GTSL - The Government Teachers' Association of Sri Lanka
Official page of the Sri Lanka Government Teachers' Association
11/06/2026
ගුරුවරුන්ගේ වැටුප් වර්ධක හා සේවා උසවීම් නිසි පරිදි සිදු කිරීමට අපොහොසත් වීම හා වැටුප් විෂමතාවය ලබා ගැනීමට ආණ්ඩුවට බලකරන අත්සන් ලක්ෂයක් වැඩ සටහන.
කැකිරාව
09/06/2026
ගුරුවරුන්ගේ වැටුප් වර්ධක හා සේවා උසවීම් නිසි පරිදි සිදු කිරීමට අපොහොසත් වීම හා වැටුප් විෂමතාවය ලබා ගැනීමට ආණ්ඩුවට බලකරන අත්සන් ලක්ෂයක් වැඩ සටහන.
කුරුණෑගල
09/06/2026
හො.ම.ත.ග.යු
ගුරුවරුන්ගේ කාරයක්ෂමතා කඩයිම් සඳහා විභාග ක්‍රමයක් යෝජනා වූයේ පැවති මොඩියුල් ක්‍රමයේ තිබුනු බොහෝ ගැටලුකාරී ස්තාන නිවැරදි කිරීමේ අරමුණෙනි.
✅ එහි තිබූ එක් බරපතල ගැටලුවක් වූයේ රාජ්‍ය සේවා කොමිසම පැවති මොඩියුල් ක්‍රමය සාර්ථක කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය නිසි වැඩපිළිවෙලක් නොයෙද වීම සම්බන්ධව දැඩි ස්ථාවර එක සිටීමයි. *
2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් විය.* ඊට හේතු වන්නේ 250000 වන ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම සම්බන්ධව මොඩියුල ක්‍රියාත්මක කිරීමට ගුරු මධ්‍යස්ථාන 110 ක් වැනි සුළු ප්‍රමාණයක් භාවිතා කිරීමත් මොඩියුලර් විසි එකක් දක්වා වැඩි ප්‍රමාණයක් තිබීමත්ය. එම නිසා මීට පෙර කාර්යක්ෂමතා කඩඉම සමත් යැයි සලකා මොඩියුල වලින් නිදහස් කර ගුරුවරුන්ට උසස් වීම් ලබා දෙන ලදී. *වසර 8 තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය අසාර්ථක වීම* නිසා. ඊට පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එම පහසුකම ලබා නොදී සහන කාලයක් ලෙස උසස් වීම ලබාදී උසස් වීම ලබා ගත් පසු ඊට පෙර තිබෙන මොඩියුලත් උසස්වීම ලබාගත් ශ්‍රේණියට අදාළ මොඩියුලත් යන දෙකම කරන ලෙස පවසන ලදී. මෙය කබලින් ලිපට වැටීමකි.
අනෙකුත් සියලුම රාජ්‍ය සෙවකයින් EB සඳහා විභාගයකට මුහුණ දෙන විට ගුරුවරුන්ට පමණක් අසාර්ථක මොඩියුල් ක්‍රමයක් ක්‍රියාත්මක් කිරීම වැරදි ක්‍රියාවක් ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කරන ලදී.
🚫 එබැවින් මෙම ගැටලුව විසඳා ගැනීමේ යෝජනාවක් ලෙස ගුරුවරුන්ටද විභාග ක්‍රමයක් යෝජනා විය.
🔔 මොඩියුල් ගණන 10 ට අඩුකර ඒවා ස්වයං අධ්‍යන මොඩියුල් ලෙස අන්තර්ජාලයට මුදා හැර එහි ඇති නිර්දේශය ස්වයංව අධ්‍යනය කර ඒ සඳහා සැකසුණු බහුවරණ හා කෙටි ලිඛිත ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමටය.
🪔 මෙම ප්‍රශ්න පත්‍ර ක්‍රමය මගින් ගුරුවරුන්ට ලැබී ඇති වාසි කිහිපයකි.
🔵 මොඩියුල් සඳහා මෙතෙක් කල් පැවති දින ගණනක් ගත කල ක්‍රියාවලිය එක් දවසකට සීමා වීම ප්‍රධාන වාසියයි.
🔵 එමෙන්ම කලාපයෙන් කලාපයට, පළාතෙන් පලාතට විවිධ ආකාරයේ මොඩියුල් ක්‍රමය වෙනුවට සමස්ත දිවයිනටම එකම ව්‍යූහයෙන් EB ක්‍රියාත්මක වීම.
