04/11/2022
සිප්සෙත් Sipseth
EDUCATION + ATTITUDE DEVELOPMENT = SIPSETH
04/11/2022
25/08/2022
- සිරිමත් -
ආයුබෝවන් ළමයි
ආයූබෝ.....වා....න් ටීචර්..
මොකෝ අද මේ ඔක්කොම වගේ ඇවිල්ලා..වහීවිද දන්නේ නෑ..
කාලෙකින් සමන්තිලකත් ඇවිල්ලා ඉන්නේ අද..මොකෝ දරුවෝ වුණේ?
මිස්.. මේ...මේ..මට...
ආ...හරි හරි.. දැන් ළමයි ගන්න බලන්න සිංහල අච්චු පොත්..මොකද්ද අද පාඩම ?
ටීචර්...සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි..
හොඳයි... දරුවනේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා කියන්න බලන්න මේ සිරිමත් ගැන කියවුණු කවි පංති ලියලා තියෙන්නේ කව්ද කියලා..
( පංතියේ ළමුන් එකිනෙකාගේ මුහුණු බලාගනිමින්.. ඒ අතර අමරපාල අත ඔසවමින්..)
ඔව් කියන්න බලන්න අමරපාල...
අලගියවන්න මුකවැටිතුමා
අමරපාල හොඳ උත්සහයක් ගත්තේ නමුත් කිව්ව උත්තරය වැරදියි.
තව කවුරුත් උත්සහ කරනවද? හ්ම්ම්ම්... හොඳයි.. පුතාලා මතක තියාගන්න මේ ආදර්ශමත් කවි පෙළ ලියලා තියෙන්නේ කුමාරතුංග මුනිදාස ශූරීන්. පුතාලා අහලා තියෙනවද එතුමා ගැන?
ඔව් ටීචර්..
හොඳයි.. මම ඔයාලා නොදන්න තොරතුරු ටිකක් කියන්නම් එතුමා ගැන. 1887 දී මාතර දික්වැල්ලේ තමයි කුමාරතුංග මුනිදාස මහත්තයා ඉපදෙන්නේ. භාෂාව හැසිරවීමේ හසල දැනුමක් තිබුණ එතුමා 1941 දී ' හෙළ හවුල ' කියලා සංවිධානයක් පිහිටුවනවා. ඒකට රැපියෙල් තෙන්නකෝන්, ගුණදාස වඩුගේ වගේ ප්‍රවීණ උගතුන් එක්කාසු වෙනවා. පුතාලට හොඳ පොත් රාශියක් මෙතුමා රචනා කරනවා. ඒ අතර හත්පණ, හීන් සැරය, කුමර ගී, කියවන නුවණ වගේ ලස්සන පොත් ගොඩක් තියෙනවා. ආ.... මට අමතක වුණා 'මඟුල් කෑම' ඒකත් කුමාරතුංග මුනිදාසයන්ගේම තමයි. ඒ වගේම කුස ජාතකය, ගිරා සංදේශය, මයුර සංදේශය, ගුත්තිල කාව්‍ය වගේ පද්‍ය කෘති නැවත හදලා මිනිස්සු අතරට යවන්න මෙතුමා ලොකු සේවයක් කළා. 1944 මාර්තු 2 දා එතුමා අප අතරින් සමුගන්නවා.
( ළමුන් දැඩි උවමනාවකින් කතාවට සවන් දුන් අතර ගුරුතුමියගේ කතාව අවසන බොහෝ දෙනා දිගු හුස්මක් හෙළීය. )
හරි.. දැන් බලමු අපේ පාඩම.. කියන්න බලන්න හැමෝම පළවෙනි කවිය.
( ළමුන් සියල්ලෝම හඬ නගා පාඩම කියවන අතර ගුරුතුමියගේ අවදානය සමන්තිලක වෙත යොමුවේ. හුණු කොට්ටය අතට ගත් ගුරුතුමිය ඉන් සමන්තිලක වෙත දමා ගැසුවාය. නිදා සිටි සමන්තිලක මහ හයියෙන් කෑ ගසාගෙන නැගිට්ටේය. ළමුන් සියල්ලෝම හඬ නගා සිනාසෙති. )
මම මෙහෙ පාඩම කියලා දෙනවා මෙයා ගොරව ගොරව බුදි. යනවා එළියට මගෙන් ගුටි නොකා. පොඩ්ඩක් ඉන්නවා. කියනවා බලන්න අපි අද කරන පාඩම.
