03/03/2026
ප්‍රාචීන විභාග අත්වැල
ප්‍රාචීන විභාග සදහා අත්වැලක්...
මෙම පිටුව අප විසින් ආරම්භ කරන ලද්දේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාරම්භ, මාධ්‍ය හා අවසාන විභාගවලටත් විශ්විද්‍යාල සිංහල, පාලි, සංස්කෘත ආදී විෂයන් අධ්‍යයනයටත් කටයුතු කරන ගිහි පැවිදි දෙපිරිස සඳහා ඉමහත් කරුණාවෙනි. ඔබද මින් ප්‍රයෝජනය ලබමින් අනෙක් අයටද ඒ යහපත බෙදා දෙන්න.
03/03/2026
ප්‍රාචීන විභාග සඳහා පින්වත් උස්ගොඩ ධම්මගරු ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අත්පොත්...
21/02/2025
*Examinations of the Oriental Studies Society of Sri Lanka - 2024 (2025) - Application Calling*
1. Oriental Pandit Preliminary Examination
2. Oriental Pandit Intermediate Examination
3. Oriental Pandit General Degree Examination
https://onlineexams.gov.lk/eic/index.php/piriven
For Piriven School Applicants - Head of the Piriven, Please login using "Piriven Account Login"
For Private Applicants - Please login using "Personal Account Login"
*Closing date - 2025.03.05*
ප්‍රාචීන විභාග සඳහා මාර්ගගත (online) අයදුම් පත්‍ර කැඳවීම
2024 (2025)
ඉහත සබැඳියෙන් අයදුම් කරන්න.
මහ පිරිවෙන් හා විද්‍යායතන පිරිවෙන් / පෞද්ගලික අයදුම් කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
අවසන් දිනය 2025 මාර්තු 05
බණ්ඩාරවෙල රතනසාර හිමි,
ලේකම්, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම.
2025. 02. 21
https://drive.google.com/drive/folders/1aPvCiPmFdPd6--jl-17_iC0ZbVe-tOqm?usp=drive_link පසුගිය විභාග වලට අදාල ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න. මෙය සකස් කරන ලද Kumudu Wijayathilaka කුමුදු විජයතිලක මහතාට අපගේ ගෞරවණීය පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පළ කර සිටිමු.
ප්‍රාචීන ප්‍රශ්න පත්‍ර - 2017 - 2023 - අපි බලගල්ලේ - Google Drive
බෞද්ධ සාහිත්‍ය විචාර මූලධර්ම
✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️✖️
මකුරුප්ෙප් ධම්මානන්ද නාහිමියන් විසිනි.
Link:
28/07/2024
සද්ධර්මාලංකාරයෙන් නිරූපිත ශ්‍රී ලාංකික ජන ජීවිතය
සිංහල සම්භාව්‍ය ග්‍රන්ථවලින් ඒ ඒ කාල වකවානුවල ලාංකේය ජන ජීවිතය පිළිබඳ හෙළිවන තොරතුරු බොහෝ ය. අනුරාධපුර යුගයේ පටන් මෙරට පාලකයන් ව සිටි කාවන්තිස්‌ස, දුටුගැමුණු, සද්ධාතිස්‌ස ආදී රජවරුන්ගේ සමයට අයත් කථා ප්‍රවෘත්ති රාශියක් සද්ධර්මාලංකාරයේ දක්‌නට ලැබේ. බුදු සමයේ චිරස්‌ථිතිය සඳහා මොවුන්ගෙන් සිදු වූ කාර්යභාරයත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් සමඟ කරන ලද විවිධ යුද්ධ කටයුතුත් මොවුන් හා සම්බන්ධ වෙනත් තොරතුරුත් මෙහිලා වඩාත් කැපී පෙනේ. මේ සඳහා සද්ධර්මාලංකාර කතු හිමියන්ට සිහළවFථූපකරණය, සහස්‌සවFථුපකරණය යනාදී ග්‍රන්ථ පමණක් නොව දැනට නැති තවත් ග්‍රන්ථ ද මූලාශ්‍රය වන්නට ඇතැයි ඇතැම්හු පෙන්වා දෙති. (සන්නස්‌ගල, 1967, 33 පිට) ධර්මකීර්ති හිමියන් ප්‍රධාන වශයෙන් රසවාහිනිය ගුරු කොට ගෙන සද්ධර්මලංකාරය සම්පාදය කොට ඇති අතර එහි ලංකාදීපුප්පත්ති කථා නමින් ඉදිරිපත් කර තිබෙන ද්වීතීය භාගයෙහි කථා වස්‌තු රාශියක් කියවන විට අපට දැනෙන්නේ අපේ ම ගම්බද හා නගරබද නොයෙක් තරාතිරම්වල ස්‌ත්‍රී පුරුෂයන් හැසිරුණු, කථා බහ කළ ආකාරයයි. එසේම දාසදාසීන්, ගව පාලකයන්, ගොවියන්, කම්කරුවන්, වෙළෙඳුන්, නිලධාරීන් රාජ්‍ය පාලකයන් ආදී නොයෙක් වර්ගයේ ජනයා අප රටෙහි විසූ ආකාරය පිළිබඳ අනාවරණයයි.
ලාංකේය ජන ජීවිතය පිළිබඳව හෙළි වන තොරතුරු අංශ කීපයක් යටතේ දැක්‌විය හැකිය.
ආර්ථික තොරතුරු
ලංකා කථාවස්‌තු ඇරඹෙන්නේ කුණ්‌ඩලී වස්‌තුවෙන් ය. (සද්ධාතිස්‌ස හිමි, (සංස්) සද්ධර්මාලංකාරය 1934, 337 - 382 පිටු) ඊට පසුබිම් වූ රුහුණු මාගම තිස්‌ස නම් විහාරයකි. එහි විසූ සාමණේර භික්‍ෂුවක පානව නම් ගමට සිඟා වැඩි අවස්‌ථාවේ කුඹුවන් නම් කඳුරුලිය අසලදී තමා ලත් අහරින් ක්‍ෂුධාවෙන් සිටි බැල්ලකට සංග්‍රහ කළ අයුරු දැක්‌වෙන කථාවකි.
මේ හා සමාන තවත් කථාවක් වන්නේ චූලනාග ථෙර වස්‌තුවයි. (එම 573 - 578 පිටු) එහිදී දරුවන් වදා සයින් පීඩිත බැල්ලකට අනුකම්පාවෙන් අහර පිණිස දෙන්නට කිසිවක් නැති නිසා ඇඟිල්ලක් මුඛයෙහි බහා වමනේ කොට බඩ පිරෙන පමණ අහර දුන් බව කියෑවෙයි. මේ කථා දෙකෙන්ම හැඟෙන්නේ එකල පැවැති ආර්ථික අපහසුතා ය. සමාජයේ මිනිසුන් උපයා සපයා ගන්නා දෙය ඔවුන්ට යෑපීමට තරම් ප්‍රමාණවත් නොවූ බවත් සතෙකුට ආහාර දීමක්‌වත් සිදු කිරිමට නොහැකි තරමට ම ආර්ථිකය දුෂ්කර තත්ත්වයක පැවතුණු බවත් ය.
සමස්‌ත රටේ ආර්ථිකය දුර්වල වන විට එහි වෙසෙන පොදු ජනතාව ද විශාල පීඩනයකට පත්වනු ඇත. පසුගිය කාල වකවානුව තුළ ලෝක ආර්ථිකයට එල්ල වූ පහර නිසා සමස්‌ත රටවල් සසල වූ බව නො රහසකි. වළගම්බා රජු දවස පැවතුණ බවට විශ්වාස කෙරෙන බැමිණිටියා සාය නිසා බොහෝ කලක් මිනිසුන් අපමාණ ආර්ථික හිඟයකට මුහුණ දී තිබේ. කර කොළ කෑම, සහල් ස්‌වල්පයක්, පොට්‌ටනියක් බැඳ එය තම්බා වතුර බොමින් ජීවත් වීම යන තොරතුරු වත්ථුල පබ්බත කථාව, ජයම්පතිකා වස්‌තුව, අම්බ අමාත්‍ය වස්‌තුව, රුක්‌ඛ දේවතා වස්‌තුව යනාදී කතාවලින් ආහාර සොයා ගැනීමේ අපහසුතාව කොතෙක් ද යන්න අනාවරණය කෙරේ.
