22/12/2023
✅🥰පූර්ව ළමාවියේදි දරුවෙක් පෙරපාසල් යවන්නෙ ඇයි ? මොනාද ඒකෙන් එයාට ලැබෙන ප්‍රතිලාභ ?
❤️01.මූලිකව ම නිවසේ හැදී වැඩෙන දරුවා සමාජගත කිරීම.
❤️02.සහයෝගීතාව,මිතුරු ඇසුර, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය.
❤️03.අන්‍යයන්ට උපකාර කිරීම.
❤️04.ආත්ම විස්වාසය හා ස්වයං ගරුත්වය ඇති කිරීම.
❤️05.චිත්තවේගීය, සමාජීය, මානසික හා ශාරීරික ලෙසින් පෞරුෂය සංවර්ධනය කිරීම.
❤️06.අවදානය දියුණු කිරීම.
❤️07.මොළයේ වර්ධනය ඇති කිරීම.
❤️08.ඉවසීම, ඔරොත්තු දීම වැනි ගුණාංග හුරු කිරීම.
❤️09.ගෞරවය ලබාදීමට ඉගෙනීම.
❤️10.ඉගෙනීමට උනන්දුවක් හා ඉගෙනීමේ වටිනාකම අවබෝධ කරගැනීම.
❤️11.විවිධත්වයට නිරාකරණය වීම.
❤️12.යහජීවන පුරුදු හා ආචාරධර්ම ඉගෙනීම.
❤️13.ක්‍රියාශීලී වීම.
❤️14.නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම.
❤️15.භාශාමය හැකියාව වර්ධනය.
❤️16.චාලක හැකියා වර්ධනය.
❤️17.බුද්ධිමය වර්ධනය.
❤️18.ගණිතමය අත්දැකීම් ලබාගැනීම.
❤️19. සංවේදී බවින් යුතු දරුවෙක් බිහි කිරීම.
❤️20.සවන්දීමේ කුසලතා වර්ධනය .
✅🥰මේ ආදී ප්‍රතිලාභ රැසක් දරුවාට හුරු කිරීමට පෙරපාසල් අධ්‍යාපනය ඉතා වැදගත් වේ. සාමාන්‍යයෙන් අවුරුදු තුනෙන් පසු දරුවකු හුදෙකලාව හැදීම දරුවාගේ පූර්ණ වර්ධනයට බාධාවකි. පෙරපාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන කුසලතා වර්ධනය දරුවාගේ මානසික තෘප්තියට මෙන්ම කායික හා මානසික වර්ධනයට ද උපකාරී වේ.
උපුටා ගැනීම
Madhushika Udagedara
Healthy life