Ceylon Art Vision

Ceylon Art Vision

Share

Researching the latest trends in Buddhist Studies.

16/04/2026

❓ What’s on 19 April 2026? The Abstract Submission Deadline for ! ⌚

📖 Submit your abstract to one of our four topical sessions, and present your research as a Talk or Poster in a state-of-the-art hub for science and engineering 🎓: https://brnw.ch/21x0EVt

There’ll also be plenty of chances to network with other attendees from around the world (maybe even paving the path for future collaborations 🔓), so making your own impact in this long-running conference series!

16/04/2026

පලස 2026

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් සඳහා

කවි, කෙටිකතා සහ කෙටි නාට්‍ය පිටපත් තරගාවලිය

රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවකට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

එක් එක් තරග අංශයට අදාළව නම, ලිපිනය, වයස, ජංගම දුරකථන අංකය, වට්ස් ඇප් අංකය සහ ඊ මේල් ලිපිනය සමඟ නිර්මාණයේ නම යන තොරතුරු ඇතුළත් ඉල්ලුම් පත්‍රයක් සමග මෙම නිර්මාණය අදාළ ශිෂ්‍යයාගේ/ශිෂ්‍යාවගේ ස්වීය නිර්මාණයක් බවට අත්සන යොදා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු බවට අංශ ප්‍රධාන හෝ පීඨාධිපති මුද්‍රාව සහ අත්සන සහිතව සහතික කර එවිය යුතුය.

එක් තරගකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අංශයකින් එක් නිර්මාණයක් පමණි.

පැහැදිලි අකුරෙන් ලියා හෝ ටයිප්කර මෙම නිර්මාණය එවිය හැකිය.

මීට පෙර පලස හෝ ජාතික මට්ටමේ තරගවලින් ජය ගත් නිර්මාණ නොඑවිය යුතුය.

කෙටි කතා වචන 1500 නොඉක්මවිය යුතු අතර කෙටි නාට්‍ය මිනිත්තු 20 කට ගැළපෙන සේ සැකසිය යුතුය.

ඔබගේ නිර්මාණය පිටපත් 3 කින් එවීම අනිවාර්ය වේ. එමෙන්ම අයදුම්පතේ සහ නිර්මාණයේ PDF පිටපතක් [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ජයග්‍රාහී නිර්මාණ සඳහා සහතික, සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, එම නිර්මාණ පළකිරීම

08/04/2026
08/04/2026

ලිපි කැඳවීමේ නිවේදනය:
"සන්නිවේදන" ශාස්ත්‍රීය සංග්‍රහය (Double-Blind Peer Review)
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,කැලණිය විශ්වවිද්‍යාලය
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් සමාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන "සන්නිවේදන" (Communication) ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා පර්යේෂණ ලිපි (Research Articles)සහ විමර්ශනාත්මක ලිපි(Review Articles) මේ වන විට කැඳවනු ලැබේ.
ජනසන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළ නූතන ප්‍රවණතා සහ ශාස්ත්‍රීය කතිකාවන් ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි.
ලිපි සඳහා වන තේමා ක්ෂේත්‍ර:
• ජනමාධ්‍ය සහ සමාජය (Media and Society)
• නව මාධ්‍ය සහ ඩිජිටල් සංස්කෘතිය (New Media and Digital Culture)
• සංවර්ධන සන්නිවේදනය (Development Communication)
• ප්‍රජා සහ විකල්ප මාධ්‍ය (Community and Alternative Media)
• ප්‍රචාරණය සහ මහජන සම්බන්ධතා (Advertising and Public Relations)
• සිනමාව, නාට්‍ය සහ සන්නිවේදන කලා
• දේශපාලන සන්නිවේදනය (Political Communication)

ලිපි ඉදිරිපත් කිරීමේ උපදේශ:
1. භාෂාව: සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් ලිපි ඉදිරිපත් කළ හැකිය.
2. සාරාංශය (Abstract): වචන 250 - 300 කට නොවැඩි විය යුතු අතර ප්‍රධාන පද (Keywords) 5ක් ඇතුළත් විය යුතුය.
3. ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා ලිවීමේ සම්මත ආකෘතිය (IMRAD) අනුගමනය කළ යුතුය
4. සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකාව: වචන 4,500 - 6,000 අතර විය යුතුය.
5. ආකෘතිය (Format):
o සිංහල: FMAbhaya (අකුරු ප්‍රමාණය 12, පරතරය 1.35).
o ඉංග්‍රීසි: Times New Roman (අකුරු ප්‍රමාණය 12, පරතරය 1.35).
6. උපුටා දැක්වීම්: APA (7th Edition) ක්‍රමය අනුගමනය කළ යුතුය.

• ලිපි ඉදිරිපත් කිරීමේ අවසාන දිනය: 15-04-2026
• ප්‍රකාශනයට පත් කිරීම: [ජූනි/2026]
ලිපි යොමු කළ යුතු ආකාරය:
ඔබේ පර්යේෂණ පත්‍රිකා මෘදු පිටපතක් ලෙස (MS Word) පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කාර්යාලයට යොමු කරන්න.
• විද්‍යුත් තැපෑල ; [email protected]
• වැඩිදුර තොරතුරු: [0112903862] | https://ss.kln.ac.lk/depts/maco/
සංස්කාරක මණ්ඩලය,
"සන්නිවේදන" ශාස්ත්‍රීය සංග්‍රහය,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
පෙර කලාපයට - https://ss.kln.ac.lk/depts/maco/index.php/sanniwedana

08/04/2026

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කරනු ලබන “උරුමයේ අසිරිය” දේශන මාලාවේ දෙවන ප්‍රයාණය 2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා ප.ව.7 ට සූම් මාධ්‍යයෙන් පැවැත්වේ.

මාතෘකාව - “පර්සියන් ශිෂ්ටාචාරයෙන් බිහිවූ ඉරානය”

සම්පත් දායකත්වය-
මහාචාර්ය සංජීවී මන්ත්‍රීරත්න
ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පහත දැක්වෙන සූම් සබැඳිය ඔස්සේ දේශනයට සම්බන්ධ වන්න

Topic: පර්සියානු ශිෂ්ටාචාරයෙන් බිහිවූ ඉරානය
Time: Apr 10, 2026 07:00 PM Colombo
Join Zoom Meeting
https://learn.zoom.us/j/98302293559?pwd=iar4GzLZb0wTasDhEvXaqA5nXSSFbi.1

Meeting ID: 983 0229 3559
Passcode: 2Te?1yNw

Join instructions
https://learn.zoom.us/meetings/98302293559/invitations?signature=VrQb6ATwek3mNvgeDvr3ZahzyVCC4nOXeHNFT1uwmLM

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Purvaramaya, No 47, Dias Palace, Gunasinhapura, Colombo 12
Colombo
01200