ගැමි ජන ජීවිතයේ ආර්ථික හානිය පෙන්නුම් කරන කතාවක් වන්නේ උත්තරෝලිය වස්‌තුවයි.
"මෙම ලංකා ද්වීපයෙහි රජ රට උතුරාලු නම් ගමෙක් විය. ඒ ගමට නුදුරු තෙන දරුවෙක් රජසින් ගැවසුනා වූ සිරුරු ඇති ව කිලුටු කඩ රෙද්දක් ඇඳ ගෙන උදැසනින් ම කැඳිත්තක් බී පාදමක් හා කැවිටි ලීයක් අතින් ගෙන ගවයන් රක්‌නා පිණිස වලට යයි. එකල ඔහුගේ මව් මැහැලි තොමෝ පුතණ්‌ඩ තොප ළඟට දහවල් යන්නෝ නැත. දෙවෙලා මැද තෙලේ කාලා පැන් බී පියවයි කියා සවස උයා තුබූ පිළිණ කටු අලයක් දුන" (එම 435 පිට)
මේ පුවතින් අපට ගොපල්ලන් වැන්නන්ගේ ජීවිත කෙතරම් දුෂ්කර වී ද යන්න හැඟේ. මෙහි එන ළමයා ඇඳ සිටියේ ඉරුණු කඩමාල්ලකි. ශරීරය ද කුණු තැවරී තිබුණි. ඔහුගේ උදේ කෑම කැඳ ය. දවාලට ලැබුණේ කටු අලයක් පමණි. දුප්පත් ළමුන් බොහෝ විට ගවයන් රැක බලා ගනිමින් කටයුතු කළ බව ද පෙනේ. සත්ත්ව පාලනය භාරතයේ පටන් එන ප්‍රධාන රැකියාවකි. ආර්ථික පීඩාවන්ගෙන් බැට කෑම පමණක් නොව හදිසි ආපදාවන්ට ගොදුරු වීමට පවා ඔවුන්ට සිදුවිය.
"ඔහු දෙදෙන එක්‌තරා ඉසුරුමත් කෙනෙකුන් ළඟට ගොස් තමන්ගේ පුතණු කෙනෙකුන් කාය කරවා කහවණු අටක් අගනා දෙනක් ඇර ගත්හ. ඒ දෙන එදවස් ම වස්‌සකු වැදුව. දෙ වන දවස් ඒ දෙන් ගිතෙල් ම දුන." (එම 571 පිට)
දරුවන් විකිණිම, ගව වෙළෙ¹ම, ගිතෙල් සෑදීම වැනි තොරතුරුවලින් පෙනෙන්නේ ඉන්දියාවේ පැවැති ඇතැම් ක්‍රියාකලාප පවා පැවතුණ බවයි. දරුවන් විකිණීම එකල ද පැවතුණ බව පැවසීමෙන් සංකර සමාජයක් තිබූ බවට ද සාධක සැපයේ.
ලක්‌දිව පිහිටි මහතලා විහාරයක වාසය කළ අභය නම් භික්‍ෂුවක ග්‍රාමාන්ත සේනාසනය හැර වනවාසී ව සිටි අයුරු අරCඳ්Cඳක අභය ස්‌ථවිර වස්‌තුවෙන් කියෑවේ. එතුමන්ගේ ප්‍රයෝජනය සඳහා එක්‌තරා උපාසකයකු දුන් වස්‌ත්‍ර නිතර ම සොරකු විසින් සොරා ගැනිණි. මේ ගැන සැක සිතූ උපාසක තෙමෙ සොරකමෙහි යෙදුණු තැනැත්තා අල්ලා ගත් ආකාරයත්, ඉක්‌බිතිව ඔහුට දඬුවම් කළ ආකාරයත් කථා පුවතින් විස්‌තර වේ. වස්‌ත්‍රවල තරම දුටු සොරාට ඒවායින් තමන්ට කිසියම් ප්‍රයෝජනයක් ලබා ගත හැකි බව පෙනුණි. එහෙයින් වරින් වර ඔහු ඒ සොරකමෙහි යෙදුණි. මේ සිද්ධියෙන් එකල පැවැත් සමාජයේ ආර්ථික අපහසුතා ගැනත්, රෙදිපිළි හිඟයක් තිබූ අතර ඒ නිසා ඇතැමුන් භික්‍ෂුන් සතු වස්‌ත්‍ර පවා සොරකම් කිරීමට පෙළඹී ඇති බවත් ප්‍රකට වේ.
ඇතැමුන්ට ජීවත් වීමට ආදායම් මාර්ගයක් නොමැතිව වහලුන්, දාසයන් ලෙස කටයුතු කළ අතර, ඔවුන්ගේ ශ්‍රමය පොහොසතුන් සූරා කෑ බවත් පෙනේ. (එම, 219 පිට) "කුලිය පිණිස සහල් දෙන ලද බව" (සිද්ධාර්ථ හිමි, (සංස්) පූජාවලිය, 1951, 642 පිට) පූජාවලියේ සඳහන් වේ. එසේම ගනුදෙනු කරන අවස්‌ථාවල ඒවා ලියා සටහන් කිරීම, පොලියට මුදල් දීම, ණයට මුදල් දීම, ඒ සඳහා පොහොසතුන් විවිධ උපක්‍රමවලින් පොලිය ලබා ගැනීම යනාදී තොරතුරු රැසක් ද අනාවරණය වේ. මුදල් රැස් කිරීම, මුදල මත විවිධ කාර්යභාරයන් පදනම් වීම, මුදලට භාණ්‌ඩ තක්‌සේරු කිරීම වර්තමානයේ මෙන් නොවූවත් එකල ද සිදු වූ බව මෙබඳු ප්‍රවෘත්තිවලින් හෙළි වේ.
තිස්‌සා වස්‌තුව, උත්තරෝලිය වස්‌තුව, කාණ සිඟාල වස්‌තුව, චූලගල්ල වස්‌තුව ආදී කථාන්තරවලින් ද මෙහෙකාරකම තවත් ප්‍රධාන ජීවන මාර්ගයක් වූ බව දැක්‌වේ. රුහුණු රට තඹ තොට යයි යන ගම මුඩිඩගුත්ත නම් දුප්පත් වූ මිනිසෙක් වෙසෙයි. ඔහුගේ භාර්යාවෝ ද තිස්‌ස නම් වූහ. ඕ ද එසේම දුප්පත් තැනැත්ති ය. ඔහු දෙදෙන ඉතා කෘපණව දුකසේ ජීවත් වන්නා හු අනුන්ගෙන් කහවණු සැටක් ණයට හැරගෙන ඒ පමණක් දීගත නොහී ණය දුන්නාවුන්ගේ ගෙහිම මෙහෙවර කෙරෙමින් දවස් යවති." (සද්ධාතිස්‌ස හිsමි, 1934,570 පිට)
එකල ජීවනෝපායන මාර්ගයක් හැටියට පොහොසත් ගෙවල බැළ මෙහෙවර කරමින් ඇතැමුන් ජීවත් වූ බව කියවේ. රසවාහිනී කතුවරයා ද "තස්‌මාහං පර ගෙහෙසු හතිං කත්වාන කිච්ඡන්තො පිවිස්‌සාමි" (ගුණරත්න, රසවාහිනිය, 1983, 43 පිට) මම අනුන්ගේ ගෙවල්වල අපහසුවෙන් මෙහෙකාර කම කරමින් ජීවත් වෙමි" යනුවෙන් එබඳු තොරතුරු අනාවරණය කරයි.
