Kasun Suranjaya

Kasun Suranjaya O/L "Science" teacher.

04/06/2024

ලංකා විදුලිබල මණ්ඩලේ උදවිය අපේ Free Class එකේ Group එකට ගිහින්, ඒකෙ ඉන්න ලමයින්ගෙ දුරකථන අංකවලට අනවශ්‍ය (අසභ්‍ය වචන සහිත) පණිවිඩ යවලා 🤷‍♂️🥲

ලමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට අලුත් දරුවන්ට නොමිලේ පැවැත්වෙන පන්ති සඳහා සහභාගී වීම අපහසු වේවි!

1️⃣ විදුලිය හරියට ලබානොදී ලමයින්ට ඉගෙනගන්න පාඩම් කරන්න තියෙන අවස්ථාව නැති කරනවා.
2️⃣ ලමයින්ට ලාම්පු පත්තු කරං පාඩම් කරන්න කියනවා.
3️⃣ ලමයින්ට තියෙන අවස්ථාත් නැති කරනවා.

ඇත්තටම ඔය තප්පුලපු උන් තප්පුලපු එකෙන්, බුරපු එකෙන් මට නම් පුංචිමවත් පාඩුවක් වුන් නෑ. 🤷‍♂️

හැබැයි ඉතිං කොහේ හරි ඉන්න දරුවෙක්ට තමයි පාඩුව.

මේ වෙද්දි දහස් ගානක් දරුවො (කොරෝනා කාලෙ ඉඳන්ම) අපේ පන්තියෙන් නොමිලේම ඉගෙනගෙන තියෙයි.

නූගත්, දේශපාලුවො පස්සෙ ගිහින් රස්සා අරං, පිං පඩි ගන්න සෙට් එකක් අද දරුවන්ට තියෙන අවස්ථා උපරිමයෙන් නැති කරමින් ඉන්නවා.

මං අහන්නෙ, ඇත්තටම ඕකුං කණු මුල වැටෙන්නම ඕනි නැද්ද? 😅

🛑 අදාල අයට විතරයි කියල තියෙන්නෙ. අදාල නැති අය කලබල වෙන්න අවශ්‍ය නෑ. 😅💀

මීට | Kasun Suranjaya |

03/06/2024

ලං.වි.ම. කමකට නැති අබුද්ධික සේවකයින්ගේ හැසිරීම බලන්න ඕනි නම් මේ Page එකේ Post වල Comments බලන්න 🤷‍♂️
ඔබේ දරුවාට ලාම්පු පත්තු කරන් පාඩම් කරන්න කියලා, ඔවුන් සමාජමාධ්‍යවල කාලය කා දමනවා 😅

සිංහරාජෙ ගිය විධිය මෙතන Click කරල බලන්න👇
23/04/2024

සිංහරාජෙ ගිය විධිය මෙතන Click කරල බලන්න👇

මේ ගමන යන්න තෝරගත්තෙ සිංහරාජෙට වැද්දගල පාරෙ යද්දි හම්බෙන කුඩව හරියෙන් තියෙන දොරණ ඇල්ල පිවිසුම. දෙවෙනි කොටස ඉක්මන...

🔴 සිංහල මාධ්‍ය විද්‍යාව පන්තිය පන්තිය!🔴 6,7,8,9,10,11 සියලුම දරුවන් සඳහා විවෘත්තයි.🔴 කොරෝනා සමයේ Online පන්ති ඇරඹි සමයේ ...
02/04/2024

🔴 සිංහල මාධ්‍ය විද්‍යාව පන්තිය පන්තිය!
🔴 6,7,8,9,10,11 සියලුම දරුවන් සඳහා විවෘත්තයි.
🔴 කොරෝනා සමයේ Online පන්ති ඇරඹි සමයේ සිටම අඛණ්ඩව සිසුන් දහස් ගණනකට ඉහළම සාමාර්ථ ලබාගැනීමට උපකාරී වෙමින් මේ වනතුරුත් නිහඬ ගමනක යෙදෙන බව මෙහිදී මුලින්ම දැණුම් දිය යුතුයි!
🔴 මේ අවස්ථාව ඔබේ දරුවාවත් ඒ අභිමානවත් ගමන් මඟට එක් කරවීමටයි. ‍
🔴 සිසුන් සංඛ්‍යාවට වඩා, ප්‍රතිඵල ගැන අවධානය යොමු කරමින්, සියලු සිසුන් කෙරෙහි අවධානය යොමු කරමින්, වාර විභාග, ප්‍රශ්න පත්‍ර සහ නිබන්ධන ආදිය සපයමින් ඉහළම ලකුණකට දරුවාව මෙහෙයවන අපේ පන්තියට ඔබේ දරුවාත් එක් කිරීමට, පහත අංකයට,
🔴 දරුවාගේ නම, ශ්‍රේණිය සහ දිස්ත්‍රික්කය සඳහන් කර WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
076 644 5530

🔴 සිංහල මාධ්‍ය විද්‍යාව පන්තිය පන්තිය!🔴 6,7,8,9,10,11 සියලුම දරුවන් සඳහා විවෘත්තයි.🔴 කොරෝනා සමයේ Online පන්ති ඇරඹි සමයේ ...
30/03/2024

🔴 සිංහල මාධ්‍ය විද්‍යාව පන්තිය පන්තිය!
🔴 6,7,8,9,10,11 සියලුම දරුවන් සඳහා විවෘත්තයි.

