02/11/2025
රසම රස ඉන්දියන් ඩෙසර්ට්ස් 5ක් ලේසියෙන්ම හදාගන්න මෙන්න අපෙන් ඔයාලට රෙසිපි.
ඉන්දියන් කෑම අපේ ලංකාවේ අයත් නිතර දෙවේලේම හදනව. හැබැයි ඉන්දියන් ඩෙසර්ට්ස් වලට අපේ අයගේ ඒ හැටි නැඹුරුවක් නෑ. මේ නිසාම අපි හිතුවා ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඉන්දියන් අතුරුපස වර්ග කීපයක් හදන හැටි ඔයාලට කියල දෙන්න. ඉන්දියන් විදියට රෑ කෑමක් දවල් කෑමක් හදන දාකට අතුරුපසට ඉන්දියන් විදියටම ඩෙසර්ට් එකක් තියන එකනෙ වඩා ගැලපෙන්නෙ නේද? පියවර ගොඩක් වගේ හිතුනට ඇත්තටම හදන්න ගත්තම ඒ තරම් කාලයක් ගත වෙන දේවල් නෙවෙයි මේ එකක්වත්. ඉන්දියන් මෙගා වල එහෙම නිතර ඇහෙන ගාජර්කෙ හල්වා, ගුලාබ් ජමුන්, රස්ගුල්ලා වගේ කෑම ජාති වගේම ඔයාල නිතර අහල නැති රෙසිපි කීපෙකුත් තියෙනව.
හදල බලලම අපිට කියන්නකො රස කොහොමද කියල.
මේ වට්ටොරු තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාලා තියාගන්න එතකොට අපි අලුතේන් දාන රෙසිපි ඔයාලට දාපු ගමන් බලන්න පුලුවන්.❤️
පහල පොටෝ ටික ටච් කරන්න.👇
01/11/2025
වෙනස් රසට කිරිබත් වර්ග 6ක්. මීට කලින් කාල තිබ්බත් හදන්න දැනන් හිටියෙ නෑ නේද?
කිරිබත් කියන්නෙ අපි කොයිම වෙලාවකවත් කන්න බැහැයි නොකියන ඕනෙම සුබ කටයුත්තකදි මුලින්ම හදන්න මතක් වෙන හරි අපූරු කෑමක්. කිරි බතේ මූලාරම්භය ගැන හරි සඳහනක් නැතත්, කිරි බත් කියන්නෙ ලාංකික අපිට විශේෂ කෑමක්. අනිවා අපි අද කියන්න යන්නේ මේ කිරිබත ක්‍රම 5කට හදාගන්න හැටි. සමහර ඒවා නම් ඔයාල දන්නවත් ඇති. සමහර ඒවා අහලවත් නැතුව ඇති.
කිරිබත් හදන්න අපි ගන්නේ සුදු කැකුළු හාල්නෙ. ඉතින් මේ සුදු කැකුළු හාලෙ තියෙන කළු ඇට, වී, බජිරි එහෙම ඉවත් කරගන්න බත උයන්න කලින්. නැත්නම් කිරිබත ලස්සන නෑ. මොන විදියට හදන්නත් කලින් අපි සාමාන්‍ය කිරි බතක් රසට හදාගන්න හැටි දැනගමු. සමහරු හදන කිරි බතට එක්කො කිරි නෑ එක්කො ලුණු නෑ. එහෙම නොවී රස කිරි බතක් හදන්නෙ මෙහෙමයි.
හදල බලලම අපිට කියන්නකො රස කොහොමද කියල.
මේ වට්ටොරු තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාලා තියාගන්න එතකොට අපි අලුතේන් දාන රෙසිපි ඔයාලට දාපු ගමන් බලන්න පුලුවන්.❤️
පහල පොටෝ ටික ටච් කරන්න.👇
30/10/2025
කඩෙන් ගන්නෙ නැතුව ගෙදරම රසට සුවඳට පහේ ටික හදාගන්න අපෙන් ඔබට උදව්වක්… පහේ වර්ග 6කම රෙසිපි මෙන්න.
