Dambagalla Piyarathana Maha Vidyalaya

Dambagalla Piyarathana Maha Vidyalaya Official page of Mo/Dambagalla Piyarathana Maha Vidyalaya

28/01/2024

අදට යෙදෙන ජාත්‍යන්තර අධ්‍යාපන දිනය නිමිත්තෙන් අප සැරසෙන්නේ, ශ්‍රී ලංකාවේ දිළිඳු ම දිස්ත්‍රික්කය ලෙස සැලකෙන මොන...

27/11/2023
විදුහලේ සියවස් සමරුවට සමගාමීව ඉදිකල බුදු මැදුරේ බුදු පිළිම වහන්සේ තැම්පත් කිරීම...📸 කසුන් කාරියවසම්
17/08/2022

විදුහලේ සියවස් සමරුවට සමගාමීව ඉදිකල බුදු මැදුරේ බුදු පිළිම වහන්සේ තැම්පත් කිරීම...
📸 කසුන් කාරියවසම්

-සිය වසක් සපුරන දඹගල්ල පියරතන මහා විද්‍යාලය-ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක් වන දඹගල්ල පියරතන විද්‍යාලය 1922 දී බිංගොඩ විහාරස්ථා...
16/08/2022

-සිය වසක් සපුරන දඹගල්ල පියරතන මහා විද්‍යාලය-

ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක් වන දඹගල්ල පියරතන විද්‍යාලය 1922 දී බිංගොඩ විහාරස්ථානයේ වැඩ විසූ වෙල්ලස්ස උප ප්‍රධාන සංඝනායක ශ්‍රී පියරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළ ප්‍රදේශයේ පැරණිතම බෞද්ධ පාසලයි. මෙම පාසල ශ්‍රී පියරතන හිමියන්, විද්‍යෝදය පරිවේණාධිපතින් වහන්සේ හා අනගාරික ධර්මපාල තුමන් සර් ඩී බි ජයතිලක මැතිතුමන් ආදී බෞද්ධ නායකයන්ගේ උපදෙස් ඇතිව 1926දී කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට පවරා ගන්නා ලදී.

1933 වන විට දඹගල්ල බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නමින් හැඳින්වූ මෙම පාසලේ එවකට ළමයි 21 ක් පමණ අධ්‍යාපනය ලැබූහ. පාසල සඳහා වත්මන් ඉඩම පරිත්‍යාග කර ඇත්තේ ඩී එම් මුදලිහාමි හා ඩී එම් යූ බණ්ඩා නැමති පරිත්‍යාගශීලීන් විසිනි.

1934 වන විට මෙහි සිසුන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වූ අතර තල් අතු සෙවිලි කළ කුඩා ශාලාව වෙනුවට සිංහල උළු සෙවිලි කළ100×20 පාසල් ගොඩනැගිල්ලක් ඉදි විය. විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා වූයේ ජී ඩී ජිනදාස මහතා විය.
ඉන්පසු 1944 දී ඒ. ඒ. කරුණාසිංහ මහතාද 1952දී විලියම් ගලගෙදර මහතාද පාසලේ මුල් ගුරු මහතුන් ලෙස මහත් සේවයක් ඉටු කළහ. මෙතෙක් කල් කනිෂ්ඨ පාසලක් ව පැවැති පාසැල ජේෂ්ඨ පාසලක් බවට උසස් කරවා ගැනීමට විලියම් ගලගෙදර මහතා සමත් විය.

1954 දී ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට සිසුන් ඉදිරිපත් කළ අතර 1955දී ප්‍රථම වරට ශිෂ්‍යයකු ඉන් ඉහළ මට්ටමින් සමත් විය. අද ඔහු විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. 1960දී එම් සී පෙරේරා මහතා මුල්ගුරුවරයා ලෙස සේවය කළ අතර අද දක්වා ශූරතාව දිනා ගන්නා අත්පන්දු ක්‍රීඩාව ඇරඹුණේ ද මෙම වර්ෂයේ ය. 1960 දී මොනරාගල දිස්ත්‍රික්කයේ ශූරතාවය පළමු වරට මෙම පාසලට හිමි විය.

1961 ජනවාරි 18 වැනි දින පාර්ලිමේන්තුව අනුමත කළ පාසැල් පවරා ගැනීමේ පනත යටතේ විද්‍යාලය දඹගල්ල විදුහල නමින් හැඳින්විණි. 1962 දී විදුහල්පති එන්.සමරවීර මහතා වෙහෙසී එවකට බිබිල පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.එම්. ගුණසේකර මහතාගේ නිර්දේශය ද ලබාගෙන මෙම පාසැල මහා විද්‍යාලයක් බවට පත් කරවා ගත් අතර, එය මො/ දඹගල්ල පියරතන මහා විද්‍යාලය නම් විය.

පාසැලට අඩුවක්ව පැවති විද්‍යාගාරය ඉදිකලේ 1964 වසරේ දී ය. ලොව පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින් එය විවෘත විය.1965 දී ප්‍රථමයෙන් උසස් පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කොට 50% ක ප්‍රතිඵල ද පෙන්වීමට හැකි විය.

විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූ එච් විජේදාස, කේ එම් කිරිබණ්ඩා, කේ.එම්.විජේරත්න, ආර්.එම්.තිලකරත්න, සේනාධීර හෙට්ටිආරච්චි ආදී මහත්වරුන් ගේ කාලයේදී විද්‍යාලයට දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු විවිධ භෞතික සම්පත් රැසක් ලබාගත හැකි විය. විද්‍යාලයේ දරුවෝ ක්‍රීඩා, චිත්‍ර, නැටුම්, සංගීතය, භාෂා හා වෙනත් විවිධ තරඟවලදී සමස්ත ලංකා ඇතුළු වෙනත් විශිෂ්ට ජයග්‍රහණ ලබාගත්හ. එමෙන්ම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය,අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලදී විශිෂ්ට සාමාර්ථ දැක්වූහ. පසුගිය 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියන් 12 දෙනෙකු කඩයිම් ලකුණු ඉක්මවා ලබා ගැනීම කැපී පෙනෙන අවස්ථාවකි.

විද්‍යාලයේ වර්තමාන විදුහල්පති පූජ්‍ය පුස්සැල්කැටියේ චන්දිම හිමියන්, ආචාර්ය මණ්ඩලයේ, ආදි ශිෂ්‍ය සංගමයේ හා දෙමව්පියන්ගේ ද සහයෝගය ඇතිව අධ්‍යාපනික කටයුතුවලදී මෙන්ම විෂය බාහිර කටයුතු වලදීද අති විශාල මෙහෙයක් ඉටු කරනු ලබයි. විද්‍යාලයට වසර සියයක් සපිරෙන මෙම වසරේ විදුහල වෙනුවෙන් බුදු මැදුරක් ඉදි කොට එය ළමුන්ගේ වන්දනාවට භාජනය කිරීමට කටයුතු සැලැස්වීම පිළිබඳව ස්වාමීන් වහන්සේට හා ආචාර්ය මණ්ඩලයට ගෞරවය හිමිවිය යුතුය.

වසර සියයක් මුළුල්ලේ ලොවට වැඩදායි දරු පරපුරක් බිහිකළ පියරතන විදු මෑණියන්ට තවත් චිරාත් කාලයක් ලක් දෙරණ බැබළවීමට හැකි වේවායි පතන්නෙමු.

සටහන - හරිණි හෙට්ටිආරච්චි

දඹගල්ල පියරතන විදුහලේ අභිමානවත් සියවස් සමරුව - 2022
08/08/2022

දඹගල්ල පියරතන විදුහලේ අභිමානවත් සියවස් සමරුව - 2022

මො/දඹගල්ල පියරතන මහ විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් ඉදිවන විදුහල් නාම පුවරුවේ ඉදිකිරීම් කටයුතු අද දින සුබ මොහොතින...
26/06/2022

මො/දඹගල්ල පියරතන මහ විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් ඉදිවන විදුහල් නාම පුවරුවේ ඉදිකිරීම් කටයුතු අද දින සුබ මොහොතින් ආරම්භ කරන ලදී.

පසුගියදා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවති ආදිශිෂ්‍ය සංගමයේ සුහද හමුවේ සොඳුරු මතකයන්...ඡායාරූප - කසුන් ප්‍රසාද් කාරියවසම්
18/05/2022

පසුගියදා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවති ආදිශිෂ්‍ය සංගමයේ සුහද හමුවේ සොඳුරු මතකයන්...
ඡායාරූප - කසුන් ප්‍රසාද් කාරියවසම්

අපේ පුංචි සතුටු කඳවුර...
05/05/2022

අපේ පුංචි සතුටු කඳවුර...

ඒ දවස, බක්මහේ 16 වෙනිදා.ආදි සිසු සිසුවියන් දවස වෙන් කරලා තියාගන්න....
29/03/2022

ඒ දවස, බක්මහේ 16 වෙනිදා.
ආදි සිසු සිසුවියන් දවස වෙන් කරලා තියාගන්න....

Address

Dambagalla

Website

Alerts

Be the first to know and let us send you an email when Dambagalla Piyarathana Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category