ලාංකිකයන්ගේ ජීවත තොරතුරු දක්‌වන අවස්‌ථාවල විවිධ රැකියා මාර්ග තිබූ බවට සාධක සැපයේ. රටේ වත්කමත් නිෂ්පාදනයත් යන දෙක ම ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ රක්‍ෂා කෙරෙහි බලපෑවේය. මෙකල සමාජයේ විශාල ආදායම් මාර්ග හෝ කර්මාන්ත හෝ තිබුණු බවක් පෙනෙන්නට නැතත් ප්‍රධානතම රැකියා මාර්ගය වූයේ කෘෂි කර්මාන්තය යි. මේ නිසා රජයේ ද මූලික ප්‍රාග්ධනය වූයේ කෙත්වතුවලින් ලැබූ ආදායම යි. රජවරුන් පවා කෘෂි කර්මාන්තයෙහි නියෑළුණු බවත් මාගම ප්‍රදේශයේ සී සෑම හසුරවමින් තවත් ප්‍රදේශයක ඒ කටයුතු පාලනය සඳහා දුටුගැමුණු රජතුමා තම මළණුවන් යෑවූ බවත් දුට්‌ඨගාමිණී වස්‌තුව (සද්ධාතිස්‌ස හිමි, 1934, 464 පිට) කියවන විට දැන ගත හැකිය. බතින් රට ස්‌වයංපෝෂණය කිරිම එකල රජවරුන්ගේ අභිමතාර්ථය යි. ඒ නිසා ම කෘෂි කර්මාන්තය පදනම් කර ගත් උත්සව පවා පැවැත්වූ බව දුබ්බට්‌ඨ මහා තිස්‌ස වස්‌තුවෙන් හෙළි වේ. ඒ උත්සව අතර වප් මගුල ප්‍රධාන එකකි. "උන්ගේ මහත් වප් මගුලක් විය. නොයෙක් සිය ගණන් මනුෂ්‍යයෝ කර්මාන්තයෙහි නියුක්‌ත වූවාහු. සර්වාංගයෙන් ධවල වූ ගොනුන් කසා නාවා කර බොලු ආභරණ පළඳවා අංවල රං රිදී කුඹු බහා පය රන් රසු බැඳ සර්වාලංකාරයෙන් සරහා නඟුල් වියදඬු ආදියෙන් යොදා සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ විභවානුරූප පරිද්දෙන් නොයෙක් කන බොන දෑ සපයා කමින් බොමින් ..." (එම 961 - 692 පිටු) රජවරුන් ද රාජ්‍ය භාර වූ මැති ඇමැතිවරුන් ද කුඹුරු ගොවිතැන්වලට පූර්ණ සහයෝගය ලබා දී තිබිණි. රාජ්‍ය උත්සව අතර වප් මඟුල් උත්සවය ගොවිතැනට ලැබුණු තත්ත්වය කුමක් ද යන්න පසක් වේ.
හේන් ගොවිතැන ද දක්‌නට ලැබිණි. මෑ කෙතක් වැපිරීම සඳහා ගෝඨයිම්බර සොහොයුරන් සයදෙනා කැලෑ කපා එළි කොට හේනක් සකස් කළ බව රසවාහිනියේ සඳහන් වන අතර සද්ධර්මාලංකාර කතුවරයා එය "ඔහුගේ වැඩිමහලු සැබෑයෝ මාසට කුඹුරු තනන්නාහු මහත් ඉඹුරු වනයක් කපා බිම් එළි කොට" (එම 504 පිට) කුඹුරු ගොවිතැන් කිරිමට මාස් කන්නයට ප්‍රමාණවත් ව වර්ෂාව ලැබුණ ද ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට යල් කන්නයට එසේ නොවේ. ඒ නිසා ගොවීහු යලට ගොඩ ගොවිතැන් කිරීමට පෙළඹුණහ.
මහානේල වස්‌තුව ආදී කථාවලින් වෙළෙ¹ම මෙ කල තවත් ප්‍රධාන ජීවන මාර්ගයක් හැටියට පැවතුණු බව අනාවරණය වේ. එකල්හි එක් දනව් වැසි පුරුෂයෙක් වෙළෙ¹ම් කොට ජීවත් ව වසනුයේ." (එම 439 පිට) "අප හැම වෙළෙ¹ම්, නවාමි ගොවිතැන් බත් කෙරෙහින් දුක් ගෙන වසම් හ" (එම 498 පිට) දේශීය වෙළෙ¹ම පමණක් නොව විදේශීය වෙළෙ¹ම ද එකල පැවතිණි. "එසේ කළ සගය සෑගිරි සමීපයෙහි ද්වාර මණ්‌ඩල නම් ගම මගේ යහළු වූ කුණ්‌ඩල නම් බමුණු වෙසෙයි. දේශාන්තරයෙන් ගෙනා සඳුන් සුවඳ කස්‌තුරි කපුරු තුවරලා පිළි ආදී වූ." (එම 498 පිට) එකලත් ලංකාවට රෙදි සුවඳ විලවුන් වර්ග ආනයනය කළ බවට සද්ධර්මලංකාරය සාක්‍ෂි දරයි.
නන්දිවාණිජ වස්‌තුවේ එන නාන්දිය නම් වෙළෙන්දා වෙළෙඳ කුලයකින් ම කාන්තාවක සරණ පාවා ගැනීමෙන් වෙළෙ¹ම්වලට දැක්‌වූ උනන්දුවත්, සමාජ රටාව තුළ වෙළෙඳ කුලය පැවැති බවත් කියෑවේ. වෑත්තෑවේ හිමියන්ට ගුත්තිල කාව්‍යය රචනා කරන්නට ආරාධනා කළ ජයපාල මැතිඳු "වෙළෙඳ කුළඹර පුන්සඳත් බඳු" යන්නේ දැක්‌වීමෙන් ජයපාල මැතිඳු ද වෙළෙඳ කුලයෙහි අයෙකි."
රාජ්‍ය සේවය තවත් ජීවනෝපායක් ලෙස දුට්‌ඨගාමිණී කථා වස්‌තුව, සුරනිමල වස්‌තුව, ගෝඨයිම්බර වස්‌තුව ආදියෙන් අනාවරණය වේ. "දුටුගැමුණු රඡ්ජුරුවන් හා එක් ව ඒ ඒ තැන්හි යුධ කෙරෙම් හ" (එම 506 පිට) විදේශීය ආක්‍රමණ, අභ්‍යන්තර ආරවුල් නිතරම සිදු වූ නිසා රජවරුන් බියෙන් කල්ගත කළ බවත් බලසම්පන්න යුද හමුදාවක් තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූ බවත් ඒ නිසා රාජ්‍ය සේවයේ ප්‍රධාන කාර්යයක් ලෙස හමුදා සේවය පැවති බවත් මධ්‍යකාලීන ලංකා සමාජය කෘතියෙන් ද හෙළි වේ (145 පිට)
චූළගල්ල වර්ගයට අයත් අCඳ්Cඳතර කුමාරිකා වස්‌තුව ප්‍රධාන මංමාවත්, ගංගා හරහා වැටී තිබුණු අයුරුත්, ඒ ගංගාවලින් එතෙර වීමට ඔරු පාරු ප්‍රයෝජනයට ගත් ආකාරයත් කියෑවෙන කථා පුවතකි.
"කසරාළ ගං මුව දොරින් එතෙර ව කෙළානරු තොටට පැමිණිය හ. එකල්හි ඒ තොට ඔරු අඟුලු නැත. ඒ තොට වනාහි ඉතා පළලය. ගැඹුරුය. එසේ වූ තොට ඒ කුමාරිකාවන්ට ළං දෙයක් මෙන් ද නොගැඹුරු දියක් සේ ද පෙනුණේ ය." (එම 726 පිට) වැව් ගංගා අසල ජීවත් වූ සමහරුන් ඔරු පාරු පදිමින් ජීවන සටන ගෙන ගිය බව මෙයින් හෙළි වේ.