🔵 පැවරුම් ලිවීම අවශ්‍ය නොවීම
✅ එබැවින් මොඩියුල් වෙනුවට EB විහාග ක්‍රමය වඩා වාසිදායක බව සිතේ.
🚫 නමුත් මේ මොහොතේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මෙම EB විභාග ක්‍රමය වෙනුවෙන් ගුරු සේවා ඉවස්ථාව 2025/06/30 සිට සංශෝධනය වීමයි. ඒ අනුව වසරක් ඇතුළත එය ක්‍රියාත්මක කිරීමට සූදානම් කර 2026/06/30 සිට ක්‍රියාත්මක වීමට යෝජනා වුවද, අධ්‍යාපන අමාත්‍යාංශය හෝ වෙනත් වගකිවයුත්තන් මෙය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇත
*මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ සංශෝධනය ව්‍යවස්ථාවේ අර්ධ වශයෙන් මොඩියුලර් වලට සහභාගි වූ ගුරුවරුන් සහ නියමිත කාලරාමු ඉක්ම ගිය ගුරුවරුන් වෙනුවෙන් අන්තර් කාල විධිවිධානයක් හෝ වෙනත් කිසිදු සටහනක් ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කර නොතිබීමයි.*
🚫 ඒ නිසා මේ මොහොතේ සමස්ත ගුරු සේවයේ ගුරුවරුන් අතරින් ලක්ෂයක පමණ පිරිසක් විවිධ අසාධාරනයන්ට හා ගැටලුවලට මුහුණ පා සිටී.
ඉන් කිහිපයක් ලෙස,
🔵 ගුරුවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ලබා ගැනීමට නොහැකිවීම.
🔵 ගුරුවරුන්ගේ වැටුප් වර්ධක අත්හිටුවා තිබීම.
🔵 විශ්‍රාම යාමට නියමිත ගුරුවරුන්ට ශ්‍රේණි උසස්වීම් නොලබා විශ්‍රාම යාමට සිදුවීම
🔵 ගුරුවරුන්ගේ පත්වීම් ස්ථිර කරගැනීමට නොහැකිවීම නිසා ස්ථානමාරු යාමට නොහැකි වී තිබීම.
🔔 මෙම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මේ වන විට ගුරුවරුන්ගේ අත්සන් ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර ඇත.
😂එයින් යම් කැළඹීමකට පත් බලධාරීන් කඩිමුඩියේම EB විභාග පැවැත්වීමට කාලරාමුවක් ඉදිරිපත් කර ඇත.
📢 නමුදු ගැටලුව වන්නේ තවමත් ගුරුවරුන් හට පෙරහුරු පරීකෂණයක් හෝ සෑදීමට සූදානමක් නොමැති වීමත්
ඉහත සඳහන් කළ අර්ධ වශයෙන් මොඩියුල හැදෑරූ පිරිස සහ නියමිත කාල රාමුවට අවසන් කිරීමට නොහැකි වූ ගුරුවරුන් ගැන කිසිදු තීරණයක් ගෙන නොතිබීමයි.
✅ එම නිසා අපගේ අදහස වන්නේ මොඩියුල් හෝ කාර්‍යක්ෂමතා කඩයිම් නොකිරීම මත ගුරුවරුන්ට ශ්‍රේණි උසස්වීම් හා වැටුප් වර්ධක ලබාගැනීමට නොහැකිවීම *ගුරුවරුන්ගේ වරදක් නොව, එය වගකිවයුතු බලධාරීන්ගේ වරදක් බවයි.*
එබැවින් බලධාරීන්ගේ ප්‍රමාදයට ගුරුවරුන් වන්දි ගෙවිය යුතු නැත.
✅✅✅✅✅✅✅
එබැවින් අපගේ යෝජනාව වන්නේ නැවත නිවැරදිව EB ක්‍රමය සකස් කරන තෙක්, දැනට ඒ නිසා අසාධාරණයට ලක්ව සිටින ගුරුවරුන් 2022 වර්ෂයට පෙර සිදුකළ ආකාරයට අන්තර් කාල විධිවිධාන යොදා එම අවශ්‍යතාවයෙන් නිදහස් කර උසස්වීම් ලබා දෙන ලෙසයි.