තුනපහ කියන්නෙ අපේ කෑම වේලක් හදාගනිද්දි නැතුවම බැරි දෙයක්. ඉවීමේ කලාවෙදි පිහි කියන්නෙ පින්සල් නම් තුනපහ කියන්නෙ වර්ණ පෙට්ටියට. හැබැයි මස් හොද්දටයි පරිප්පු හොද්දටයි අල හොද්දටයි හැම එකටම එකම පහේ බෝතලේ තියාගෙන හලන එකට ඉවීමේ කලාව කියන්න නම් බෑ. මේ කියන්න හදන්නෙ ගෙදරදීම පිරිසිදුවට පහේ ටික හදාගන්න හැටි ගැන. එක එක කරි වලට එක එක රස ගන්න පහේ හදාගන්න හැටි දැනගන්න කැමති ඔයාලටයි මේ. මේ පහේ හදාගන්න ගන්න ද්‍රව්‍ය සියල්ලම සෝදා හොඳින් වේලා පාවිච්චියට ගන්න කියලත් මතක් කරනව.
බැලු බැල්මට කුකින් ගැන නොදන්න කෙනෙක්ට හිතෙන්නෙ අයියෝ මේ එකම කුළුබඩු ටිකනෙ එහෙ මෙහෙ වෙන්නෙ කියල. ඒත් පහේ වල රස සුවඳ වෙනස් වෙන්න මේ පාවිච්චි කරන කුළු බඩු ග්‍රෑම් ගාණකින් එහෙ මෙහෙ උනත් ඇති කියල උයන කලාව දන්න කෙනෙක් දන්නව. මේ නිසා නියම ප්‍රමාණ වලින් පිරිසිදු කුළු බඩුම පාවිච්චි කලොත් ඔබේ මුළුතැන්ගෙයින් හැදෙන කෑම රසින් වගේම සුවඳිනුත් ඉහලින්ම තියේවි.
හදල බලලම අපිට කියන්නකො රස කොහොමද කියල.
මේ වට්ටොරු තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාලා තියාගන්න එතකොට අපි අලුතේන් දාන රෙසිපි ඔයාලට දාපු ගමන් බලන්න පුලුවන්.❤️
පහල පොටෝ ටික ටච් කරන්න.👇
26/10/2025
චීස්වලින් වැසූනු ලාංකික රසයට ගැළපෙන Lasagna රෙසිපි 5ක් අද අපි හදමු.
බොහෝ දෙනෙක් Lasagna (ලසඤ්ඤා) කිව්වම හිතන්නේ, මේක හදන්න ඉතාලියේම ගිහින් අමුද්‍රව්‍ය ගේන්න ඕනේ කියලා.
සරලවම කිව්වොත්, Lasagna කියන්නේ ඉතාලියේ ප්‍රධාන කෑම වේලක අංගයක්. ඒක ඇමරිකාවේ 'Comfort Food' එකක් වගේම, ලංකාවේ අපිට වුනත් හිත පිරෙන්න, බඩ පිරෙන්න කන්න පුළුවන් සුපිරි Dinner හෝ Lunch Option එකක්.
ඉතින් ලසඤ්ඤා හදන්නේ Pasta ෂීට්, මස් සෝස් සහ සුදු සෝස් එක්ක චීස් තට්ටු ගොඩක් දාලා කියලා දන්නවා ඇතිනේ. ඒත්, ඔයාල දන්නවද? කඩේට ගිහින් රික්කෝටා චීස් වගේ විශේෂ දේවල් හොයන්නේ නැතුව, ලංකාවේ තියෙන අමුද්‍රව්‍යවලින්ම ඊටත් වඩා රසට මේ Lasagna එක හදාගන්න පුළුවන් කියලා?
අද අපි මේ කියන්න යන්නේ, සාමාන්‍ය Classic Beef Lasagna එකට අමතරව, ඔයාගේ රස වින්දනය වෙනස් කරන වෙනස්ම Lasagna රෙසිපි 5ක් ගැනයි. (White Chicken, Vegetable, Roll-Ups සහ Mexican Lasagna වගේ)
ඒ විතරක් නෙවෙයි, අපි කලින් දුන්නු රෙසිපි වල අමුද්‍රව්‍ය හොයාගන්න අපහසුනම් ඔබට අපහසු විය හැකි අමුද්‍රව්‍ය වෙනුවට ලංකාවේදී පහසුවෙන් හොයාගන්න පුළුවන් විකල්ප අමුද්‍රව්‍ය මොනවද කියලත් ඔයාලට ොන වෙලාවක මැසෙජ් එකක් දලා දැනගන්න පුලුවන්.
එහෙනම් හදලා බලලම අපිට කියන්නකො රස කොහොමද කියලා.