අද....අ..අ..අද පාඩම..හරි.. මම දන්නවා..මඟුල් කෑමනේ ?
මඟුල් කෑම ? මඟුල් තමයි දැන් බොට කන්න තියෙන්නෙ.. දුවපිය එළියට.. දණ ගහගෙන අහගෙන ඉන්නවා.
හැමෝටම පාඩම තේරුණාද ළමයි?
ඔව් ටීචර්..
හොඳයි.. එහෙනම් මේ පාඩම අන්තිමට තියෙන අවබෝධය ටික කරන්න.. තව සිරිමත් ගැන රචනාවක් වෙනම කොලේක ලියාගෙන එන්න ඕන. හරිද?
හරි ටීචර්.
නැගිටින්න හැමෝම.. ආයුබෝවන්..
ආයූබෝවන් ටීචර්.
සමන්තිලක ඉඳගන්නවා ගිහින්. හෙට වැඩ ටික කරගෙන එන්න ඕන.
( සමන්තිලක ඔලුව වනා ඊට එකඟ වුණේය. )
( පසුදින ගුරුතුමිය පංතියට පැමිණ...)
ජයතිස්ස පුතා..එකතු කරන්න ඔක්කොම පොත් ටික ඊයෙ ගෙදර වැඩ බලන්න. සිරිමත් ගැන ලියපු කොළ ටික වෙනම එකතු කරන්න දරුවෝ.. ජයතිස්ස ඒක එකතු කරනකම් අනිත් අය ඊ ලඟට තියෙන පාඩම බලාගන්න.
( ළමුන් ඊ ලඟ පාඩම බලන අතර ගුරුතුමිය ඊට පෙර දින ලබා දුන් ගෙදර වැඩ ටික බැලීමට සැරසුණාය. ඒ අතර සමන්තිලක සුපුරුදු ලෙස නිදි කිරා වැටෙයි. මෙය දුටු ගුරුතුමිය අන් ළමුන්ගේ ගෙදර වැඩ බලන එක නවතා සමන්තිලකගේ ගෙදර වැඩ පොතත් සිරිමත් ගැන ලියූ කොළයත් සෙවූ අතර ගෙදර වැඩ පොත නොතිබූ අතර කොළය පමණක් තිබුණි. ගුරුතුමිය එය අතට ගෙන කියවන්නට විය. )
සිරිමත් ගැන රචනාව
සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි
සිරිමත් වැඩ කරන්න දක්ෂ ළමයෙකි. නමුත් මට වඩා දක්ෂ නැත. ඒ මක් නිසාදයත් සිරිමත් දක්ෂ වී ඇත්තේ පොත පතෙන් පමණි. නමුත් මම පොත පත මෙන්ම පොල් ගස් නැග පොල් කඩා, පොලට ගොස් එළවළු, තුනපහ ආදිය රැගෙනවිත් උයන්න පිහන්නත් දක්ෂයෙකි.
උදයම පුබුදී
මුහුණට දියදී
කුලදෙවි නමදී
ගේ දොර අමදී
සිරිමත්ට ඇත්තේ සිරිමත් ගැන සොයා බලන්නට පමණි. නමුත් මම මා ගැන සොයන අතර චූටි නංගිවත් මල්ලිවත් බලාගත යුතුව ඇත. සිරිමත් උදෙන්ම මුහුණ සෝදා පාසල් ඇඳුම් හැඳ පැලැඳ කුලදෙවියන්ට වැඳ පාසල් යන අතර මම පාන්දර 3ට අවදි වී උදේට කෑම උයා ඔත්පලව සිටින මගේ අම්මාගෙ මුහුණ සෝදා ඇඳුම් අන්ඳවා උදේට කන්න බොන්න දී අඟුරු ඉස්තිරික්කෙන් මාගේ පාසල් ඇඳුම් මැද ඒවා ඇඳගෙන පාසල් යා යුතුව තිබේ. දිනපතා මම එය ඉතා සතුටින් කරමි. වෙනසකට ඇත්තේ සිරිමත් පාසලේදි නිදා නොගැනීමත් මම ඩිංඟක් පාසලේදී නිදා ගැනීමත් ය. ඉන් මම සිරිමත්ට පරදියි.
