07/03/2026
අද අපි ටිකක් වෙනස් විදියකට පාඩමක් ඉගෙන ගනිමුද? බලන්න මේ පින්තූරය දිහා 🤷♀️🤷
මොකක්ද ඒකේ තියෙන්නෙ ලියලා??? 🧏🧏♂️🧏
I don't want a perfect life , I want a happy life.
මොකක්ද මේකේ තේරුම ???💁💁
තේරුම තමා......
⛔ මට පරිපූර්ණ ජීවිතයක් අවශ්‍ය නෑ. මට අවශ්‍යයි ප්‍රීතිමත් ජීවිතයක්.
මේක මම තවත් සරල කරලා කියන්නම්....
🌻 මට හැම දේම තියෙන ජීවිතයක් අවශ්‍ය නෑ.මට අවශ්‍ය සතුටු ජීවිතයක්.
හරි අපි දැන් බලමු මේ ඉංග්‍රීසි වාක්‍යයේ තියෙන වචන වල සිංහල තේරුම ? 🥰🥰
⛔ I don't want a perfect life , I want a happy life.
I - මම
don't - නෑ (Do not)
want - අවශ්‍යයි
a - ඒක වචන පදයක් / අවිනිශ්චිත පදයක් ඉදිරියෙන් මෙය යොදනු ලැබේ.
perfect - පරිපූර්ණ / අඩුවක් නැති
life - ජීවිතය
happy - සතුට
ඉතින් මේතන don't කියන්නෙ Do not කියන පදය කෙටි කරලා.
'a' ගැන පොඩි විස්තරයක් දෙන්නම්.⬇️
🙋a කියන්නෙ Article එකක්.(Article පාඩම ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්නම්)
🙋 මේක යොදන්නෙ අවිනිශ්චිත ඒකවචන පද වලට ඉදිරියෙන්. ඒ කියන්නෙ අපි හරියටම නොදන්න නාම පදයක් ගැන කියන කොට a ඒ අදාළ නාම පදයට ඉදිරියෙන් යොදනවා.
🙋මේක පුද්ගල නාම , ස්ථාන නාම වලට එහෙම භාවිතා කරන්නෙ නෑ.
🙋'එකක් ' හෝ 'ක්' යන ආර්ථය මේකේ තියෙනවා.
💁 අවිනිශ්චිත/ ඒක වචන නාම පදයට පෙර (මුලින්) විශේෂණ පදයක් (Ajective) ආවොත් මේ 'a' කියන article එක යොදන්නෙ විශේෂණයට මුලින්.
උදාහරණ -
කලු බල්ලෙක් ( කලු කියන්නෙ මෙතන විශේෂණ පදය) බල්ලෙක් කියන්නෙ අවිනිශ්චිත නාම පදය. ඒ අනුව a black dog කියලා කියන්න පුලුවන්.
හොඳ පිරිමි ළමයෙක් - 'හොඳ ' කියන්නෙ විශේෂණ පදය. ළමයෙක් කියන්නෙ අවිනිශ්චිත නාම පදය. එතකොට a good boy.
පැහැදිලි වුණා නේද???
දැන් ඔයාලට මේ තේරුම් ටික දැන ගත්ත නිසා අර ඉංග්‍රීසියෙන් ලියලා තියෙන වචනේ තේරුම දැන ගන්න පුලුවන් වුණා නේද????🙂🙂🙂🙂😍😍😍
හරි. තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලටත් මේ ගැටලුව එන්න ඇති.🙄🙄🙄
I කියන්නෙ මම කියලා තේරුම දීලා තියෙනවා. නමුත් අපි සිංහල අර්ථය ගත්තේ මට කියලා. බලන්න ආයෙත් ඒ වාක්‍ය දිහා ⬇️⬇️
🌻 මට හැම දේම තියෙන ජීවිතයක් අවශ්‍ය නෑ.මට අවශ්‍ය සතුටු ජීවිතයක්.
ඇයි අපි මෙතන I වල තේරුම 'මට' කියලා කියන්න්?????🤔🤔🤔🤔
හොඳට මතක තියා ගන්න මේක විස්තර කළ යුතු පාඩමක්. මෙතන දී ඉතාම කෙටියෙන් මම ඉතා......ම සරලව මෙහෙම කියන්නම්.🥰
🌻 සර්වනාමයක් එක්ක. ඒ කියන්නෙ I (මම), We (අපි), You (ඔයා), She (ඇය), He (ඔහු), It (ඌ), They (ඔවුන්) එක්ක 'Want' ආවාම මේ සර්වනාම පදවල අර්ථය මෙහෙම වෙනස් වෙනවා.🧏♂️🧏♂️🧏♂️
I (මට), We (අපිට), You (ඔයාට), She (ඇයට), He (ඔහුට), It (ඌට), They (ඔවුන්ට)
හරි. මම හිතනවා ඔයාට මේ ටික තේරුණා කියලා. 😍😍😍😍❤️❤️❤️
දැන් අපි පොඩි වැඩක් කරමු. ආයේ ගමු වාක්‍ය.
I don't want a perfect life , I want a happy life.
.................. .................
මේ යටින් ඉරි ඇඳලා තියෙන එකට වෙන වචන දාන්න. දාලා අලුත් වාක්‍ය ටිකක් ගොඩ නගමු.😊😊😊
1. මට අවශ්‍යයි නෑ ලොකු ගෙයක්. මට අවශ්‍ය පොඩි ගෙයක්.
