Sri Sudharmawardhana Dhamma school

Sri Sudharmawardhana Dhamma school ශ්‍රි සුධර්මවර්ධන දහම් පාසැල

සිංහලයන්ට වෙසක් මාසය කියන්නේම වීරයන් සමරන මාසයක් දස බිම්බරක් මාර සේනා පරාජය කොට සකල ලෝකවාසීන්ට ඒ උතුම්වූ ආර්‍ය ශ්‍රී සද්...
18/05/2026

සිංහලයන්ට වෙසක් මාසය කියන්නේම වීරයන් සමරන මාසයක් දස බිම්බරක් මාර සේනා පරාජය කොට සකල ලෝකවාසීන්ට ඒ උතුම්වූ ආර්‍ය ශ්‍රී සද්ධර්ම නමැති මහානර්ඝ ආරක්ෂාව දායාද කල
මහාකාරුණිකයන් වහන්සේ ගේ උතුම්වූ තෙමඟුලේ පටන් සිංහලද්වීපයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස වූ මාතෲභූමියේ විජයග්‍රහණය තෙක් සකලවිධ ජයග්‍රහණය න් ස්මරණය කරමින් මේ විජයග්‍රාහී මාසය අපිත් සමරමු.
අද මැයි දහ අට ජාතිය වීරයන් පුදන දවසයි

තිස් අවුරුදු දෙමළ ඊළාම් බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් මියගිය සතුරු මිතුරු දෙපාර්ශ්වයේම මිනිස්සුන්ගේ භවගමන සුගතිගාමී වේවා මතු කවමදාවත් මෙවන්වූ ව්‍යසනයන්ට හේතුවන ද්වේශ සහගත සිත් පහළ නොවේවා .

උතුම්වූ තෙරුවනේ අනන්තවූ ගුණානුභාව බලයෙන් සිංහලද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ඉරහඳ පවත්නා කල් සකලෝපද්‍රවයන්ගෙන් මිදී සුරක්ෂිත වේවා .

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

අප දහම් පාසලේ ආචාර්‍ය සංජීව ගුරුතුමන්ගේත් එම මැතිණියගෙ ත් කනිටු පුත්  කවිරු දින්සත් පුතණුවන් ගේ ජන්මදිනය නිමිත්තෙන් දුවා...
18/05/2026

අප දහම් පාසලේ ආචාර්‍ය සංජීව ගුරුතුමන්ගේත් එම මැතිණියගෙ ත් කනිටු පුත් කවිරු දින්සත් පුතණුවන් ගේ ජන්මදිනය නිමිත්තෙන් දුවාදරුවන්ට ඉතා ප්‍රණීත රසවත් සංග්‍රහය ක් ලබාදුන්නා.

දහම් පාසලේ ප්‍රධානාචාර්ය මාවනාවෙල සීලානන්ද ස්වාමීන් වහන්සේගෙ සහ විහාරවාසී මහා සංඝරත්නයේත් ගුරුමණ්ඬලයේත් ආශිර්වාදය පුංචි පුතුට පිරිනැමූ අතර උතුම්වූ තෙරුවනේ අනන්තවූ ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයම වේවා යි අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු . 🙏🙏🙏🙏

14/05/2026

උතුම්වූ යතිවර දිවියේ අනූ වැනි කඩ ඉමට වැඩි අපේ පින්වත් ලොකූ හාමුදුරුවෝ

ඉකුත් අධි වෙසක් පුර පසලොස්වක පොහෝදින හිමිදිරි උදෑසන පටන් අෂ්ඨාංඟ සමන්වාගත සීලයෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රණීත ...
03/05/2026

ඉකුත් අධි වෙසක් පුර පසලොස්වක පොහෝදින හිමිදිරි උදෑසන පටන් අෂ්ඨාංඟ සමන්වාගත සීලයෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රණීත ව සැකසූ කිරිපිඩු පූජා කරමින් දහවල් සම්බුද්ධ පූජාව පවත්වමින් ආර්‍ය ශ්‍රී සද්ධර්මශ්‍රවණය කෙරෙමින් වත් පිළිවෙත් පිරූ අපේ බෝසත් දරුපැටවුන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා.

මෙවන් දරුපරපුරක සාධුචර්යා දකිමින් නිරතුරුව අපට පෙරමං තනන ගොතටුව
බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිෂ්වර අතිගෞරවාර්හ පූජ්‍ය කෙහෙල්වළ පඤ්ඤානන්ද නාහිමියන් වහන්සේටත්
විහාරාධිකාරී විචිත්‍ර ධර්ම දේශක කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේ ආචාර්ය අති පූජ්‍ය කෙහෙල්වල නන්ද පණ්ඩිත හාමුදුරුවන්ටත් සුධර්මවර්ධන දහම් පාසලේ ප්‍රධානාචාර්ය මාවනාවෙල සීලානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සංඝරත්නයටත්
උදව් උපකාර කල දැක සතුටු වුණ සකලවිධ සත්පුරුෂ කළ්‍යාණ දෙව් මිනිස් සැමටත්
උතුම්වූ තෙරුවනේ අනන්තවූ ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයම වේවා.
ඒ උතුම්වූ ආර්‍ය ශ්‍රී සද්ධර්මාවබෝධය පිණිස ම හේතු සැකසේවා .

