නම් කියලා හිතෙනවා.

​3️⃣ It's not the same without you.
ඔයා නැති නිසා දේවල් ඉස්සර වගේ නෑ දැන්.

​4️⃣ Counting the days to see you.
ඔයාව දකින්න මම දින ගණිනවා.

​5️⃣ Everything reminds me of you.
මට මේ හැමදේකින්ම මතක් වෙන්නේ ඔයාව.

​👉 ඔයාට මේ දවස්වල ගොඩක්ම පාළු දැනෙන්නේ කාව මතක් වෙලාද කියලා මේ පෝස්ට් එකේ Tag කරන්න ❤️😊

​

"ඒක කරලා තේරුමක් නෑ..." කියලා English වලින් කියන්නේ කොහොමද? 🤷‍♂️⭕ ​යම්කිසි දෙයක් කරලා ඵලක් නෑ, කාලය නාස්ති කිරීමක්, එහෙම...
13/09/2026

"ඒක කරලා තේරුමක් නෑ..." කියලා English වලින් කියන්නේ කොහොමද? 🤷‍♂️

⭕ ​යම්කිසි දෙයක් කරලා ඵලක් නෑ, කාලය නාස්ති කිරීමක්, එහෙමත් නැත්නම් "ඒක කරලා තේරුමක් නෑ" කියලා කියන්න "There is no point in..." කියන රටාව පාවිච්චි කරන්න පුළුවන්.

මෙතනදී ගොඩක් අයට වරදින්නේ 'in' එකට පස්සේ එන ක්‍රියාපදයට (Verb එකට) 'ing' එකතු කරන්න අමතක වෙන එකයි. මතක තියාගන්න, 'in' නිපාත පදයෙන් (Preposition) පස්සේ එන Verb එක අනිවාර්යයෙන්ම 'ing' ස්වරූපයෙන් තියෙන්න ඕනේ.

✅ There is no point in + Verb (ing) + Object

​​1️⃣ There is no point in waiting for a bus.
බස් එකක් එනකන් බලන් ඉදලා තේරුමක් නෑ.

​2️⃣ There is no point in telling him.
එයාට කියලා තේරුමක් නෑ.

​3️⃣ There is no point in thinking about him.
එයා ගැන හිතලා තේරුමක් නෑ.

​4️⃣ There is no point in calling her.
එයාට කෝල් කරලා තේරුමක් නෑ.

​💬 දැන් ඔයාලගේ වාරය!
අපි අද ඉගෙන ගත්ත රටාව පාවිච්චි කරලා, "එයා එක්ක තර්ක කරලා (රණ්ඩු වෙලා) තේරුමක් නෑ" කියන එක English වලින් කියන්නේ කොහොමද කියලා පල්ලෙහායින් Comment කරගෙන යමු බලන්න! 😉👇

​

12/09/2026

ඉංග්‍රීසි කතා කරද්දි "JUST" පාවිච්චි කරන ප්‍රධාන විදි 2ක්! 😉

ඇඳුම්වල පාට ගිහින්, ඉරිලා, පොඩි වෙලා... මේවා English වලින් කියන විදිහ දැනන් හිටියද?👗🤔​1️⃣ Faded (ෆේඩඩ්) - පාට ගිහින් / අ...
12/09/2026

ඇඳුම්වල පාට ගිහින්, ඉරිලා, පොඩි වෙලා... මේවා English වලින් කියන විදිහ දැනන් හිටියද?👗🤔

​1️⃣ Faded (ෆේඩඩ්) - පාට ගිහින් / අවපැහැ වෙලා
👉 My frock is faded.
මගේ ගවුමේ පාට ගිහිල්ලා.

​2️⃣ Torn (ටෝන්) - ඉරිලා
👉 This shirt is torn.
මේ ෂර්ට් එක ඉරිලා.
(Tear - ඉරෙනවා කියන ක්‍රියාපදයේ Past Participle එක තමයි Torn කියන්නේ)

​3️⃣ Stained (ස්ටේන්ඩ්) - පැල්ලම් ගෑවිලා / කුණු ගෑවිලා
👉 Your shirt is stained.
ඔයාගේ ෂර්ට් එකේ පැල්ලමක් තියෙනවා.

