Colombo Bartender & Barista School - Dickmans Road

Colombo Bartender & Barista School - Dickmans Road 𝗧𝗩𝗘𝗖 𝗔𝗣𝗣𝗥𝗢𝗩𝗘𝗗 𝗖𝗘𝗡𝗧𝐄𝐑
REG. NO: P01/1208

𝐒𝐂𝐀 𝗠𝗘𝗠𝗕𝗘𝗥
𝐈𝐃 : 𝐒𝐂𝐀-𝐂-𝟓𝟕𝟒𝟒𝟎𝟒

𝐂𝐏𝐃 𝗠𝗘𝗠𝗕𝗘𝗥
NO: 20470

𝐒𝐃𝐂 𝐂𝐀𝐍𝐀𝐃𝐀 𝐋𝐄𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝐏𝐀𝐑𝐓𝐍𝐄𝐑
NO: 1230

Learn Barista skills with CBBS!පුහුණු බැරිස්ටා කෙනෙක් වෙන්න පුළුවන් practical ගොඩක් කළොත් විතරයි. ඒ නිසාම තමයි අපි art-එ...
24/08/2026

Learn Barista skills with CBBS!
පුහුණු බැරිස්ටා කෙනෙක් වෙන්න පුළුවන් practical ගොඩක් කළොත් විතරයි. ඒ නිසාම තමයි අපි art-එක ඉගෙනගන්න unlimited practical දෙන්නේ. ඔයත් එන්න ඉගෙන ගන්න අපිත් එක්ක.

👉 Unlimited Practical Sessions සමඟ
👉 නියම Cafe Setup එකක උගන්වනු ලැබේ.

📅 කාලය – මාස 2
⏰ පන්ති වේලාවන් – පාන්දර | උදේ | දහවල් | සවස | රාත්‍රී
📆 Weekdays / Weekends – ඔබට පහසු ලෙස
💰 පාඨමාලා ගාස්තු – LKR 67,000
(වාරික 4කින් ගෙවිය හැක)

🌟 CBBS විශේෂත්වයන්
✅ TVEC අනුමත සහතිකය
✅ SCA Membership
✅ CPD Membership
✅ SDC Canada Learning Partner
✅ අති නවීන උපකරණ සහිත පුහුණු මධ්‍යස්ථාන

📞 වැඩි විස්තර සඳහා
077 794 1876 අමතන්න හෝ WhatsApp කරන්න.

Sri Lanka's  #1 Bar-Barista School is looking for the best of you to join the Sales Team. If you like working with peopl...
14/08/2026

Sri Lanka's #1 Bar-Barista School is looking for the best of you to join the Sales Team. If you like working with people, and achieving targets, then the sky is the limit at CBBS.

Talk to us today!

It is with great sorrow that we announce the passing of our beloved colleague Mr. Piyal Rathnayake, the Branch in Charge...
10/08/2026

It is with great sorrow that we announce the passing of our beloved colleague Mr. Piyal Rathnayake, the Branch in Charge of CBBS Kurunegala. His gentle charm and deep knowledge coupled with his genuine kindness set him apart over the years for his colleagues and students alike, and the loss of his person is dearly felt. Our heartfelt wishes go out to his loved ones at this deeply distressing time.

May He Attain Nibbana!

එක කෝස් එකෙන් පුළුවන්ද ඔක්කොම ඉගෙනගන්න?අපි දැන් ජීවත්වෙන්නේ instant ලෝකයක නේ. ඇයි ඉතින් අපි හැමෝම ආදරේ කරන Coffee වලින් ...
07/08/2026

එක කෝස් එකෙන් පුළුවන්ද ඔක්කොම ඉගෙනගන්න?

