Kg / Dehi / Wilagama Kanishta Vidyalaya

Kg / Dehi / Wilagama Kanishta Vidyalaya Provincial School

2025.10.30 වන දින අප විද්‍යාලයේ දරුවන් වාර්ෂිකව පවත්වන්නට යෙදෙන කඨින චීවර පූජාව නිමිතිකොටගෙන විලගම ශ්‍රී ශෛලාරාම විහාරස්...
01/11/2025

2025.10.30 වන දින අප විද්‍යාලයේ දරුවන් වාර්ෂිකව පවත්වන්නට යෙදෙන කඨින චීවර පූජාව නිමිතිකොටගෙන විලගම ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන කටයුතු සඳහා සහභාගී විය.

ඊයේ දිනයේදී  2 ශ්‍රේණියේ දරුවන්ගේ බුද්ධ ධර්මය විෂයට සමගාමීව පවත්වන්නට ‍යෙදුණු කඩල දන්සල.
11/10/2025

ඊයේ දිනයේදී 2 ශ්‍රේණියේ දරුවන්ගේ බුද්ධ ධර්මය විෂයට සමගාමීව පවත්වන්නට ‍යෙදුණු කඩල දන්සල.

ගුරු දින සැමරුම - 2025
07/10/2025

ගුරු දින සැමරුම - 2025

06/10/2025

සියලුම ගුරුවරුන්ට උපහාරයක්ම වේවා 🙏❤️

💚💛 𝐇𝐚𝐩𝐩𝐲 𝐖𝐨𝐫𝐥𝐝 𝐓𝐞𝐚𝐜𝐡𝐞𝐫'𝐬 𝐃𝐚𝐲.. 💛💚
05/10/2025

💚💛 𝐇𝐚𝐩𝐩𝐲 𝐖𝐨𝐫𝐥𝐝 𝐓𝐞𝐚𝐜𝐡𝐞𝐫'𝐬 𝐃𝐚𝐲.. 💛💚

ලෝක ළමා දින සැමරුම - 2025❤️ ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට ❤️අද දින පැවත්වූ ළමා දින සැමරුම් උත්සවය සාර්ථක කර ගැනීම වෙ...
01/10/2025

ලෝක ළමා දින සැමරුම - 2025

❤️ ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට ❤️

අද දින පැවත්වූ ළමා දින සැමරුම් උත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඒ සදහා දායකත්වය දැක්වූ දෙමාපියන් හා ආදි ශිෂ්‍යයන් ඇතුලු සියලුදෙනාට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ හදපිරි ස්තූතිය .. 🙏🙏

එමෙන්ම දරුවන්ට ත්‍යාග ලබාදීම සදහා මූල්‍යමය දායකත්වය දැක්වූ NMP Kumari , Tilak Dayananda ඇතුලු සියලුම දෙනාට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටින අතර ඉදිරියේදී ද තව තවත් මෙවැනි කටයුතු සිදුකිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායී අප සියලුදෙනා ප්‍රාර්ථනා කර සිටින්නෙමු... 💚

ත්‍යාග ලබාදීම වෙනුවෙන් මහජන බැංකුව දැරණියගල ශාඛාවටත් විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ හෘදයාංගම ස්තූතිය .. 🙏🙏

💚💛 වසර කිහිපයකට පසු ශිෂ්‍යත්ව කඩයිම සමත්ව පාසලෙහි කීර්ති නාමය බබළවන්නට කටයුතු කළ ආදරණීය දියණිය ඇතුලු කඩයිමට මුහුණ දුන් ස...
04/09/2025

💚💛 වසර කිහිපයකට පසු ශිෂ්‍යත්ව කඩයිම සමත්ව පාසලෙහි කීර්ති නාමය බබළවන්නට කටයුතු කළ ආදරණීය දියණිය ඇතුලු කඩයිමට මුහුණ දුන් සියලු දූ පුතුන්ට දීප්තිමත් අනාගතයකට උණුසුම් සුබපැතුම් 💛💚

මේ සදහා කැපවීමෙන් කටයුතු කළ වරුණි ගුරුමහත්මියට , අප පාසලේ හිටපු විදුහල්පතිතුමිය ඇතුලු පෙර පාසලේ සිට මෙම කඩයිම දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකළ සියලු ගුරු මහත්මීන්ටත්, දරුවන් පසුපස සිටිමින් අවශ්‍ය උදව් උපකාර කළ දෙමාපිය සැමටත් විදුහල්පතිතුමා ආචාර්‍ය මණ්ඩලය ඇතුලු දූ දරුවන්ගේ හෘදයාංගම ස්තූතිය... 🙏❤️❤️

සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟ -2025කලාප ජයග්‍රහණ 7 ශ්‍රේණිය 🔸H.K. ප්‍රසාදිකා මදුශානි 🔹භාෂා භාවිතය හා අවබෝධය - දෙවන ස්ථානය...
01/09/2025

සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟ -2025
කලාප ජයග්‍රහණ

7 ශ්‍රේණිය

🔸H.K. ප්‍රසාදිකා මදුශානි
🔹භාෂා භාවිතය හා අවබෝධය - දෙවන ස්ථානය

9 ⁣ශ්‍රේණිය

🔸D.V.කශ්මි කිවින්ද්‍යා
🔹ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන - ප්‍රථම ස්ථානය
🔹සාහිත්‍යය දැනුම මිනුම - ⁣ තෙවන ස්ථානය

10 ශ්‍රේණිය

🔸S.A. හෂිනි මහේෂා
🔹අත් අකුරු හා භාෂාවේ ශිල්ප ක්‍රම - ප්‍රථම ස්ථානය

ඉහත ජයග්‍රහණ ලබාගෙන අප පාසලට කීර්තියක් අත්කර දුන් දියණියන්ට උණුසුම් සුබපැතුම් ❤️

පසුගිය දිනකදී පවත්වන්නට යෙදුණු ඉංග්‍රීසි භාෂා තරඟ කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේ දරුවෝ.. ▪️Grade 06 - Story Telling 🔸...
01/09/2025

පසුගිය දිනකදී පවත්වන්නට යෙදුණු ඉංග්‍රීසි භාෂා තරඟ කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේ දරුවෝ..

