Technical College Dambulla

Technical College Dambulla Pioneer Organization in Providing Technical Education and Training in Sri Lanka.

30/01/2026
29/01/2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට උපරිම අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඊයේ (27) පැවති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.

මෙරට ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය ගුණාත්මක වෘත්තිකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් 2023 සහ 2024 වර්ෂයන්ට අදාළව, දිවයින පුරා පිහිටි තාක්ෂණික විද්‍යාල හරහා NVQ 5 සහ NVQ 6 මට්ටම් සම්පූර්ණ කළ සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

"ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපනයට සියවසකට අධික ඉතිහාසයක් තිබෙනවා. තරුණ රැකියා උත්පාදනය උදෙසා තාක්ෂණික විද්‍යාල ජාලය ඉටුකරන මෙහෙවර අපි අගය කරනවා."

"ලෝකය වෙනස් වන වේගයත් සමඟ ඇතිවන අනාගත අවිනිශ්චිතතාවන්ට මුහුණ දීමට නම් කුසලතා නිරන්තරයෙන් වැඩිදියුණු කරගත යුතුයි. අලුත් දේවල් ඉගෙනීමට ඇති කුතුහලය සහ උවමනාව කිසිදා අතහැර නොගත යුතු අතර, වෘත්තීය පුහුණු ආයතනයකින් ලැබෙන වැදගත්ම දායාදය වන්නේ 'ඉගෙන ගන්නා ආකාරය' ඉගෙන ගැනීමයි."

රටේ ආර්ථික හා සමාජීය දියුණුවට නායකත්වය දෙන කොටස්කරුවන් ලෙස, අද දවසේ ඩිප්ලෝමාධාරීන් ලෙස සහතිකපත් හිමි කරගන්නා ඔබ රටට සහ ලෝකයට ප්‍රයෝජනවත් පුරවැසියන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.


a

Congratulations our students 🏆🏆🥉🥉
28/01/2026

Congratulations our students 🏆🏆🥉🥉

28/01/2026
28/01/2026

👊Most exiting event of the year loading.....!
Diploma Awarding Ceremony 2025
We are very happy to wellcome our QS,Accountancy and Civil Engineering Diploma holders at BMICH on 2026/01/28
See you there guys😍!

Address

Kandy Road
Dambulla
21100

Alerts

Be the first to know and let us send you an email when Technical College Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Technical College Dambulla:

Shortcuts

Share

Category