අපි දැන් ජීවත්වෙන්නේ instant ලෝකයක නේ. ඇයි ඉතින් අපි හැමෝම ආදරේ කරන Coffee වලින් පවා වැඩියෙන්ම විකිණෙන්නේ ක්‍ෂණික කෝපි නේ. ඒ නිසාම වෙන්නැති සමහර අයගේ වැරදි වැටහීමක් තියෙනවා එක කෝස් එකක් කරපු පමණින් කොෆී ගැන දැනගන්න තියෙන හැමදෙයක්ම ඔළුවට එන්න ඕනේ කියලා.

හැබැයි එහෙම වෙන්නේ නැහැ නේ, නේද?

ඕනෑම කර්මාන්තයක, කලාවක වගේම විද්‍යාත්මක දැනුමක නිපුණතා ශ්‍රේණි තියෙනවා. ඒවායින් මූලික මට්ටම් නිසියාකාරව ක්‍රමානුකූලව ඉගෙනගන්න එකම තමයි සාර්ථකත්වයට මග පාදන්නේ. ඒ වගේම එතනින් ඉස්සරහට වැඩ කරලා අත්දැකීම් හදාගෙන, වෘත්තීය ජීවිතයේ ඉස්සරහට යනගමන් තව තවත් ඉහළ මට්ටමෙන් දැනුම හදාගෙන තමයි ගමන යන්න ඕනේ.

කොෆී දැනුමත් එහෙම තමයි. පඩියෙන් පඩිය හදාගන්න ඕන. එහෙම නැත්නම්, තමන් යන මාර්ගය ගැන හිතලා, ඒ ගමනට අවශ්‍ය සුදුසුකම් එකින් එක සපුර ගන්න ඕන. හැබැයි එක කෝස් එකක් විතරක් කරලා එක රැයින් ගොඩ යන එක නම් බොරු. එහෙම කවුරුහරි පොරොන්දු වෙනවා නම්, ඒකත් එච්චර හොඳ මදි.

ලංකාවේ පොදුවේ ගත්තහම, බැරිස්ටා පුහුණුවීම් කරන අය කාණ්ඩ දෙකකට බෙදෙනවා. ලංකාවේ හෝ පිටරට රජයක හෝ වෙනත් පිළිගත් ආයතනයක තත්ත්ව සහතිකය තියෙන දීර්ඝ කාලයක් වෙළඳපොල කීර්තිනාමයක් හදාගත් පාසල් එක පැත්තක තියෙද්දී, කිසිම පිළිගත් සහතිකයක් නැති අමුතු මාකටින් දාලා ළමයි අල්ලගන්න ට්‍රයි කරන අලුතෙන් හැදුනු ආයතන තවත් පැත්තක තියෙනවා.

මේ වන විට ලංකාවේ රජයේ පිළිගත් සුදුසුකමක් බැරිස්ටා කලාව ඉගෙනගන්න අයට ලබාදෙන්නේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, එහෙමත් නැත්නම් TVEC (Tertiary and Vocational Education Commission) එකෙන් පමණයි. ඔවුන්ගේ විශේෂත්වය තමයි එකම පාසලක ශාඛා කිහිපයක් තියෙනවා නම්, හෝ පන්ති විවිධ තැන්වල පැවැත්වෙනවා නම්, ඒ හැම තැනකටම වෙන වෙනම අනුමැතිය ලබාගත යුතු වීම. එතනදී ස්ථානය, පහසුකම්, ප්‍රායෝගික පුහුණුවට අදාළ අවශ්‍යතා වගේම දේශකවරුන්ගේ විස්තරත් අධීක්ෂණය කරනවා. මේ සියලු දේම සපුරන ආයතන වලට විතරයි TVEC අනුමත සහතික ප්‍රදානය කරන්න පුළුවන්.

