27/04/2026
Happy Monday 😊
Education
27/04/2026
Happy Monday 😊
13/04/2026
රාත්‍රී අහස…
අඳුරුය. නිශ්ශබ්දය.
නමුත් ඒ අඳුර අතර දිලෙන තාරකා
කුඩා දරුවෙකුගේ සිත තුළ විශාල ප්‍රශ්නයක් ඇති කරයි…
“ඒ ලෝකයට මටත් යන්න පුළුවන්ද?” 🌠
ඒ ප්‍රශ්නය අහපු දරුවෙකු තමයි ක්‍රිස්ටිනා.
බොහෝ දෙනා ඒක අමතක කරනවා… හැබැයි
ඇය එය අත්හැරියේ නැහැ.
1979 ජනවාරි 29 වැනිදා ක්‍රිස්ටිනා කෝච් කුඩා දැරිය මෙලොව එළිය දකිනවා. කුඩා කාලයේ සිටම තාරකා, ග්‍රහ ලෝක සහ විශ්වය ගැන අමුතුම ආකර්ෂණයක් ඇය දැක්වූවා. ඒ නිසාම ඇය අනෙක් දරුවන් අතර වෙනස් කැපී පෙනෙන දරුවෙක් වුණා.
අහස ඒක හරි පුදුමයි. අහස ගැන පුදුම ප්‍රශ්න ගොඩක් ඇයට තිබුණේ. ඒ හැම දෙයක්ම ඒ විදියට සිද්ධවෙන්නේ ඇයි කියන දේ ඇයට ප්‍රශ්නයක් වුණා. ඒ නිසාම තවදුරටත් ඇය ඒ ගැන හිතන්න ඒ ගැන අධ්‍යයනය කරන්න කුතුහලයක් එකතු උනා
ක්‍රිස්ටිනා Rocket Club වැනි ක්‍රියාකාරකම්වලට සහභාගී වෙමින් ඇය තම සිහිනයට මුල් පියවර තැබුවා.
සිහින සැබෑ කරගන්න නම් ඒකට දැනුම, කැපවීම සහ ඉවසීම අවශ්‍ය බව ඇය කුඩා කාලයේම වටහා ගත්තාය. ඒ නිසාම ඇය North Carolina State University වෙත ඇතුළත් වෙමින් විදුලි ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ උපාධි ලබාගත්තාය. පසුව එම ක්ෂේත්‍රයේම පශ්චාත් උපාධියක්ද සම්පූර්ණ කරමින් ඇය තම සිහිනයට තවත් පියවරක් ලංවුණාය.
නමුත් ඇයගේ ගමන එතනට සීමා වුණේ නැහැ…
ඇය තමන්වම අභියෝගයට ලක් කළා.
2004 සිට 2007 දක්වා ඇය ඇන්ටාක්ටිකාව සහ ආක්ටික් ප්‍රදේශවල පර්යේෂණ කටයුතු වලට එක්වෙමින් -80°Cට වඩා අඩු අධික ශීතලට, දිගු හුදෙකලාවට සහ අභියෝගාත්මක පරිසරයන්ට මුහුණ දුන්නාය. සාමාන්‍ය මිනිසෙකුට ඒවා අසීරු වුවත්, ඇය ඒ අභියෝග භාර ගත්තාය. ඒ අත්දැකීම් ඇයව අභ්‍යවකාශයේ ජීවිතයට සූදානම් කරන්න සමත් කළා. ශරීරයෙන්ම නොව, මනසින්ද ශක්තිමත් කළා.
අවසානයේ, ඇයගේ සිහිනයට දොර විවෘත වුණා… 🚀
2013 දී ඇය NASA ගගනගාමී කණ්ඩායමට තේරී පත් වුණාය. දැඩි පුහුණුවීම් හරහා 2015 දී ඇය සම්පූර්ණ ගගනගාමියෙකු ලෙස තහවුරු වුණා.
2019 මාර්තු 14 ඇයගේ ජීවිතයේ විශාලම මොහොත.
ඇය International Space Station වෙත ගමන් කළා. එතැන් සිට, දින 328ක් පුරා ඇය පෘථිවියෙන් දුරස්ව ජීවත් වුණා. එය කාන්තාවක් විසින් සිදු කළ දිගුතම අභ්‍යවකාශ රැඳී සිටීම ලෙස ලෝක වාර්තාවක් වුණාය.