ලක්‌දිව වළගම්බා රජු දවස බැමිණිටියාසාය දොළොස් අවුරුද්දක් පැවතුණු බවට එකල සාහිත්‍ය පොත්පත් සාක්‍ෂි දරයි. (වීරසේකර 1960, 328 පිට) එසේ ම සද්ධර්මාලංකාරයේ එන රුක්‌ඛ දේවතා වස්‌තුව, ජයම්පතිකා වස්‌තුව, අම්බ අමාත්‍ය වස්‌තුව හා වත්ථුල පබ්බත වස්‌තුව යන කථාවලින් බැමිණිටියාසාය සමයෙහි මිනිසුන් විඳි දුක් ගැහැට කොතෙක් ද යන්න දැන ගන්නට ලැබේ.
"ගොයම් නැති වීමෙන් සියලු ජනපදය දුර්භික්‍ෂ විය. මනුෂ්‍යයෝ සිඟා ඇවිදත් ඉඳුරා ආහාරයක් ලැබ ගත නොහෙති." (එම 649 පිට) "හාල් නැළියක් සේ ම කොට තබාගෙන කඩ පොට්‌ටනියක බැඳ සැළෙක පැනෙයි කකාරා සාලේ පහළ පැන් පමණක් බී නැවතත් එම සාල් අයුළා වියලා භාජනයෙක ලා සොරුන් කෙරෙහි භයින් බිම සඟවා තබා දවසින් දවස මෙසේ ජීවත් වෙති." (එම 685 පිට)
ගමේ තමන් සතු ව පවතින බිම් කොටස්‌වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ අදිටනින් ගෙවතු වගා සිදු කළ බව කාකවණ්‌ණතිස්‌ස රජ වස්‌තුවෙන් අනාවරණය වේ. "තමන් වසන ගෙය වටා අල, කෙසෙල්, පොල්, පුවක්, අඹ, කොස් ආදි ඵල වෘක්‍ෂයන් රෝපණය කළාහ." (එම 444 පිට)
එකල ලංකාවේ රාජ්‍ය සේවයෙහි නියුක්‌ත ඇමැතිවරුන් ගත කළ සුව පහසු ජීවිත ප්‍රවෘත්ති ගැන නන්දිවාණිජ වර්ගයට අයත් පණ්‌ඩරංඟ වස්‌තුව සාක්‍ෂි දරයි. මෙහි එන තිස්‌ස නම් ඇමැති ආයුධ ශිල්පයෙහි දක්‍ෂයෙකු බැවින් තම පියා විසින් රාජ්‍ය සේවයට බැඳ ගනු ලැබූ බවත් රජුට අප්‍රමාද ව සේවාකම් කරමින් සිටි බවත් බොහෝ වස්‌තු ලද බවත් කියෑවේ. ඔහු විසූ නිවස පිළිබඳ විස්‌තරයෙන් වැඩ වසන රාජ්‍ය තන්ත්‍රය තුළ රාජ්‍ය සේවයෙහි නියුක්‌ත වූ ඇතැමුන් විඳි සුව පහසු ජීවිත ප්‍රවෘත්ති අනාවරණය වේ. "ඉක්‌බිති එක් දවසක් ඒ අමාත්‍යයා තමා වසන ගෙය සුවඳ පිරි බඩ ගෙන උඩ සුදු වියන් බඳවා වටතිර ජවනිකා අද්දා මලොලඹු එල්ලා අලංකාර කොට අසෝ." (එම 699 පිට)
ආර්ථික විෂමතා ව පදනම් වූ ජන සමාජයක් මෙකල පැවතුණු බව සද්ධර්මාලංකාරයේ එන මෙබඳු කථාවලින් හැඟෙයි. අම්භ අමාත්‍ය වස්‌තුව, "ඔහුගේ පුත් වූ අම්භ අමාත්‍ය දැසි දස් ගව මහීෂාදීන් හා මුතු මැණික් ආදී වූ සියලු උපභෝග පරිභෝග සම්පත්තින් යුක්‌තව එක කඳවුරෙහි වාසය කෙරෙයි." "එම 69 පිට) නේසාද වස්‌තුව යටතේ දැක්‌වෙන පරිදි "ඔහු වැඩිවිය පැමිණි කල්හි ඒ අමාත්‍ය පුත්‍රයාට තිස්‌ස අමාත්‍ය යෑයි නම් විය. ඒ තෙමේ ක්‍රමයෙන් වැඩී රන් රුවන් මුතු මැණික් දැසි දස් ගව මහීෂාදී ව සියලු සම්පත්තීන් සමෘද්ධව." (එම 639 පිට) මේ ආදී වශයෙන් සුඛෝපභෝගී ජීවිත ගැන කියෑවෙන අවස්‌ථා ඉදිරිපත් කිරීමේ දී කතුවරයා සිතින් මවා ගත් අදහස් ද ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකිය.
දේශපාලන තොරතුරු
තුදුස් වන කාකවණ්‌ණ වර්ගය, පසළොස් වන ගෝඨයිම්බර වර්ගය, සොළොස් වන ඵුස්‌සදේව වර්ගය යන තෙවර්ගයට අයත් කථා වස්‌තු පහළොව ම දේශපාලන තොරතුරු රැසක් අනාවරණය කරයි. එයින් කාකවණ්‌ණ තිස්‌ස වස්‌තුවෙන් පාලකයන් පන්සල් ආශ්‍රයෙන් ශිල්ප හැදැරූ බව විවිධ දඬුවම් ක්‍රම, සතුරන් මර්දනය කිරීමට උපායශීලී වූ අයුරු යනාදී වශයෙන් කරුණු රැසක් හෙළි වේ. "කැලණි විහාරයෙහි වසන තෙරුන් වහන්සේ කෙරෙහි අකුරු කොට ශිල්ප උගත්තේය." (එම 451 පිට)
දඹදෙණි කුරුණෑගල අවධිවල අධ්‍යාපන මධ්‍යස්‌ථාන පිහිටා තිබුණේ විහාරස්‌ථානවලය. ගම්පොළ අවධිය වන විට ද රාජ්‍ය පාලකයන් අධ්‍යාපනය ලබා ගෙන ඇත්තේ බෙහෙවින් ම භික්‍ෂුන් වහන්සේලාගෙනි. එසේ නම් පරිපාලනයේ දී බෞද්ධ සංකල්පවලට මූලිකත්වය දී ඇති බව පැහැදිලිය.
පාලකයන්ගේ විවිධ ක්‍රියා කලාප අතර යුද සංවිධාන, සටන් ක්‍රම, ද්වන්ද සටන්වල දී සේනාංක දැක්‌වූ දක්‍ෂතා ආදී වශයෙන් සමකාලීන ලංකා සමාජය පිළිබඳ අවබෝධයක් මේ කතාවලින් ලැබේ.
යුද සේනාංක භාරව සිටි යෝධයෝ සතුරන් සමඟ ද්වන්දව සටන්වල යෙදී ඔවුන් ව විනාශ කළ බැව් ද කියෑවේ.
ප්‍රධාන සෙබළුන්ගේ යුද ශක්‌තිය ඉස්‌මතු කොට තිබෙන්නේ අද්භූත රසය වහනය වන පරිද්දෙනි. එසේම විවිධ සටන් ක්‍රම පැවතුණ බව ද පෙනේ.