ඒවා අතරින් මූලික සුදුසුකම තමයි අනුමත පාසලකින් දවස් 60ක පාඩම් හා පුහුණුවීම් ලබාදෙන Basic Certificate for Barista පාඨමාලාව. මේක තමයි Barista ක්ෂේත්‍රයට ඇතුලුවෙන හැම කෙනෙක්ම පටන් ගන්න තැන. මේ පාඨමාලාවම දවස් 10කින් ලබාදෙන ඉක්මන් පාඨමාලාවකුත් දැන් ළඟදීම අනුමත වීමට නියමිත බවයි ආරංචිය. මේ පාඨමාලාවට අදාළ සහතිකය සෘජුවම TVEC වෙතින් ලබාදෙනවා විතරක් නෙවෙයි, රට රැකියාවට යන අයට විදේශ අමාත්‍යාංශයේ අනුමැති මුද්‍රාවත් ලබාගන්න පුළුවන්.

බැරිස්ටාවරුන් සඳහා TVEC අනුමත ඊළඟ සුදුසුකම් මට්ටම තමයි ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ශ්‍රේණිය 3 සහ 4. මේ පාඨමාලාවත්, ඒ සඳහා සියලුම සුදුසුකම් සපුරන ආයතනවල නියමිත ශාඛාවල පමණයි උගන්වන්න පුළුවන්. මාස 3ක් හෝ ඊට වැඩි අධ්‍යයන කාලයක් සහ රැකියාගත පුහුණුවක් (on-the-job training) සමගින් එන මේ සුදුසුකම් හදාගන්න අයට, බැරිස්ටා ක්‍ෂේත්‍රයත් එක්කම F&B ෆීල්ඩ් එක ගැන පුළුල් දැනුමක් ලබාගන්නත් හැකියාව තියෙනවා.

ජාත්‍යන්තර මට්ටමෙන් බලනකොට, ලෝකයම පිළිගන්න සහතිකය තමයි විශේෂිත කෝපි සංගමය, ඒ කියන්නේ, Specialty Coffee Association එකෙන් ලබාදෙන විශේෂිත සහතික පත්‍ර. කෝපි සම්බන්ධ විවිධ අංශවලට ඔවුන් සහතික නිකුත් කරනවා. ඒවායින් Barista වරුන්ට අදාළ වෙන්නේ, ඔවුන්ගේ Coffee Skills Program වැඩසටහනේ Barista Skills Certificate පාඨමාලා තමයි. Foundation, Intermediate & Professional කියන ස්ථර තුනකින් දෙන මේ සුදුසුකම් වඩාත් වටින්නේ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තියෙන, ජාත්‍යන්තරයේ පිළිගැනීමක් හෝ නමක් හදාගන්න අයට තමයි.

හැබැයි ඉතින් මේ හැම දෙයක්ම හොයලා බලලා පඩියෙන් පඩිය ඔයාලගේ මුදලට සහ ශ්‍රමයට හරියන වටිනාකම දෙන්නේ, අර මම කලින් කියපු කීර්තිමත් බැරිස්ටා පාසල් විතරයි. මොකද කිසිම නියාමනයක් නැතිව අක්‍රමිකව වැඩ කරන අය තමන්ට හිතට එන එක එක පට්ටම් වලින් සහතිකපත්‍ර නිකුත්කරනවා වෙන්න පුළුවන්, හැබැයි ඒවායේ කිසිම වටිනාකමක් නම් තියෙන එකක් නෑ.

ඉතින් ආයෙමත් කියන්නේ, එක රැයින්වත් එක කෝස් එකක් කරලාවත් සුපිරි බැරිස්ටා කෙනෙක් වෙන්න බෑ. එහෙම පුළුවන් කියන අය විශ්වාස කරන්නත් එපා. හැබැයි ක්‍රමානුකූලව ඉගෙනීමයි අත්දැකීමයි එකතුකරගෙන තමන්ගේ දැනුම ප්‍රගුණ කරන කෙනෙක්ට, බැරිස්ටා ෆීල්ඩ් එක තනිකරම ඉල්ලමක් තමයි.

Address

57/8 Dickmans Road
Colombo
00500

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Colombo Bartender & Barista School - Dickmans Road posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category