English Guru sri lanka

English Guru sri lanka educational page for grade 1 to 11 student .presently grade 1-5 videos can be watched.

15/10/2021

ඇල්බට් අයින්ස්ටයින් පැවසුවේ මී මැස්සා ලෝකයෙන් වඳ වී ගියහොත් මිනිස් ජීවය පවතින්නේ තවත් වසර 4ක් පමණක් බවයි.
මී මැස්සෙකු දෂ්ඨ කළොත් එය වේදනාබරය. නමුත් මී මැස්සා ලෝකයෙන් තුරන් වී ගිය කළක මිනිසා ට දැනෙන වේදනාව ඊට සිය දහස් ගණයකින් වැඩි වනු ඇත.
ලෝකයට මී මැස්සාව එතරම් වැදගත් ය.

ලෝකය මී මැස්සා ලෝකයේ වැඩිම වටිනාකමක් ඇති සත්ත්වයා ලෙස පෙන්වා දී ඇත්තේ ඇයි?

චිලී හී මී මැසි පාලනය පිළිබද ව්‍යවසායකත්ව සහ අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙන්වා දෙන්නේ මී මැස්සා යනු කිසිදු ආකාරයක දිලීර, වෛරස්, හෝ බැක්ටීරියා ආදී වූ කිසිදු රෝග කාරකයක් ප්‍රවේණිගත ලෙස ගෙන නොයන එකම ජීවියා ලෙසයි.

එමෙන්ම ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් සියයට 70 %ක් රදා පවතින්නේ මී මැස්සා හේතුවෙනි. එය තවත් ආකාරයකට කිවහොත් ලෝකයේ ආහාර වර්ග 100කින් 70කටම මී මැස්සාගේ මැදිහත් වීමක් ඇත. එමෙන්ම මී මැස්සා විසින් සිදු කරනු ලබන පරාගන ක්‍රියාවලිය ශාක වල ප්‍රතිනිශ්පාදව ක්‍රියාවලිය සදහා ඉඩ සළසයි. ඔවුන් නොමැතිවුවහොත් ලෝකයේ සත්වසංහතිය ඉතා ඉක්මණින් වියැකී යන්නට පටන්ගනු ඇත

ලන්ඩනයේ රාජකීය භූගෝලීය සමාජය විසින් පැවති සංවාදයේදී ද අර්ත් වොච් ජාත්‍යන්තර ආයතනය විසින් මතු කලේ ලෝකයේ වඩාත් වැදගත් ජීවියා වන්නේ මීමැස්සා බවයි. එනමුත් විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන්නේ මී මැස්සන් ලෝකයට අහිමි වන්නට සැරසෙන එනම් වද වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින ජීවීන්ගෙන් අයෙක් බවයි.

නවතම අධයයනයන් විසින් පෙන්වා දෙන්නේ ලෝකයේ සිටි මී මැසි ගහණයෙන් 90%ක් පමණම මේ වන විට ලෝකයට අහිමි වී ඇති බවයි....

ලංකාවේත් අපිට කරන දෙයක් තියනවා.. බය නිසා හෝ ආරක්ෂවට කවදාවත් මීමැස්සො මරන්න එපා.. ඔබේ වත්තෙන් ඔබට ආහාර සපයන්නේ ඔවුන්..✋

Sanjaya Pradeep
©Greeen Project Api

01/10/2021
https://youtu.be/tU9EVR_FNvM
29/09/2021

https://youtu.be/tU9EVR_FNvM

# english guru srilanka # mihirani teacher # primary education # English lessons # learn english above lesson was done under the grade 3 national Englis...

https://youtu.be/r5bWfmzcgCA
26/09/2021

https://youtu.be/r5bWfmzcgCA

# english guru srilanka # mihirani teacher # primary education # English lessons # learn english above lesson was done under the grade 3 national Englis...

https://youtu.be/d0ajAXGimfw
12/09/2021

https://youtu.be/d0ajAXGimfw

# english guru srilanka # mihirani teacher # primary education # English lessons # learn english above lesson was done under the grade 3 national Englis...

copied රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන් සඳහා පියෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?......👇ඇය ඒ සඳහා කරන්නේ ඉතා සිත්ගන්නා ස...
01/09/2021

copied

රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන් සඳහා පියෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?......👇

ඇය ඒ සඳහා කරන්නේ ඉතා සිත්ගන්නා සුළු දෙයකි,

ඇය ගසක් හෝ පඳුරකින් අත්තක් කඩා, හොටෙන් ගෙන, ඉතා ඉහල අහසට නැගී, එහි රවුම් ගැසීමට පටන් ගනී. එවිට එය දකින රාජාලීන් ගැහැණු සතා වටා පියාසර කිරීමට පටන් ගනී.

