නාලන්දාව - Nalanda

නාලන්දාව - Nalanda

Share

නාලන්දාවේ හඩ දිගහැරෙනු වස්..

Photos from නාලන්දාව - Nalanda's post 04/02/2025

ආරාධනයයි

Photos from නාලන්දාව - Nalanda's post 19/01/2025
12/10/2024
Photos 17/04/2024

නාලන්දාව සහ මගේ මතකයන්

ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න මැතිතුමා

නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් "නාලන්දාවේ මගේ මතකයන් " පිළිබඳ ලිපියක් සම්බුද්ධත්ව ජයන්ති-ආදි කර්තෘ දින සැමරීමේ විශේෂ සමරු කලාපයට ලබා දෙන මෙන් කරන ලද ඉල්ලීම ගැන පින් දෙමි. විශේෂයෙන් එම්.ඩබ්ලිව්. කරුණානන්ද යුගය සිංහල මාධ්‍යයෙන් විද්‍යා අධ්‍යාපනය ලබාදීම සහ සර්වෝදයේ උපත පිළිබඳව මතක මතු කිරීමට එයින් ආරාධනා කර තිබිණි.

නාලන්දාවේ මගේ සේවය 1950 දශකයේ අවසන් භාගයේ දී ඇරැඹුණු අතර 1970 දශකයේ මුල් භාගයේ දී නිම විය. නාලන්දාවේ ආදි කර්තෘවරයා වූ ආචාර්ය පී. ද එස්. කුලරත්න මැතිතුමා, පළමුවැනි විදුහල්පති එල්.එච්. මෙත්තානන්ද මැතිතුමා ඇතුළු ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයින් සමඟ පෞද්ගලිකව ආශ්‍රය කිරීමට ලැබීම මගේ තරුණ ගුරු දිවියේ දී මම ලත් වාසනාවක් කොට සලකමි. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්, පූජ්‍ය පණ්ඩිත හීනටියන ධම්මාලෝකතිස්ස මහනාහිමියන්, පූජ්‍ය පණ්ඩිත කෝතමලේ අමරවංශ නාහිමියන්, පූජ්‍ය පණ්ඩිත හිස්සැල්ලේ ඤාණවිමල හිමියන් ආදී වූ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා ද ඇසුරු කරන්නට ලැබීම මගේ පෙර වාසනාවකි.

මා සහ පසු කලෙක විදුහල්පතිවරයෙක්ව සිටි ධර්ම ගුණසිංහ මහතා එකම දින නාලන්දා ගුරු මණ්ඩලයට බඳවා ගත්තේ එම්.ඩබ්ලිව්. කරුණානන්ද මැතිතුමාය. තේජවන්ත සිරුරකින් හෙබි මහා විද්‍යාඥයෙක් වූ කරුණානන්ද මහතා තරුණ ගුරුවරුන් වූ අපට නිසි මඟ පෙන්වා දුන්නේය. ළමයින්ගේ විනය කටයුතු පිළිබඳවත්, අධ්‍යාපන කටයුතු සම්බන්ධවත්, විෂය බාහිර කටයුතු පිළිබඳවත් එතුමා ට වඩා හොඳ මාර්ගෝපදේශකයෙක් අපට හිටියේ නැත. විදුහල්පති කරුණානන්ද මහතා විද්‍යා අධ්‍යාපනය සඳහා කළ සේවයට සම කළ හැකි අන් කිසිවෙක් මගේ හිතට නොඑයි. ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදී වූ සෑම විෂයයක් පිළිබඳවම අවශ්‍ය පාසල් පොත් ලිව්වේ එතුමාය. එපමණක් නොව ඉංග්‍රීසියෙන් විද්‍යා අධ්‍යාපනය ලබා සිටි අපට සිංහලෙන් විද්‍යාව ඉගැන්වීම හුරු කළේ එතුමාය. "පාරිභාෂික පද" හැදුවේ එතුමාය. නාලන්දාවේ අපට පමණක් නොව වෙනත් විද්‍යාලවල ගුරුවරුන්ට ද සම්මේලන සංවිධානය කොට විද්‍යා අධ්‍යාපනය සිංහලෙන් දිය හැකි බව එතුමා විවිධ බාධක මධ්‍යයේ රටටම පෙන්වා දුන්නේය. මා නාලන්දාවේ සේවය කළ යුග අතරින් ස්වර්ණමය යුගය හැටියට මා සලකන්නේ එම්.ඩබ්ලිව්. කරුණානන්ද යුගයයි.

පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන යුගයේම රටවාසීන් වශයෙන් තමන්ගේ දුප්පත් ගම්වාසීන් පිළිබඳ අපේ දරුවනට දැනුවත්වීමක් ලබා දී තමා ලබන අධ්‍යාපනයෙන් රටට සේවයක් ඉටු කර දීමට හැකි වන විදියේ වැඩ පිළිවෙලක් සංවිධානය කිරීම මා හිත තුළ තදින් බලපැවැත්වූ අදහසක් විය. එම්.ඩබ්ලිව්. කරුණානන්ද මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සමහර පටුවෙන් හිතන නිලධාරීන්ගේ විරෝධය නොතකා ශ්‍රමදාන ව්‍යාපාරය දියත් කිරීමටත්, පසුව දිවයින පුරා මෙන්ම ලෝකය පුරාම ව්‍යාප්ත වූ සර්වෝදය ශ්‍රමදාන සංසදය දියත් කිරීමටත් අපට නායකත්වය දුන්නේය.

අද අප අතර නොමැති නාලන්දාවේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ව සිටි ඩී.එස්. සේනානායක, එම්.ඒ. තිලකරත්න, එම්.එම්. ජනරත්න, පී.ඒ.එස්. සිල්වා, එම්.සී.එෆ්. අබේකෝන් මහතා සහ මැතිනිය, ස්ටැන්ලි මුණසිංහ මහතා ආදී වූ ගුරු සොහොයුරන් මේ අවස්ථාවේ දී මට සිහිවේ. කුලහීන යැයි සම්මත කොට තිබුණු කුරුණෑගල දිස්ත්‍රික්කයේ කනතොළුව ගම්මානයට ගොස් පළමුවෙන්ම පිණ්ඩපාතයේ වඩිමින් කුලභේදය කඩා දැමුවේ එවකට ධර්මාචාර්යයන් වහන්සේව සිටි පූජ්‍ය පණ්ඩිත කොත්මලේ අමරවංශ හිමියන්ය. ඉන් පසුව පූජ්‍ය පණ්ඩිත හිස්සැල්ලේ ඤාණවිමල හිිමියන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයට දිවිහිමි කොටත් කැප වී සේවය කළහ. සර්වෝදයට නාලන්දාවෙන් සම්බන්ධ වූ ගුරු සිසු විශාල පිරිසක් මගේ හිතට නැගෙතත් මේ ලිපිය දිගු වන නිසා ඔවුන් ගැන සඳහන් නොකරමි.

කුලභේදය සමාජයෙන් තුරන් කිරීම, ශිෂ්‍යයන් අධ්‍යාපනය ලබන කාලය තුළදීම සමාජ සේවයට යොමු කිරීම, නාගරික සංවර්ධනයට පමණක් යොමු වූ මධ්‍යම රජය ගම මුල් වූ සංවර්ධනයකට යොමු කිරීම, ආධ්‍යාත්මික සහ සංස්කෘතික අංශයන් සංවර්ධනයේ අනිවාර්යය අංශයන් බවට පත් කිරීම, සිංහල දෙමළ ජාතීන් අතර මිතුරු දම ඇති කිරීම, ජන සහභාගීත්වක සංවර්ධනය, බෞද්ධ දර්ශනය පදනම් වූ ආර්ථීකය සහ දේශපාලනය ආදී වූ ජාතික වැදගත්කමක් ඇති අංශවලට ජනතා මනස යොමු කිරීමට එදා නාලන්දා සමාජ සේවා සංගමය සර්වෝදය ශ්‍රමදානය තුළින් කළ සේවය ලංකා ඉතිහාසයෙහි රන් අකුරෙන් ලියැවී ඇත. එපමණක් නොව නාලන්දාව ලෝකයේ ද විශ්ව දර්ශනයක් මෙන්ම විකල්පීය සමාජ ක්‍රමයක් පරිනාමය වීමට ආරම්භය දුන් නිජබිම හැටියට ද අද වාර්තා වී ඇත.
එදා සිට දීර්ඝ කාලයක් අද දක්වා සර්්වෝදයේ ස්වේච්ඡාවෙන් සේවය කරන භාණ්ඩාගාරික ධර්ම ගුණසිංහ, කමල් දිසානායක, ටී.එස්. සිල්වා, සෝමා ද සිල්වා, එල්.පී. විෙජ්සුන්දර ආදී ගුරු සොයුරු සොයුරියන් ද මෙහිදී සිහිපත් කරමි.
වත්මන් නාලන්දා සිසුන්ට තව තවත් අලූත් දෑ නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

21/12/2023

Congratulations to our fellow Nalandian Tharindu Wickremasinghe (2017 AL), for graduating top of his batch at the Convocation awards at the university of Moratuwa.

Tharindu won the following gold medals, bringing glory to mother Nalanda.
[1] The most outstanding graduate from the faculty of Engineering.
[2] The United Nations Educational, Scientific, and Cultural Organization (UNESCO) gold medal for the best academic performance at the university
[3] The Ceylon Electricity Board(CEB) gold medal for the best academic performance at Electronics and Telecommunications Engineering.

He achieved the all island first place at GCE OL examination held in 2014

We wish him luck in all his future endeavours.

18/07/2023

නාලන්දා විද්‍යාලයට නාලන්දා නාමය සහ අපදාන සෝභිනී පඤ්ඤා යන ආදර්ශපාඨය ලබා දුන් විසිපස් වසරකට පෙර අපවත් වී වදාළ, අග්ගමහාපණ්ඩිත අභිධජමහාරට්ඨගුරු අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කොට සිටිමු.

11/05/2023

නාලන්දා විද්‍යාලයට ස්වර්ණමය යුගයක් උදාකරමින් 1999-2010 වකවානුවේ විදුහල්පති ධුරය හොබවා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරය හොබවා අද දින විශ්‍රාම ලබන හේමන්ත උදයකුමාර ප්‍රේමතිලක මැතිතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කර සිටිමු

21/04/2023

පනස් වසරකට පෙර (1973.04.23) අභාවප්‍රාප්ත වූ
නාලන්දා විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිතුමන් වූ,
ශ්‍රී ලංකාවේ බිහි වූ මහා පඬිවරයෙකු, රාජ්‍යතාන්ත්‍රිකයෙකු, අධ්‍යාපනඥයෙකු සේම මහා බෞද්ධ නායකයෙකු වූ,
මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර මැතිතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
2023.04.23

Photos from නාලන්දාව - Nalanda's post 11/07/2022

69 වසරකට පසු ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ජයග්‍රහණය නාලන්දා විද්‍යාලය හිමි කොට ගත් බව සාඩම්බරයෙන් සිහිපත් කොට සිටිමු.

මින් පෙර අවසන් වරට නාලන්දා විද්‍යාලය 1953 වර්ෂයේ දී මෙම තරඟය ජයග්‍රහණය කොට තිබේ. 92 වතාවක් පවත්වා ඇති ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ වාර 70කට වඩා ජය පරාජයෙන් තොරව නිමා වී තිබීම සුවිශේෂී සංසිද්ධියකි.

මින් පෙර 1953 වසරේ සුලෝහිත සංග්‍රාමය ජය ලබද්දී සියැසින් දුටු එවක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් වත්මනෙහි සැත්තෑ පස්වන වියත් ඉක්මවා සිටිති

මෙම අවස්ථාව නාලන්දීයයන් හට සුවිශේෂී දුර්ලභ අවස්ථාවකි.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo