Kg/Walagama Maha Vidyalaya - National School

Kg/Walagama Maha Vidyalaya  - National School This is an official page of Kg/walagama Maha Vidyalaya

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ කලාප මට්ටමේ තරග අංශයෙන් (මිශ්‍ර සමූහ උඩරට නෛඅඩි වන්නම) ප්‍රථම ස්ථානය අප පාසලේ නර්තන අ‍ං...
24/05/2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ කලාප මට්ටමේ තරග අංශයෙන්
(මිශ්‍ර සමූහ උඩරට නෛඅඩි වන්නම)
ප්‍රථම ස්ථානය අප පාසලේ නර්තන අ‍ංශයේ දරු දැරියන් දිනා ගනියි.

වලගම මහ විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වරට සබරගමු පළාත් වොලිබෝල් තරගාවලිය සදහා අප  පාසලේ 16 න් පහල ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැ...
21/05/2026

වලගම මහ විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වරට සබරගමු පළාත් වොලිබෝල් තරගාවලිය සදහා අප පාසලේ 16 න් පහල ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබිය...💪💪❤️❤️

15/05/2026

දහසක් දූ දරුවන්ගේ නැණ පාදන... ✳️✴️
ආදරණීය වලගම විදු මව්ගේ ලස්සන..

2024/2025 වර්ෂවල  වලගම මහා විද්‍යාලයේ  අ.පො.ස උසස්පෙල විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දරුවන්ට  උණුසුම් සුබපැතුම් ....
08/05/2026

2024/2025 වර්ෂවල වලගම මහා විද්‍යාලයේ අ.පො.ස උසස්පෙල විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දරුවන්ට උණුසුම් සුබපැතුම් ...

අද දින  ගලිගමුව  මධ්‍ය මහ විද්‍යාලයේ පැවති  ගලිගමුව කොට්ඨාස එල්ලේ බාලිකා තරගාවලියේ  ශූරතාවය  අප පාසලේ ක්‍රීඩිකාවන් දිනා ...
30/04/2026

අද දින ගලිගමුව මධ්‍ය මහ විද්‍යාලයේ පැවති ගලිගමුව කොට්ඨාස එල්ලේ බාලිකා තරගාවලියේ ශූරතාවය අප පාසලේ ක්‍රීඩිකාවන් දිනා ගන්නා ලදි... 🏆️🥇🎗️

වලගම මාතාවට කීර්තියක් ගෙන දුන් දියණියනි ඔබලාට සුබ පැතුම්....

🏅කොට්ඨාස ක්‍රීඩා🥇 2026වොලිබෝල් 🏐🏐අද දින පැවති  කොට්ඨාස වොලිබෝල් බාලිකා තරගාවලියේ20න් පහල ශූරතාවය 18න් පහල  අනුශූරතාවය 16...
27/04/2026

🏅කොට්ඨාස ක්‍රීඩා🥇 2026

වොලිබෝල් 🏐🏐

අද දින පැවති කොට්ඨාස වොලිබෝල් බාලිකා තරගාවලියේ

20න් පහල ශූරතාවය
18න් පහල අනුශූරතාවය
16න් පහල අනු ශූරතාවය

ලබා ගත් අප විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ට සුබ පැතුම්....

🏅කොට්ඨාස ක්‍රීඩා🥇 2026නෙට් බෝල් 🏀🏀පසුගිය දින පැවති කොට්ඨාස නෙට්බෝල් තරගාවලියේ20න් පහල ශූරතාවය 18න් පහල ශූරතාවය 16න් පහල ...
27/04/2026

🏅කොට්ඨාස ක්‍රීඩා🥇 2026

නෙට් බෝල් 🏀🏀

පසුගිය දින පැවති කොට්ඨාස නෙට්බෝල් තරගාවලියේ

20න් පහල ශූරතාවය
18න් පහල ශූරතාවය
16න් පහල අනු ශූරතාවය

ලබා ගත් අප විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ට සුබ පැතුම්....

🏏 ගෞරවනීය ජයග්‍රහණයක්! 🏏අද දින කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති2025 කෑගල්ල දිස්...
28/03/2026

🏏 ගෞරවනීය ජයග්‍රහණයක්! 🏏

අද දින කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති
2025 කෑගල්ල දිස්ත්‍රික් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේදී,
වලගම මහා විද්‍යාලයේ අප දරු දැරියන් විශිෂ්ට දක්ෂතා පෙන්වමින්
දිස්ත්‍රික් මට්ටමින් ඉහළම ඇගයීම් දිනා ගැනීමට සමත් විය. 🌟

🏆 අපගේ විශේෂ සම්මානලාභීන්:
▪️ උමයංගනා පියතිස්ස – 19 පහළ දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම
▪️ නිතුම් අයෝද්‍ය – 13 පහළ දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම

🎉 වලගම විදුහල් නාමය ගෞරවයෙන් ඉහළින් ඔසවා තැබූ
මෙම දියණියට හා පුතනුවන්ට,

විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් සහ ආචාර්ය මණ්ඩලයෙන්
හෘදයාංගම සුභ පැතුම්! 💐

සාමාන්‍ය පෙළ  අසමත් වුවත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී නොසිටියත් එම දරුවන්ට නැවත පාසල් යා හැකි බව ඔබ දන්නවාද?ඔබ දන්නා එවැනි...
22/03/2026

සාමාන්‍ය පෙළ අසමත් වුවත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී නොසිටියත් එම දරුවන්ට නැවත පාසල් යා හැකි බව ඔබ දන්නවාද?
ඔබ දන්නා එවැනි දරුවන් සිටීනම් කෑ/ වලගම ජාතක පාසල, දේවාලේගම පාසලේ ඇති දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන අංශය වෙත ඔබගේ එම දරුවා නොපමාව යොමු කරන්න.
විභාග කිසිවක් නැත. ඔහු/ ඇය කැමතිම වෘත්තීය විෂය තෝරා ගැනීමට ඔවුනටම අවස්ථාව හිමිවේ. එම දරුවන් NVQ 04 සහතික ලබා ගන්නා තුරු අප ඔවුන්ට පාසලේදීම අවශ්‍ය මග පෙන්වීම් කරන්නෙමු.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වැඩ ලෝකයට පිවිසීම සඳහා අවශ්‍ය භාවාත්මක දැනුම හා නිපුණතා අත්පත් කරගත හැකි වන පරිදි ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 7ට අදාළව ව්‍යවහාරික විෂය 26ක් එවන් දරුවන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇත. ඒ අතරින්,
1.විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
2.මෝටර් කාර්මික තාක්ෂණ අධ්‍යයනය
3.සංචරණය හා ආගන්තුක සත්කාර
4.ග්‍රැෆික් නිර්මාණකරණය
5.භූ දර්ශන නිර්මාණකරණය
6.ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
7.වැවිලි භා්ෙග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
අප පාසලේදී 2026 වර්ෂය සඳහා අධ්‍යයනය කළ හැකි අතර පාඨමාලාව සාර්ථකව නිම කළ පසුව ඔබ අභිමත වෘත්තියක NVQ 04 පාඨාමාලාවක් සඳහා සුදුසු ආයතන වෙත අප ඔබව යොමු කරන්නෙමු. ඉන්පසු තව දුරටත් උසස් අධ්‍යාපන කටයුතු වල නියැලීමට කැමති දරුවන් සඳහා ඔවුන් තෝරාගත් ක්ෂේත්‍ර වල උපාධි එනම් NVQ 07 මට්ටම දක්වා වෘත්තියෙහි නියැලෙමින්ම වැඩිදුර අධ්‍යාපන කටයුතු කිරීමට අවස්ථාව හිමි කරගත හැකිය.
මේ අවස්ථා ලබා ගැනීමට කැමති දරුවන් සිටීනම් කෑ/ වලගම ජාතික පාසල, දේවාලේගම පාසලේ ඇති දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන අංශයට ඇතුළත් වීමේ අයදුම්පත රැගෙන එය නිසි පරිදි පුරවා ප්‍රධාන කාර්යාලය වෙත 2026.03.25 දිනට පෙර ගෙනැවිත් භාරදෙන්න.
වැඩිදුර විමසීම් සඳහා පහත දුරකතන අංක වලට අමතන්න 037-2241510

Address

Dewalegama
71000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94372241510

Alerts

Be the first to know and let us send you an email when Kg/Walagama Maha Vidyalaya - National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kg/Walagama Maha Vidyalaya - National School:

Shortcuts

Share

Category