Yasiru Nirmala Herath

Yasiru Nirmala Herath

Share

Cisco Network Security
Cisco Network Academy

Network and Cybersecurity Engineer,

Researcher Networking & Information Technology,

Cisco Academy Certified & Expert Level Instructor,

Secretary - Cisco Networking Academy Council - Sri Lanka

27/04/2026

🎉 Facebook recognised me as a top rising creator this week!

25/04/2026

මමනම් කියන්නේ ලන්කාවේ සියලුම online transaction වලට මෙන්න මේ App එක විතරක් හදුන්වලා දෙන්න ඕනී.. එහෙම උනානම් මහා භාණ්ඩාගාරෙටත් එහෙනම් හැකර්ල තාම log වෙනව 😂

21/04/2026

නාවලට පේන සමනළ ඇතුළු සමස්ථ කදුකරය ❤️

20/04/2026

අදත් උදෑසන මා සිරිපාදය වැන්දා ❤️
#ශ්‍රීපාදය

08/04/2026

අස්වැසුම හදාගන්නේ කොහොමද🤌 😂😂

07/04/2026

අම්මට සිරි වෙන SLT Download Speed එකක් - Fiber Unlimited

18/03/2026

🔥 Network down වුනත් network devices control කරන backup path එක..මේ දේ තිබ්බොත් Network Downtime කියන එක practically නැහැ !

Out-of-Band Management (OOB Management) කියන්නේ network device (routers, switches, firewalls, servers) manage කරන්න use කරන separate, dedicated management network path එකක්. මෙහි විශේෂම දේ තමයි – main production network එක down වුනත්, congested වුනත්, attack එකකට ලක් වුනත්, devices වලට access වෙලා manage කරන්න පුළුවන් වෙන එක.

සාමාන්‍යයෙන් network management ක්‍රම දෙකක් තියෙනවා:

🛡️In-Band Management
🛡️Out-of-Band Management

මේකෙන් Out-of-Band Management කියන්නේ production network එකට independent (separate) connection එකක් use කරලා devices control කරන method එකක්.

හිතන්නකෝ , data center එකක routers, switches, firewalls run වෙනවා කියලා. හදිසියේ එක වෙලාවක network එක crash වුණා කියලා හිතන්න. ඔයා දැනටමට් පාවිච්චි කරන්නේ In-band management නම් network එක down නම් devices access වෙන්න කරන්න බැහැ.

ඒත් OOB Management තියෙනවා නම්:

🔹Dedicated management port (console port / mgmt port)

🔹Serial console / Aux

🔄මේ method ටිකෙන් අපිට පුළුවන් device එකට direct access වෙලා devices එක troubleshoot / configuration කරන්න පුළුවන්.

👉 අන්න ඒක තමයි Out-of-Band Management කියන්නේ.

🔹 OOB Management Working Process

Out-of-Band Management system එක ක්‍රියා කරන විදිහ step-by-step:

✅Device එකට dedicated management port එක assign කරනවා

✅ඒ port එක connect කරනවා management network එකට

✅Admin කෙනා remote location එකකින් connect වෙනවා

✅SSH / Console access use කරලා device control කරනවා

✅Troubleshooting, configuration, reboot වගේ tasks කරනවා

👉 මෙහි වැදගත්ම point එක තමා :

Production traffic එකට කිසිම impact එකක් නැහැ

18/03/2026

QR එකත් හරියට වැඩ නැති එකේ පැට්‍රල් පෝලිම් විසදන්න තියෙන හොඳම ක්‍රමය තමා..

තව සතියකට විතරයි අරක්කු සිගරට් තියෙන්නේ කියලා braking news එකක් එක දිගට දැම්මනම් වැඩේ ගොඩ 🤣

17/03/2026

Data Science කියන්නේ මොකක්ද?🚀🚀

අද ලෝකයේ වැඩිම වටිනා resource එකක් ලෙස සැලකෙන්නේ Data කියන දේ කියන එක අපි හැමෝම දන්නවා. අද සමාගම්, ආයතන, සහ technology platforms බොහෝ තීරණ ගන්නේ data analysis මත පදනම් වෙලා. මේ data එක analyze කරලා useful information බවට පත් කරන process එකට කියන්නේ Data Science කියලා.

