Thrimawithana Memorial Foundation

Thrimawithana Memorial Foundation Padmasiri Thrimawithana is the iconic figure of the struggle against the first private medical college which was successfully completed in 1989.

Padmasiri Thrimawithana was born on 29th February 1964 as the eldest of a family striving hard with economic difficulties in Galle district. He has completed secondary education in Mahinda College Galle and gained entrance to the Colombo Medical Faculty in 1985/86. The issues related to the first private medical college in Sri Lanka created in 1981 through the blessings of the then ruling party we

re rising to the peak during this period. The whole university system was going through a series of troubles and in mid 1987 it became standstill. For the first time in Sri Lankan history, the whole university system was functionless from mid 1987 to early 1990. "Threema" as popularly known among his colleagues, soon realized that he has to contribute to another mission before achieving the primary medical degree. He took part actively in the students struggle against the private medical college and dedicated his life for the protection and upliftment of free education system in Sri Lanka. He was abducted killed and surreptitiously disposed in October 1988.

12/11/2025

රෝහණ වීරසූරිය විරු සැමරුම

1976.11.12 දින රාජ්‍ය මර්දනය
විසින් ශිෂ්‍ය ව්‍යාපාරයෙන් උදුරාගත්
රෝහණ වීරසූරිය සහෝදරයා
සිහිකරමු!

​ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසය, නිදහස් අධ්‍යාපන අයිතිය දිනාගැනීමේ සහ රැකගැනීමේ අරගලයන්ගෙන් ගහණ වූවකි. ඒ ඉතිහාස පොතේ, ඇතැම් පරිච්ඡේද ලියැවී ඇත්තේ හුදු තීන්තෙන් නොව, රුධිරයෙනි. එවන් ඉතිහාසයක නොමැකෙන, පූජනීය සන්ධිස්ථානයක් සනිටුහන් කළ දිනය ලෙස 1976 නොවැම්බර් 12 වන දින හැඳින්විය හැකිය. එදින, රාජ්‍ය මර්දනයේ වෙඩි උණ්ඩයකට ගොදුරු වී, ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය විසින් ඝාතනය කරනු ලැබූ ප්‍රථම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ලෙස රෝහණ වීරසූරිය ඉතිහාසයට එක්විය.
​"වීරසූරිය දිනය" ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය විසින් උත්කර්ෂයෙන් සමරනු ලබන මෙම දිනය, හුදෙක් ශෝකී මතකයක් අවදිකිරීමක් නොව, ශිෂ්‍ය අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මර්දනයට එරෙහි අරගලයේ නොනිවෙන සංකේතයක් බවට පත්ව තිබේ.

​1. දේශපාලන හා විශ්වවිද්‍යාල පසුබිම

​1970 දශකයේ මැද භාගය වන විට, ශ්‍රී ලංකාව දේශපාලනික හා ආර්ථික වශයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක පැවතුණි. එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ, ආර්ථික දුෂ්කරතා උග්‍ර වීමත් සමග, ජනතාව අතර මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතර ද ආණ්ඩුව කෙරෙහි වූ විරෝධය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතිණි.
​මෙම පසුබිම තුළ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවකට මණ්ඩපාධිපති (Vice-Chancellor) ලෙස කටයුතු කළ මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතාගේ පරිපාලනය, ශිෂ්‍යයන් විසින් සලකනු ලැබුවේ අත්තනෝමතික සහ ශිෂ්‍ය මර්දනකාරී එකක් ලෙසය. ශිෂ්‍ය සුබසාධන කප්පාදුව, ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම් සීමා කිරීම සහ පරිපාලනයේ දැඩි තීරණවලට එරෙහිව ශිෂ්‍ය ප්‍රජාව සංවිධානය වෙමින් සිටියහ. 1976 නොවැම්බර් මාසය වන විට මෙම තත්ත්වය උච්චස්ථානයකට පැමිණ තිබුණි.

​2. ග්‍රාමීය තරුණයාගේ සරසවි සිහිනය

​රෝහණ වීරසූරිය යනු මේ අරගලයේ නියෝජනයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ, උහුමීය නම් ග්‍රාමයේ, දිළිඳු ගොවි පවුලක දෙවෙනියා ලෙස ඔහු උපත ලැබීය. අප්‍රමාණ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු, තම ගමේ පාසල වූ මුදුන්න මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනාගත් ප්‍රථම ශිෂ්‍යයා විය.
​ඔහු පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියේ, තමා වැනිම දහස් ගණනක් ග්‍රාමීය දරුවන්ගේ "නිදහස් අධ්‍යාපනයේ සිහිනය" සැබෑ කරමිනි. ඔහු හුදෙක් සරසවි සිසුවෙකු පමණක් නොව, රටේ පොදු ජනතාවගේ බලාපොරොත්තුවල සංකේතයක් ද විය.

