17/07/2026
රසායනික ඉංජිනේරු තාක්ෂණය (Chemical Engineering Technology)
මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය (Institute of Technology University of Moratuwa – ITUM) මගින් පවත්වනු ලබන ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව (National Diploma in Technology – NDT) ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝ ඉතිහාසයක් සහිත ඩිප්ලෝමා පාඨමාලාවකි. ITUM හි NDT පාඨමාලා ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍ර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අතර ඒ අතර Chemical Engineering Technology පාඨමාලාව විශේෂ ස්ථානයක් හිමි කරගනී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ Chemical Engineering Technology පිළිබඳ ජාතික මට්ටමේ ඩිප්ලෝමා අධ්‍යාපනයක් ලබාගත හැකි එකම ආයතනය ලෙස ITUM සැලකේ.
Chemical Engineering Technology NDT පාඨමාලාව සඳහා වාර්ෂිකව සිසුන් 50 දෙනෙකු බඳවා ගනු ලබන අතර, ඇතුළත් වීම සඳහා ITUM මගින් නියම කරනු ලබන අධ්‍යාපන සුදුසුකම් සහ තේරීම් ක්‍රියාවලිය සපුරාලිය යුතුය. අ.පො.ස. උසස් පෙළ ගණිත අංශයෙන් සුදුසුකම් ලබා තිබීම මෙම පාඨමාලාවට අයදුම් කිරීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන අතර, ITUM මගින් පවත්වනු ලබන තේරීම් පරීක්ෂණය (Aptitude Test) හෝ අදාළ තේරීම් ක්‍රමවේදයද සලකා බලනු ලැබේ.
මෙම පාඨමාලාව වසර තුනක පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වේ. පළමු වසර දෙක තුළ (Semester 1 සිට Semester 4 දක්වා) සිසුන්ට රසායනික ඉංජිනේරු තාක්ෂණයට අදාළ න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර, තුන්වන වසරේදී (Semester 5 සහ Semester 6) කර්මාන්ත ආයතන තුළ Industrial Training සඳහා යොමු කරනු ලබයි. මෙම කර්මාන්ත පුහුණුව මගින් සිසුන්ට සැබෑ නිෂ්පාදන ක්‍රියාවලි, කාර්මික උපකරණ සහ කර්මාන්තශාලා පරිසරය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලැබේ.
පාඨමාලාවේ අධ්‍යයන අන්තර්ගතය තුළ Chemical Engineering Fundamentals, Material and Energy Balances, Thermodynamics, Transport Phenomena (Fluid Mechanics, Heat and Mass Transfer), Unit Operations (Distillation, Evaporation, Membrane Separation, Drying, etc.), Process Control, Process Equipment Design, Industrial Safety, Environmental Engineering and Management, Food and Biotechnology, Polymer Process Technology, and Energy Conservation and Management වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ඇතුළත් වේ. මෙම විෂයයන් මගින් විද්‍යාගාර මට්ටමේ දැනුම කාර්මික පරිමාණයේ නිෂ්පාදන ක්‍රියාවලි සඳහා යොදාගැනීමට අවශ්‍ය හැකියාව සිසුන් තුළ වර්ධනය කරයි.
Chemical Engineering Technology යනු හුදෙක් රසායනාගාරයක් තුළ රසායනික පරීක්ෂණ සිදු කිරීම පමණක් නොව, විද්‍යාත්මක දැනුම කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධ ඉංජිනේරු ක්ෂේත්‍රයකි. රසායනික ඉංජිනේරු තාක්ෂණවේදීන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ නිශ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම (Production Process Operations), නිශ්පාදන ක්‍රියාවලි සැලසුම්කරණය (Process Design), නිශ්පාදන ක්‍රියාවලි නඩත්තු කිරීම (Process Maintenancs), නිශ්පාදන ක්‍රියාවලි ප්‍රශස්ත කිරීම (Process Optimization).
ක්‍රියාවලි දෝෂ හඳුනාගෙන විසඳීම (Troubleshooting), තත්ත්ව පාලනය (Quality Control) සහ කාර්මික ආරක්ෂාව තහවුරු කිරීමයි.
Industrial Training සඳහා සිසුන්ට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත ආයතන සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. Petroleum Industry,Cement Industry,Sugar Industry,Food and Beverage Industry,Pharmaceutical Industry,Polymer Product Industry,Water Treatment වැනි ක්ෂේත්‍ර වලට අදාල ආයතනවල කර්මාන්ත අත්දැකීම් ලබාගැනීමේ වටිනා අවස්ථා පවතී.
පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු Chemical Engineering Technology ඩිප්ලෝමාධාරීන්ට රාජ්‍ය සහ පෞද්ගලික කර්මාන්ත ක්ෂේත්‍රවල විවිධ රැකියා අවස්ථා සඳහා යොමුවිය හැක. Engineering Technologist, Assistant Engineer, Process Executive, Production Executive, Quality Executive වැනි තනතුරු සඳහා ආයතනයේ අවශ්‍යතාවය අනුව අවස්ථා ලැබිය හැක. රැකියා අත්දැකීම් සහ වැඩිදුර අධ්‍යාපනය සමඟ වෘත්තීයමය වශයෙන් ඉදිරියට යාමටද හැකියාව පවතී.
NDT Chemical Engineering Technology ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහාද විවිධ විශ්වවිද්‍යාල හා ආයතනවල නියමයන් අනුව Chemical Engineering, Process Engineering, Manufacturing, Environmental Engineering සහ Management වැනි ක්ෂේත්‍රවල උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථා ලැබිය හැක. එමෙන්ම කර්මාන්ත අත්දැකීම් මත පදනම්ව විශේෂීකරණය වූ Master Degree සහ පර්යේෂණ ක්ෂේත්‍රවලටද යොමුවිය හැක.
ඒ අනුව, ITUM හි Chemical Engineering Technology NDT පාඨමාලාව යනු න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික පුහුණුව සහ කර්මාන්ත අත්දැකීම එකට සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ රසායනික හා ක්‍රියාවලි කර්මාන්ත සඳහා අවශ්‍ය දක්ෂ රසායනික ඉන්ජිනේරු තාක්ෂණවේදීන් බිහිකරන වටිනා පාඨමාලාවකි.