President's Club - President's College-Kotte

President's Club - President's College-Kotte Official page of President's Club

ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ ඉසව් දෙකකින්ම අවසන් අට දෙනා අතරට එක්වෙමින් විශිෂ්ට දස්කම් දැක්වූ කෝට්ටේ ජනජනාධිපති විද්...
05/08/2026

ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලියේ ඉසව් දෙකකින්ම අවසන් අට දෙනා අතරට එක්වෙමින් විශිෂ්ට දස්කම් දැක්වූ කෝට්ටේ ජනජනාධිපති විද්‍යාලයේ සිසුවා සසිත් චතුෂ වෙත උණුසුම් සුබපැතුම්!

ඔබගේ මෙම ජයග්‍රහණය පාසලට මෙන්ම ඔබගේ දෙමාපියන්, ගුරුභවතුන් සහ සියලුම හිතවතුන්ට මහත් ආඩම්බරයකි.

ඉදිරි තරගාවලිවලදීත් තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කරගෙන ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඒමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා!

ජනාධිපති විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය භාග්‍යා රූපසිංහ මැතිනියගේ උපදෙස් පරිදි, ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිතුමිය සු...
05/08/2026

ජනාධිපති විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය භාග්‍යා රූපසිංහ මැතිනියගේ උපදෙස් පරිදි, ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිතුමිය සුදර්ශනී මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 5 ශ්‍රේණි භාර ප්‍රභාශිනි මහත්මිය සහ 5 ශ්‍රේණියේ ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙවර ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් ආශීර්වාද පතා බෝධි පූජා පින්කමක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් ඊයේ දින විද්‍යාලයේ බෝධි මළුවේදී භක්තිපූර්වකව පැවැත්විණි.

මෙම පින්කම සඳහා ගරු විදුහල්පතිතුමිය, සහකාර විදුහල්පතිතුමිය, 5 ශ්‍රේණියේ හා උසස් පෙළ ආචාර්ය මණ්ඩලය, විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.

සියලු දූ දරුවන්ට මෙවර ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🙏

#ජනාධිපතිවිද්‍යාලය

02/08/2026
බලවත් ශෝක ප්‍රකාශයයි​අප විද්‍යාලයේ 2006 උසස් පෙළ කණ්ඩායමේ ආදි ශිෂ්‍ය ප්‍රගීත් වන්නිආරච්චි සහ 2008 උසස් පෙළ කණ්ඩායමේ ආදි ...
01/08/2026

බලවත් ශෝක ප්‍රකාශයයි

​අප විද්‍යාලයේ 2006 උසස් පෙළ කණ්ඩායමේ ආදි ශිෂ්‍ය ප්‍රගීත් වන්නිආරච්චි සහ 2008 උසස් පෙළ කණ්ඩායමේ ආදි ශිෂ්‍ය ප්‍රණීත් වන්නිආරච්චි යන සොහොයුරන්ගේ ආදරණීය මෑණියන් අද දින අභාවප්‍රාප්ත වූ බව බලවත් සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

​මේ දුක්බර මොහොතේදී ප්‍රගීත් සහ ප්‍රණීත් සොහොයුරන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.

​(අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.)

​මියගිය මෑණියන්ට උතුම් වූ නිවන් සුව ලැබේවා!
​කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (PCU) -


​CONDOLENCE MESSAGE
​It is with deep sorrow that we announce the passing of the beloved mother of our fellow alumni, Mr. Prageeth Wanniarachchi (2006 A/L Batch) and Mr. Praneeth Wanniarachchi (2008 A/L Batch).
​The President's College Union extends its deepest sympathies and most heartfelt condolences to Prageeth, Praneeth, and their entire family during this difficult time. Our thoughts and prayers are with them.
​(Funeral details will be shared once notified.)
​May she attain the Supreme Bliss of Nibbana!

​President's College Union (PCU)

01/08/2026

Congratulations on your inauguration!
TWO YEARS

​A huge congratulations to our wonderful principal on the two-year anniversary of their inauguration!

​Thank you for your tireless dedication, inspiring leadership, and for making our school a place of growth, learning, and community. We're so grateful for everything you do!

31/07/2026

අද දින අප පාසලේ ප්‍රාථමික අංශයේ සාර්ථකව පැවැත්වූ වෛද්‍ය සායනය සඳහා සහභාගී වී දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ සියලුම සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට සහ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
ඔබ සැමගේ වටිනා සේවය අපගේ දරුවන්ගේ යහපත් අනාගතය වෙනුවෙන් මහත් ශක්තියකි.

28/07/2026

ඇසළ පොහොය නිමිත්තෙන්, ගරු විදුහල්පතිනියගේ මඟපෙන්වීම, අනුශාසනා සහ නායකත්වය යටතේ, පාසල් කළමනාකාරිත්වය, ගුරු මණ්ඩලය සහ පාසල් සංවර්ධන සමිතියේ වටිනා සහයෝගයෙන් පෙර පෝය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙවැනි ආගමික හා සදාචාරාත්මක වැඩසටහන් තුළින් දරුවන් තුළ දාන, ශීල, භාවනා මෙන්ම කරුණාව, සහයෝගීතාව සහ යහපත් මනුෂ්‍ය ගුණාංග වර්ධනය කිරීමේ අගනා අවස්ථාවක් උදා වේ.

මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සියලු අතින් දායකත්වය ලබාදුන් ගරු විදුහල්පතිනියට, පාසල් කළමනාකාරිත්වයට, ගුරු මණ්ඩලයට, පාසල් සංවර්ධන සමිතියට සහ සියලුම දෙමාපියන්ට හා දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

"දරුවන්ගේ හදවත් තුළ සදාචාරයේ සහ දයාවේ බීජ වපුරන සෑම යහපත් ක්‍රියාවක්ම, අනාගත සමාජය ආලෝකමත් කරන අගනා ආයෝජනයකි." 🙏🌼

#ඇසළපොහොය #පෙරපෝයවැඩසටහන #පාසල #අධ්‍යාපනය #බෞද්ධසංස්කෘතිය

Address

President's College, Rajagiriya
Colombo
10110

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30
Saturday 07:30 - 13:30
Sunday 07:30 - 13:30

Telephone

0112864972

Alerts

Be the first to know and let us send you an email when President's Club - President's College-Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to President's Club - President's College-Kotte:

Shortcuts

Share