09/07/2020
හදට පද
| කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ... |
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...
නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...//
ගායනය : දයාරත්න රණතුංග
රචනය : අජන්තා රණසිංහ
සංගීතය : දයාරත්න රණතුංග
#හදටපද
08/07/2020
හදට පද
| අහසෙ ඉන්නවලු.. ගහේ ඉන්නවලු.. |
අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු නොදැක වඳිනවලු
ගින්නෙ නටනවලු බෙර හඬට නටනවලු
නටල වඳිනවලු පව් පිහිට පතනවලු //
ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //
මෝල් ගහේ දළු එනතුරු කලු කපුටා සුදුවන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවන තුරු //
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං
අහසෙ ඉන්නවලු...
පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින //
හේනක් කුඹුරක්වත් නෑ වගා කලේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට
අහසෙ ඉන්නවලු...
ගායනය : ලයනල් රන්වල, සමන් ද සිල්වා
රචනය : ලයනල් රන්වල
සංගීතය : ලයනල් රන්වල
#හදටපද
07/07/2020
හදට පද
| කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ... |
කිත්තානේ කිනත්තේ
කිත්ති කතානේ
සක්විත්තන් හිරුට වැන්ද
සිංහල දීපේ...
පුප්පානේ පූ පනේ
පැණිරස වෑගේ
ගම්මානේ ගිගුම් දිදී
සිංහල නාදේ
කන්හානේ කන්හනේ
කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල
බුදුන්ගේ දේසේ
දබරු බුද්ද බෙරය වයා
රැකෑ කෙලින්නා
කැවිලි පෙවිලි උයා පිහා
හැඩ වැඩ වෙන්නා
අනුරාපුරයේ
සයන් ජාත
කිරිබත් සැදෙනා
සමනොල සබරේ
මසුරන් වත දනට පිදේනා
වස්සානේ දසන්තේ
රාවන තාලේ
අවුරුද්දෙම සතුට රැන්දු
සදහම් දීපේ
වස්සානේ දසන්තේ
රාවන තාලේ
අවුරුද්දෙම සතුට රැන්දු
සදහම් දීපේ
නගුල දේව සේ ජවෙන්
කමතේ බමන්නා
දෙනෙත් කොනෙන් බලා බලා
ලදුන් රගන්නා
පැරනිම දේසේ
කොරලේ සිරිත රකින්නා
ඒ දීපේ එක නැකතට
සියල්ල වෙන්නා
මද්දාරා මදා රා
පරසතු පිපෙනා
දෙව් ලෝකේ මෙහේ නේ
දෙවිවරු වසනා
කන්හානේ කන්හනේ
කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල
බුදුන්ගේ දේසේ
කිත්තානේ කිනත්තේ
කිත්ති කතානේ
සක්විත්තන් හිරුට බැන්ද
සිංහල දීපේ
පුප්පානේ පූ පනේ
පැණිරස වෑගේ
ගම්මානේ ගිගුම් දිදී
සිංහල නාදේ
කන්හානේ කන්හනේ
කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල
බුදුන්ගේ දේසේ
ගායනය : මලින්ද විජේකෝන් , යොහාන් රණසිංහ
රචනය : ධම්මික හෙට්ටිආරච්චි
සංගීතය : පබලු විජේගුණවර්ධන
#හදටපද
06/07/2020
හදට පද
| සුරලියක වගේ රුවිනා... මුදු ගතිගුණ හරි අගනා... |
සුරලියක වගේ රුවිනා - මුදු ගතිගුණ හරි අගනා
පොඩි කාලෙ සිටන් - මම ආවෙ සොයන්
ලස්සන රන් එතනා//
වෙල් යායේ හා ගං ඉවුරේ
කී මධු ගී රස පැතිරේ
පට සේල නැතත් ඔයා හරිම හැඩයි
ලස්සන රන් එතනා
මගෙ ජීවන මල් උයනේ
ඔබ වෙයි පිපි පෙම් කුසුමේ
මධු රස බොන්නම් නිති සුරකින්නම්
ඔයා කැමතිද රන් එතනා
සුරලියක වගේ..
දුක සැප විඳුමට තුටිනා
හැකිනම් එක්වෙමු දෙදෙනා
එන මහට කලින් ගෙනයමි කැන්ඳන්
මාගේ පැළ වෙත රන් එතනා
සුරලියක වගේ..
