Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තරු පැන විසඳුම්, Education, Colombo.
ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ අධ්‍යාපන මට්ටම් හදාරනු ලබන පුරවැසියන්ගේ තාරකා විද්‍යා දැනුම පෝෂණය කිරීම සඳහා කාලෝචිත අවශ්‍යතාවය මත ආරම්භ කරනු ලැබූ මෙම "තරු පැන විසඳුම්" යන පිටුව හරහා ඔබට මතුවන තාරකා විද්‍යාවේ ඕනෑම විෂය ක්ෂේත්රයකට අදාලව (සාමාන්‍ය තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, තාරකා භෞතික විද්‍යාව,නිරීක්ශණ තාරකා විද්‍යාව හා තාරකා ජීව විද්‍යාව ) අප වෙත යොමු කරන ලබන ගැටලු වලට නිවැරදි , විශ්වාශනීය
පිළිතුරු ලබාදීම සිදු කරනු ලැබේ.තවද මෙම වෙබ් පිටුවේ ආරම්භක හා එහි සංස්කාරක වරුන් තාරකා විද්‍යාව පිලිබදව හසල දැනුමක් ඇති පුද්ගලයන් වන බැවින් ඔබට ඉහල ගුණාත්මකබවකින් යුතු පිලිතුරු ලබාදීමට හැකියාව ඇත.තවද වර්තමානයේ තාරකා විද්‍යාව පිළිබද රචනා කර ඇති ඉහල ගුණාත්මක බවෙන් යුතු පොත් පත් විදේශීය භාෂා වලින් ලියා ඇති නිසා එම හාෂාවන් පිලිබද හසල දැනුමක් නැති ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඔවුන්ගේ තාරකා විද්‍යාත්මක ගැටලු සඳහා ඉහල ගුණාත්මක බවෙන් යුතු පිළිතුරු සිංහල හා ඉංග්‍රීසි යන ඕනැම මාධ්‍යයකින් සැපයීම සඳහා කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව වත්මන් ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යාත්මක දැනුම් මට්ටම ඉහල නංවා , අනාගත ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉහල තාරකා විද්‍යා දැනුමකින් යුතු පරපුරක් බිහිකිරීමේ චේතනාවෙන් මෙම ෆේස් බුක් වෙබ් පිටුව "තරු පැන විසඳුම්" නමින් මා විසින් ආරම්භ කරනු ලැබේ.මෙය අභ්‍යවකාශ පරපුරෙහි උපද්ශණ කවුන්සිලයේ (Space Generation Advisory Council)ශ්‍රී ලංකා ශාඛාවේ සේවාවක් බව සලකන්න
එරංග තිළිණ ජයශාන්ත ~ "තරු පැන විසඳුම්" ප්‍රධාන සංස්කාරක