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

14/04/2026
513 D බෝපැත්ත සමෘද්ධි සමිතියේ සමෘද්ධි සංවර්ධන නිලධාරි ආනන්ද ජනක මහත්මා ඇතුළු නිලධාරීන් සහ සාමාජික පිරිස විසින් 2026/03/2...
23/03/2026

513 D බෝපැත්ත සමෘද්ධි සමිතියේ සමෘද්ධි සංවර්ධන නිලධාරි ආනන්ද ජනක මහත්මා ඇතුළු නිලධාරීන් සහ සාමාජික පිරිස විසින් 2026/03/22 දින දහම් පාසලේ දුවාදරුවන් සහ ගුරුභවතුන් වෙත ප්‍රණීත රසවත් දිවා ආහාර සහ අයිස්ක්‍රීම් වලින් සංග්‍රහ කරන ලදී.

මේ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාවෙත අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුදකර සිටිමු.

උතුම්වූ තෙරුවනේ අනන්තවූ ගුණානුභාව බලයෙන් ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා .

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

අද දින ජන්මදිනය යෙදුණු දුවීන් ශනුල් ජයතිලක පුතණුවන් තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ තම සතුට බෙදා හදාගනිමින්  සියලුම දුවා ...
08/03/2026

අද දින ජන්මදිනය යෙදුණු දුවීන් ශනුල් ජයතිලක පුතණුවන් තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ තම සතුට බෙදා හදාගනිමින් සියලුම දුවා දරුවන් සහ ගුරුභවතුන් වෙනුවෙන් දිවා ආහාරයෙන් සංග්‍රහ කරන ලදී.

ශ්‍රි සුධර්මවර්ධන දහම් පාසලේ අපි,
දුවීන් පුතණුවන් ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

උතුම්වූ තෙරුවනේ අනන්තවූ ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා.
නැණයෙන් ගුණයෙන් නොඅඩුව වැඩේවා.

1656 දී ලංකාවට පැමිණ යාපනයේ ජීවත් වූ ලන්දේසි ජාතික දේවගැතිවරයෙකු වූ පිලිප් බල්දෙවුස් (1632 -1671) "A True and Exact Desc...
25/02/2026

