09/08/2026
https://www.facebook.com/61588330382458/posts/122119354731277679/
Official page
08/08/2026
හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින ශාන්ත මැතිව් දූ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය පතා සිදු කළ සෙත් පිරිත් සජ්ඣායනය.
සියලු දරුවන්ට විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්න ශක්තිය ධෛර්ය ලැබේවා....!
#ශාන්තමැතිව්විදුහල #ශිෂ්‍ය
06/08/2026
https://www.facebook.com/61588330382458/posts/122119083069277679/
🍃 "ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු..." 🍃
දෙනියාය ශාන්ත මැතිව් මව්තුරුලෙන් සිප්සතර හදාරා, තම අප්‍රතිහ ධෛර්යයෙන් හා කැපවීමෙන් උසස් පෙළ ඉහළින්ම සමත්ව සරසවි වරම් දිනූ අපේම ආදරණීය දියණියන් පිරිසක්... ❤️ graduation🎓
"ශිල්ප උගත්තෙමි නැණ ලැබ ගත්තෙමි
දෙපාවාරු නැත ඔබ හැරයන්නට..."
වසර 13ක අමතක නොවන පාසල් මතකයන් සිතේ තබාගෙන, තමන්ට අකුරු කරවූ, මඟපෙන්වූ ආදරණීය ගුරුපියවරුන්ට සහ ගුරුමෑණිවරුන්ට බුලත් හුරුලු දී ආශිර්වාද ලබාගැනීමට ඔවුන් පසුගියදා නැවතත් තම මාතාව වෙත පැමිණියා.
🎓 විශ්වවිද්‍යාල වරම් දිනූ අපේ දියණියන්:
✨ සනිති - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
✨ කවීශා - කැලණිය විශ්වවිද්‍යාලය
✨ මලීෂි - වවුනියාව විශ්වවිද්‍යාලය
✨ සඳළි - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
තවත් සිසුන් කීපදෙනෙක් තේරී ඇත.
ගුරුහරුකම් මැනවින් සිතට ගෙන, කෘතවේදීකම පෙරදැරිව උසස් අධ්‍යාපනය වෙත පියනඟන මේ ආදරණීය දියණියන් සියලු දෙනාටම ශාන්ත මැතිව් මාතාවගේ නාමයෙන් ඉදිරි අනාගතයට හෘදයාංගම සුබ පැතුම් එකතු කරමු! 🌸✨
05/08/2026
ගෞරවනීය ප්‍රණාමය සහ කෘතඥතාවය
දෙනියාය ශාන්ත මැතිව් විද්‍යාලයේ දූ දරුවන්ගේ සුරක්ෂිතභාවය උදෙසා ඉටුකළ උතුම් මෙහෙවරට...
විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධාවක් මෙන්ම තර්ජනයක්ව පැවැති බඹර වදය සාර්ථකව ඉවත් කර, දූ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් මැදිහත් වූ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය!
අපගේ විශේෂ ස්තූතිය:
සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය – කොටපොළ ප්‍රාදේශීය සභාව
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය – දෙනියාය අධ්‍යාපන කලාපය
කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය – කොටපොළ අධ්‍යාපන කොට්ඨාසය (නිරන්තර තොරතුරු විමසමින් දැක්වූ විශිෂ්ට සම්බන්ධීකරණයට)
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීතුමන්
මෙම සත්කාර්යය සඳහා නොමද සහය දැක්වූ ඔබ සැමට...
ඔබ සැමගේ කඩිනම් ක්‍රියාත්මක වීමත්, කැපවීමත් අප පාසලේ දූ දරුවන්ගේ අධ්‍යාපනික අනාගතය සුරක්ෂිත කිරීමට ලැබුණු මහත් ශක්තියකි!
- විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසු දරුවන් -
දෙනියාය ශාන්ත මැතිව් විද්‍යාලය
04/08/2026
දෙනියාය කලාප නව නිපැයුම් තරගය -සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රය
දෙවන ස්ථානය දිනාගත් 6 ශ්‍රේණියේ රනුග දම්සිතු ශිෂ්‍යයාට විදුහල්පතිතුමිය ඇතුලු පාසල් ප්‍රජාවගේ හෘදයාංගම සුබ පැතුම්...... !
#සිසුදක්ෂතා #ශාන්තමැතිව්විදුහල
02/08/2026
ඇසල පෙර පොහොය නිමිතිකරගෙන පැවති පෙර පොහොය සීල සමාදාන වැඩ සටහන 2026.07.28
#ශාන්තමැතිව්විදුහල #ප්‍රමිති
02/08/2026
දෙනියාය ශාන්ත මැතිව් ද්වි භාෂා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ දරුවන් විසින් පවත්වන ලද සංස්කෘතික පෙරහර මංගල්‍ය 2026.07.28
#ශාන්තමැතිව්විදුහල #සිසුදක්ෂතා #ප්‍රමිති
31/07/2026
29/07/2026
දෙනියාය ශාන්ත මැතිව් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සංස්කෘතික පෙරහරේ සහභාගී වූ දරුවන්ට කේක් සහ කිරි පැකට් ලබා දුන් දෙනියාය නිව් ආසිරී කේක් අධිපති රොෂාන් විජේසිංහ මහත්මාට විද්‍යාලයේ හෘදයාංගම ස්තූතිය.
ඒ සිදුකළ මහත් පුණ්‍ය කර්මය රොෂාන් විජේසිංහ මහත්මාගේ මෑනියන්ට නිර්වාණ සුවයටම හේතුවේවා....!
#ශාන්තමැතිව්විදුහල #පරිත්‍යාග
| Monday | 07:20 - 13:45 |
| Tuesday | 07:20 - 13:45 |
| Wednesday | 07:20 - 13:45 |
| Thursday | 07:20 - 13:45 |
| Friday | 07:20 - 13:45 |