"දීඝ ජන්තු නම් යෝධයා කඩුපළඟ ගෙන බිමින් අටළොස් රියන් අහසට පැන නැගී දෙවනුව බිම නොහී අහසින් ම කරනම් පැන පැන ඇවිත්." (එම 482 පිට)
සතුරන්ට මුහුණ දීමට හැකි අයුරින් නිතරම සේනාංක රැස් කළ බව "නන්දිමිත්‍රය, සුරනිමලය, මහසොණය, ගෝඨඉම්බරය, ථෙරපුත්තාභය, භරණ ය, වේළුසුමන ය, ඛCඳ්ජදේවය, ඵුස්‌සදේව ය, ලභියවසභ ය, යන මොහු දස දෙනාය. ඔහු දස දෙනාම වෙන වෙන ම දස දෙනා බැගින් සියක් යෝධයන් සිටවූහ. ඒ සියක් දෙනා තම තමන්ට දස දෙනා බැගින් දහසක් යෝධයන් සිටවූහ." (එම 446 පිට) යනුවෙන් සඳහන් වීමෙන් පෙනී යන්නේ සංවිධානාත්මක සේනා සංවිධානයක් කිරීමේ ශක්‌තිය එකල ද පැවතුණු බව යි. එයින් යුධෝපක්‍රම පිළිබඳ අවබෝධයකින් යුතුව රාජ්‍ය බලය මෙහෙය වූ බවයි.
රටේ අභ්‍යන්තරික කැළඹීම් නිතර සිදුවිය. විදේශීය සතුරු බලවේග ද ක්‍රියාත්මක වීමට ඉඩ ඇති නිසා විශාල හමුදාවක් සහිත ව රජු රාජ්‍ය තන්ත්‍රය ගෙන ගිය ආකාරය දැක්‌වේ. එසේ ම රටේ ආරක්‍ෂාව පිණිස දුටුගැමුණු රජු දවස චතුරංගනී සේනාංකයන්ගෙන් සමන්විත යුද සේනාවන් ගැන ද කියෑවේ.
"ඇත්, අස්, රථ පදාතී වූ චතුරංගනී සේනාව හා කඩුපලිස පලඟ පත්තිරම් අසි සත්ති තෝමර හෙණ්‌ඩිවැල චJද්‍රවක්‍රාදී වූ ආයුධ ආදිය ද ජරදු කුප්පායම් සියත් ආදී වූ සන්නාහ ද යන සියල්ල ම සමුදු කරවා" (එම 473 පිට)
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය පාරම්පරිකව පැවතුණු බවට සද්ධර්මාලංකාරය ද සාක්‍ෂි දරයි. "පුතණුවෝ තමන් පියාණන් සන්තක රාජ්‍යය ගනිති" (ඉන්ද්‍රජෝති හිමි, සද්ධර්මාලංකාරය, 1914, 172 පිට) "වැඩිමාලු පුතණුවන්ට රාජ්‍යය දී තමා." (එම 314 පිට) යන්නෙන් සඳහන් වේ.
එහෙත් මහා වංශය හෙළිකරන තොරතුරු අනුව දුටුගැමුණු කුමරුගෙන් පසු ව රජකම ඔහුගේ සොහොයුරු සද්ධාතිස්‌ස කුමරුට හිමිව තිබිණ.
"දුට්‌ඨගාමිණී ඵාතාතො සද්ධාතිස්‌සෙ තදවචයෙ රඡ්ජං කරෝසි අභිසිතො අට්‌ඨාරස සමාසමො." (අභයරත්න, (සංස්) මහාවංශය 1922, 33 පිට)
අසෝකමාලා කෙරෙහි තදින් ම බැඳුණු සිත් ඇති දුටුගැමුණුගේ පුත් වන සාලිය කුමරු රජකම ගණනකටවත් නො ගත්තෙකි. ඒ බව මහාවංශය ද සාක්‍ෂි දරයි (එම 33 පිට)
එසේ වුවත් දුටුගැමුණු තමන්ගේ පාලන සමයේදී ම තම පුත් ශාලිරාජ කුමාරයන්ට යුව රජ තනතුරු පැවරූ බව "දුටුගැමුණු රඡ්ජුරුවෝ ශාලිරාජ කුමාරයන්ට යුව රජ තනතුර දී අනුරාධපුර දකුණු වීථියෙහි මහත් වූ ප්‍රාසාදයක් කරවා" (එම 533 පිට) යනුවෙන් සඳහන් කරයි. එමෙන්ම "රාජ්‍යය රැකලන්නට ඔබගේ නිසි පුත් රුවනෙක් නැත" (එම 588 පිට) යන තොරතුරු ගත් විට පරම්පරාගතව පාලන තන්ත්‍රය ගෙන යමින් රට පාලනය කර ගෙන ගිය බව කියෑවේ.
රාජ්‍ය පාලනයේදී රජදරුවන් පිළිපැදිය යුතු කරුණු ද සද්ධර්මාලංකාරයේ දැකිය හැකි වේ.
"රජදරුවන් විසින් යම් සේ කටයුත්තක් පරීක්‍ෂාකාරීව කටයුතු ය. අපරික්‍ෂාකාරී නොවිය යුත්තේය. තම තමන් විසින් කළ මනා කටයුතු නුවණින් සලකා කරන්නා වූ රජදරුවන්ගේ යශෝ කීර්ති දෙක පුරපෑළවිය පටන් දවසින් දවස වඩනා සඳ මඬල මෙන් නිරන්තරයෙන් දශ දිග පැතිර වඩනේ ය." රාජ්‍ය පාලකයාගේ කාර්යභාරය සුළු කොට සැලකිය හැකි දෙයක් නොවේ. ඉතා බැරෑරුම් හා වගකිව යුතු කාර්යයකි. සියලු කාර්යයන් කළ යුත්තේ හොඳින් පරීක්‍ෂා කොට බලා ය. එසේ නොවුවහොත් සමස්‌ත රටේ පරිහානියට එය හේතුවක් වේ.
(එම 452 පිට)
"යම් කිසි රජෙක් ගිනි කඳක් සේ ද, සර්ප රාජයෙකු සේ ද රාක්‍ෂකයකු සේ ද මහජනයා භය ගන්වා අකුළුවා ද එබඳු රජුගේ යශෝ තේජස් දෙක දිය පිට තේ බිඳු මෙන් විසිර නස්‌නේ ය. එසේ හෙයින් රාජ ධර්මය නම් සියලු සතුන් රැකීම ය. ඥානාවෘද්ධ, වයෝවෘද්ධයන් භජනය කිරීම ය. (එම 453 පිට)
රාජ්‍ය පාලනයේදී ජනතාව බිය ගැන්වීම හෝ ත්‍රස්‌ත ක්‍රියා මාර්ගයෙන් රට පාලනය කිරීම හෝ හෙළා දැක තිබේ. එසේ පාලනය කරන්නන්ගේ පාලන තන්ත්‍රය තාවකාලික බව මේ පුවතින් පැහැදිලි ය.
එකල පාලක පක්‍ෂය පිළිබඳව තොරතුරු රාශියක් පූජාවලිය ද සඳහන් කරයි. රාජ්‍ය පාලනයට අවශ්‍ය කරන උපදෙස් පමණක් නොව දසරාජ ධර්මයෙන් රට පාලනය කරන ආකාරයත්, නිවැරැදි ආගමික පාලකයනුත් යහපත් සුදුසු පාලකයන් කවුරුන්ද යන්නත් පැහැදිලි කොට දී තිබේ (සිද්ධාර්ථ හිමි, පූජාවලිය, 1951, 33 - 34 පිටු)
දේශපාලන තොරතුරු අතර සටන්වලදී රජු සිටින නගරයට ගොස් ඒ නගරය වටලා සතුරු රජුට යටත් වන ලෙස දැන්වීම එක් උපක්‍රමයකි. "අලුත් නුවර සමීපයෙහි කඳවුරු බැඳගෙන හිඳ රඡ්ජුරුවන්ට කියා එවන්නාහු රාජ්‍ය හෝ දෙව නොහොත් අප හා සමඟ සටන් හෝ කරව" (එම 99 පිට)
කුඩා රාජ්‍ය තමන්ට නතු කර ගැනීමේ මෙවැනි උපක්‍රම කේවට්‌ටයාගේ උපදෙසින් චූළනී බ්‍රහ්මදත්ත රජු ද ක්‍රියාත්මක කළ බව උමන්දාවේ සඳහන් වේ. (කුමාරතුංග උම්මග්ග ජාතකය, 979, 140 පිට.)