🧚♀️ I don't want a big house,I want a small house.
2. මට අවශ්‍ය නෑ රතු කාර් එකක්, මට අවශ්‍ය නිල් කාර් එකක්.
🧚♀️ I don't want a red car, I want a blue car.
3. මට අවශ්‍ය නෑ පරණ පොතක්, මට ඕනි අලුත් පොතක්.
I don't want a old book,I want a new book.
දැන් පැහැදිලි වුණාද??
දැන් ඒ වගෙ I වෙනුවට අනිත් සර්වනාම දාලා මේ වගේ වාක්‍ය ටිකක් හදමුද? 😄😄😄
ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.
මේ want කියන පදය I, You, We, They කියන සර්වනාම බහු වචන නිසා යෙදෙන්නෙ Want කියලා.
She, He,It කියන සර්වනාම ඒක වචන නිසා යෙදෙන්නෙ Wants කියලා තමා යෙදෙන්නෙ.😊
පැහැදිලිද? 🧏♂️
ඊළඟට don't කියන එක. ඒකත් මෙන්න මෙහෙම වෙනස් වෙනවනේ ළමයි.💁💁💁
I, You, We, They කියන සර්වනාම බහු වචන නිසා යෙදෙන්නෙ don't කියලා.
She, He,It කියන සර්වනාම ඒක වචන නිසා යෙදෙන්නෙ doesn't කියලා තමා යෙදෙන්නෙ.😊
හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා.🧏♂️🧏♂️
She, He,It කියන සර්වනාම ඒක වචන එක්ක wants කියලා යෙදෙනවා තමා. නමුත් අපි අවශ්‍ය නෑ කියනකොට doesn't නෙ යෙදෙන්නෙ. ඉතින් මේ doesn't යෙදුවාම විතරක් wants වෙන්නෙ නෑ. Want කියලම තමා දාන්නෙ. හේතුව doesn't කියන වචනේ ඇතුලේ තියෙනවා wants වල s එක. ඒක නිසයි doesn't want කියලා අපි ලියන්න ඕනි.
පැහැදිලියි නේද?? 😊😊
හරි අපි ඒනම් හදමුද වාක්‍ය ටිකක්???😍
1. අපිට අවශ්‍ය නෑ නරක යාලුවෙක්, අපිට අවශ්‍ය හොඳ යාලුවෙක්.
We don't want a bad friend, We want a good friend.
2. ඔයාට අවශ්‍ය නෑ කහ සාරි, ඔයාට අවශ්‍ය රතු සාරි.
You don't want a yello saree,You want a red saree.
3. ඔවුන්ට අවශ්‍ය නෑ මිළ අධික කාරයක්, ඔවුන්ට අවශ්‍ය මිල අධික නොවන කාරයක්.
They don't want a expensive car, They want a cheap car.
4. ඇයට අවශ්‍ය නෑ ජපන් බෝනික්කෙක් ඇයට අවශ්‍ය චීන බෝනික්කෙක්.
She doesn't want a Japanese doll, She wants a Chinese doll.
5. ඔහුට අවශ්‍ය නෑ අපිරිසිඳු කාමරයක්, ඔහුට අවශ්‍ය පිරිසිඳු කාමරයක්.
He doesn't want a dirty room, He wants a clean room.
6. ඌට අවශ්‍ය නෑ ලොකු මාලුවෙක්, ඌට අවශ්‍ය පොඩි මාලුවෙක්.
It doesn't want a big fish, It wants a small fish.
හරි. ඉතින් අපිට දැන් පුලුවන් සර්වනාම එක්ක වගේම ඕනෑම නාම පදයක් එක්ක මෙවැනි වාක්‍ය හදන්න.
උදාහරණයක් බලමුද?
1. කුරුල්ලන්ට අවශ්‍ය නෑ පොඩි ගහක් කුරුල්ලන්ට අවශ්‍ය උස පරිසරයක්.
Birds don't want a small tree, birds want a tall.
2. ගුරුවරයාට අවශ්‍ය නෑ කම්මැලි ශිෂ්‍යයෙක්, ගුරුවරයාට අවශ්‍ය ක්‍රියාශීලී ශිෂ්‍යයෙක්.
The teacher doesn't want a lazy student, Teacher wants a active student.
4. නිමල්ට අවශ්‍ය නෑ නේක වර්ණ ෂර්ට් එකක්, නිමල්ට අවශ්‍ය සුදු පාට ෂර්ට් එකක්.
Nimal doesn't want a colourful shirt, Nimal wants a white shirt.
5. ජනාධිපතිට අවශ්‍ය නෑ අසමගි රටක්, ජනාධිපතිට අවශ්‍ය සාමකාමී රටක්.
The president doesn't want a disunited country, President wants a peaceful country.
හරි.ඔයාලට පාඩම පැහැදිලි ඇති නේද??? 😊😊😊
ඔයාලත් වාක්‍යක් පහළින් comment කරගෙන යන්න.⬇️⬇️⬇️⬇️
නොතේරෙන දෙයක් තියෙනවනම් අහන්න.🙋🙋🙋🙋🙋
ඒනම් මේ පාඩම ඉවරයි. අලුත් පාඩමකින් නැවත මුණ ගැසෙමු.😍😍😍😍😍😍
⛔⛔පින්තූරය The storyteller facebook පිටුවෙනි.