ගායනය : සෝමසිරි ප්‍රනාන්දු
රචනය : ස්ටැන්ලි ප්‍රනාන්දු
සංගීතය : ස්ටැන්ලි ප්‍රනාන්දු
#හදටපද
05/07/2020
හදට පද
| ලස්සනයි ආදරේ ගලායන හසරැල්.. |
ලස්සනයි ආදරේ ගලායන හසරැල්..
සුන්දරද ඒ නමුත් නොතිබිලා..
එකම එක, එකම එක..
බිඳක්වත් කඳුලැල්..
අතවනයි මදහසක්..
ඉපදිලා සෙනෙහසක්..
ඉතින් අප හිතනවා, කියනවා, ලියනවා, ගයනවා..
එකෝමත් එක පොතක්..
ආදරේ නම් පොතක්..
ළංවෙමින් සිත් දෙකක්..
ඇතිවෙලා එක සිතක්..
ඉතින් අප නැළවිලා, දුක්වෙලා, හමුවෙලා, සැනසිලා..
අතින් අත් ගෙන දිනක්..
සාදමූ කූඩුවක්..
ගායනය : අමල් පෙරේරා
රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය : මහින්ඩ බන්ඩාර
#හදටපද
04/07/2020
හදට පද
| මාල ගිරවියේ මාල ගිරවියේ
මට ඔබත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි... |
මාල ගිරවියේ මාල
ගිරවියේ
මට ඔබත් එක්ක අපේ ගමට
පියාඹන්න ආසයි
මම දන්න කියන ගහකොළ මල්
පෙන්නන්නට ආසයි
දුර නෑයෝ පවා ගේ දොරකඩ
එකතු වෙලා හිඳීවී
නුඹේ මාලේ හැබෑ
රත්තරන්ද අතගාලා බලාවී
මේ සේද ඇඳුම්
ඉල්ලාගත්තේ
කාගෙන්දැයි අසාවී
මගෙ උරතලයේ හිස තියාන
හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ
තරමට
අමිහිරි දැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක්
ඉවසමු අපි කුමාරී
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : එච්.එම් ජයවර්ධන
#හදටපද
03/07/2020
හදට පද
| මානෙල් මල සේ යායේ පිපී
කෝ ළඳුනේ පෙම් සිනා.. |
මානෙල් මල සේ යායේ පිපී
කෝ ළඳුනේ පෙම් සිනා..//
අඳුරේ පාවි කඳුලේ යාවි
මා මනසේ ආදරේ වේදනා
මානෙල් මල සේ..//
දෙනෙතේ ආයාචනා
සුළඟේ සුන්වී ගියා
දෙනෙතේ ආයාචනා
සුළඟේ සුන්වී ගියා
ඒ මල් පැතුම් ආලේ වදන්
මේ භවයේ රාත්‍රියේ රැව් නැගේ
මානෙල් මල සේ..//
පෙර සේ ආරාධනා
රාවේ නෑසි ගියා
පෙර සේ ආරාධනා
රාවේ නෑසි ගියා
නාමල් පිපී නාඩන් ඉතින්
ආලේ හැඟුම් සවනතේ කොඳුරලා
මානෙල් මල සේ..//
අඳුරේ පාවි කඳුලේ යාවි
මා මනසේ ආදරේ වේදනා
මානෙල් මල සේ..//
ගායනය : මර්වින් මිහිඳුකුල
රචනය : උපාලි ධනවලවිතාන
සංගීතය : සරත් ද අල්විස්
#හදටපද
02/07/2020
හදට පද
| ඔබේ සිනා ලග නෙත නැවතුනු දා... |
ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //
කුමටද උපමා ඉතිහාසයේ උං
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමකා නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා
ඔබේ සිනා ලග ...
ගායනය : ජගත් වික්‍රමසිංහ
රචනය : ගීතාංජලී වික්‍රමසිංහ
සංගීතය : ජගත් වික්‍රමසිංහ
#හදටපද
01/07/2020
හදට පද
| හායි හායි... බායි බායි... |
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //
වචන දහස් ගණනක්ලු
අකුරු පණස් හතරක්ලු
අපේ හෝඩියේ
අපේ හෝඩියේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ
ඇයි දොඩවන්නේ //
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //
ගායනය : ලයනල් රන්වල
රචනය :
සංගීතය : ලයනල් රන්වල
#හදටපද
21/04/2020
හදට පද
| ගෙන්දගම් පොළව අත්හැර.. මා ඉතින් කොහොම එන්නද..