ඒ කාලය තුළ ඇය පෘථිවිය වටා 5,000කට වඩා වට ගමන් කරමින්, සැතපුම් මිලියන 139කට අධික දුරක් ගමන් කළාය. ඒවා සරල සංඛ්‍යා නොවෙයි — ඒවා ඇයගේ කැපවීමේ මැනවීමයි.
2019 ඔක්තෝබර් 18 වැනිදා, ඇය සහ Jessica Meir එක්ව ඉතිහාසයේ පළමු කාන්තා spacewalk එක සිදු කළහ. එය කාන්තාවන්ට අභ්‍යවකාශයේ නව දොරක් විවෘත කළ මොහොතක් විය.
ඇයගේ ගමන තවමත් නතර වී නැහැ… 🌕
2026 දී, ඇය Artemis II මෙහෙයුමේ Mission Specialist ලෙස තේරී පත් වුණාය. 1972 Apollo 17 පසුව මිනිසුන් සඳ වෙත යන නව යුගයේ කොටසක් වෙමින්, සඳ වටා ගමන් කරන පළමු කාන්තාව වීමට ඇය සූදානම් වෙමින් සිටී.
Time සඟරාවේ ලොව බලගතුම පුද්ගලයන් අතරටද ඇය තේරී පත් වුණාය. නමුත් ඇයගේ වටිනාකම සම්මානවලින් පමණක් නොවේ — ඒ ඇයගේ කතාවයි.
ක්‍රිස්ටිනා කෝච් අපට කියා දෙන්නේ එකම දෙයක්…
හීන කියන්නේ දුරින් දිස්වන තාරකා නොවෙයි.
ඔබ ඒවා වෙනුවෙන් කැපවෙන්න නම්, ඒවා ඔබට ලඟාවෙයි.
ලෝකයේ කෙළවරේ සිට අභ්‍යවකාශය දක්වා ගමන් කළ ඇය අපට මතක් කරන්නේ —
**ඔබත් ඔබේ හීන හඹා යන්න. ඒවා සැබෑ කිරීමට අවශ්‍ය ශක්තිය ඔබ තුළම තිබෙනවා යන්නයි. ** 🌠
Morning Vibe our accommodation 😍😍😍😍
03/04/2026
🚀🌕 වසර 53 කට පස්සේ ඔන්න එහෙනම් අපේ යුගයත් ඉතිහාසගත වෙනවා ( එහෙම බැලුවොත් ඇත්තටම අපි හරිම වාසනාවන්තයි) එහෙම නේද? 😍
ඇත්තටම මට පොඩි කාලෙ ඉඳන් එක පිස්සුව ක් තිබුණු තවත් එක පැත්තක් තමයි අහස, තරු, සෞරග්‍රහ මණ්ඩලය මේ දේවල් ගැන ඉගෙන ගන්න.
ඒ කාලේ රුපියල් විස්සට ගත්ත විජය පත්තරේ මම ගන්නෙම මොනවම හරි සෞරග්‍රහ මණ්ඩලය ගැන දෙයක් දාලා තියෙනවද බලන්න. 🫣😊 (අම්මෝ ඒ කාලේ මට පිස්සු) 🫣
1972දී Apollo 17 mission එකෙන් පස්සේ, මිනිසා සඳට ගිය අවසන් අවස්ථාව එය වුණා.
ඒ කියන්නේ අද අපි දැක්කාටත් වඩා, පරම්පරා 2කට වැඩි කාලයක් මිනිසා සඳෙන් ඈත් වෙලා හිටියා… 🌌
නමුත් අද…
🔥Artemis II මඟින්, ඒ නිහඬතාවය බිද දමන්න හැකියාව ලැබිලා තියෙනවා.
🌌
දන්නවද NASA එකේ “Artemis Program” එකේ අරමුණ simple එකක් නෙවෙයි…
👉 නැවත සඳට යාම
👉 එහි
දිගුකාලීන මිනිස් වාසය (Moon Base) පිහිටුවීම
👉 එතැනින් අඟහරු වෙත ගමන් කිරීම 🚀
මේ වගේ ගොඩක් අරමුණු තියෙනවා.
👉 ඒ කියන්නේ — මේක mission එකක් විතරක් නෙවෙයි…
👉 මිනිසාගේ අනාගතය වෙනස් කරන plan එකක්!
🛰️ *Artemis II mission එකේ ඔයාලා දැනගන්නම ඕන දේවල්
*🚀 Launch Vehicle: Space Launch System (SLS) – ලෝකයේ බලවත්ම රොකට් එකක්
🛸 Spacecraft: Orion Crew Capsule
⏳ Mission Duration: දින 8 – 10 අතර
🌕 Trajectory: සඳ වටා flyby එකක් (සඳ මත ගොඩබෑමක් නැහැ)
🌍 Distance: ~384,000 km (Earth → Moon)
👉 මෙය test mission එකක් —
👉 future lunar landing (Artemis III) සඳහා critical step එකක්!
දැන් කියන්න යන්නේ හැමෝම ආසාවෙන් ඉන්න මේ ගමනට එකතු වුණු Crew එක ගැන. 👨🚀👩🚀
✨ Reid Wiseman (Commander)
– ISS (International Space Station) හි පළපුරුදු astronaut කෙනෙක්
ඒ වගේම තමයි මේ mission leadership එකේ heart එක
✨ Victor Glover (Pilot)
– NASA astronaut + US Navy pilot
– සඳට යන පළමු Black astronaut කෙනා වෙන්න නියමිතයි.
✨ Christina Koch (Mission Specialist)
– spacewalk record තියෙන කාන්තාවක්
– **සඳ වටා යන පළමු කාන්තාව** 🌕 ඉතින් ඒ නිසා ඇය සද මතට ගිය විශිෂ්ටයින් අතර සැමදාම අමරණීය වෙනවා.
✨ **Jeremy Hansen (Mission Specialist)**
– Canadian astronaut
– **කැනඩාවෙන් සඳ වෙත යන පළමු පුද්ගලයා** 🇨🇦
ඉතින් කොහොම හරි සදේ කතාව ඉවර ද?
නෑ නෑ ඉවර නෑ ☺️
ඊළඟ පෝස්ට් එකෙන් වැදගත්ම දේවල් ගොඩක් කතා කරමු.🥰
පොඩි පොඩි Mistakes තිබ්බොත් සමාවෙන්න. ඔයා දන්න තවත් දේවල් කමෙන්ට් එකක් විදියට දාන්න. 🥰😍
එහෙනම් ඉතින් මාව Follow කරලා තියාගන්න ලස්සන ළමයෝ. 😘🥰 (ඔව් ඔව් ඔයාට කිව්වේ 🤗😁
01/04/2026
අද අප්‍රේල් 1… 🎭
අද දවස අපි දන්නේ මෝඩයොන්ගේ දවස කියලා නේ. 😄
ඒ නිසා අපේ අය ගොඩක් දක්ෂයි ළඟම ඉන්න අයව මොඩයෝ කරන්න. 😅
හැබැයි… 🤔
මම මෙහෙම ඇහුවොතින් ජීවිතේ අපි කරන ලොකුම රැවටීම,
අපි අපිටම කරන එක නෙවෙයිද?💭
ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ වැඩියෙන්ම තියෙන්නේ
තමන්ටම බොරු කරගැනීම් විතරයි.😔
“හෙටින් පටන් ගන්නවා…” ⏳
“මට තව කාලයක් තියෙනවා…”
“මම මේකට සුදුස්සෙක් නෙවෙයි…”
"මට මේක පුළුවන් වෙයිද?" 😟
මේ වගේ පොඩි පොඩි වචන වලින්
Negative වෙන ඔයාගේ ජීවිතේ
හැමදාම ඔයාට ලැබෙන්නේ සෘණාත්මක දේවල් විතරයි.⚡
ඔයා සමහරවිට මේ විදිහටත් හිතනවා 👇
👉 "හොඳ වෙලාවක් එයි" කියලා… 🌥️
හැබැයි ඇත්තටම…
හොඳ වෙලාවක් එන්නෙ නෑ… ❌
අපි පටන් ගත්තම තමයි හොඳ වෙලාව හැදෙන්නේ. 🚀
අපි තවදුරටත් බොරුවක් කියනවා…
👉 "මට බයයි" 😰
👉 "මට බැහැ" ❌
👉 "අනිත් අය මට වඩා හොඳයි, දක්ෂයි කියලා"
හැබැයි…
*ඔයාට වඩා ඔයාව දන්න කෙනෙක් ලෝකෙ නෑ.*🌍
ඔයාට පුළුවන් දේ
*ඔයාට විතරයි පුළුවන්.* 💛✨
අද April 1… 🎯
ඔයාට පුළුවන්
අලුත් රැවටීමක් කරන්න…
👉 අනිත් අයව නෙවෙයි
👉 ඔයාගේ පරණ බයවෙන version එකව 💥
අදින් පස්සේ…
❌ "හෙට" කියන එක අඩු කරන්න
❌ "මට බැහැ" කියන එක නවත්තන්න
✔ "අදම පටන් ගන්නවා" කියන්න 🔥
✔ පොඩි පියවරක් හරි ගන්න 🚶♀️
මතක තියාගන්න…
ජීවිතේ වෙනස් වෙන්නේ එක ලොකු decision එකකින් නෙවෙයි…
එක දිනයක් තුළ ගන්න පොඩි decisions වලින්. 🌱
ඉතින්…
අදට එකම ප්‍රශ්නයක් 👇
👉 ඔයා තවදුරටත් ඔයාටම රැවටෙන්න යනවද?… 🤨
නැත්තම් අදින් පස්සේ වෙනස් වෙන්න යනවද? 🔄
අද…
*ඔයාටම බොරු කරන එක නවත්තන දවස.* ✨
ඒ නිසා ඔයාට අද දවස ගොඩක් Special 💫
#සිංහල #අලුත්ආරම්භය #ජීවිතය
01/04/2026
ගෙවුණු මාර්තු මාසේ ඔයාට කොහොමද?😍
මේ පුංචි සටහනෙන් මම ඔයාලත් එක්ක Share කරගන්නේ මගේ මාර්තු මාසේ ගෙවුණු හැටි ගැන. 🥳
දන්නවද අලුත්ම ජොබ් එකට ඇවිත් ගෙවුණු දෙවැනි මාසේ මට ලේසි වුනේ නම් නෑ.🫣 Marketing Coordinator කෙනෙක් විදියට Exhibition Organizing, Video Editing, award ceremony එකී නොකී මෙකී මේ හැම වැඩක් එක්කම පුදුම විදියට බිසී උනා. ඇත්තටම මට මම ගැනවත් හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. 🥹
ඒත් දන්නවද ගෙවුණු මාසේ ගැන මම පුදුම විදියට සතුටු වෙනවා. 🥰කොච්චර වැඩ ගොඩක් තිබුණත් මට ඒ හැම වැඩකින්ම අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබුණා.😊 හොඳම වැඩේ කියන්නේ මට මේ කිසිම දෙයක් ගැන අහලා දැනගෙන කරන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. මම එද්දිම මට කලින් හිටපු කෙනා එදාම අයින් වෙලා ගියපු නිසා මේ හැම දෙයක්ම හරිම අමාරුවෙන් ඉගෙනගෙන තනියම කරන්න වුණා. ඒත් දන්නවද ජීවිතය පළවෙනි පාරට තමයි මෙච්චරම Stress එකක් අරගෙන වැඩ කරපු. 😁
කැම්පස් එකේදී ලොකුම වදේ උනේ පාඩම් කරන එක. ඒත් දැන් තේරෙනවා පාඩම් කරන එක මීට වඩා කොච්චර ලේසිද කියලා. 🫣
ඒ හැම දෙයක්ම මම මගේ පුළුවන් උපරිමයෙන්ම කරා. ගොඩක්ම හොඳ විදියට හැම දෙයක්ම කරන්න ඒ වගේම ඇගයීම් ලබන්න මට මේ මාසේ පුරාවටම හැකියාව ලැබුණා. ඒක මම වගේ මේ Field එකට අලුත් කෙනෙක්ට ගොඩක් ලොකු motivation එකක්.🥰