​4️⃣ Wrinkled (රින්ක්ල්ඩ්) - පොඩි වෙලා / රැළි වැටිලා
👉 That skirt is wrinkled.
අර සාය පොඩි වෙලා

​💬 දැන් ඔයාලගේ වාරය!
අලුත් ඇඳුමක් ඇඳලා බලද්දී ඒක "හිර වැඩියි" නම් English වලින් ඒක කියන්නේ කොහොමද කියලා පල්ලෙහායින් Comment කරගෙන යන්න! 😉👇

​

ඔයාගේ ආදරණීයයන්ට හැඟීම්බරව ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙනස්ම විදිහේ ලස්සන English වාක්‍ය 5ක්! ❤️😉​
11/09/2026

ඔයාගේ ආදරණීයයන්ට හැඟීම්බරව ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙනස්ම විදිහේ ලස්සන English වාක්‍ය 5ක්! ❤️😉

​

"ඒක එච්චර හිතන්න ඕනේ දෙයක් නෙවෙයි." වගේ දේවල් English වලින් කියන විදිහ දැනන් හිටියද? 😉👉 කවුරුහරි කෙනෙක් අනවශ්‍ය විදිහට ද...
11/09/2026

"ඒක එච්චර හිතන්න ඕනේ දෙයක් නෙවෙයි." වගේ දේවල් English වලින් කියන විදිහ දැනන් හිටියද? 😉

👉 කවුරුහරි කෙනෙක් අනවශ්‍ය විදිහට දුක් වෙද්දී හරි කලබල වෙද්දී හරි, "ඒක එච්චර හිතන්න/අඬන්න අවශ්‍ය නෑ" කියලා එයාගේ හිත හදන්න අපිට "There's no need to..." කියන රටාව පාවිච්චි කරන්න පුළුවන්.

⭕ මෙතනදී 'to' එකට පස්සේ එන ක්‍රියාපදය (Verb එක) අනිවාර්යයෙන්ම Base form (මුල් ස්වරූපය) විදිහටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ 'ing' හෝ 'ed' මුකුත් එකතු වෙන්නේ නෑ.

👉 There's no need to + Base verb + so much

✅ Example Sentences :

1️⃣ There's no need to think so much.
ඒක එච්චර හිතන්න දෙයක් නෙවෙයි.

2️⃣ There's no need to cry so much.
ඒක එච්චර අඬන්න දෙයක් නෙවෙයි.

3️⃣ There's no need to regret so much.
ඒක එච්චර පසුතැවෙන්න දෙයක් නෙවෙයි.

4️⃣ There's no need to worry so much.
ඒක එච්චර වද වෙන්න දෙයක් නෙවෙයි.

💬 දැන් ඔයාලගේ වාරය!
අපි අද ඉගෙන ගත්ත රටාව පාවිච්චි කරලා, "ඒක එච්චර කලබල වෙන්න දෙයක් නෙවෙයි" කියන එක English වලින් කියන්නේ කොහොමද කියලා පල්ලෙහායින් Comment කරගෙන යන්න! 😉👇
(කලබල වෙනවා = panic 😨)

​

10/09/2026

English කතා කරද්දි "I felt like" පාවිච්චි කරන විදිහ ⁣ඉගෙන ගමු! 😉

මෙයාලට English වලින් කියන නම් දැනන් හිටියද? 🤔✅ වටු කුරුල්ලා ➡️ Quail (ක්වේල්)✅ පරවියා ➡️ Pigeon (පිජන්)✅ පාත්තයා ➡️ Goos...
10/09/2026

මෙයාලට English වලින් කියන නම් දැනන් හිටියද? 🤔

✅ වටු කුරුල්ලා ➡️ Quail (ක්වේල්)
✅ පරවියා ➡️ Pigeon (පිජන්)
✅ පාත්තයා ➡️ Goose (ගූස්)
✅ තාරාවා ➡️ Duck (ඩක්)

⭕ Example Sentences :

1️⃣ Quail eggs are very nutritious.
වටු බිත්තර ගොඩක් ගුණදායකයි/පෝෂ්‍යදායකයි.

2️⃣ There is a white pigeon on the roof.
වහලේ උඩ සුදු පරවියෙක් ඉන්නවා.

3️⃣ Look at those ducks swimming in the pond.
අර පොකුණේ පීනන තාරාවෝ දිහා බලන්න.

👉 ගොඩක් අය 'Goose' (පාත්තයා) කියන වචනයේ බහුවචනය (Plural form) හදද්දී ගොඩක් අය අගට 's' එකක් දාලා 'Gooses' කියලා ලියනවා. හැබැයි ඒක වැරදියි! ❌
මේක Irregular noun (අක්‍රමවත් නාමපදයක්) එකක්. ඒ නිසා පාත්තයෝ ගොඩක් ඉන්නවා නම් අපි කියන්නේ Geese (ගීස්) කියලයි. ✅

👉 One goose ➡️ Two geese

අලුත් දෙයක් ඉගෙනගත්තා නම් "Yes" කියලා Comment එකක් දාගෙන යන්න! 😉

Address

Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when Hey English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category