පසුව ඇය මෙම අත්ත බිම හෙළා, අහසේ රැඳී බලා සිටී. එවිට සමහර රාජාලීන් වේගයෙන් පහතට පියඹා, මෙම අත්ත අහසේ සිට බිම වැටෙන්නට නොදී අල්ලාගෙන, එය හොටෙන් රැගෙන ඉහල නැගී ඉතා ප්‍රවේසමින් ගැහැණු සතා වෙත ගෙන එයි.

ගැහැනු රාජාලියා මෙම අත්ත හොටින් ගෙන එය නැවත බිම හෙළයි,

පිරිමියා එය නැවත අල්ලා ඇය වෙත ගෙන එයි, ඇය එය නැවත විසි කරයි ...
මෙසේ මෙය බොහෝ වාරයක් යලි යලිත් සිදුවේ. මෙසේ අත්ත විසිකරන තාක්, රාජාලියකු ඒ සෑම අවස්ථාවකදීම එය අල්ලාගෙන තමා වෙත රැගෙන එයි නම්, ගැහැනු සතා එම රාජාලියා සිය ස්වාමියා ලෙස තෝරාගනියි.

ඇය මෙය කරන්නේ ඇයිද යන්න ඔබට පසුව වැටහෙනු ඇත.

ඉන් පසු ඔවුන් පර්වත මුදුනක් මතට එකතු වී, ශක්තිමත් ලී දඬු වලින් කූඩුවක් සාදන අතර, මව සහ පියා තම හොටෙන් ශරීරයේ ලොම් සහ පිහාටු ඉරා දැමීමට පටන් ගනී. මෙම ලොම් හා පිහාටු යොදාගෙන ඔවුන් කූඩුවේ ඇති සියලුම සිදුරු පුරවා, මෘදු හා උණුසුම් ලෙස සකසයි.

එසේ මනාව සකසන ලද කූඩුවේ බිත්තර දමන මව, බිත්තර රැකීමෙන් පසු රාජාලි පැටවුන් මෙලොවට පැමිනෙන්නේ ඉතා දුර්වල, පිහාටු නොමැති නිරුවත් ලෙසකිනි. දෙමව්පියන් ඔවුන් වැඩී ශක්තිමත් වන තුරු වර්ෂාවෙන්, දැඩි අව් රශ්මියෙන් වලකා, ඔවුන්ව පියාපත් වලින් වසාගෙන ආරක්ෂා කරති.

ඔවුන් ආහාර, ජලය, ගෙනැවිත් පැටවුන්ට කවන පොවන අතර ඔවුන් සෙමෙන් වැඩෙති. මෙසේ පිහාටු වැඩීමට පටන් ගෙන පියාපත් සහ වලිගය ශක්තිමත් වේ. ඔවුන් තවමත් කුඩා වුවත් දැන් ඔවුන්ට කූඩුවෙන් පිටතට පැමිනීමට කාලය එළඹ ඇතිබව දෙමාපියන් වටහා ගනියි.

තාත්තා කූඩුවේ පිටතින් පැමින පියාපත් වලින් එයට පහර දීමට පටන් ගනියි. මෙම පහරදීමෙන් කූඩුව සෙලවෙන අතර එහි සිදුරුවල හා සුවපහසුව ඇතිවන ලෙස අලවා තිබූ පිහාටු හා ලොම් ගැලවී හැලී ගොස් දැඩි අතු රිකිලි සහිතව මුල් අවස්ථාවේ තිබූ ලෙස රාමුව පමණක් ඉතිරි වේ. මව පෙනෙන්නට නොමැත.

රාජාලි පැටවුන් මෙම සෙලවෙන කූඩුව තුළ හිඳගෙන සිටින අතර, ඔවුන් අපහසුතාවයට පත් වී, බිය වී ඇති නමුත් සිදු වූ සියලු දෙය ඔවුන්ට නොවැටහේ.අම්මා සහ තාත්තා කලින් ඉතා ආදරයෙන් හා සැලකිලිමත්ව සිටියද දැන් ඔවුන් වෙනස් වී ඇත.

මේ අවස්ථාවේදී අම්මා කොහේ හෝ සිට පියාසර කරමින් පැමිනෙන අතර ඇගේ හොටේ මාලුවකුද සිටියි. එහෙත් වෙනදා මෙන් අල්ලාගෙන පැමිනි මාලුවා රැගෙන ඔවුන් වෙත නොපැමින කූඩුවේ සිට තරමක් ඈතින් වාඩි වී පැටවුන්ට එය පෙනෙන්නට සලස්වයි. පසුව එය පැටවුන්ට හොඳින් පෙනෙන ලෙස ඇය මෙම මාළුවා ආහාරයට ගැනීමට පටන් ගනී. පැටවුන් කැදැල්ලේ වාඩි වී කෑ කෝ ගසමින්, එය දෙස බලා සිටිති.