🚫 මෙය මීන් පෙරද අවස්තා ගණනාවක්දී සිදුකරන ලද්දක් නිසාත්, එය එසේ සිදු කිරීමෙන් කුමන හෝ කණ්ඩායමකට අසාධාරණයක් සිදු නොවන නිසාත් මේ මොහොතේ ඇති වඩාත් ප්‍රායෝගික විසඳුම මෙය බව අපගේ ස්තාවරය වේ.
🔔 මේ මොහොතේ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය මෙන්ම වෘතීය සමිති සංධානයද මේ සම්බන්ධව රජයට බලකරමින් අත්සන් ලක්ෂයක පෙත්සම අත්සන් කරමින් සිටී.
එවැනි පසුබිමකදී tuition කඩ හිමියන් මෙය දඩමීමා කරගෙන පන්ති පවත්වීමට සූදානම් වීමත්, ඇතැම් වෘත්තීය සමිති අසාධාරණයට ලක් වූ ගුරුවරුන් මෙම මොඩියුල වලින් නිදහස් කිර ගැනීමට උත්සාහ කරනවා වෙනුවට EB සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීමට උත්සහ කිරීමද ඉතා කණගාටුදායක තත්වයකි.
📢📢📢📢📢📢📢
අවසාන වශයෙන් ද දැනුම් දීමට ඇත්තේ, පත්වූ නව රජයෙන්ද ගුරුවරුන්ගේ අවශ්‍යතා ඉටු නොවේනම් එම අයිතීන් දිනා ගැනීම සඳහා ගුරුවරුන්ද එක මිටකට එකතු වීමට සූදානම් විය යුතු බවයි.
ි
09/06/2026
ගුරුවරුන්ගේ වැටුප් වර්ධක හා සේවා උසවීම් නිසි පරිදි සිදු කිරීමට අපොහොසත් වීම හා වැටුප් විෂමතාවය ලබා ගැනීමට ආණ්ඩුවට බලකරන අත්සන් ලක්ෂයක් වැඩ සටහන.
වත්තේගම
08/06/2026
ගුරුවරුන්ගේ වැටුප් වර්ධක හා සේවා උසවීම් නිසි පරිදි සිදු කිරීමට අපොහොසත් වීම හා වැටුප් විෂමතාවය ලබා ගැනීමට ආණ්ඩුවට බලකරන අත්සන් ලක්ෂයක් වැඩ සටහන.
මාතර
*අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවය ට ගුරුභවතුන් පලි නෑ..*
පීඩාකාරී මොඩියුලර් නවත්වා අලුතින් EB ක්‍රමයකට යන්න අමාත්‍යංශය පිඹුරුපත් හැදුවේ 2021.. එදා සිට අද දක්වා දිගින් දිගටම EB exam තියාගන්න බැරි උනේ ඔවුන්ගේ අකාර්යක්ෂමතාව නිසා..ඔවුන්ගේ වරදට ගුරුභවතුන් වින්දිතයන් විය යුතු නෑ..
බලය අරගෙන වසර එකහමාරයි
කතාව විතරයි වැඩ නෑ......
06/06/2026
*පෙත්සමට බයේ ලිපියක් නිකුත් කළද ??*
මොඩියුලර් සම්බන්ද නොවිසඳුණු ගැටලුවක් ඇත.
2025.07.08 ගැසට්ටුව අනුව
අදාළම ශ්‍රේණිවලට උසස්වීම සදහා
කාර්‍යක්ෂමතාව 1/2/3 තුන කල යුත්තේ කවුරුන්ද ?
දැනට ඉන්න ශ්‍රේණිවල සිට ඉහළට යන කාර්‍යක්ෂමතාව පමණක්ද ?
එසේත් නොමැති නම් මින් පෙර නිකුත්වු ලිපි අනුව "කාර්‍යක්ෂමතාව පසුව සළකා යැයි" නම් කොට ඉහළ දැමු ශ්‍රේණිවලට අදාලව මොඩියුලර්ය ත් කළ යුතුයි ද ?
අකාර්‍යක්ෂම අමාත්‍යංශයේ (මොඩියුලර් හෝ EB exam නොපැවැත්වීම) ට වන්දි ගෙවන්නේ ගුරුභවතුන් ද ?
05/06/2026
ගුරුවරුන්ගේ වැටුප් වර්ධක හා සේවා උසවීම් නිසි පරිදි සිදු කිරීමට අපොහොසත් වීම හා වැටුප් විෂමතාවය ලබා ගැනීමට ආණ්ඩුවට බලකරන අත්සන් ලක්ෂයක් වැඩ සටහන.
ගලේවෙල
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Colombo