මේ වට්ටෝරු තවත් කෙනෙක්ට බලන්න Share කරන්න. දැනටමත් අපේ Page එක Like කරලා නැත්නම්, තවත් මේ වගේ අලුත් කෑම වර්ග ගැන දැනගන්න Like එකකුත් දාලා තියාගන්න. එතකොට අපි අලුතෙන් දාන රෙසිපි ඔයාලට දාපු ගමන් බලන්න පුළුවන්. ❤️
පහළ පොටොස් ටික touch කරන්න. 👇
24/10/2025
තෝසෙ පෙරේතයන්ට රසම රස තෝසෙ හදන රෙසිපි 5ක් එක්ක සාම්බාර් සහ පොල් චට්නි රෙසිපිත් මෙන්න අපෙන්
ඇමරිකන් පෑන් කේක් ඇමරිකාවෙ උදෑසන ආහාර වේලෙ ප්‍රධාන අංගයක් වගේම තෝසෙ කියන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙ ප්‍රධානම උදෑසන ආහාරයක්. සරලවම මේක ඉන්දියන් පෑන් කේක් එකක්. ලංකාවෙ අපිට උනත් බඩ පිරෙන්න හිත පිරෙන්න අඩු ගාණට කන්න තියෙන හොඳම බ්‍රෙක්ෆස්ට් ඔප්ශන් එකක් තමයි තෝසෙ එහෙමත් නැත්නම් දෝසායි. තෝසෙ හදන්නෙ උඳු සහ හාල් වලින් කියල දන්නව ඇතිනෙ. ඒත් මේවා විතරක්ම නෙවෙයි තෝසෙ හදන්න ගන්නෙ. අද අපි මේ කියන්න හදන්නෙ සාමාන්‍ය ප්ලේන් තෝසෙ එකකට අමතරව රසට කන්න ගෙදරදීම හදාගන්න පුළුවන් තවත් තෝසෙ රෙසිපි ටිකක් ගැන. තෝසෙ විතරක් කන්න බෑනෙ ඒ හින්දා තෝසෙ වලට ගැලපෙන සාම්බාර් හොදි එකක් වගේම පොල් චට්නියක් හදාගන්න හැටිත් අපි කියල දෙනව.
එහෙනම් හදල බලලම අපිට කියන්නකො රස කොහොමද කියල.
මේ වට්ටොරු තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාලා තියාගන්න එතකොට අපි අලුතේන් දාන රෙසිපි ඔයාලට දාපු ගමන් බලන්න පුලුවන්.❤️
පහල පොටෝ ටික ටච් කරන්න.
22/10/2025
විවිධ කෑමට ගැලපෙන විවිධ Cheesy White, Creamy Garlic, Pizza, Pasta සෝස් ඉක්මනටම හදමු
එක එක සෝස් වර්ග තියෙනව. හැබැයි අපි මොන දේටත් පාවිච්චි කරන්නෙ එහෙමත් නැත්නම් පිළිගන්වන්නෙ තක්කලි සෝස්, චිලි සෝස්, සෝයා සෝස් වගේ කීපයක් විතරයි. එහෙම නැතුව ඒ ඒ දේවල් වලට ගැලපෙනම සෝස් වර්ගයක් එක්ක අපි හදන කෑම පිළිගන්වන්න පුළුවන්නම් ඒ කෑමෙහි නියම රසය ඉස්මතු කරගන්න අපිට හැකියාව තියෙනව.
ඉතින් අපි හිතුවා අනිවා බලන අපේ හිතවතියන්ට ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් සෝස් වර්ග කීපයක් කියල දෙන්න. කෑම වර්ග පිළිගන්වන්න වගේම මස්, මාළු වර්ග පිළියෙල කරගන්නත් මේ සෝස් වර්ග පහසුවෙන් හදාගන්න පුළුවන්.
මට ඔයාලාගේ අදහසත් කියන්නකෝ ඔයලා කලින් මේක හදලා කලා බලලා තියෙනවද?
නැත්නම් අපි මෙක හදලා බලමු ඔයාලාගේ අදහසත්
Comment එකක් දාන්නකෝ. ❤️
තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාන්න.❤️
21/10/2025
වෙඩින් බුෆේ වලින් එක පාරක් කාපු අයෙකුටත් අමතක වෙන්නෙ නැති රසයක් 😋
අපි හැමෝම ඔය Muslim wedding buffet එකේ තියෙන රසට හැම වෙලාවෙම ආසයි නේද.මාසි සම්බොල (උම්බලකඩ සම්බෝල) කඩෙන් අරගෙන බත්,පාන්,රොටි ඔය ඔන එකක් එක්ක කනකොට හිතෙනව නේද ඇයි මේක ගෙදර හදාගන්න බැරිද කියලා.?
