Sri Dhammarakkitha Dhamma School

Sri Dhammarakkitha Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Dhammarakkitha Dhamma School, School, Dambulla.

දරුවෙකු යනු අනාගතය වෙත තබන පියවරකි.වැඩිහිටියෙකු යනු අතීතයෙන් අනාගතයට ගෙන යන ප්‍රඥාවේ පාලමකි.බුදු දහම අපට උගන්වන්නේදරුවාට...
01/10/2026

දරුවෙකු යනු අනාගතය වෙත තබන පියවරකි.
වැඩිහිටියෙකු යනු අතීතයෙන් අනාගතයට ගෙන යන ප්‍රඥාවේ පාලමකි.

බුදු දහම අපට උගන්වන්නේ
දරුවාට ආදරය කිරීමත්, වැඩිහිටියාට ගෞරව කිරීමත්
මනුෂ්‍යත්වයේ උතුම් ගුණයන් බවයි.

“මාතාපිතූ උපට්ඨානං,
පුත්තදාරස්ස සංගහෝ”

මව්පියන්ට උපස්ථාන කිරීමත්,
දරුවන්ට සෙනෙහසින් මඟ පෙන්වීමත්
යහපත් ජීවිතයක පදනම වේ.

එබැවින් අද දින
දරුවන්ගේ නෙත්වල සිහින ආරක්ෂා වේවා,
වැඩිහිටියන්ගේ හදවත්වල සැනසීම රැඳේවා,
පරම්පරා දෙක අතර මෛත්‍රියේ පාලම තව තවත් ශක්තිමත් වේවා.

තෙරුවන් සරණින්
සියලු දරු දැරියන්ට නිදහස්, සුරක්ෂිත හා යහපත් අනාගතයක්ද,
සියලු වැඩිහිටියන්ට නිරෝගී සුවය, ගෞරවය හා සැනසීමද
උදා වේවා!

🌸 ලෝක ළමා හා වැඩිහිටි දිනය
අර්ථවත් කරමු. පරම්පරා දෙකම සෙනෙහසින් සුරකිමු. 🙏
☸️☸️ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසල දන්තුරේ ☸️☸️

දිගුකල් මිහිමත වැජඹේවා!දහම් ගුණයෙන් හදවත් පුරවා,යහමඟ පෙන්වා දරු පරපුර සනසා,පුරා 54 වසක් කළ උදාර මෙහෙවරටඅපගේ ගෞරවණීය උපහා...
27/09/2026

දිගුකල් මිහිමත වැජඹේවා!
දහම් ගුණයෙන් හදවත් පුරවා,
යහමඟ පෙන්වා දරු පරපුර සනසා,
පුරා 54 වසක් කළ උදාර මෙහෙවරට
අපගේ ගෞරවණීය උපහාරය…

අද මෙන් හෙට දිනත්
ලොව ජයගන්නට දරු පරපුරට
දහම් ආලෝකය පහන් කරමින්,
සදා සුවඳවත් මල් උයනක් සේ
පරපුරෙන් පරපුරට පිබිදෙමින්…

ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසල

*දිගුකල් මිහිමත වැජඹේවා!*

54 වන සංවත්සරයට
හෘදයාංගම සුබ පැතුම්! 🙏🌸

🏆 *දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම-2026*🏆️(ප්‍රාදේශීය අදියර)2026.09.13 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තරඟාවලිය ...
14/09/2026

🏆 *දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම-2026*🏆️
(ප්‍රාදේශීය අදියර)
2026.09.13

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තරඟාවලිය යටිනුවර කඳුපළාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අතුරින් *පළමුවන ස්ථානය* හිමිකර ගෙන ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටිමි.

ධම්මරක්ඛිත නාමය බබළවන්නට කැප වී කටයුතු කල තරඟයට සහභාගී වූ සියළු දූ දරුවන්ටත්,නිරතුරු අපට සහය දැක්වූ ආදරණීය දෙමව්පියන්ටත්,දිවා රෑ නොබලා මේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කටයුතු කළ ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය හිමි ඇතුලු ගුරු මණ්ඩලයේ හැමදෙනාටමත්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ටත් ,අප වෙනුවෙන් ආශිර්වාද ගෙන එන නන් අයුරින් සහය දැක්වූ හැමදෙනාටමත් පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය මෙසේ පුද කරමි.
එවගේම පුහුණුවීම් සඳහා තම පෞද්ගලික කාලය කැප කල අප සමග එක්වු Asanka ST මහතාට අපේ ගෞරවනීය ස්තූතිය පුද කරමු🙏

තෙරුවන් සරණයි !🙏

#සිසුනිපුණතාඇගයීම්2026

උතුම් වූ වෙසක් පුන් පොහෝදිනයට සමගාමීව ශ්‍රී ධම්මරක්ඛිත දහම්පාසල තෙවන වරටත් සංවිධානය කරනු ලබන *පාන් දන්සල**වෙසක් පුන් පොහ...
29/05/2026

