භගවා යන බුදුගුණය “භග සංඛාතා ධම්මා අස්ස සන්තීති භගවා” යනුවෙන් අටුවාවේ දැක්වෙන බව. (දීඝ නිකාය ටීකාව)
‘භග’ ලක්ෂණය හෙවත් භාග්‍යවත් බව, සමෘද්ධිය, කීර්තිය යනාදි ගුණ දරන තැනැත්තා ‘භගවා’ නම් වන බව.
භගී භජී භාගී විභත්තවා ඉති
අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා
බහූහි ඤායෙහි සුභාවිතත්තතො
භවන්තගො සො භගවාති වුච්චති
(ඛුද්දක නිකායට්ඨකථා)
භග ධර්ම ඇත්තේ ය, පනවන ලද සේනාසනාදිය භජනය කළේ ය, අර්ථ, ධර්ම, විමුක්ති, රස භාග ඇත්තේ ය, ධර්මය විභාග විශ්ලේෂණය කළේ ය, රාගාදි කෙලෙස් බිඳ දැමුවේ ය, භාග්‍ය ඇත්තේ ය,
භාවනාවෙන් වඩනා ලද සිත් ඇත්තේ ය, භවයෙහි අන්තයට ගියේ ය, යන අරුතින් ද ‘භගවා’ නම් වන බව.
භගවා යනු ශ්‍රේෂ්ඨ නාමයක් බැවින් ද, එය උතුම් නාමයක් බැවින් ද, උන් වහන්සේ ගරු ගෞරවයෙන් යුක්ත වන බැවින් ද ‘භගවා’ නම් වන්නේ යැයි විශුද්ධි මාර්ගයේ සඳහන් වන බව.
“භගවාති වචනං සෙට්ඨං - භගවාති වචනමුත්තමං
ගරුගාරවයුත්තොසො - භගවාතෙන වුච්චතී“ තී“
(විශුද්ධි මාර්ගය)
බෙදුයෙන් දහම් කඳ
බජනය කෙළෙන් ගුණ කඳ
බග දහමින් සසඳ
බැවින් බගවත් වී ය මුනි සඳ
(බුදුගුණ අලංකාරය)
Dampahala Udithadhamma Thero
ශ්‍රී සද්ධර්මයේ ආලෝකය තුළින් යහපත් සමාජයක් ගොඩනැගීම අරමුණයි. නිරතුරුව දහම් පණිවිඩ ලබාගැනීමට අප සමඟ එක්වන්න. ✨
බුද්ධ බුදුගුණය
සියලු සංඛත ධර්ම හා අසංඛත ධර්ම අවබෝධ කළේ ය, අවබෝධ කරයි, අවබෝධ කරන්නේ ය, යන අර්ථයෙන් බුදු රජාණන් වහන්සේ ‘බුද්ධ’ යනුවෙන් හඳුන්වනු ලබන බව. (සබ්බේ සංඛතාසංඛත ධම්මෙ අබුජ්ක්‍ධි, බුජ්ඣති, බුජ්ක්‍ධිස්සතීති බුද්ධො)
නමක්කාර පාලි -නමක්කාර ටීකා
දත යුතු සියල්ල අවබෝධ කළ බැවින් ද චතුරාර්ය සත්‍යය තමන් වහන්සේ ම අවබෝධ කොට අන්‍යයන්ට ද අවබෝධ කරවන බැවින් ද උන් වහන්සේ ‘බුද්ධ’ නම් වන බව.
සියල්ල දන්නා බැවින් ද සර්වඥ බැවින් ද වෙනෙකකු විසින් අවබෝධ නො කරවිය යුතු බැවින් ද ක්ෂීණාශ්‍රව බැවින් ද වීතරාගී බැවින් ද ආදි බොහෝ කරුණු නිසා ‘බුද්ධ ’ නම් වන බව. (චුල්ලනිද්දේසපාළි)
සිවු සස් සිය නැණින්
දැන දැන්වී ය කුලුණින්
දුරලයි අනුවණින්
එ බුදු නම් වී ය නැණ පමණින්
(බුදුගුණ අලංකාරය)
සත්ථාදෙවමනුස්සානං බුදුගුණය
දෙවියන් සහිත ලෝකයාට දිට්ඨධම්මික සම්පරායික යන උභයාර්ථ සිද්ධිය පිණිස අනුශාසනා කරන බැවින් ද (සදෙවකං ලොකං සාසතීති සත්‍ථා) දෙවි මිනිසුන්ට ශාස්තෘවරයා මෙන් ම ගුරුවරයා වන බැවින් ද බුදු රජාණන් වහන්සේ ‘සත්ථා’ (සත්ථාදෙවමනුස්සානං) යනුවෙන් හැඳින්වෙන බව. (සද්දනීති පකරණ - ධාතුමාල
බව කතරින් එතෙර
ලනුයෙන් සතන් හැම වර
තිලෝගුරු මුනිවර
වීය සත්තා නමින් පුවතර
(බුදුගුණ අලංකාරය)
පුරිසදම්මසාරථි බුදුගුණය
දමනය නොවූ, නොහික්මුණා වූ පුරුෂයන් එනම් තිරිසන් වුවද, මනුෂ්‍ය වුවද, අමනුෂ්‍ය වුවද සත්ත්වයන් දමනය කිරීමෙහි හැකියාව පුරිසදම්මසාරථි බුදුගුණයෙන් කියැවෙන බව.
බුදු රජාණන් වහන්සේ නොදැමුණු පුරුෂයන් දමනයේ දී විවිධ උපාය, උපක්‍රම භාවිත කළ බව.
තුන් බෑ ජටිලයන්, සච්චක, සෝණදණ්ඩ, අක්කෝසක වැනි මිනිස් පුරුෂයන් ද, ආලවක, සුචිරෝම, ඛරරෝම ආදි අමනුෂ්‍ය පුරුෂයන් ද, නාලාගිරි, අග්ගිසිඛ, ධූමසිඛ, අපලාලනාගරාජ ආදි තිරිසන් ගත පුරුෂයන් ද වශයෙන් මෙසේ විශාල පිරිසක් දමනය කර ඇති බව.
නොදැමුණු විවිධ පුද්ගලයන් දමනය කිරීමට බුදු රජාණන් වහන්සේට තිබූ අසමසම හැකියාව නිසා උන් වහන්සේ ‘අනුත්තර පුරිසදම්මසාරථී’ යනුවෙන් හැඳින්වෙන බව.
බඹ සුර යකුන් තද
දමනය කර තමන් ලද
සෙත් දී මුනිඳු සඳ
පුරිසදම් සාරතී නම් ලද
(බුදුගුණ අලංකාරය)
බුදුරජාණන් වහන්සේගේ අනුත්තර බුදු ගුණය
බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ බුදුගුණය
බුදුරජාණන් වහන්සේගේ සුගත බුදු ගුණය
බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න බුදු ගුණය
බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Boogahawaththa Viharaya
Colombo
10660