දන්නවද ජීවිතේ එකපාරටම අපිට ලැබෙන අභියෝග කරදරයක් විදිහට දකින්නේ නැතිව ඒ දෙයින් අපිට අපේ ජීවිතයේ ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් විදියට දකිනවනම් අපිට අපේ ජීවිතයේ යන්න පුළුවන් දුර ගොඩක් වැඩියි. ඒක මම මේ මාසේ පුරාවටම ඉගෙන ගත්තා. මට මේ මාසේ ඉවර වෙනකොට පුදුම තරම් සතුටක් දැනුනා. මොකද මම ජීවිතයේ කවමදාකවත් නොලැබුණු අත්දැකීම් ගොඩක් මාර්තුව පුරාවට මට ලබාගන්න පුළුවන් උන නිසා 😊
ඒ විතරක් නෙවෙයි Accommodation එකේදී රසට උයන්න ඉගෙන ගන්න, සහෝදරියෝ වගේ යාළුවො ටිකක් ඇත්තටම මේ මාසේ මට ලැබුණු පීඩනයත් එක්ක මාත් එක්ක ලඟින්ම හිටියේ ඒ අය. මගේ වැඩ ගැන එයාලට අයිඩියා එකක් නැති උනත් මට හැමවෙලේම කිව්වෙ ඔයාට පුළුවන් ඔයා ඒ දේ කරන්න කියලා. ඇත්තටම මේක මාරම මාර motivation එකක් උනා මට. 🥰
ඉතින් කොහොමහරි මේ වැඩ හැම දෙයක්ම මැනේජ් කරගෙන ලස්සන විදියට මාර්තු මාසේ මට ඉවර කරන්න පුළුවන් වුණා. ඉතින් කියන්නකෝ ඔයාගේ මාර්තු මාසෙ කොහොමද? ඔයාට ඉගෙන ගන්න පුළුවන් වුන දේවල් මොනවද? ඔයාට Travel කරන්න රස කෑම Try කරන්න අවස්ථාව ලැබුණද කියලා. 😍🥰
ඇත්තටම මට නම් මේ මාසේ travel කරන්න තියා ඔෆිස් එකෙන් එළියට යන්නවත් වෙලා තිබ්බේ නෑ. 🥹ඒත් මේ මාසේ නං මම හිතාගෙන ඉන්නවා අඩුම කොහේ හරි එක තැනකට හරි ඇවිදින්න යනවා කියලා. ඒත් තව පුංචි දුකක් තියෙනවා මට මේ මාසේ එකම එක පොතක්වත් කියවන්න නම් වෙලා තිබ්බේ නෑ. හැබැයි ඊළඟ මාස නං එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා මම හිතාගත්තා. 😊
ආ කියන්න බැරි වුනානේ මට අලුත් අවස්ථාවක් ලැබුණා. ☺️office එකෙන්ම මට Digital Marketing වලින් ඉස්සරහට යන්න ඩිප්ලෝමා එකකට දාලා දුන්නා. ඇත්තටම ඒක මට ගොඩක් ලොකු දෙයක් මේ Side එකෙන් ඉස්සරහට යන්න. ඉතින් මම දැන් ඒ කෝස් එකට ජොයින් වෙලා දිගටම Studies කරනවා.
ඉතින් මේ මාර්තු මාසෙ සටහන. ඔයාලගේ ලස්සන කමෙන්ට් ටික එනකන් මම මග බලන් ඉන්නවා.
#2026
වැස්සෙන් අඩුවක් නැති අපි.
15/11/2025
විදුහල්පති තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2025
Gazate 👇👇
දැන් වෙලාව රෑ 11. 58 ඊළග Video එක හදන ගමන් ඉන්නේ. කෝ බලන්න 2025 උසස් පෙළ හෝ රජයේ තරග විභාග වලට ලෑස්ති වෙන අය. මගේ උපරිමයෙන් ඔයාලට Exam එකට ඒවි කියලා හිතෙන කරුණු දාලා හදන්නේ. Nipuni Gamage YouTube channel එකට එන්න මේ වගේ Gk Content බලන්න. ඉතින් මේ Video එක සදුදා උදේ 7 ට බලන්න පුළුවන්..