ගම්දොරේ තියෙන අවුරුදු කොයිද සෙයිලමේ... |
එරබදුත් පිපී තුරු මත ලස්සනයි බැලූ බැලූ අත..//
අම්මලා උදේ ඉඳලම පාර බලනවා
අයියගේ හිනා හඬ ළඟ ළඟම ඇහෙනවා
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගම පුරා අලුත් අවුරුදු අසිරි මැවෙනවා...
ගෙන්දගම් පොළව අත්හැර මා ඉතින් කොහොම එන්නද
ගම්දොරේ තියෙන අවුරුදු කොයිද සෙයිලමේ
කෙළි දෙලෙන් ගෙවූ කාලය පුංචි සන්දියේ...
ගමේ ගොඩේ කිරි හිනා නංවයි
පුංචි පැංචියෝ වට වෙවී
නංගියේ හීනෙන් වගේ මට
ඇහෙනවා ඔංචිලි කවී
එරබදුත් පිපී...
ගෙන්දගම් පොළව...
ඔබ නැතොත් අවුරුද්ද දවසට
මොටද අපි කිරිබත් උයා
එවනු මැන කිරිබත් සුවඳ මට
සුළං රැල්ලක දවටලා
එරබදුත් පිපී...
ගෙන්දගම් පොළව...
ගායනය : සහන් රන්වල ඇතුළු පිරිස
පද රචනය :
සංගීතය :
#හදටපද
20/04/2020
හදට පද
| එන නිවාඩුවට ගමට යමුද අම්මේ තාත්තේ...
පොත පතේ තියෙන ගමට යමුද අම්මේ තාත්තේ...
කජු පුහුලන් කන්න ඇළ දොල නාන්න... |
එන නිවාඩුවට ගමට යමුද අම්මේ තාත්තේ
පොත පතේ තියෙන ගමට යමුද අම්මේ තාත්තේ
කජු පුහුලන් කන්න ඇළ දොල නාන්න...
ඔන්න ඔට්ටුයි කියන් වෙල් යාය දිගේ පිම්මේ දුව යන්න
වැල වරකා කඩන් ගම්මිරිස් දමන් රස කර කර කන්න
රස කර කර කන්න...
පන් පැදුරේ ඉඳන් සීයා ආච්චි අතින් හබුන් කටක් කන්න
හබුන් කටක් කන්න
සීයා වටේ ඉඳන් හොඳට තියන් කතා අහන් ඉන්න
කතා අහන් ඉන්න...
එන නිවාඩුවට...
ගායනය : රන්වල බලකාය
පද රචනය : ජයතිස්ස බොරළුගොඩ
සංගීතය : ලයනල් රන්වල
#හදටපද
19/04/2020
හදට පද
| කජු වාරේ..කජු වාරේ...එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ... ගමට කියන්නේ...
අවුරුදු ඇවිදිල්ලා.. |
කජු වාරේ..කජු වාරේ...එරබදු යායේ..
කොහෝ කොහෝ නාදේ...
ගමට කියන්නේ...
අවුරුදු ඇවිදිල්ලා..//
පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔට්ටු දමයි...//
හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බදී..//
කොක්කු දෙදහසක් ඇවිදින්
පුත්තලමේ දොන්..
තවත් දෙදහසක් ඇවිදින්
අතරමගදි දොන්..
සඳුන් කැලේ අපි යනකොට
රිලව් පනිනවා..
එක රිලවෙක් බඩබැදගෙන
පිනුම් ගහනවා..
මේ ඉසව්වේ...රබන් වැයෙන්නා...
මේ පද ඇසී..ගමක් නටන්නා..
කජු වාරේ...
බුබුල් බුලත් මම ගත්තා
තුට්ටු දෙකට මං වික්කා
තුට්ටු දෙකට ගත්තු බුලත්
සල්ලි හතට මං වික්කා
වත්ත කතත් කතත්තා
ඉඩම කතත් කතත්තා
වත්ත කතත් ඉඩම කතත්
දෙකම කතත් කතත්තා..
මේ නොනගතේ ඉරත් නැවතිලා...
මේ සැණකෙලී බලා ඉන්නවා..
කජු වාරේ...
ගායනය : ලයනල් රන්වල , රන්වල බලකාය
පද රචනය : ලයනල් රන්වල
සංගීතය : ලයනල් රන්වල
#හදටපද