සරලව කියනවානම්, Data Science කියන්නේ data එක collect කිරීම, clean කිරීම, analyze කිරීම සහ ඒ data වලින් meaningful insights ලබාගෙන decision making සඳහා භාවිතා කරන multidisciplinary field එකක්. මෙහිදී statistics, mathematics, programming, machine learning, data visualization වගේ විවිධ disciplines එකට එකතු වෙලා වැඩ කරනවා.

සරලව කියනවානම්,

👉 Data Science = Data → Analysis → Insights → Decisions

Data Science අවශ්‍ය වෙන්නේ ඇයි?

අද දවසේ almost හැම organization එකක්ම massive amount of data generate කරනවා. උදාහරණයක් ලෙස:

📌Social Media platforms
📌Banking systems
📌E-commerce websites
📌Healthcare systems
📌Telecom networks

මේ data properly analyze නොකරනවා නම් ඒක useless information එකක් වෙලා යනවා. ඒ නිසා Data Science techniques භාවිතා කරලා data වලින් valuable insights ලබාගන්න පුළුවන්.

Data Science කියන්නේ multidisciplinary field එකක්. එය disciplines කිහිපයක් combine කරලා develop වෙලා තියෙනවා.

එවැනි fields කිහිපයක්:

📉Statistics
⚙️Mathematics
📋Programming
📶Machine Learning
🧠Data Analytics

මෙම techniques භාවිතා කරලා organizations වලට business decisions improve කරන්න පුළුවන්.

🎯උදාහරණයක් ලෙස Netflix platform එක user viewing history analyze කරලා personalized movie recommendations provide කරනවා.

🎯ඒ වගේම Google search engine එක billions of search queries analyze කරලා relevant results display කරනවා.

ඒ නිසා Data Science කියන්නේ modern organizations වල success එකට critical technology field එකක්.

උදාහරණයක් ලෙස:

📊Online shopping site එකක් customer behavior analyze කරලා product recommendations දෙන්න පුළුවන්

📈Bank එකකට fraud transactions identify කරන්න පුළුවන්

🧩Hospital එකකට disease prediction models develop කරන්න පුළුවන්

Data Science ඊළග කොටසෙන් හමුවෙමු❤️


13/03/2026

Cybersecurity Professionals වෙන්න කැමති අය සඳහා – Cisco Industrial Cybersecurity Training 🚀🚀

Cisco Webex වලින් Live මම උගන්වනවා. වෙනත් live class වගේ නෙවෙයි මම වෙනස්.. තව දෙයක් reording not provide. මෙම Free course එකට ලියාපදිංචි වීමට පළමු comment එකේ registration link එක ඇත. ඔයාගේ යාලුවන්ව mention කරන්න share කරන්න

Course start date : 2026 මාර්තු 25
Application Closed : 2026 මාර්තු 20

Course Contents:

Module 1: Introduction to Industrial Cybersecurity
Module 2: Attack Concepts and Techniques
Module 3: Industrial Cybersecurity Frameworks and Regulations
Module 4: Vulnerabilities
Module 5: Risk Assessment
Module 6: Securing Industrial Networks
Module 7: Authentication and Authorization Controls
Module 8: Hardening the Industrial Network Infrastructure
Module 9: Frontiers in Industrial Cybersecurity


10/03/2026

මම මැරුණම ඔයාලා හෑලි ලියන විදිහ මට ජිවත් වෙලා ඉන්න කාලේ බලා ගන්න ඕන
පහලින් ලියන්න බැරිද 🥺🥀

06/03/2026

Inband Management – Network Engineers සඳහා සම්පූර්ණ විස්තරය 💻🔧

අද දවසේ Network Infrastructure, Data Centers, Enterprise IT Systems, සහ Cybersecurity Environment වැනි ක්ෂේත්‍රවල Network Devices, Servers, Firewalls, Storage Systems වැනි උපකරණ නිසි ලෙස manage, monitor, සහ troubleshoot කිරීම ඉතාමත් වැදගත් කාර්යයක් වේ. Network එකක් හොඳින් operate වෙන්න නම් ඒක configure කරන administrators ලාට reliable management access එකක් තිබිය අනිවාර්යෙන්ම යුතුය.