මේ ලාංකේය රජවරු එවැනි යුධෝපක්‍රම අනුගමනය කළේ සතුරන් මැඬලීමට ය. තම රාජ්‍යය ඔවුන්ගෙන් ආරක්‍ෂා කිරීම පිණිස ය. රජු කෙතරම් උපායශීලී ද කිවහොත් එක් අවස්‌ථාවක වේළුසුමන යෝධයා එළාර රජු වෙතට ගියේ වෙස්‌වළා ගෙන ය. (එම 495 පිට)
නන්දිවාණිජ වස්‌තුවේ දැක්‌වෙන තොරතුරු අනුව පරදාරයේ සහ අනාචාරයේ හැසුරුණවුන් මහත් නින්දාවට භාජන කරමින් දඩ ගෙවීම් ආදී දඬුවම් ලැබූ බවත් දැක්‌වේ. රජුගේ නිලධාරීන් මොවුන් අල්ලාගෙන වදහිංසා කළ බව "මතුපරදාරයෙහි සන්තෝෂයට රිසියෙන පරිද්දෙන් අතින් පයින් තලා දුර්වල කොට පිටිතල හයා බැඳ" (එම 633 - 640 පිටු) යන්නෙන් පැහැදිලි වේ.
දුටුගැමුණු රජුගේ පාලන සමයේදී මුළු ලංකාවම එක් කොඩියක් යටතේ රට පාලනය කළ බව ථෙරපුත්තාභය, වේළුසුමන වස්‌තුවලින් හෙළි වේ. ගිරා සංදේශයේ අම්බලමේ කථාව යටතේ සැවැනි පැරකුම් රජ සමය ද සමස්‌ත ලක් තලයම එකම කොඩියක් යටතට ගෙන ගියේ,
ජය ගෙන මුළු දෙරණ
පෙන්වා තම තෙද අණ
ලක එක හිර වරණ
කළේ අප හිමි විකුම් අපමණ (ගිරව)
රජ මැති ඇමති සහ යුද සේනාංක භාරව ක්‍රියා කළ අය අතර මතභේද ඇති කිරිමට ද ඇතැම් රාජ්‍ය සේවකයෝ උත්සාහ ගත්හ. එවැනි සිද්ධියක් අනාවරණය කරන පුවතක් වන්නේ දාඨාසේන වස්‌තුවයි.
"එයින් මෑත භාගයෙහි ඕ හට වෛරී වූ සේවකයෙක් රඡ්ජුරුවන් සමීපයට ගොස් වැඳ එකත්පස්‌ව සිට, දේවයන් වහන්ස, දාඨාසේනයෝ රාජ්‍යය නිසා නුඹ වහන්සේට නොබෝ දවසකින් වරදිති යි රජකමට වේද උත්සාහ කරන්නෝ යි කියා රඡ්ජුරුවන් බිඳවාපී ය." (එම 533 පිට) දාඨාසේන යෝධයා සහ දුටුගැමුණු බිඳවීමට රාජ්‍ය සේවයෙහි ම නියුක්‌ත අයෙකු උපායශීලී වීමෙන් රජු තමන් කෙරෙහි අවනත කොට ගෙන එයින් රජු කෙරෙන් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට ක්‍රියා කොට තිබේ.
සාමාජයීය තොරතුරු
සද්ධර්මාලංකාර කථා තුළින් ලාංකේය ජන සමාජය හා ඔවුන්ගේ ජන ජීවිතය ගැන තොරතුරු දක්‌වන අවස්‌ථාවල ගෘහස්‌ථ ජීවිතය, රැකී රක්‍ෂා, අධ්‍යාපනය, වෛද්‍යකර්ම, ගමනාගමනය, ක්‍රීඩා හා විනෝදාංශ, ඇදහිලි හා විශ්වාස, සිරිත් විරිත් ආදී වශයෙන් කරුණු රැසක් ඔස්‌සේ තොරතුරු අනාවරණය වේ. සතුන් දඩයමින් ජීවත් වන්නන් වැද්දන් ලෙස සැලකුණු බව පෙනේ. වැදි සමාජය ලක්‌දිව ප්‍රචලිත ව පැවැති බව නේසාද වස්‌තුව, සාලි රාජ වස්‌තුව තුළින් අනාවරණය කරයි.
"ලක්‌දිව රුහුණු ජනපදයෙහි මාගම වියදී නම් වැද්දෙක් වෙසෙයි. මුවන්, ඌරන්, මොනරුන්, ගිරවුන් වටුවන් ආදී වූ සේව සතුන් හා දීන බල්ලෝ ද කරක් කෙමෙන් බිලි ආදිය ද දුනු මල දැල් ආදී වූ සියලු ම වැදි උපකරණ ද යන සියල්ල ම ඔහුගේ ගෙයි සපයා තිබෙයි. දවස් පතා පන්සියයක් මල පටවනු ලැබෙයි. පන්සියයක් උගලු ලයි. උගුල් සිටුවීම, බොරු වල සෑදීම්, මසුන්ට විෂ ලීම් ආදී නොයෙක් ප්‍රාණ වධ ප්‍රයෝග කෙරෙයි." (එම 633 පිට)
සිරිනාග කථාවෙන් එකල ධනය උපයා සපයා ගැනීමට නිධන් හෑරීම, වෙහෙර විහාර බිඳ ඒවායෙහි ඇති වස්‌තු සොරා ගැනීම, පිරිස් වශයෙන් සොරකමෙහි නියුක්‌ත වීම ද කළ බව පෙනේ. විහාර ආරාම මංකොල්ල කනු ලැබුවේ ජීවත් වීමට අපහසු නිසා නොව සැපවත් ජීවිත ගත කිරීමටයි. ධනය, බලය, කෙරෙහි ගිජු බලලෝභීන් මනුෂ්‍ය සමාජයේ ජීවත් වූ බවත්, ඔවුන්ගෙන් සමාජයට සිදු වූයේ බරපතල අපරාධයක් බවත් සද්ධර්මාලංකාර කතුවරයා මෙබඳු කථාවලින් එළි දැක්‌වීමට උත්සාහ ගෙන තිබේ. (එම 646 - 649 පිටු)
මිනිසුන් තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පයින් ම ගමන් කළ බව පැහැදිලිය. රුහුණු රට සිට අනුරාධපුරයට කිසි කටයුත්තක් සඳහා එක්‌තරා ගැහැනියක පයින්ම ගමන් කළ අතර, තමන් ගෙන ගිය බත් මුල සංඝයාට පූජා කළ බව පටුහත්තදායිකා වස්‌තුවේ සඳහන් වේ.
එකල සමාජයේ සතුන් දඩයම් කරමින් මස් මාංස අනුභව කළ බව නන්දිමිත්‍ර වස්‌තුවේ ද සඳහන් වේ. "කහවණු තිසක් දී මුව මස් ගෙන අඟුරු මස පෙණමස දුරු මිරිස් ආදී වූ කටුක භාණ්‌ඩයන් බහා පිසින ලද සම්භාර සංයුක්‌ත මාංස යයි. මෙසේ නොයෙක් ආකාරයෙන් මාංස පිස සුවඳ ඇල් සාල් සපයා ගෙන පත් පිසවා මාංස රස හා නොයෙක්," (එම 491 පිට) පූර්ව පබ්බත වාසි තිස්‌ස ථෙර වස්‌තුවෙන් ද ඒ බව හෙළි වේ. "එකල වෙළඳ පුත්‍රයා ශුනකයාගේ දුක්�ත භාවය දැක කරුණාවෙන් කම්පිත වූ සිත් ඇතිව මොනර මස් හා ගිතෙල් අනා මහත් බත් පිඬක් වටා ඔහු පෙරට තිබීය." (එම 489 පිට) ආදී කථාන්තර කියවන විට එළුවන්, ඌරන්, හරකුන් මරා මස් අනුභවයෙහි යෙදුණු අයුරු සඳහන් වේ.