▪️Grade 06 - Story Telling
🔸D.V.M.Nethmini - 1st Place
🔸W.G.H.Dewsith - 2nd Place

▪️Grade 07 - Hand Writing
🔸O.K.B.Vidarshana - 3 rd place

▪️Grade 07 - Story Telling
🔸M.G.S.Ranjala - 3rd Place

▪️Grade 09 - Hand Writing
🔸D.V.K.K.D.Danansooriya - 3rd Place

▪️Grade 09 - Story Telling
🔸D.V.K.K.D.Danansooriya - 3rd Place

▪️Grade 09 - Recitation
🔸I.G.C.Navodi - 3rd Place

▪️Grade 09 - Prepared Speech
🔸I.G.C.Navodi - 3rd Place

▪️Grade 10 - Hand Writing
🔸W.V.K.V.Weliwita - 1st Place

▪️Grade 10 - Prepared Speech
🔸E.M.N.H.Edirisinghe - 3rd Place

▪️Grade 11 - Hand Writing
🔸D.M.Y.Methsarani - 1st Place

2024 වර්ෂයේ පැවැත්වූ අ.පො.ස. සා/පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත් සියලුම සිසුන්ට උණුසුම් සුබපැතුම් 🙏🙏❤️
19/07/2025

2024 වර්ෂයේ පැවැත්වූ අ.පො.ස. සා/පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත් සියලුම සිසුන්ට උණුසුම් සුබපැතුම් 🙏🙏❤️

❤️❤️මීට වසර දෙකකට ඉහතදී අප පාසලට වොලිබෝලයක් අවශ්‍ය තිබියදී ඒ අවස්ථාවේදී අප හා සම්බන්ධ වෙමින් වොලිබෝලයකට අමතරව තවත් ක්‍රී...
27/06/2025

❤️❤️මීට වසර දෙකකට ඉහතදී අප පාසලට වොලිබෝලයක් අවශ්‍ය තිබියදී ඒ අවස්ථාවේදී අප හා සම්බන්ධ වෙමින් වොලිබෝලයකට අමතරව තවත් ක්‍රීඩා උපකරණ, දරුවන්ට අවශ්‍ය ජර්සි ආදිය අවස්ථා කිහිපයකදී අප පාසල වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකළ Roshan Chathuranga සහෝදරයා විසින් අද දින ද ඉදිරියේදී පැවත්වීමට නියමිත කලාප මළල ක්‍රීඩා තරඟ සඳහා තේරී පත්වී සිටින අප පාසලේ දරුවන් සඳහා විද්‍යාලයේ ගණිතය විෂයභාර Eranga Manoj ගුරුතුමාගේ ඉල්ලීමකට අනුව මෙම ධාවන සපත්තු යුගලය පරිත්‍යාග කරන ලදී.❤️❤️

මෙම ස්පයික්ස් යුගලය ලබා දීමට දායකත්වය දැක්වූ Amal Bandaranayake මහත්මාටත් ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු සිදුකළ Roshan Chathuranga සහෝදරයාට පාසලේ දූ දරුවන්ගේ හා විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු. ඉදිරියේදී ද තව තවත් මෙවැනි කටයුතු සිදුකිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායී අප සියලුදෙනා ප්‍රාර්ථනා කර සිටින්නෙමු.🙏🙏

හැමදාමත් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් කැපවී කටයුතු කරන ගණිතය විෂයභාර Eranga Manoj ගුරුතුමාටද අප සියලුදෙනාගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු. 🙏🙏

කොට්ඨාස මළල ක්‍රීඩා තරඟ ජයග්‍රහණය කළ අපේ දරුවෝ ❤️🔸මිතුන් නෙත්සර - දුර පැනීම - ප්‍රථම ස්ථානය 🔸මිතුන් නෙත්සර - කඩුලු පැනීම...
25/06/2025

කොට්ඨාස මළල ක්‍රීඩා තරඟ ජයග්‍රහණය කළ අපේ දරුවෝ ❤️

🔸මිතුන් නෙත්සර - දුර පැනීම - ප්‍රථම ස්ථානය
🔸මිතුන් නෙත්සර - කඩුලු පැනීම - තෙවන ස්ථානය
🔸නදිනි දහම්සා - මීටර් 100 - තෙවන ස්ථානය
🔸නදිනි දහම්සා - දුර පැනීම - සිව්වන ස්ථානය(පරිසාධන මට්ටම)
🔸නදිනි දහම්සා - මීටර් 60 - තෙවන ස්ථානය
🔸දුලංජනා මදුශංක - දුර පැනීම - තෙවන ස්ථානය
🔸දුලංජනා මදුශංක - මීටර් 100 - දෙවන ස්ථානය
🔸ඕෂධී චතූර්ණි - දුර පැනීම - තෙවන ස්ථානය
🔸ඕෂධී චතූර්ණි -මීටර් 100 - තෙවන ස්ථානය
🔸තාරක දිල්ශාන් - උස පැනීම - දෙවන ස්ථානය

ක්‍රීඩා ගුරුභවතෙකු නොමැතිවද දරුවන් ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, දූ දරුවන්ගේ උණුසුම් සුබපැතුම් ❤️❤️

Address

Noori
Deraniyagala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 01:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Kg / Dehi / Wilagama Kanishta Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category