💡හරිම සිම්පල් ඔක්කොම බැදගත් අමුද්‍රව්‍ය වලින් හදන නිසා කල් තියාගන්න පුළුවන් හොදම රසට,සැරට මාසී සම්බෝල එකක් හදන්න විදිහ එහෙනම් හදලම බලමු නෙද 👇👇
🧂 අවශ්‍ය ද්‍රව්‍ය:
🧅 සිහින්ව පෙති කැපූ රතු ළූණු – කප් 2 ක්
🐟 උම්බලකඩ (කුඩු කරගත්) – කප් 1 ක් (හෝ කැමැත්ත අනුව)
🌿 කරපිංචා කොළ – cup 2 ක්
🌶️ මිරිස් කුඩු හෝ කෑලි මිරිස් – ½ - 1 මේස හැදි
🧂 ලුණු – රස අනුව
🍋 දෙහි යුෂ – මේස හැඳි 1-2 ක්
🥥 පොල් තෙල් – බැදගැනීමට අවශ්‍ය පමණට
👩🍳 බැදගැනීම:
1️⃣ පොල් තෙල් රත් කරගන්න.
2️⃣ කරපිංචා හොඳින් හැපෙන ගානට බැද, වෙනම ගන්න.
3️⃣ උම්බලකඩ දාලා රන්වන් පැහැ වෙනතුරු හොඳින් බැදගන්න.
4️⃣ ළූණු පෙති දාලා රන්වන් පැහැ වී මදක් හැපෙනසුළු ගතිය වනතුරු බැදගන්න (කර වෙන්න දෙන්න එපා අඩු ගින්දරේ බැදගන්න).
🥣 මිශ්‍ර කිරීම:
1️⃣ බැදගත් සියල්ල සිසිල් කරගන්න.
2️⃣ විශාල භාජනයකට දාලා – මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ එකතු කරන්න.
3️⃣ අතින් මෘදුව මිශ්‍ර කරන්න (ළූණු හැපෙන තත්ත්වය රඳවාගෙන මිශ්‍ර කරන්න).
💡 සැ.යු. :
මෙහි පොල් එකතු නොකරයි.
සියලුම ද්‍රව්‍ය බැදලා නිසා හොඳට ආවරණය කරලා කල් තියාගන්න පුලුවන්.
කැමති අය ටිකක් සෝයා සෝස් හෝ කහ කුඩු ටිකක් දාගන්න පුලුවන්.
මට ඔයාලාගේ අදහසත් කියන්නකෝ ඔයලා කලින් මේක හදලා කලා බලලා තියෙනවද?
නැත්නම් අපි මෙක හදලා බලමු ඔයාලාගේ අදහසත්
Comment එකක් දාන්නකෝ. ❤️
තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාන්න.❤️
19/10/2025
කාර්යබහුල ඔබට යන එන ගමන් කන්න පුළුවන් කෑම වර්ග 5ක් ලේසියෙන් හදමුද?
දැන් කාලෙ කොයි වෙලේ කාගෙන් ඇහුවත් අහන්න ලැබෙන පොදු වචනයක් තමයි “බිසී”. එක එක්කෙනා නොයෙක් නොයෙක් දේවල් වලට කාර්යබහුල වෙලා. මේ බිසීකම ඇතුලෙ හුඟක් වෙලාවට මේසෙකින් වාඩි වෙලා කෑමක් කන්න තරම්වත් නිදහසක් නෑ. පාසල් යන පන්ති යන ළමුන් බහුතරයක් කෑම වේල් මගහැරගන්නෙ කන්න වෙලාවක් නෑ කියල. ඒකෙන් වෙන්නෙ උගත් එක්කම රෝගී පරපුරක් බිහිවෙන එක. මෙහෙම කෑම වේල් මගහැර ගන්නෙ නැතුව යන එන ගමන් කන්න පුළුවන් කෑම ටිකක් ගැන කියන්න අනිවා අපි හිතුවා පොටො එක ටච් කරන්න.
මතක ඇතුව ඔයාලාගේ අදහසත් කමෙන්ට් කරලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාන්න.❤️