ආහාර වර්ග අතර කිරිබත් ආහාරයට ගැනීම වැදගත් අවස්‌ථාවල සිදු වූ බව සමණගාම වස්‌තුව හෙළි කරන අතර ප්‍රධාන ආහාරය බත් බව සංඝදත්ත වස්‌තුව, පූර්ව පබ්බත වාසි තිස්‌ස ථෙර වස්‌තුව සාක්‍ෂි දරයි. "මුහු කළ කිරි හා සමඟ ලහ බත්." (එම 426 පිට)
"සමණගාම වස්‌තුවේ" එන තොරතුරු අතර එකල බා¹ලතා වැනි කොළ වර්ග, කැඳ වර්ග, උදු මුං තල අතිරස අග්ගලා වෙනත් කැවිලි වර්ග ආහාරය සඳහා ප්‍රයෝජනයට ගත් බව කියවේ. "එසේ හෙයින් ඒ දිව්‍ය පුත්‍රයා බාඳලතා කොළ පමණක් අනුභව කොට" (එම 421 පිට)
"ගිතෙල්, මී, වෙඬරු, උක් සකුරු, පැණි සැළවල්......" (එම 458 පිට) භික්‍ෂුන් වහන්සේලාට පිරිනමන හීල් දානය සඳහා පළමුව කැඳ වැළඳීම, අනතුරුව හුරු මස් සමඟ මී සකුරු වැළඳීම, ඉන් පසුව මස් මාළු සහිත ඇල් හාලේ බත් වැළඳීම ගැන ශාලිරාජ වස්‌තුවෙන් දැක්‌වේ.
අවුල හා සමඟ උපකරණ සහිත වූ කැඳ වළඳවා නැවත වළඳන අතුරෙහි පිළියෙළ කරන ලද ඌරු මාංසය මී සකුරු සමඟ යොදා වළඳවා වේලා ආසන්න වූ කල්හි මත්ස්‍ය මාංස සහිත වූ සුවඳ හාල් සාලේ බත වැළඳ වූහ" (එම 502 පිට) මේ තොරතුරුවලින් හැඟෙන්නේ මස් මාංස අනුභව කිරීම සාමාන්‍ය දෙයක් වූ බවයි. ඒ නිසාම දානාමානාදියට ද මස් මාංස යොදා ගැනීම පුරුද්දක් වශයෙන් පැවැති බව ද පෙනේ.
ගෝඨඉම්බර වස්‌තුවේ එන පරිදි දුටුගැමුණු රඡ්ජුරුවන් විජිතපුර සමීපයෙහි කඳවුරු බැඳගත් අවස්‌ථාවේ යෝධයන්ගේ ශක්‌තිය පරීක්‍ෂා කිරීමට ඔවුන්ට සුරාවෙන් සංග්‍රහ කොට තිබෙන බව දැක්‌වේ. "මගධ නැළියෙන් සොළොස් නැළියක් පමණ රා ගන්නා ලෙස තිස්‌දහසකින් රා ඔඩමක් කරවා කහවණු රැස මත්තෙහි සුරා පිරූ රා ඔඩම තබා එකොලොස් මහා යෝධයන් කැඳවා, සපන් කෙනෙක් තෙල රා බිම් නිමවා තිස්‌දහසෙකින් කළ රා ඔඩම හා සමඟ තෙල කහවණු තුනමුණ ගනුව" යි කීහ (එම 476 පිට)
දුටුගැමුණු රජුගේ කඩොලැතාට ද සුරාව පෙවූ බව ගෝඨඉම්බර වස්‌තුවෙන් දැක්‌වේ.
අනාචාරයේ යෙදුණු අය මෙ කල ද ලාංකේය සමාජයේ සිටියහ. සැමියා නැව් නැගී වෙනත් රටකට ගිය අවස්‌ථාවේදී බිරිඳ පොළඹවා ගැනීමට රාජ්‍ය නිලධාරියකු තැත් කළ සැටි කියෑවෙන කථාවක් වන්නේ නන්දිරාජ වස්‌තුවයි.
"එපවත් අසා අමාත්‍ය තමා නිල කොට සැලැස්‌වූ ගෙට ගොසින් එක් කෙල්ලක කැඳවා කිසි කෙනෙකුන් නො දන්නා ලෙස රහසින් රන් දහසක් දී ඒ දාසිය වෙළෙඳාණන්ගේ භාර්යාවන් සමීපයට නික්‌ම විය. එකල ඒ කෙලී ගොසින් වෙළෙඳ භාර්යාවන්ට කියන්නී එම්බා මෑණියනි, යම්කිසි කෙනෙකුන්ගේ මුහුණ එක් ඇසකින් හොබින්නේ නොවෙයි. ඒ පරිද්දෙන්ම පුරුෂයන් නැතිව තනිව ඉන්නා කල ස්‌ත්‍රීන්ට නො හොබනේය. ඉඳින් යම්කිසි ඇතෙක් සියලු අවයව සම්පත්ති යුක්‌ත වී නමුත් එසේ වූ ඇතාගේ මුහුණ එක දළයකින් හොබනේ නොවෙයි. එපරිද්දෙන් ම කවර තරම් රූප සම්පත්තියක් ඇතත් පුරුෂයන් නැතිව තනිව ඉන්නා කල ස්‌ත්‍රීන්ට හොබනේ නොවෙයි" (එම 677 පිට)
බමුණු සමාජය විසින් කාන්තාව අවතක්‌සේරුවට ලක් කළ ද මනා හැසිරීම, පතිභක්‌තිය, යහපත් පැවැත්ම යනාදී ගුණාංගවලින් සාමාන්‍ය කාන්තාව පිරිපුන් බව මේ කතාවෙන් හෙළි වේ. දන්දීම, බණ ඇසීම පමණක් නොව සාරධර්ම ආරක්‍ෂා කිරීමට අනුබල දෙන්නක් හැටියට සද්ධර්මාලංකාරය අගය කළ හැකි බවයි (එම 671 පිට)
විනෝදවීම් අතර මිත්‍රයන් හා සමඟ කමින් බොමින් ප්‍රිති වූ ආකාරය එකල ද දක්‌නට ලැබේ. සුරනිමල වස්‌තුව, ගෝඨඉම්බර වස්‌තුව මගින් තොරතුරු සැපයෙන අතර පොහොසත්, දුප්පත් භේදයකින් තොරව ඔවුනොවුන් විනෝද වූ බව කාකවණ්‌ණ වස්‌තුව. සාලිරාජ වස්‌තුව, නේසාද වස්‌තුවෙන් පෙනී යයි. රුහුණු ජනපදයෙහි මාගම නම් ගමෙහි වාසය කළ දඩයක්‌කාරයෙකු මුහුදෙහි නාමින් සිටි පිරිසකට එක් වී දිය කෙළියෙහි නියෑලුණු බව නේසාද වස්‌තුවෙන් හෙළි වේ.
"එක් දවසක එම වැද්දා මුහුද දිය කෙළනා මහජනයා හා සමඟ ගොළු මුහුදට ගොස් දිය කෙළිනේ ය" (එම 534 පිට)
සද්ධර්මාලංකාරයේ සඳහන් ක්‍රීඩා අතර ළමයින් වළක් කපා ඒ මත දිගට හරහට කෝටු කෑලි තබා උඩින් කොළ තබා වැලිවලින් ඒ කොළ ආදිය නො පෙනෙන පරිද්දෙන් වසා ඒ ගැන නො දත් තමන්ගේ මිතුරෙකුට ඒ උඩින් යන්ට සැලැස්‌වූ බව කියෑවේ. යහළුවකු වැටුණු විට පසුව සියලු දෙනා ම සිනා සී ප්‍රීති වෙති (එම 617 පිට)
රාජ කුමාරවරුන්ට පැවැත්වූ මංගල අතර බත් කැවීම, කන් විදීම, යුවරජු තනතුරු පිරිනැමීම ගැන ද සඳහන් වේ.