1656 දී ලංකාවට පැමිණ යාපනයේ ජීවත් වූ ලන්දේසි ජාතික දේවගැතිවරයෙකු වූ පිලිප් බල්දෙවුස් (1632 -1671) "A True and Exact Description of the Most Celebrated East-India Coasts of Malabar and Coromandel, as also of the Isle of Ceylon" නමින් කෘතියක් සම්පාදනය කළේ ය.
බල්දෙවුස් පියතුමා සඳහන් කරන අන්දමට එතුමා මෙ රටට පැමිණෙන අවධිය වන විට යාපනය ප්‍රදේශයේ ගම්මාන 159 ක් තිබුනු බව ද එහි දෙව් මැදුරු වලට අමතරව බෞද්ධ විහාර 34 ක් ද හින්දු කෝවිල් 12 ක් ද පැවතුනු බව සඳහන් කරයි.
1656 වන විටත් යාපනයේ එතරම් බෞද්ධ විහාර සංඛ්‍යාවක් පැවතීම තුලින් අපට බැසගත හැකි සාධාරණ නිගමනය නම් ඒ වන විටත් යාපනයේ විශාල බෞද්ධ ජනගහණයක් සිටි බව යි. ඔවුන් සිංහල බෞද්ධයින් විය යුතු ය. ඔවුන් අතර බුදු සමය වැළඳ ගත් දෙමළ අය ද සිටින්නට ඇති නමුදු මෙරට දෙමළ බෞද්ධ ජන සංඝයක් පැවති බව පිළිගැනීමට තරම් සාධක ඇතැ යි මම නො සිතමි.
බල්දෙවුස්ට අනුව පෘතුගීසීන් විසින් කන්ද උඩරට රජුගෙන් යාපනයේ රජ්‍ය බලය පැහැර ගන්නේ 1620 දී ය. ඒ බල්දෙවුස් යාපනයට පැමිණීමට වසර 36 කට පෙර ය. පෘතුගීසීන්ගේ ක්‍රෘර පිළිවෙත් ගැන හොඳින් දන්නා අපට 1620 වන විට යාපනයේ බෞද්ධ විහාර 34 ටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන්නට ඇතැ යි යන්න පිළිගතහැකි උපකල්පනයකි.
බල්දෙවුස් දේවගැතිවරයා විසින් සඳහන් කරන්නට යෙදුනේ බටහිර ආක්‍රමණයන් හමුවේ මෙරට බුදු සමය බිඳ වැටෙමින් පැවති යුගයක එතුමා යාපනය තුල කල සංචාරවල දී දුටු එවකට සක්‍රිය ව පැවති විහාරසථාන පමණක් වීමට ද ඉඩ ඇත. (අවාසනාවකට මෙන් එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ‘උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය’ කෘතිය සොයා ගැනීමට පොත් රාක්ක අවුස්සමින් සෑහෙන වේලාවක් ගත කළ ද සොයාගත නො හැකි විය.)
මා මේ සටහන කෙටියෙන් ලියා තැබීමට සිතුවේ පසුගිය දා යාපනය හා සම්බන්ධයෙන් මතු වූ සිත් කළකිරවන පුවත් දෙකක් මුල් කරගෙන යි. ඉන් එකක් ජාතිවාදී කොටස් විසින් යාපනයේ කඳුරුගොඩ විහාරයේ පමණක් නොව, ත්‍රිකුණාමලයේ පැරණි විහාරස්ථන වල ද පුවරු ඉවත් කිරීමේ සිද්ධිය යි.
අනෙක් සිද්ධිය ජාතිවාදය දැඩිව ප්‍රතික්ෂේප කරනවා යැ යි කියන ජනාධිපතිවරයා ම සිංහල බෞද්ධයින්ට සිය වත්පිළිවෙත් පිරීමට යාපනයට නොපැමිණෙන ලෙසට යාපනයේ දී කළ අනතුරු හැඟවීම යි.
මෙවන් අවාසනාවන්ත තත්වයක් යටතේ භික්ෂූන් වහන්සේලා එකතු වී සංඝ සම්මේලනයක් පැවත්වීම අප සිත් පහන් කරවන්නකි. කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සමග්‍රි ධර්ම මහ සභාවේ අනුනායක මහාචාර්ය කොටුපිටියේ රාහුල නා හිමියන් විසින් ජනාධිපති කුමා කෙරෙහි කරුණාවෙන් අනුශාසනා කරමින් රටේ පවතින සැබෑ තත්වය පැහැදිලි කරදීම මෙරට පොදුජන අපේක්ෂාවන් යළි දල්වාලන සුළු ය.
( මේ ලිපිය ලිවීමේ දී පිලිප් බල්දෙවුස් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට නුවරඑළියේ හේමපාල මහතාගේ ‘සිරිලක සිරි විදෙස් ඇසින්’ ( විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය) කෘතියත්, පියසිරි අමරකෝන් මහතාගේ ‘යාපනයේ ස්වාධීන රාජ්‍ය මිථ්‍යාව’ (විසිදුනු) කෘතියත් උපයෝගී කර ගත්තෙමි.)

වසන්ත දේවසිරි
26. 06 21

රට, දැය, සමයේ හා බෞද්ධ අධ්‍යාපනයේ රක්‍ෂණය පෝෂණය හා අභිවර්ධනය වෙනුවෙන් අප්‍රතිහත ධෛය්‍යයෙන් සිල් ගුණ දහම්හි පිහිටා සාධුජන...
20/02/2026

රට, දැය, සමයේ හා බෞද්ධ අධ්‍යාපනයේ රක්‍ෂණය පෝෂණය හා අභිවර්ධනය වෙනුවෙන් අප්‍රතිහත ධෛය්‍යයෙන් සිල් ගුණ දහම්හි පිහිටා සාධුජන විහරණයෙන් කටයුතු සිද්ධ කල අපවත්වී වදාළ අද දින 89 වන ජන්මදිනය අනුස්මරණය කරන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි හිටපු පරිවේණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, දර්ශන විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය, ධුරන්ධර, අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ, සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත ශ්‍රී සුමංගල විද්‍යාවතංස, වයඹ පුත්‍ර අභිනන්දන, දේශ කීර්ති, පර්යාප්ති ශාසන ධ්වජාග්‍ර, සද්ධර්මකීර්ති ශ්‍රී ශාසන ශිරෝමණී ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවන් වහන්සේට නිවන් සුව පතමු .🙏🙏🙏

අද දින සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි පරිවේනාධිපති සංගමයේ  ලේකම් ධූරයට අභිනවයෙන් පත් වූපැපිලියාන සුනේත්‍රා මහා දේවි ර...
19/02/2026

අද දින සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි පරිවේනාධිපති සංගමයේ ලේකම් ධූරයට අභිනවයෙන් පත් වූ
පැපිලියාන සුනේත්‍රා මහා දේවි රාජමහා විහාරාධිපති පරමවන්දනිය අතිපූජ්‍ය මහාචාර්ය
මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවණීය උත්තමාචාරය

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Address

Sri Sambodhi Temple/ශ්‍රි සම්බෝධි විහාරය
Colombo

Opening Hours

07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sudharmawardhana Dhamma school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category