🔴 කොරෝනා සමයේ Online පන්ති ඇරඹි සමයේ සිටම අඛණ්ඩව සිසුන් දහස් ගණනකට ඉහළම සාමාර්ථ ලබාගැනීමට උපකාරී වෙමින් මේ වනතුරුත් නිහඬ ගමනක යෙදෙන බව මෙහිදී මුලින්ම දැණුම් දිය යුතුයි!

🔴 මේ අවස්ථාව ඔබේ දරුවාවත් ඒ අභිමානවත් ගමන් මඟට එක් කරවීමටයි. ‍
🔴 සිසුන් සංඛ්‍යාවට වඩා, ප්‍රතිඵල ගැන අවධානය යොමු කරමින්, සියලු සිසුන් කෙරෙහි අවධානය යොමු කරමින්, වාර විභාග, ප්‍රශ්න පත්‍ර සහ නිබන්ධන ආදිය සපයමින් ඉහළම ලකුණකට දරුවාව මෙහෙයවන අපේ පන්තියට ඔබේ දරුවාත් එක් කිරීමට, පහත අංකයට,
🔴 දරුවාගේ නම, ශ්‍රේණිය සහ දිස්ත්‍රික්කය සඳහන් කර WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
076 644 5530

අවුව වෙලාවට පාවිච්චි කරන්න ආදීතමයන්ගෙන් ලැබුණු දායාද ♥️🍃
15/03/2024

අවුව වෙලාවට පාවිච්චි කරන්න ආදීතමයන්ගෙන් ලැබුණු දායාද ♥️🍃

✅ 9 ශ්‍රේණිය 1 වෙනි පාඩම
13/03/2024

✅ 9 ශ්‍රේණිය 1 වෙනි පාඩම

🔴 පළමු පාඩමේ සිටම ආරම්භ වන සිංහල මාධ්‍ය විද්‍යාව පන්තිය පන්තිය!🔴 6,7,8,9,10,11 සියලුම දරුවන් සඳහා විවෘත්තයි.🔴 කොරෝනා සමය...
29/02/2024

🔴 පළමු පාඩමේ සිටම ආරම්භ වන සිංහල මාධ්‍ය විද්‍යාව පන්තිය පන්තිය!

🔴 6,7,8,9,10,11 සියලුම දරුවන් සඳහා විවෘත්තයි.

🔴 කොරෝනා සමයේ Online පන්ති ඇරඹි සමයේ සිටම අඛණ්ඩව සිසුන් දහස් ගණනකට ඉහළම සාමාර්ථ ලබාගැනීමට උපකාරී වෙමින් මේ වනතුරුත් නිහඬ ගමනක යෙදෙන බව මෙහිදී මුලින්ම දැණුම් දිය යුතුයි!

🔴 මේ අවස්ථාව ඔබේ දරුවාවත් ඒ අභිමානවත් ගමන් මඟට එක් කරවීමටයි. ‍

🔴 සිසුන් සංඛ්‍යාවට වඩා, ප්‍රතිඵල ගැන අවධානය යොමු කරමින්, සියලු සිසුන් කෙරෙහි අවධානය යොමු කරමින්, වාර විභාග, ප්‍රශ්න පත්‍ර සහ නිබන්ධන ආදිය සපයමින් ඉහළම ලකුණකට දරුවාව මෙහෙයවන අපේ පන්තියට ඔබේ දරුවාත් එක් කිරීමට, පහත අංකයට,

🔴 දරුවාගේ නම, ශ්‍රේණිය සහ දිස්ත්‍රික්කය සඳහන් කර WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
076 644 5530

🔴 මාර්තු මාසය සම්පූර්ණයෙන් ම නොමිලේ.

15/02/2024

පිං පොත ♥️🍃

වෙලාව උදේ පාන්දර 1:50 යි. බෝධිමලුව පහු කරං නාමල්දෙණිය දිහාට එද්දි පාරෙ වම් පැත්තෙ වැටුනු පල්සර් බයික් එකක්. ඒක නැගිට්ටවන්න හදන තරුණ යුවලක්. දැක්ක ගමන් මතක් වුනේ එයයි මායි. ගියා ළඟට.

“මොකෝ සිද්ධිය”

“වැටුන අය්යෙ”

කොල්ලෙක් වැටුනත් කෙල්ලෙක් වැටුනත් වැටිල ඉන්නෙ මනුස්සයෙක් නම් අපි අත දිය යුතුමයි!

බයික් එක නැගිට්ටුවා. මොකුත් අවුලක් නෑ, මිනිස්සුන්ට අවුලකුත් නෑ. ස්ටෑන්ඩ් එකේ ස්ප්‍රීන් එක පැනලා. ඒක දැම්මා.