වෙලාව නො වැරද
කෑමට ආ සඳ
ඔහුට වඩා සොඳ
මහතෙක් කවරෙද
උයා තිබෙන කෑම සිරිමත් මහත්තයෙක් වගේ කෑවාට මට එසේ කන්නට බැරි උයා පිහා දහදිය දමා මහන්සිව සිටින මම, අම්මාට නංගීට මල්ලිට කවා පොවා පසුව වළඳේ ඉතිරිවන යමක් වළඳෙන්ම ගෙන කටේ දමා ගන්නා නිසාවෙනි.
පාඩම් කරනට
පතපොත ගෙන සිට
සිත වෙන දෙයකට
නොහරී කිසි විට
සිරිමත් පාඩම් කරන විට සිත එක් තැනක තබා ගත්තද මට එය කළ නොහැක්කේ පොතක් ගෙන පාඩම් කරන විට නංගීගේ මල්ලිගේ හැඬීමත් අම්මාගේ කෙඳිරිලි හඬත් ඇසෙන නිසාවෙනි. නමුත් මම එක් දෙයක් දනිමි. කෙසේ හෝ මේ බාධක බිඳ දිනෙක මම ජීවිතය ජය ගන්නා වග.
( ගුරුතුමියගේ ඇස් වලින් කඳුළු කැට රූරා වැටෙන අතර ඇය, නිදා සිටින සමන්තිලක වෙත ගොස්.. )
පුතා සමන්තිලක.. නැගිටින්න.. ඔයාගේ රචනාව හරිම ලස්සනයි පුතේ..
—————-
චරියාගේ පන්හිඳ
Charith Wijemanna
25/08/2022
✊
23/08/2022
- හය හතර -
අල්ලපු ගෙදර සාරතී - කමලෝ..කමලෝ..
කමලා - මොකද බොල ගමටම ඇහෙන්න බෙරිහන් දෙන්නේ?
සාරතී - අන්න උඹේ පුතා සුමනාවතියගේ කොල්ලට හක්ක පනින්න ගහලා.
කමලා - අම්මපා කියහං..මූව තියන්න වටින්න්‍නේ නෑනේ..
සාරතී - මං මොටෝ උඹට බේගල් ඇදබාන්නේ? උඹෙන් අහවල් එකක් ගන්ටෙයි? ආන්න බලාපං ඉස්කෝලේ ලොකු සර්ගේ කාමරේ සුමනාවතියයි ඒකීගේ කොලුවයි උඹේ වසවර්තියයි ඉන්නවා. දැන්ම පලයං. මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ.
කමලා - මට මේ අනිත් ලමයි පස් දෙනා හදාගන්න වෙන්නෙ නෑ මූත් එක්ක. ඔහොම හිටහංකෝ රෙද්දක් පටලං එනකං. උක්කු අම්මේ.. මුන් ටික බලාගනින් මං හනික ඉස්කෝලෙට ගොහිං එන්නම්.
( සාරතී සහ කමලා කඩිමුඩියේ පාසලේ ලොකු සර් හමුවීමට යති )
පාසලේ මුරකරු - කොහෙද තොපිලා මේ දුවන්නේ? මතක තියා ගනිව් මේක පාසලක්. මොකෑ පුරස්නේ?
කමලා - අනේ සේතං අයියේ අපේ කොලුවා මේ කොල්ලෙක්ට ගහලලු. ඒකට ලොකු සෑර් මුණගැහෙන්න යනවා.
සේතං - උඹට ඉතිං ඕක අරුමයැක් නොවෙයිනේ. මාසෙකට දෙතුන් දොහක් උඹත් එනවා නොවැ අකුරු කොරන්නට.
කමලා - අනේද කියන්නේ සේතං අයියේ..
( කමලා ලොකු සෑර්ගේ කාර්යාලය අසල හිටගෙන සිටින්නීය. )
ලොකු සෑර් - කව්ද ඔය ඉස්සරහා හිටගෙන ඉන්නේ? මෙහෙට ආවනම්..