සිදු වූ දේ ඔවුන්ට තවමත් නොතේරෙන මුත් සියල්ල වෙනස් ලෙසකින් සිදුවෙයි. අම්මාත් තාත්තාත් ඔවුන්ව පෝෂණය කලේය, වතුර පෙව්වේය, දැන් සියල්ල පහව ගොස් ඇත. කැදැල්ල දැඩි වී පිහාටු සහ සුව පහසුව නැති වී ඇත. දෙමව්පියන් විසින්ම මාළු අනුභව කළත් ඔවුන්ට එය දුන්නේ නැත.

කුමක් කල යුතුද? සියල්ලට පසු, ඔවුන්ට කෑමට අවශ්‍ය බැවින් ඔවුන් කූඩුවෙන් එළියට විත් මව දෙසට යාමට උත්සහ කරයි. ඒ සඳහා පැටවුන් කිසි දිනෙක නොකළ චලනයන් කිරීමට පටන් ගනී. ඔවුන්ගේ දෙමව්පියන් දිගටම ළදරුවන්ට කෑම ලඟා කළහොත් ඔවුන් එම චලනයන් කිරීමට උත්සහ නොකරනු ඇත.

පැටවුන් කූඩුවෙන් එලියට ඇවිද යාමට පටන් ගනී. ඒ සමගම රාජාලි පැටවා කූඩුවෙන් එළියට වැටී, එතරම් නුහුරු තැනෙක සිටගැනීමට නොහැකිව පෙරලෙමින් යයි. කූඩුව පර්වතයක, බෑවුමක් මත පිහිටා ඇති අතර එමඟින් කිසිදු විලෝපිකයෙකුට සමීප විය නොහැකි තැනක ඉදි වූවකි. පැටවා මෙම බෑවුම දිගේ ඇදී ගොස් පසුව ප්‍රපාතයට ඇදවැටීමට පටන් ගනියි.

එවිට තාත්තා කලින් අතු අල්ලා ගත් ලෙසින් වේගයෙන් පහලට පියඹා ගොස් මෙම රාජාලි පැටවා ඇදවැටීම වලක්වයි. ඔහුව අල්ලාගෙන නැවත පර්වතය මත ඇති කැදැල්ලට රැගෙන එන අතර සියල්ල නැවත ආරම්භ වේ. මෙම පැටවුන් නැවත නැවතත් වැටේ, පියා ඔවුන් අල්ලාගෙන නැවත රැගෙන එයි. රාජාලියා කිසිඳු විටෙක පැටවෙකු ඇදවැටෙන්නට ඉඩ නොහරියි....

මෙසේ වැටෙන එක් අවස්ථාවක, සුලඟත් සමග රාජාලි පැටවා කිසි දිනෙක සිදු නොකළ චලනයන් කිරීමට පටන් ගනී, පියාපත් සුළඟට විහිදී සුලං පහර සමග ගැටීමෙන් පාවී ගොස් පියාසර කිරීමට පටන් ගනී. රාජාලීන් තම පැටවුන්ට උගන්වන්නේ මෙම ආකාරයෙනි.

පැටියා තනිවම පියාසර කිරීමට පටන් ගත් විගස දෙමාපියන් ඔවුන් සමඟ මාළු සිටින ස්ථාන වෙත ගොස් ඒවා පෙන්වති. ඔවුන් ඒවා තවදුරටත් තම හොටෙන් රැගෙනගොස් කවන්නේ නැත....

අත්තක් විසි කිරීමෙන් ගැහැනු සතා ස්වාමියා තෝරා ගැනීම පුදුමයක් නොවේ. තම දරුවන් ඇද වැටෙනවාට ඇය කැමති නැත. පරීක්ෂාකාරී නොවී, ඔබ නොසැලකිලිමත් පියෙකු තෝරා ගතහොත්, ඔබ දරුවන්⁣ගේ ඇදවැටීම ගැන නොසලකා කටයුතු කරයි.

For a great lifeskill...

උපුටනයකි...💞💕🦅🦅🦅

https://youtu.be/x8d32ksk64I
30/08/2021

https://youtu.be/x8d32ksk64I

This lesson was created under the grade 4 English syllabus.in this lesson,you will learn about some workers and their work places,an interesting story ,some ...

30/08/2021

1 වසරේ සිට english පාඩම් සඳහා මෙම පිටුව වෙත පිවිසෙන්න.
Youtube channel එක subscribe කර bell එක all කරන්න .

https://youtu.be/NHxsMNXtg54
30/08/2021

https://youtu.be/NHxsMNXtg54

lesson lanka watching this video lesson ,students will get knowledge to describe their own garden using "there is" and "there ...

Address

Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when English Guru sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English Guru sri lanka:

Shortcuts

Share

Category