Network devices manage කිරීම සඳහා IT industry එක තුළ භාවිතා කරන ප්‍රධාන management methods දෙකක් තිබේ. ඒවා:

01. Inband Management
02. Out-of-Band Management

මෙම දෙකම network administration සඳහා භාවිතා වන නමුත් architecture, security, reliability සහ implementation cost වැනි කාරණා අනුව වෙනස් වේ. මේ article එකෙන් මම විස්තරාත්මකව බලන්නේ Inband Management කියන concept එක ගැනයි. මෙය Network Engineers, System Administrators, Cybersecurity Professionals සහ IT students සඳහා වැදගත් topic එකක් තමා මම මේ කථා කරන්නේ.

✅Inband Management කියන්නේ මොකක්ද?

Inband Management කියන්නේ network devices, servers, firewalls, switches, routers වැනි IT infrastructure components manage කිරීම සඳහා same production network path එක භාවිතා කරන management method එකක් වේ.

එනම්, network එක තුළ users data traffic travel කරන path එකම භාවිතා කරමින් administratorලා devices access කර configure කරනවා නම් එය Inband Management ලෙස හඳුන්වයි.

සාමාන්‍යයෙන් network එක තුළ data packets travel වෙන network infrastructure එකක් තිබෙනවා:

User PC → Switch → Router → Firewall → Server

මෙහි users data traffic travel කරන path එකෙන්ම administratorලා devices manage කරනවා නම් ඒ system එක Inband Management architecture එකක් වේ.

✅Inband Management System එක ක්‍රියා කරන ආකාරය

Inband management system එකකදී management traffic සහ production traffic දෙකම same network infrastructure හරහා flow වෙනවා.ඒ කියන්නේ ගමන් කරනවා

Example scenario එකක් බලමු.

Administratorge workstation hari devices එක network එකට connect වෙලා device management access කරනවා කියලා හිතන්නකෝ

එතකොට Network path එක:

Administrator PC

Access Switch

Core Switch

Router / Firewall

Managed Device (Switch / Server)

මෙහි administratorගේ management packets users data traffic යන path එකෙන්ම travel කරනවා.

ඒ නිසා Inband Management network architecture එක simple සහ cost-effective එකක් වේ.

✅Inband Management සඳහා භාවිතා වන Protocols

Network device management සඳහා IT industry එක තුළ widely used protocols කිහිපයක් තිබෙනවා. Inband management system එකකදී මෙම protocols production network හරහා operate වෙනවා.

1. SSH (Secure Shell)
2. HTTPS Web Management
3. SNMP (Simple Network Management Protocol)
4. API Based Management

✅Automation සහ Inband Management

Modern IT infrastructure වල automation integrate වෙලා තියෙනවානේ ඉතින් Automation traffic production network හරහා travel වෙන නිසා මෙම automation part එකත් Inband Management model එකට අයත් වේ.

Automation tools:

💡 Ansible
💡 Terraform
💡 Python automation
💡 Network orchestration platforms

මෙම tools network devices API හරහා access කර configuration automate කරනවා.

🚀Inband Management කියන්නේ network infrastructure manage කිරීම සඳහා production network path එකම භාවිතා කරන management method එකක් කියලා අපිට දැන් තේරෙනවනේ.. ඉතිං මෙය implement කිරීම simple, cost-effective සහ scalable solution එකක් වන අතර small to medium networks සඳහා widely used වේ.

🚀නමුත් network failure scenario එකක management access එකත් අපිට නැතිවෙනවා කියලා මතක තියා ගන්න ඕනි. ඉතිං එහෙම දෙයක් උනොත් නම් critical environments වල Out-of-Band Management solution implement කිරීම recommended වේ.


Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo