02/10/2026
🌟 දැනුමෙන් නව ලොවක් කරා… 💻🔬
ලෝක ළමා දිනයට සමගාමීව, අප පාසලේ සිසු දරු දැරියන්ගේ විද්‍යාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය හා දැනුම ප්‍රදර්ශනය කරමින් විද්‍යා ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලදී. 🔬✨
එමෙන්ම, අප පාසලේ සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් Commercial Bank – Theldeniya ශාඛාවේ අනුග්‍රහයෙන් පරිගණක හා උපකරණ ලබා දී නවීකරණය කරන ලද නවීන පරිගණක කාමරය සිසු අයිතියට පවරා දීම ද මෙදින සිදු විය. 💻🌐
අප දරු දැරියන්ගේ අධ්‍යාපනික ගමනට අත්වැලක් වෙමින් ලබාදුන් මෙම වටිනා දායකත්වය වෙනුවෙන් Commercial Bank – Theldeniya වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏💙
“දැනුමෙන් සවිමත් දරු පරපුරක්… තාක්ෂණයෙන් සන්නද්ධ අනාගතයක්…” 🌱💻✨