​3. 1976 නොවැම්බර් 12: ඒ ඛේදජනක දිනය

​නොවැම්බර් 11 වන දින, පරිපාලනයේ මර්දනකාරී ක්‍රියාවලට එරෙහිව ශිෂ්‍යයන් පිරිසක් මණ්ඩපාධිපතිවරයාගේ කාර්යාලය වටලා විරෝධතාවක නිරත වූහ. මෙයට ප්‍රතිචාර ලෙස, විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පොලීසිය විශ්වවිද්‍යාල භූමියට කැඳවන ලදී.
​නොවැම්බර් 12 වන දින, සෙනෙට් සභා ගොඩනැගිල්ල අසල (වර්තමාන වීරසූරිය චතුරශ්‍රය) ශිෂ්‍යයන් විශාල පිරිසක් සාමකාමීව රැස්ව සිටියහ. ඔවුන්ගේ අරමුණ වූයේ පරිපාලනයේ ක්‍රියාකලාපයට සිය විරෝධය පෑමයි.
​කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් හෝ උසිගැන්වීමකින් තොරව, ශිෂ්‍යයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර වෙනුවට, සැබෑ උණ්ඩ යොදාගනිමින් වෙඩි තැබීම ආරම්භ කළේය. මෙම අමානුෂික, ම්ලේච්ඡ ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ රෝහණ වීරසූරිය, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

​4. ජාතික නැගිටීම සහ වීරසූරියගේ උරුමය

​වීරසූරියගේ මරණය හුදෙක් පේරාදෙණිය සරසවියට පමණක් සීමා නොවීය. එය මුළු මහත් ජාතියම කම්පනයට පත් කළ සිදුවීමක් විය.
​රට පුරා විරෝධතා: මෙම ඝාතනයත් සමග, කොළඹ, විද්‍යාලංකාර, විද්‍යෝදය ඇතුළු රටේ සියලුම විශ්වවිද්‍යාල සහ බොහෝ පාසල් වසා දමමින් සිසුහු දැවැන්ත විරෝධතාවල නිරත වූහ.
​දේශපාලන කම්පනය: මෙම සිදුවීම එවකට පැවති රජයට එරෙහිව ප්‍රබල ජන මතයක් ගොඩනැගීමට සෘජුවම බලපෑ අතර, 1977 මැතිවරණයේදී එම රජය ලැබූ දැවැන්ත පරාජයට ද මෙය එක් හේතුවක් ලෙස ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
​අරගලයේ සංකේතය: රෝහණ වීරසූරිය, "රාජ්‍ය මර්දනයට" එරෙහි ශිෂ්‍ය අරගලයේ නොනිවෙන සංකේතය බවට පත්විය. ඔහුගෙන් පසුවද දයා පතිරණ, පදුමසිරි ත්‍රීමාවිතාන, ක්‍රිෂාන්ත කුරේ වැනි බොහෝ සිසු නායකයින් රාජ්‍ය සහ අර්ධ-රාජ්‍ය මර්දනකාරී කල්ලි අතින් ඝාතනය විය. එහෙත්, ඒ සියලු අරගලවල ආරම්භක පූජනීය නාමය වූයේ වීරසූරියයි.

​5. අමරණීය සැමරුම

​වසර 50කට ආසන්න කාලයක් ගතවී ඇතත්, රෝහණ වීරසූරිය නාමය අදටත් ජීවමානය. ඔහු වෙඩි තබා ඝාතනය කළ ස්ථානයේ, පේරාදෙණිය සරසවියේ සෙනෙට් ගොඩනැගිල්ල අබියස, "වීරසූරිය චතුරශ්‍රය" (Weerasuriya Square) නමින් ස්මාරකයක් ඉදිකර තිබේ. එය හුදෙක් ගල් ස්මාරකයක් නොව, පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී හඬ නැගීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත.
​සෑම වසරකම නොවැම්බර් 12 වන දින, රට පුරා විශ්වවිද්‍යාල සිසුන්, විශේෂයෙන්ම පේරාදෙණිය ශිෂ්‍ය ප්‍රජාව, එම ස්මාරකය අභියසට රැස්වන්නේ, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් දිවි පිදූ ඒ විරුවා සිහිපත් කිරීමට පමණක් නොවේ. ඒ, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට එරෙහිව, ශිෂ්‍ය මර්දනයට එරෙහිව සහ සියලු ආකාරයේ පීඩනයන්ට එරෙහිව තමන් ගෙන යන අරගලය යළි යළිත් තහවුරු කිරීමටය.
​රෝහණ වීරසූරියගේ රුධිරයෙන් තෙත් වූ ඒ පොළොව, අනාගත පරපුරට ද අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ශක්තිය සපයන පූජනීය භූමියක් ලෙස සදාකල් පවතිනු ඇත.

මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

24/10/2025

ත්‍රිමා ඝාතනය කර වසර 37 ක්..

ඒ වර්ෂ 1981යි. අසීමිත රාජ්‍ය බලයෙන් එවක ශ්‍රී ලාංකීය රජය උමතු වී සිටි අවදියයි. රදල වාසි පමණක් සලකාලමින් දුප්පතා පාගා දමන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ සමයයි. දුප්පතාට තිලිණයක් වූ නිදහස් අධ්‍යාපනය වනසන්නට පාලකයන් දොරටු විවර කල යුගයයි.
එලෙස 1981දී රාගම දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන ලදි.