( කමලා කාර්යාලයේ දොරෙන් ඇතුළු වූවාය. ඇතුළුවත්ම දොර අසලම සුමනාවතී ගිණි පුපුරු නැගෙන දෑසින් යුතුව කමලාගේ ඇඟට ගොඩවන්නටම මාන බලාගෙන හිඳ සිටින්නීය. ඈ අසලම ගුටි කෑමට ලක් වූ සුමනාවතීගේ කොලුවා දතක්ද අතේ තබාගෙන සැමටම එය පෙන්වමින් විලාප නගමින් සිටින්නේය. කමලා වටපිට බැලූවෙ තම පුතු කොහේදැයි කියාය. දෙදණ බිම තබා දෙඅත් ඔසවා සිටි සුනිමල් තම මව එනු දැක සිනා මුසු මුහුණින් යුතුව ඔසවාගෙන සිටින එක් අතක්ද වනමින් තමා මෙහි යැයි ඉඟි පළ කළේය. )
කමලා - ආයුබෝවන්ඩ අපේ සෑර්..
ලොකු සෑර් - ආයුබෝවන් නෙවෙයි තමුන්ගේ පුතන්ඩියා අනිත් අයගේ ආයු අඩුකරන්න හදන්නේ.. පේනවනේ..
කමලා - අනේ සෑර්.. හය හතර නොදන්න එකානේ.. අදට සමාව දෙන්න බුදු සෑර්..
ලොකු සෑර් - මේ අන්තිම වතාව. සුනිමල් ඉගෙන ගන්න ගොඩක් දක්ෂ නිසා මේ පාරත් මම සමාව දෙනවා. ඊ ලඟ පාර සමාවක් නෑ. එක්කගෙන යනවා හොඳයි.
කමලා - බුදු බව අත්වෙන්න ඕන සෑර්ට.
( කමලා තම පුතු ලඟට ගොස් )
කමලා - වරෙන්කෝ යන්න ගෙදර අද.. හම ගහනවා උඹව..
( සුනිමල් නැගිට සුමනාවතීගේ පුතු වීරපාල අසලින් ගමන් කරයි. )
සුනිමල් - මොකෝ බං වීරපාල ඉස්සරහා දතක් නැත්තේ? පෙරහැරේ අලියා පස්සෙන්වත් ගියාද? හ් හ් හ් හා
සුමනාවතී - හිටපිය තොට මං අලියා පෙන්නන්න..
( කෝපාවිෂ්ඨ වූ සුමනාවතී කුඩය හකුලා ගද්දී කමලා ක්ෂණයෙන් තම පුතු රැගෙන කාර්යාලයෙන් පිටත් වූවාය. )
කමලා - උඹටත් තුවාල වුණාද මයේ පුතේ?
සුනිමල් - නෑ අම්මා මට තුවාල වුණේ නෑ. ආයෙමත් වීරපාල මගේ තාත්තා ගැන අහන එකක් නෑ.
කමලා - මම දන්නවා ලොකු පුතේ උඹට ඒ දේ හින්දා තමයි තරහා යන්න ඇත්තේ කියලා.
සුනිමල් - හැබැයි අම්මා ඇයි ලොකු සෑර්ට බොරුවක් කිව්වේ?
කමලා - මොකද්ද බොල මම කිව්ව බේගලේ?
සුනිමල් - ඇයි අම්මා කිව්වේ මම හය හතර නොදන්න එකානේ කියලා..
කමලා - ඉතිං ?
සුනිමල් - ඉතිං මම හය හතර දන්නවානේ..අම්මා තමයි හය හතර දන්නේ නැත්තේ..
කමලා - මොකද්ද උඹ දන්න හය හතර ?
සුනිමල් - අම්මේ. හය හතර කියන්නේ ඉලක්කම් හය හතර දන්න එක නෙවෙයි. හය කියන්නේ චාතුම්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරති, පරනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝක හයට.
කමලා - අම්මද බොල මූ දන්න දේවල්.. බලාපන්කෝ සාරතියෝ..
සාරතී - හ්ම්ම්ම්ම්...එතකොට හතර මොකද්ද කොලුවෝ ?
සුනිමල් - හතර කියන්නේ නැන්දේ.. නැන්දට තෝරගෙන යන්න තියෙන තැන් හතර. නැන්දටමයි හොඳේ..
සාරතී - අනේ කියපන්කෝ කොලුවෝ.. මට ඉවසිල්ලක් නෑ.
