10/06/2026
ඔබත් වෘත්තීය මට්ටමේ විෂිඨතමයෙකු වන්න එන්න. දැණුම ,ආකල්ප සහ විනය සහිත අභිමානවත් සෞඛ්‍ය සේවකයෙක් ලෙස ජීවිතයේ ඉහලටම යන්න.
නව කණ්ඩායම සදහා අයදුම්පත් කැදවනු ලැබේ
කඩිනමින් පහත දුරකථන අංක වෙත අදම ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගන්න. පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
070-3959443 / 077-7265420
30/05/2026
සෞඛ්‍ය සම්පන්න පින්බර වෙසක් පොහොයක් වේවා!!!
24/05/2026
කොළඹ රිච්වේආර්‍යා ළමා රෝහලේ පැවති ශ්‍රී ලංකා වෛද්‍ය දැඩිසත්කාර හෙදියන්ගේ සංගමය විසින් පවත්වනු ලැබූ විවිධ රෝගයන් සදහා රෝගීන්ට ලබා දිය යුතු පෝෂණය යන තේමාව පදනම් කරගෙන සංවිධානය කල වැඩ සටහනට ලක් සුව අපගේ සිසු සිසුවියන් 49ක් සහභාගී විය.
14/05/2026
ජාත්‍යන්තර ලෝක හෙද දිනය නිමිති කර ගෙන ලක් සුව අපි සුව සෙත ළමා නිවාසයට දහවල් දානය ලබා දෙන ලදී. උතුම් වූ මෙම පුන්‍ය ක්‍රියාවට ඇප කැපවූ හෙද පාසලේ දුවා දරුවන්ට , දෙමාපියන්ට සහ කාර්‍යමණ්ඩලයටත් මේ පිං අත්වේවා.
11/05/2026
ගිලන් හදවතක අඳුරු මැදුරේ
ආලෝක දිලිසෙන තරුවක් වගේ
නයිටින්ගේල්ගේ මඟ පෙන්වූ මාවතේ
හෙදිය ඔබයි ජීවිතයට හුස්ම දෙන හදවතේ ......
වේදනාව අස්සේ සිනා ගෙන එන
නොනිදන රැයෙත් සේවය කරන
ලෝකෙම අමතක කර ගිලනුන් රකින
ඔබයි මනුෂ්‍යත්වයේ සැබෑ රැකවරණය දෙන දෙවගනකි නුඹ ...
සුදු ඇඳුමේ පවිතුරු බවේ
ඔබ ලයේ නිර්මල ආලෝකේ
නයිටින්ගේල් මෑණි ආදරයේ
අදත් ජීවිත සුව කරන පිවිතුරු පාමින්
හෙද දිනේදී ඔබට මේ පුදන පිදුමයි.