06/10/2022
"ගොඩක් සිගරට් බීල නේද
අවුරුදු විස්සම සිගරට් බීවද
වස විසත් ගහල ඇති..
මොකද්ද ඉල්ලපු උදව්ව. සල්ලිද..."
මිනිස්සු දැං පස්චාත් මරණ පරීක්ෂන පටන් අරං.
උබෙ මරනෙට හේතු හොයනව.
උපදෙස් දෙනව.
ඒ ඔක්කොම කරන්නෙ උඹට ආදරේට..
ඒත් ඒ සමහරු දන්නැතුව ඇති උඹ කොච්චර කට්ට කෑවද මේ තැනට එන්ඩ කියල.
මුට්ට කර ගහනකොට ඇඟට දැනුනු මහන්සිය, වේදනාව. බඩ ගින්න..
නලුකමේ වෙහෙස මං දන්නව මචං.
නලුවෙක් කියන්නෙ උඹ වගේ එකෙක්ට තමයි මචං. ජීවිතේ හැමදේම මහන්සියෙන් හම්බ කරපු එකෙක්ට මරණය කියන්නෙ සුවදායී නවාතැනක්.
මොන හේතු කිව්වත් ඇත්තටම මැරෙන්න හේතුව අපි ඉපදුන එක බව ,
බීවත් නැතත් අපි මැරෙන බව තේරුම් ගන්න අපිට තව කාලයක් යයි මචං.
උඹ කවුද කියල කවුරු නැතත් අපි දන්නව.
උන quality මනුස්සයෙක් දර්ශන් .
මොනා උනත් අපි හිතන්නෙ උබට තව ඉන්න තිබ්බ කියල. ඒත් උඹ ඉන්න එක යන එක තීරණය කරන්නෙ උඹ නෙවෙයිනෙ.
ඒත් අපිට නැති උනේ
පට්ට නලුවෙක්
පට්ට යාලුවෙක්
පට්ට මනුස්සයෙක්.
මේ ලියන ඒව කියවන්න උඹ නෑ තමයි.
ඒත් මරණයෙන් සියල්ල අවසන් නොවන බව දන්න අපිට
මේ තාවකාලික සමුගැනීමක් විතරයි මචං.
අපි ආයෙ පටන් ගමු..
එදා කිව්ව වගේ
අපි ආයෙ සෙට් වෙමු !
கவனமாக இரு
🙏
ධනංජය සිරිවර්ධන
උපුටාගැනීමකි