සුනිමල් - හතර තමයි නරක, ප්‍රේත, තිරිසන්, අසුර කියන අපාය හතර. හ් හ් හ් හා..
සාරතී - නොදකින් ගල් මූසලයා..මම යනවා කමලෝ යන්න..
( කමලා දැඩි ආයාසයකින් සිනහව තද කර ගනිමින් සුනිමල්ගේ ඔළුව පිරිමදියි )
කමලා - හොඳට ඉගෙන ගනින් මයේ පුතේ..
චරියාගේ පන්හිඳ
Charith Wijemanna
22/08/2022
✌️
13/08/2022
4 වසර - ඉරිදා සවස 2 සිට 4 දක්වා
5 වසර - ඉරිදා සවස 4.30 සිට 6.30 දක්වා
අදම WhatsApp මාර්ගයෙන් සම්බන්ධවන්න..0777452234
29/07/2022
👌
27/07/2022
ශිෂ්‍ය ලියාපදිංචි අංකයක් ලබාගෙන ගණිත ගැටලු පංතියට ඉක්මණින් සම්බන්ධ වන්න.
WhatsApp - 0777452234
23/07/2022
4 සහ 5 ශ්‍රේණි සඳහා සාර්ථකම ගණිත ගැටළු පංතිය..
වසර ගණනාවක් ශිෂ්‍යත්ව විභාගයෙන් පොඩ්ඩන්ට විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දුන් "සිප්සෙත් ගණිත ගැටළු පංතිය" දැන් Online ඔස්සේ පැවැත්වෙන බැවින් ඔබේ දරුවාට ඉතා පහසුවෙන් ඒ සඳහා සහභාගී විය හැක. පළමු දිනයේ පංති ගාස්තු අය නොකෙරේ..
2022 ජුලි මස 30 වන දිනට පෙර ලියාපදිංචි වන මුල්ම සිසුන් 25 දෙනා සඳහා ඇතුළත්වීමේ ගාස්තු අය නොකරන අතර සුවිශේෂි ශිෂ්‍යත්ව ගැටළු පොත් කට්ටලයක්ද නොමිලේ..
තොරතුරු සඳහා විමසන්න - 0777 452 234 / 0722 794 123
17/07/2022
4 සහ 5 ශ්‍රේණි සඳහා සාර්ථකම ගණිත ගැටළු පංතිය..
වසර ගණනාවක් ශිෂ්‍යත්ව විභාගයෙන් පොඩ්ඩන්ට විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දුන් "සිප්සෙත් ගණිත ගැටළු පංතිය" දැන් Online ඔස්සේ පැවැත්වෙන බැවින් ඔබේ දරුවාට ඉතා පහසුවෙන් ඒ සඳහා සහභාගී විය හැක.
2022 ජුලි මස 25 වන දිනට පෙර ලියාපදිංචි වන මුල්ම සිසුන් 25 දෙනා සඳහා ඇතුළත්වීමේ ගාස්තු අය නොකරන අතර සුවිශේෂි ශිෂ්‍යත්ව ගැටළු පොත් කට්ටලයක්ද නොමිලේ..
තොරතුරු සඳහා විමසන්න - 0722 794 123 / 0777 452 234
11/07/2022
4 සහ 5 ශ්‍රේණි සඳහා සාර්ථකම ගණිත ගැටළු පංතිය..
වසර ගණනාවක් ශිෂ්‍යත්ව විභාගයෙන් පොඩ්ඩන්ට විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දුන් "සිප්සෙත් ගණිත ගැටළු පංතිය" දැන් Online ඔස්සේ පැවැත්වෙන බැවින් ඔබේ දරුවාට ඉතා පහසුවෙන් ඒ සඳහා සහභාගී විය හැක.
2022 ජුලි මස 15 වන දිනට පෙර ලියාපදිංචි වන මුල්ම සිසුන් 25 දෙනා සඳහා ඇතුළත්වීමේ ගාස්තු අය නොකරන අතර සුවිශේෂි ශිෂ්‍යත්ව ගැටළු පොත් කට්ටලයක්ද නොමිලේ..
තොරතුරු සඳහා විමසන්න - 0722 794 123 / 0777 452 234
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kalapaluwawa
Colombo
10107