23/06/2021
කඳවුරේ නිවහන "කූඩාරම"
කෑම්ප් ටෙන්ට් එක එහෙම නැත්නම් කූඩාරම තමා එලිමහනේදී කඳවුරුකාරයෙක්ගෙ නවාතැන වෙන්නේ. මට මතක අතීතයේ කූඩාරමක් දැක්කනම් ඒ බාලදක්ෂ කඳවුරක, එහෙම නැත්නම් ආපදා අවස්ථාවක.
සුනාමි ආපු වෙලාවේදි, සාමසර කන්ද නායගිය වෙලාවේ/ යුද්ධයට පස්සේ අවතැන් කඳවුරු වල, විවිධ වර්ගයේ කූඩාරම් දකින්න ලැබුනා. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) / රතු කුරුස සංවිධානය (Red cross) වගේ ස්වේච්ඡා සංවිධාන මේවා ප්‍රදානය කලා. මේවගෙන් වැඩිහරියක් පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුලුවන් තත්වයේ ඒවා නෙමෙයි. බර වැඩියි. ගමනක් ගෙනියන්න අපහසුයි. මේ කූඩාරම් නිර්මානය කරල තියෙන්නේ ආපදා අවස්ථාවලට ගැලපෙන්න. හැබැයි මේ ටෙන්ට් වල කල්පැවැත්ම ඉහලයි.
බාලදක්ෂ කන්ඩායම් වල ගොඩක්ම තිබුනෙ Troop tent. මේ කූඩාරමක 10ක් 12ක් පහසුවෙන් ඉන්න පුලුවන්. කාලගුණ තත්වයන් වලටත් හොදට ඔරොත්තු දෙනවා වගේම සවිශක්තිය අතිනුත් ඉහලයි. හැබැයි Troop Tent බරින් වැඩියි. යකඩ ටෙන්ට් පෝල්, පෙග් එක්ක කිලෝ 8ක් 10ක් වෙනවා. දෙන්නෙක් තුන්දෙනෙක් යන ගමන්වලට මේ කූඩාරම ඒතරම් ගැලපෙන්නේ නෑ.
දැන් තත්ත්වය වෙනස්. කඳවුරුකාරයෙක්ට ඕන විවිධ මාදිලියේ කූඩාරම් වෙලඳපලේ තියෙනවා විවිධ මිලගනන් වලට. One person ඉඳන් 6-8 වගේ නිදාගන්න පුලුවන් ඒවා විවිධ ලේබල් වලින්, විවිධ මිලගනන් වලින් ගන්න තියෙනවා. මේ අතරේ නමක් ගමක් නැති බාල ටෙන්ට් එහෙමත් තියෙනවා. මේ මාදිලියේ ටෙන්ට් 4 seasons tent / hiking tent විදියට හඳුන්වනවා.
දැන් එන ටෙන්ට් වල පහසුවෙන් කඳවුරු බඳින්න පුලුවන්. Moskito net/ side pockets වගේම ලයිට් එකක් උනත් එල්ලගන්න hangers වගේ දේවල් දැන් එන ටෙන්ට් වල දකින්න පුලුවන්.
හොඳ තත්ත්වයේ ටෙන්ට් එකක් එක්ක ground sheet එකක් හම්බවෙනවා. එහෙම නැත්නම් අපිට එකක් මහගන්න පුලුවන් ටැපටා වගේ රෙද්දකින්. ඉටිකොළයක් උනත් මේකට හරි.
ටෙන්ට් එකට පොලොවෙන් වෙන හානි අවමකරන්නෙ ground sheet එකෙන්. කෘමි සත්තු එන එක උනත් අවම වෙනවා මේකෙන්. ටෙන්ට් එකේ ප්‍රමානයට කානුවක් හාරලා ground sheet එක දාලා කූඩාරම ගහන්න පුලුවන්නම් වැස්සට සැපේ ඉන්න පුලුවන්.
ටෙන්ට් එක මේ ශීට් එක උඩින් එලාගෙන tent peg / stakes වලින් ඇදලා පොලොවට සවිකරන එකෙන් ටෙන්ට් එක හුලඟට යන එක වලක්වගන්න පුලුවන්. ඊලගට තියෙන්නේ ටෙන්ට් එකේ සැකිල්ල (tent poles) සෙට් කරන්න. මේවා සවිකරන ආකාරය කූඩාරමේ හැටියට වෙනස් වෙනවා. ක්ලිප් කරන්න, ලූප් වලින් යවලා සවිකරන්න වගේ ක්‍රම වලට මේවා හදලා එවනවා. සැකිල්ලට main tent body එක සෙට් කලාම බොහෝදුරට වැඩ ඉවරයි. ඊලගට rain cover එක. මේකfly sheet කියලත් හඳුන්වනවා.
පායන දවසක් නම් fly sheet එක නැතුව උනත් ඉන්න පුලුවන්, උදේට පින්න බානඑක අවුලක් නැත්නම්.
හොඳට අහස දිහා බලන් ඉන්නත් පුලුවන්.
මේක හරියට සවිකරන එක වැදගත්. Fly sheet එක ටෙන්ට් එකේ body එකේ ගෑවෙන්නෙ නැතිවෙන්න ගහගන්න ඕන. ගෑවුනොත් වෙන්නේ තෙත අල්ලන එක. සමහර ශීට් වල ගයි ලයින් (gye line) එනවා. ඒවායින් ඇදලා පොලොවට සවිකරන්න ඕන. එහෙම කලාම නොතෙමී ඉන්න පුලුවන් ලොකු වෑස්සකදී උනත්.
කෑම්ප් එකක් යනකොට අමතර zipper head එකක් ඉඳිකටු , නූල් වගේ දේවල් තියෙන ටෙන්ට් රෙපෙයාර් කිට් එකක් අරන් යන එක වටිනවා. සමහර ටෙන්ට් එක්ක වෙනම repair kit එකත් එනවා. ටෙන්ට් පෝල් එකක් උනත් කැඩුනොත් හදන්න ඒකේ බඩු තියෙනවා.
පෙර සූදානමට පුලුවන් කඳවුරු ජීවිතය සැපවත් කරන්න.
මේ මතක් උන දේවල් ටිකක්. ඔයාලගේ අදහස් වලටත් පුලුවන් මේක හරවත් කරන්න. අපි අපේ දැනුම බෙදාදෙමු. ඒකට පුලුවන් camping කියන එකට අර්ථයක් දෙන්න. 😉