උතුම් වූ වෙසක් පුන් පොහෝදිනයට සමගාමීව ශ්‍රී ධම්මරක්ඛිත දහම්පාසල තෙවන වරටත් සංවිධානය කරනු ලබන
*පාන් දන්සල*
*වෙසක් පුන් පොහෝදින සවස 03.00 සිට දන්තුරේ රජමාහා විහාරස්ථානයේ දී පැවැත්වේ*
ඔබ සැමට බැතිසිතින් ආරාධානා කරමූ....🙏🙏🙏
☸️☸️☸️ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසල - දන්තුරේ☸️☸️

තවන් එක් පින්බර උදෑසනක ධම්මරක්ඛිත දහම්පාසල 🙏
17/05/2026

තවන් එක් පින්බර උදෑසනක ධම්මරක්ඛිත දහම්පාසල 🙏

සූර්‍ය උදානය 2026  ශ්‍රී ධම්මරක්ඛිත දහම්පාසලේ බක් මහා උලෙල ... අති උත්කර්ෂවත් අන්දමින් දන්තුරේ මධ්‍යමහා විද්‍යාලයේ ක්‍රී...
04/05/2026

සූර්‍ය උදානය 2026
ශ්‍රී ධම්මරක්ඛිත දහම්පාසලේ බක් මහා උලෙල ... අති උත්කර්ෂවත් අන්දමින් දන්තුරේ මධ්‍යමහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.
Album ii

සූර්‍ය උදානය 2026ශ්‍රී ධම්මරක්ඛිත දහම්පාසලේ බක් මහා උලෙල ... අති උත්කර්ෂවත් අන්දමින් දන්තුරේ මධ්‍යමහා විද්‍යාලයේ ක්‍රීඩා...
04/05/2026

සූර්‍ය උදානය 2026
ශ්‍රී ධම්මරක්ඛිත දහම්පාසලේ බක් මහා උලෙල ... අති උත්කර්ෂවත් අන්දමින් දන්තුරේ මධ්‍යමහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.

04/05/2026

සූර්‍ය උදානය 2026
ශ්‍රී ධම්මරක්ඛිත දහම්පාසලේ නර්තන අංශය
සාම්ප්‍රදායික නැටුම් සහ නිර්මාණයන් දරුවන්ට දායාද කරන ධම්මරක්ඛිත නර්තන අංශය ..

නර්තන නිර්මාණය සහ පුහුණු කිරීම
නර්තනාචාර්‍ය සත්‍යා ශ්‍යාමලී සමගින් චනරු මදුරංග ,කුශානි පාලුවත්ත

කඳුරට පුරවර ජයගත් නාමය..... නේපාල තානාපති කාර්‍යාලය , බුද්ධසාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන...
30/04/2026

කඳුරට පුරවර ජයගත් නාමය.....
නේපාල තානාපති කාර්‍යාලය , බුද්ධසාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ජාතික රචනා තරඟාවලියේ රන් පදක්කම 🥇 ජයග්‍රහණය කල දියුණි නෙත්සලා පියතිස්ස සහ අවසන් දසදෙනා අතරට එක්වූ උත්තරා තෙන්නකෝන් දියණියන් දෙදෙනාට ධම්මරක්ඛිත අපේ උණුසුම් සුබ පැතුම් .....🤩
🤩🤩🤩👏👏👏👏
මෙහිදී ශ්‍රී ධම්මරක්ඛිත දහම්පාසල සහ ප්‍රධානාචාර්‍ය හිමියන් වන පූජ්‍ය කඹරව සුමනානන්ද හිමියන් සඳහා විශේෂ ඇගැයිමක් කිරීමට නේපාල තානාපති තුමන් ඇතුලු තානාපතිකාර්‍යාලය කටයුතු සංවිධානය කර තිබුණි....🤩

☸️යටිනුවර් කඳුපලාත ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දන්තුරේ රජමහා  විහාරස්ථ  ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසලට 2026 අධ්‍යන වර්ෂය සඳහා සිසු...
30/12/2025

☸️යටිනුවර් කඳුපලාත ශාසනාරක්ෂක බලමණ්ඩලයේ
දන්තුරේ රජමහා විහාරස්ථ ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසලට 2026 අධ්‍යන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කරගැනීම☸️

✳️ 2026-01-04 වන දින සිට 2026-02-22 වන දින දක්වා
උදෑසන දතුරේ රජමහා විහාරස්ථානයේදි සිදු කරනු ලබයි ✳️

📌 සිසුන් ඇතුලත් කිරීමට පැමිණෙන විට, උප්පැන්න සහතිකයේ පිටපතක් , පෙර දහම්පාසලකට ඇතුලත්ව සිටියානම් සාදුචරියා පොත රැගෙන පැමිණෙන්න.

🛑 මෙම දිනයන් වලින් පසුව 2026 අධ්‍යන වර්ෂය සඳහා දරුවන් ඇතුලත් කිරීම සිදු කරනු නොලැබේ 🛑

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Dhammarakkitha Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category