ඒ කුමාරයන්ට තුන්මසින් සත්මසින්, නව මසින් කළමනා ඒ ඒ මඟුල් දිනයෙහි දී බත් කැවීම, කන් විදීම, යුවරජ තැන් ලැබීම ආදී වූ ඒ ඒ මඟුල් දිනයෙහි ද" (එම 552 - 553 පිටු)
සද්ධර්මාලංකාර කතුවරයා සපයන තොරතුරු අතර රාජකීය පුද්ගලයන් පැළඳි ආභරණ, මඟුල් කඩුව, හෙළ කුඩය, නළල් පට, වල් විදුනාව, රන්මිරිවැඩි සඟල ආදිය වේ. මීට අමතරව ලාංකේය රජවරු ඔටුනු පැළඳි බව
"මනහර වොටුන්නක් පැළඳ රන්පට රුවන් සෝලු ආදී වූ සුසෑටාභරණයෙන් සැරසුණු රජ තෙම" (එම 90 පිට)
රජු සිවුසැටක් ආභරණවලින් සැරසුණු බවත්, රජතුමාගේ විශේෂ ආභරණයක් හැටියට ඔටුන්න පැළිඳි බවත් සද්ධර්මාලංකාරය සාක්‍ෂි දරයි.
"රන්සළු හැඳ රන් පට..... වොටුණු පැළඳ යන මේ ආදී වූ සූසැට ආභරණයෙන් සැරසී" (එම 98 පිට)
රජවරුන් වටිනා ආභරණ පැළඳි බව හෙළි කරන තවත් අවස්‌ථාවක් අහිනීහාර වර්ගයේ තුන් වන විවරණය යටතේ දැක්‌වේ.
"ලක්‍ෂයක් වටිනා රන් සළුවක් හැඳි......" (එම 81 පිට)
එකල ලංකාවේ ගනුදෙනු කිරීමේදී කහවණු මසුරන් හා රන් භාවිතයට ගත් බව සද්ධර්මරත්නාවලිය, පූජාවලිය මෙන්ම සද්ධර්මාලංකාරය ද පෙන්නුම් කරයි.
"සියක් වටිනා ගසට දෙසියක් ද" (සිද්ධාර්ථ හිමි සද්ධර්මරත්නාවලිය, 1951, 426 පිට)
"ලක්‍ෂ ලක්‍ෂ වටිනා පලස් දෙකක්" (ඥනවිමල හිමි පූජාවලිය, 1971, 553 පිට)
"ඔහු පිට දහසක් බැඳ පියල්ලක් තබා" (සද්ධාතිස්‌ස හිමි, සද්ධර්මාලංකාරය, 1934, 168 පිට)
කාන්තාවන් විවිධ ආභරණ වර්ගවලින් සැරසී සිටි අයුරු.
"තමන්ගේ භාර්යාවන් ද කණක, කටටක, රසනුපුර, තාඩංග ඵලය නිසරපම කොඬමල් ආදී වූ නොයෙක් ආභරණයෙන් දෙවඟනක් මෙන් සරසා" "(එම 506 පිට)
ආර්ථික තත්ත්වය, දේශපාලන බලය මත සමාජය භේදභින්නව පැවතුණු බවත් සමාජයේ කැපී පෙනීමට වටිනා ආභරණ ආදියෙන් සැරසුණු බවත් ය.
ශ්‍රද්ධාතිස්‌ස අමාත්‍ය වස්‌තුව යටතේ බත් මුළක් කහවණු අටකට විකිණීමේ පුවතක් දැක්‌වේ. එයින් බත් මුල් බැඳීම, ගමන් බිමන් යන විට බත් මුළක් බැඳගෙන යැම. ඒවා මිලට විකිණීම එකල ද පැවතිණි.
"කහවණු අටක් ඇරගෙන බත් මුළ දී පියව" යි ඉල්වීය. එකල පුරුෂයා යහපතැ යි රන් ඇරගෙන බත් මුළ දුන්නේය." (සද්ධාතිස්‌ස හිමි, 1934, 567 පිට)
ඒ ඒ යෝධයන්ට ගම් බිම් පිරිනැමීමේ සිරිතක් පැවතුණි. රජු විසින් ඔවුන්ගේ දෙමාපියන් රැක බලා ගැනීම, සත්කාර සම්මාන පිරිනැමීම, කෑම් බීම් ආදියෙන් සංග්‍රහ කිරීම ආදී තොරතුරු ගැන සඳහන් කරන කථාවකි. නන්දිමිත්‍ර වස්‌තුව.
"දෙමාපියන් බොහෝ සත්කාර සම්මාන කොට කුබුබත් නම් ගම බත්ගම් කොට ද" (සද්ධාතිස්‌ස හිමි, 1934 494 පිට)
භික්‍ෂුන් වහන්සේලා උපැවිදි වීම එකල ද සිදු කෙරිණි. මෙසේ සලකන කල සද්ධර්මාලංකාරය සමකාලීන සමාජ තොරතුරු රැසක් ම අනාවරණය කරන ගද්‍ය කාව්‍යයකි.
ආගමික තොරතුරු
බුදුන්, දෙවියන් හා යක්‍ෂයන් වැනි අධිමානුෂ්‍ය බලවේග කෙරෙහි විශ්වාසයක් සහ ඇදහිල්ලක් තිබූ බව සාහිත්‍ය පොත්වල එන තොරතුරුවලින් අනාවරණය වෙයි.
පණ්‌ඩරංග වස්‌තුව යටතේ ඊශ්වර දේව විශ්වාසයක් පිළිබඳව කියෑවේ. සාමාන්‍ය ජනතාව දන් දීමට සුදුසු කෙනෙකු සොයා යන්නේ භික්‍ෂුන් වහන්සේලාට ද දන් පිළිගැනීමට සුදුස
10/06/2024
මෙම රෝග ලක්ෂණ තියෙනවනම් බලන් ඉන්න එපා - පළවෙනි කමෙන්ටුවෙන්..
මෙවර අවසන් වූ ප්‍රාචීන මධ්‍යම හා අවසාන විභාගවල ප්‍රශ්න පත්‍ර ඔබ සතුව ඇත්නම් අප වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.
14/05/2024
ප්‍රාචීන ප්‍රාරම්භ ප්‍රශ්න පත්‍ර. 2023(2024)
12/03/2024
ප්‍රාචීන විභාගවලට ලකුණු දෙන්නේ මෙහෙමයි...
ප්‍රාචීන පිරිවෙන් අධ්‍යාපනයේ අනාගත සුරක්ෂිත තාවය වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන මෙම වෙබ් අඩවිය හරහා ඔබේ දැනුම බෙදා ගන්න එකතු...
05/03/2024
කොළඹ 10 ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන මගින් 18 වන වරටත් සංවිධානය කරනු ලබන "ප්‍රාචීන ප්‍රාරම්භ විභාග සත්කාරක සම්මන්ත්‍රණ මාලාව - 2024"
මෙවර මාර්තු මස 26, 27 සහ 28 යන දිනයන්හි දී බද්දේගම ශ්‍රී විමලවංශ අනු නාහිමි අනුස්මරණ ශාලාවේ දී පැවැත්වේ.
🔰මාර්තු 26 - සිංහල
🔰මාර්තු 27 - පාලි
🔰මාර්තු 28 - සංස්කෘත
මෙහෙයවීම
ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන - කොළඹ 10
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Maligakanda Road
Colombo