19/09/2024
✅✅✅2024 ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ දුවා දරුවන් හා භාෂාවක වටිනාකම දන්න දෙමාපියන් හටයි. ✅✅✅
🎊 දෙවන බස දෙමළ 🎊
ජාතික සංහිඳියා පදනමෙන් දීප ව්‍යාප්තව කරන ✅ පහෙන් හයට මූලික දැනුම පාඨමාලාව. ✅ 🔺මෙවරත් රත්නපුර ඇහැලියගොඩ, කුරුවිට යන ප්‍රදේශයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.. 🔺
මෙයින් ලැබෙන ප්‍රයෝජන🔺🔺
1). දෙමළ භාෂාවට ආශාව ඇති කිරීම.
2). නිවැරදිව ලිවීමට හුරු කිරීම.
3). නිවැරදිව කියවීමට හුරු කිරීම.
4). පාසලේදී පෙළපොත කරන කාලය වන විට දෙමළ මූලික දැනුම පිළිබඳ මනා දැනුමක් ලබා තිබීම..
5). මාස දෙකක් පුරාවට සම්පූර්ණයෙන්ම ඉගැන්වීම් නොමිලේ.
6). පාඨමාලාව අවසානයේ විභාගයක් පවත්වා වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
7).ජාතික සංහිඳියා පදනමේ උපලේකම්තුමිය විසින්ම මෙම පාඨමාලාවෙ ඉගැන්වීම් කටයුතු කිරීම .🔺🔺
මෙම පාඨමාලාව අවසන් වී විභාගය පැවැත්වීමෙන් පසු ✅සහතික පත්‍රයක් ✅ පිරිනැමෙන අතර.. පසුව සාමාන්‍ය පරිදි පන්තිය ද පැවැත්වේ..
ඒ වගේම මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන් සමඟ ඔවුන්ගේ *දෙමව්පියන්ටද ,* 6 */7/8/9/10/11 යන ශ්‍රේණියවල ඉගෙනුම ලබන ඕනෑම සිසුවෙකුටද?* මූලික දැනුම ඉගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම *රාජ්‍ය සේවකයන් හටද,* මෙම පාඨමාලාවට සහභාගි විය හැකිය.
ඔවුන්ට ද මෙම පාඨමාලාවට නොමිලේ සහභාගීවිය හැකිය.. නමුත් සහතිකපත්‍රය ලැබෙනුයේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ට පමණි.
දේශක - ජාතික සංහිඳියා පදනම, උප ලේකම් සුදර්ශනී පෙරේරා