“තෙල් තියෙයිද බ්‍රෝ?”

“ඔවු තෙල් තියෙයි අය්යෙ”

“හරි, එහෙනම් අපි ගියා”

යනගමන් සයිඩ් කණ්නාඩියෙන් පොඩ්ඩක් බලං යද්දි දැක්කෙ, තාමත් බයිසිකලේ පණගහල නෑ; ටිකක් නවත්තං දුරින් ඉඳන් බලං හිටියා. ස්ටාට් වුන් නෑ. හරවං ගියා. ස්ටාට් වුනා.

“චේන් එක පැනල අය්යෙ”

“ගහමු බ්‍රෝ මේන් ස්ටෑන්ඩ්”

“ගැරෙජ් එකක් නැද්ද අය්යෙ මේ වෙලාවෙ”

“නෑ මල්ලි”

පොඩ්ඩක් කල්පනා කළා. Miyuru අය්යට ගත්තා කෝල් එකක්. සිද්ධිය කිවුවා. ගියා මියුරු අය්යලගෙ ගෙදරට.

“පොත ගත්තද අය්යෙ”

“බයික් එකේ මැනුවල් එකද?”

“නෑ නෑ, පිං පොත 😁”

දෙන්නත් එක්කම එතනට ගියා. සුලු පරිශ්‍රමයක් යොදල චේන් ගාඩ් එක ගලවල චේන් එක දැම්මා.

දැන් වැඩේ හරි.

“ලොකු උදවුවක් අය්යෙ කළේ, යමුද තේ එකක්වත් බොන්න”

“නෑ නෑ බ්‍රෝ, ඔයාල යන්න, දැන් පරක්කු වුනානෙ, පොඩ්ඩක් පැදල බලන්න ස්ටාට් වෙනවද කියලා”

හරි, බඩු වැඩ. බයික් එක ස්ටාට් කරං යුවල පිටත් වුනා. මම මේක ලියන වෙලාවෙත් එයාලා යනවා ඇති.

“බුදු සරණයි මල්ලි, පරිස්සමින් යන්න”

අපිත් තේ එකක් එහෙම බීලා එන්න ආවා.

මේක ලිවුවෙ ඔයාලටත් මේක කියවල සතුටු වෙන්න. ඒ වගේම ඔයාලත් පුලුවන් හැම වෙලාවකම කාට හරි උදවුවක් කරන්න. උදවු අවශ්‍ය කෙනෙක්ට!

රෑ වෙලාවෙ මේ වගේ දෙයක් වුනොත්, ඇහැලියගොඩ පරකඩුව අතර මට කෝල් කරන්න එපා 😂 හැබැයි කෝල් කළොත් පුලුවන් දෙයක් නොකර ඉන්නෙත් නෑ.

🛑 කවුරු හරි ඒ වගේ උදවු කරන්න පුලුවන් අය ඉන්නව නම් නම්බරේ යටින් කමෙන්ට් කරන් යන්න. කාටහරි වැදගත් වෙයි.

සුබ දවසක් හැමෝටම.

ප.ලි: පිනක් කළොත් පිං පොත ෆේස්බුක් එකටත් දාන්න. තවත් කෙනෙක්ට එහෙම කරන්න ඒක හොඳ දිරිගැන්වීමක් වෙයි.

1885 පෙබරවාරි 14,ඒ කියන්නෙ අද වගේ දවසක තමයි බෞද්ධ කොඩිය නිර්මාණය වෙලා තියෙන්නෙ 🤷‍♂️ඒ නිසා අද අපිට විශේෂ දවසක්. ♥️☸️🪷
14/02/2024

1885 පෙබරවාරි 14,
ඒ කියන්නෙ අද වගේ දවසක තමයි බෞද්ධ කොඩිය නිර්මාණය වෙලා තියෙන්නෙ 🤷‍♂️

ඒ නිසා අද අපිට විශේෂ දවසක්. ♥️☸️🪷

වාරණ ♥️🍃දෙවන පෑතිස් රජ දවස දක්වාම දිවෙන ඉතිහාසයක් තියෙන, කටාරම් කොටපු ලොකු ගල් පියැසි සහිත ලෙන් තියෙන, සුන්දර තැනක්.හැබැ...
12/02/2024

වාරණ ♥️🍃

දෙවන පෑතිස් රජ දවස දක්වාම දිවෙන ඉතිහාසයක් තියෙන, කටාරම් කොටපු ලොකු ගල් පියැසි සහිත ලෙන් තියෙන, සුන්දර තැනක්.

හැබැයි පන්සල බල්ලට ගිහින් තියෙන්නෙ, ඒ කිවුවෙ සැලකිය යුතු සුනඛ ගහනයක් මේ පන්සලේ ඉන්නවා. ඒ නිසා පොඩි අය එක්කන් යනව නම් පරිස්සම් කරගන්න.

Address

Eheliyagoda

Telephone

+94704929744

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Suranjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kasun Suranjaya:

Shortcuts

Share

Category