Student's Union-HND Dehiwala

Student's Union-HND Dehiwala Never Victory without Fight..�

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවට අත්වැලක් වෙමු. 🌧️🤝පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන් වෙ...
29/11/2025

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවට අත්වැලක් වෙමු. 🌧️🤝

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ (ATI) මහා ශිෂ්‍ය සංගමය මගින් ආධාර එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

ඔබට හැකි අයුරින් පහත දෑ ලබා දී මෙම සද්කාර්යයට දායක වන්න: 📦 වියළි සලාක 💊 ඖෂධ 📚 ලිපිද්‍රව්‍ය ශ සනීපාරක්ෂක ද්‍රව්‍ය

📍 ආධාර භාර දෙන ස්ථානය: උසස් තාක්ෂණ ආයතනය (ATI), වෛද්‍ය පාර, දෙහිවල.
( 11/30 ඉරිදා උදෑසන 8 සිට අධාර එකතු කිරීම ආරම්භ කරයි)

📞 වැඩි විස්තර: 071 908 1408 075 293 2991

අපේම මිනිසුන් වෙනුවෙන් පෙළගැසෙමු. හැකි ඉක්මනින් ඔබේ ආධාර ලබා දෙන්න.

Let's join hands to support those affected by the adverse weather. 🌧️🤝

The Student Union of the Advanced Technological Institute (ATI) - Dehiwala is organizing a relief drive to help our brothers and sisters displaced by the recent floods/bad weather.

We kindly request your support with the following items: 📦 Dry Rations 💊 Medicines 📚 Stationery 🧴 Sanitary Items

Please drop off your donations as soon as possible at:

📍 Location: Advanced Technological Institute (ATI), Waidya Road, Dehiwala.

(Fundraising begins at 8am on Sunday 11/30)

📞 For more details: 071 908 1408 075 293 2991

Your contribution, no matter how small, makes a big difference. Let's stand together!

16/11/2025
2025 - 10 - 16 දින දෙහිවල උසස් තාක්ෂණ ආයතන  මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ආයතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරී සහෝදර සහෝදරියන් විසින් අන්ත...
21/10/2025

2025 - 10 - 16 දින දෙහිවල උසස් තාක්ෂණ ආයතන මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ආයතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරී සහෝදර සහෝදරියන් විසින් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු චමිල්ක මධුෂාන් සහෝදරයා සමඟ ආයතනයේ පවතින අධ්‍යන සුබසාධන ගැටලු පිලිබඳවත් පරිපාලනයේ පවතින ගැටලු පිලිබඳවත් සාකච්ඡාවට ගැනුණු අතර ඉදිරියේදී එම ගැටලු සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් තවදුරටත් සාකච්ඡාවට ගන්නා ලදී.
එමෙන්ම ඉංග්‍රීසී පාඨමාලාව සම්බන්ධයෙන් පවතින විශේෂ ගැටලු පිලිබඳව ඉංග්‍රීසී අධ්‍යන අංශයේ සිසුන් දැනුවත් කිරීමද සිදු කලහ.

මහා ශිෂ්‍ය සංගමය
දෙහිවල උසස් තාක්ෂණ ආයතනය
2025 - 10 - 21

පසුගියදා  දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක තුමිය සහ මහා ශිෂ්‍ය සංගමය අතර ආයතනයේ සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡ...
10/10/2025

පසුගියදා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක තුමිය සහ මහා ශිෂ්‍ය සංගමය අතර ආයතනයේ සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡාවක් පැවැත් විය.

එහිදි සිසුන් වෙනුවෙන් ලබා දී තිබෙන ගොනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කර දෙන ලෙසත්, දේශන ශාලා තුල අක්‍රිය වී ඇති විදුලි උපාංග හා අනෙකුත් තාක්ෂණික උපකරණ අලුත්වැඩියා කරන ලෙසත්, සිසුන්ගේ සනීපාරක්ෂක කටයුතු විදිමත් කරන ලෙසත්, පුස්තකාලය සඳහා විෂය නිර්දේශයන්ට අයිති පොත් ලබාදීම, අතරමග නවතා දමා ඇති සූර්ය පැනල පද්ධතියේ වැඩ ආරම්භ කිරීම, පරිගණක පහසුකම් වල තිබෙන හිඟකම, ආපන ශාලා තුල තිබෙන ඉඩ ප්‍රමාණවත් නොවීම ඇතුලු

දෙහිවල උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මුහුණ දෙන අධ්‍යයන, සුබ සාධන ගැටලු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන ලදි.

එහිදී අධ්‍යක්ෂක වරිය ප්‍රකාශකර සිටියේ අදාල ගැටලු පිළිබඳ ආයතන පරිපාලනය සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබා දීමට මැදිහත් වන බවයි.තවද මසකට වතාවක් මෙලෙස රැස් වී ආයතනික හා ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන බවට ඔවුන් එකගතාවය පල කළා.

මෙම සාකච්ඡාව සඳහා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සහෝදරවරු පිරිසක් සම්බන්ධ විය.

දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස *ඔෂාන් ධනංජය සහෝදරයා* තේරි පත් විය.
07/09/2025

දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ මහා ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස *ඔෂාන් ධනංජය සහෝදරයා* තේරි පත් විය.

‼️‼️ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ කාන්තා නේවාසිකාගාරයේ පාලිකාව විශ්‍රාම යැම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වීම නිසා එළඹෙන අධ්‍...
20/08/2025

‼️‼️ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ කාන්තා නේවාසිකාගාරයේ පාලිකාව විශ්‍රාම යැම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වීම නිසා එළඹෙන අධ්‍යයන වර්ෂය සඳහා ශිෂ්‍යාවන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති. මේ පිළිබඳව දෙහිවල උසස් තාක්ෂණ ආයතනය Sliate පරිපාලනය වසර ගණනාවක් දැනුම්වත් කර තිබුණද අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු SLIATE පරිපාලනයේ නොහැකිව නිසා උක්ත පුරප්පාඩුව මේ දක්වා සම්පූර්ණ කිරීමට අසමත් වී ඇති.

🟥 මෙම දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාර ගැටලු විසඳනු!

🟥 කාන්තා නේවාසිකාගාරයට පාලකවරියක් ලබාදෙනු!

🟥 සිසුන්ගේ අයිතියක් වන නේවාසිකාගාර භාවිතයට සිදුකරන බලපෑම
හෙලා දකිමු!

🟥 ශිෂ්‍ය අයිතීන් කප්පාදුවට එරෙහිවෙමු!

--- මහා ශිෂ්‍ය සංගමය - දෙහිවල

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පිරිනමනු ලබන උසස් ජාතික ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ...
22/07/2025

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පිරිනමනු ලබන උසස් ජාතික ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HNDE) යන පාඨමාලා සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ප්‍රදානය කිරීමට අනුමැතිය හිමි වී තිබේ.

මේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප අඛණ්ඩ මැදිහත් වීම් ගණනාවක් සිදුකළ අතර ඒ සඳහා පොදු ශිෂ්‍යයින්ගේ ද සහය හිමි විය.

ඉදිරියටත් SLIATE පද්ධතියට අදාළව ඉල්ලිම් ගණනාවක් දිනාගත යුතු අතර, ඒ වෙනුවෙන් සංවිධානය විය යුතුව තිබේ.

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය
2025 - 07 - 22

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE)   ප්‍රධාන කාර්යාලය දෙහිවල උසස් තාක්ෂණ ආයතනයට ගෙනයෑම සම්බන්ධව මතුව ඇති ගැ...
27/03/2025

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) ප්‍රධාන කාර්යාලය දෙහිවල උසස් තාක්ෂණ ආයතනයට ගෙනයෑම සම්බන්ධව මතුව ඇති ගැටලු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ(26) පැවති සාකච්ඡාක් පැවැත්විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා හා, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු චමිල්ක මදුෂාන් සහෝදරයා ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සම්බන්ධ විය.

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය

2025 - 03 - 27

නව ගොඩනැගිල්ල වහා ශිෂ්‍ය අයිතියට පත් කරනු..!!දෙහිවල උසස් තාක්ෂණ ආයතනය තුල මහජන මුදල් වැය කරමින් ඉදි කල නව ගොඩනැගිල්ල ශිෂ...
25/03/2025

නව ගොඩනැගිල්ල වහා ශිෂ්‍ය අයිතියට පත් කරනු..!!

දෙහිවල උසස් තාක්ෂණ ආයතනය තුල මහජන මුදල් වැය කරමින් ඉදි කල නව ගොඩනැගිල්ල ශිෂ්‍ය ගැටලු වලට පිලියමක් ලෙස භාවිතා නොකරන්නේ මන්ද..?

🛑 2022 වර්ශයේ සිසුන් වෙත පවරා දුන් ගොඩනැගිල්ල නැවත ආයතන වෙත පවරාගත්තේ කාගේ උවමනාවටද..?

🛑 ආයතනය තුල සිසුන්ගේ අවශ්‍යතාවයන් සදහා මෙම ගොඩනැගිල්ල ලබා දීමට කටයුතු කරනු..!

🛑 ගොඩනැගිලි පහසුකම් නොමැති මුවාවෙන් සිදුකරන ශිෂ්‍ය කප්පාදුව වහා නවත්වනු..!

දෙහිවල මහා ශිෂ්‍ය සංගමය.

2025 අයවැය යටතේ  HND ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ඉහළ දමනු !ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ල වහා සිසු අයිතියට පත් කරනු  !පැ...
11/01/2025

2025 අයවැය යටතේ HND ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ඉහළ දමනු !

ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ල වහා සිසු අයිතියට පත් කරනු !

පැරණි නේවාසිකාගාරය වහා සිසු අයිතියට පත් කරනු !

මහා ශිෂ්‍ය සංගමය දෙහිවල




"ඔවුහු ඔබට අසීමීතව ප්‍රේම කලහ!"නිදහස් අධ්‍යාපනය සුරැකීම නම් ඔබගේත් මගේත්, උර මත පැටවු තනි වගකීමක් නොව,සමස්ථ රටක අනගාතය ත...
20/06/2024

"ඔවුහු ඔබට අසීමීතව ප්‍රේම කලහ!"

නිදහස් අධ්‍යාපනය සුරැකීම නම් ඔබගේත් මගේත්,
උර මත පැටවු තනි වගකීමක් නොව,
සමස්ථ රටක අනගාතය තීරණය කරන්නා වු,
මුලු මහත් සමාජයකම යුතුකමකි!

ශ්‍රී ලංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය!

ශිෂ්‍ය වීර දිනය - 2024
Student's Union-HND Dehiwala

Address

Waidya Road
Dehiwala
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Student's Union-HND Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category