01/05/2026
University එකේ Final Year Research එක කරන හෝ Assignment කරන බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Data Analysis. ඒ අතරිනුත් හැමෝම කතා වෙන නමක් තමයි SPSS.
මොකක්ද මේ SPSS කියන්නේ? ඇයි මේක ඔයාට වැදගත් වෙන්නේ? සරලවම ඉගෙන ගමු. 👇
මොකක්ද මේ SPSS?
SPSS කියන්නේ Statistical Package for the Social Sciences කියන එකේ කෙටි නම. සරලවම කිව්වොත් මේක දත්ත විශ්ලේෂණය (Data Analysis) කරන්න පාවිච්චි කරන ලෝකයේ ප්‍රසිද්ධම Software එකක්.
Research එකක් කරද්දී ප්‍රශ්නාවලි (Questionnaires) මගින් එකතු කරගන්න විශාල දත්ත ප්‍රමාණයක්, අපිට අතින් ගණන් කරලා නිගමන වලට එන්න අමාරුයි. ඒ වැඩේ ලෙහෙසියෙන් සහ නිවැරදිව කරගන්න තමයි SPSS පාවිච්චි කරන්නේ.
SPSS වලින් මොනවද කරන්නේ?
Descriptive Statistics: දත්ත වල සාමාන්‍යය (Mean), මධ්‍යස්ථය (Median) වගේ මූලික දේවල් හොයාගන්න.
Hypothesis Testing: ඔයාගේ පර්යේෂණයේ උපකල්පන (Hypotheses) විද්‍යාත්මකව නිවැරදිද කියලා පරීක්ෂා කරන්න (T-tests, ANOVA).
Correlation & Regression: කරුණු දෙකක් අතර තියෙන සම්බන්ධය සහ බලපෑම මැන බලන්න.
Professional Charts: දත්ත ටික ලස්සන Graphs සහ Tables විදිහට Report එකට ගැලපෙන විදිහට හදාගන්න.
ඇයි AssignmentHelper.lk වැදගත් වෙන්නේ?
SPSS කියන්නේ ටිකක් සංකීර්ණ විෂයක්. ඔයාගේ Research එකේ Data Analysis කොටස කරගන්න තේරෙන්නෙ නැත්තම් හරි, වෙලාවක් නැතතම් කලබල වෙන්න එපා!
අපිට පුළුවන් ඔයාට උදව් කරන්න! 🤝
✅ නිවැරදිව දත්ත ඇතුළත් කිරීම (Data Entry).
✅ සියලුම සංඛ්‍යාන පරීක්ෂණ (T-test, Correlation, Regression, etc.).
✅ විශ්ලේෂණය කරන ලද දත්ත වලට අදාළව නිවැරදි අර්ථ නිරූපණයන් (Interpretation) ලබා දීම.
📢 එහෙනම් ඔයාගේ SPSS Analysis හෝ වෙනත් ඕනෑම Assignment එකක් සම්බන්ධයෙන් සහය අවශ්‍ය නම්, දැන්ම අපව සම්බන්ධ කරගන්න!
WhatsApp : +94 72 859 5077