ඒඅනුව රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදී. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාය. මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයට මළගම කැඳවීම මේ ක්‍රියාවලියේ අරමුණ විය. නමුත් ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් හා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය.

පද්මසිරි ත්‍රිමාවිතාන දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 පෙබරවාරි මස 29 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කළේය.
මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ, මාදම්පාගම ගා/රොන්නදූව විද්‍යාලයෙන් සහ කහව ගා/වේරගොඩ විජයබා විද්‍යාලයෙන් හැදෑරූ ඔහු ද්විතීයික අධ්‍යාපනය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් විය. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට වරම් ලැබීය.

1987 වසර එළඹිණි. එය බිහිසුණු වසරකි. ඒ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පළමුවරට අවසාන වසර විභාගයට වාඩිවීමට නියමිතව තිබූ වසරයි.
මේ වන විට ත්‍රිමා වෛද්‍ය පීඨයේ තෙවන වසර සිසුවෙකි. රට පුරා රජයේ වෛද්‍ය සිසුහු අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහි අරගල දියත් කළහ. ත්‍රිමා අරගලයේ පෙරටුගාමියෙකු ලෙස තම දායකත්වය සැපයූවේය. අරගලය මැඩලීමෙහි ලා වෛද්‍ය පීඨ වසා දැමුණි. කකියන රුහිරෙන් බැට කෑ ත්‍රිමා ඇතුළු සිසු විරුවෝ අරගලයේ බර කරට ගන්නට තීරණය කළහ.

ඔවුහු වසා දැමුනු ලැබූ වෛද්‍ය පීඨ නේවාසිකාගාරයෙන් එළියට පැමිණියහ. ඔහු රත්නපුර ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානියෙක් විය. ඇතැම්විට ස්වකීය ජීවිතය අහිමි වන බව දැන දැනම ත්‍රිමා හික්කඩුවේ සිට රත්නපුරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නික්ම ගොස් තිබුණි. එලෙස ඔහු තම සිසු දිවිය අනාගත වෛද්‍යවරුන් උදෙසා කැප කළේය.

වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. ත්‍රිමාවිතාන සොයුරා, රත්නපුර බස්නැවතුම්පොළ අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැරගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලණුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.
අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ශක්තිය හා බලය ප්‍රදර්ශනය කරවූයේ මෙම ඝාතනයට පසු අවස්ථාවයි. කොළඹ මහ රෝහලේ වහල මතට නැගුණු වෛද්‍ය සිසු සිසුවියන් ත්‍රිමාගේ මළසිරුර ඉල්ලා මාරාන්තික උපවාසයක් ඇරඹූහ. ආණ්ඩුව එයට ද ඇහුම්කන් නොදුන් විට ඔවූහූ සිරුරට පෙට්‍රල් වත්කර සිය දිවි හානි කර ගැනීමට තැත් කළහ. අවසානයේ දී ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දණ නැවීමට සිදු විය. කුඩා පෙට්ටියක බහාලූ ත්‍රිමාගේ මෘතදේහය ශෝකය සඟවා සටන උදෙසා දිවි පිදීමට යෙද වූ සඟයන්ගේ කර මතින් වෛද්‍ය පීඨයට රැගෙන එන ලදි. එයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජන සංඛ්‍යාවක් පැමිණියහ. ආදාහන පෙරහැර කොළඹ තුන්මුල්ල හරහා දිර්ඝ ගමනකින් පසු බොරැල්ල කනත්තට ලඟා විය. අවමඟුලට සහභාගී වූ සංඛ්‍යාව අති විශාලය. එය ලාංකීය ඉතිහාසයේ විශාලතම සිසු ජන සහභාගීත්වයෙන් පැවැති අවමඟුල විය.
එබැවින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය තාවකාලිකව ඉවත් කර ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලදි. මීළඟ වෛද්‍ය පීඨය බිහි වූයේ මේ වෙද සිසු අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි.

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

23/10/2025

දහස් පැතුමන් හිත් දරා වෙදැසගින්
දුක් අඳෝනා දුරලනු රිසිව
තැබූ පියවර එකෙණෙහිම වූයේ
නූපන් වෙදැදුරනට හෙට දිනක් සදන්නටමයි

දුදන පවිටුන් අභිමුව
නොනැමුණු දෙදණ වීමුත්
දෙතිස් වද විඳ දරා
රුහිරින් මිහිමවුන් නහවා
හිස් දෙබෑ කළ වියරු ඇණයක් හඬ නගන්නේ
"*ත්‍රිමා* නුඹ බෝසතෙකුමයි...!!!”

-වෛද්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය-
-ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය-

22/10/2025
22/10/2025

ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ !

ජානක සිසිත සැමරුම 2025 ඔක්තෝබර් 22වන දින(හෙට) දහවල් 12.30ට
කළමනාකරණ හා මූල්‍ය පීඨ ආපනශාලා පරිශ්‍රයේදි

කළමනාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

Address

Faculty Of Medicine University Of Colombo
Colombo

Telephone

+94718118998

Website

Alerts

Be the first to know and let us send you an email when Thrimawithana Memorial Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category